Sunday, August 1, 2010
40 කොටස
හැම දවසක්ම මගෙ පටන් ගන්නේ චාටර් වෙලා. මීට වඩා හොඳයි මම කැමැත්තෙන්ම වැලිකඩ කාමරයක් ගත්තා නම්. ඉඳලා හිටලා රණ්ඩුවටවත් එන්නෙ පොඩි ඩයිනමයිට් එක තමයි. ඒත් පාළුව නිසා ගැන්සිය සෑහෙන්න මතක් වෙනවා. වෙලාවකට හිතෙනවා ආයේ මට ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා කොළඹ යන්න. ඒත් .... අනේ මන්දා.... මේ ලෝකේ මං විතරද කෙල්ලෙක්ට උදව් කලේ.... ඒත් මටම මෙහෙම උණා. දැං ලිහිණි ගැන තිබ්බ අනුකම්පාව තරහක් වෙලා මට තියෙන්නෙ. අද මම ඉන්න තත්වෙට වග කියන්න ඕනේ ලිහිණි. ඒ ඔක්කොටම හපං මෙහෙ ඉන්න බඩුව. මහ ආඩම්බර කාරියෙක්. හිතාගෙන ඉන්නෙ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල එයා කියලා. අඩු ගානෙ එක සැරයක් හිනා වෙයන් දැක්කත් අහක බලගෙන යන්නේ. මට එපාම වෙලා තියෙන්නෙ මේ සිරියාවති නිසා තමයි.
"මයියා.... හෙට අපි හැටන් යනවා..... තාරකාගේ අම්මගෙ දානෙ දෙන්න ඔයත් එනවා නේද?" මගේ මනෝ සීන් එකෙන් මාව ගලෝ ගත්තේ ලොකූ.... ෂිඃ විතරක් මේකත් මාර ආණ්ඩුවක් තමයි නිදහසේ මනෝ ගහන්නත් නෑ.මම එවෙලේ හිටියේ ඉස්තෝප්පුවේ පුටුවක් උඩට වෙලා. ඉස්සරහා කාමරේ මැෂිමත් සද්ද වෙනවා මම හිතන්නේ තාරකා මහනවා. මැස්ම කෙසේ වෙතත් මෙහාට ඇන්ටානාව නම් වැටිලා ඇති ඔහොම හිටියට අනුන්ගේ කතා එහෙම ආයේ බුස්ටරේ දැම්මා වගේ අහන් ඉන්නේ. ඇහෙන්නත් එක්ක මම කතා කරන්න හිතුවා
"තාරකාගේ අම්මා මගේ කවුරුත් නෙවෙයිනේ...."
"ඉතිං මොකෝ පිං කමට එනවකෝ..."
"මට ඕනේ නෑ ඔය එක එක්කෙනාගේ පිං වලට කකුල් හෝදන්න"
"මයියා හෙමින්... තාරකාට ඇහෙයි"
"හරි වැඩක්නේ දැං මේ ගෙදර කතා කරන්නත් ඕනේ එයාගෙන් අහලාද?"
"මයියා.... නපුරු වෙන්න එපා ඒ කෙල්ල අම්ම අප්පා නැති එකී,, ඇහුණොත් දුක හිතෙයි" මට ටික වෙන්න තද උණා. මෙයා හෙමින් සැරේ මට කියන්නේ මාව බය කරන්න හිතාගෙන වෙන්න ඇති.
"මේ මේ ලොකූ එක එක්කෙනාව නලවන්න මට උවමනාවක් නෑ.... අම්මා අප්පා නැති වෙන්නේ කරපු පව් නිසා.... ඔය පව් වලට මම පලි නෑනේ.... තමුසෙලා යනවා මම වෙනදා වගේ මෙහාට වෙලා ඉන්නම්... අනික මට අඬගහන්න එපා ඕවාට" මම එතනින් නැගිටලා කාමරේට ආවා. මගේ හිතේ තිබ්බ ඔක්කොම තරහා මම ලොකූට පිට කරපු නිසා හිතට දැනුනේ ඒ සී එකක් දාලා වගේ සීතලක්. කාමරේ ඇදේ හාන්සි උණාම මට ගෙදර මතක් වෙන්න ගත්තා. උන් මම නැතුව ජොලියේ ඇති. මට එහෙමත් හිතුණා. ගැන්සියේ උන්ට ප්ලේන්ටියක්වත් බීගන්න සල්ලි නැතුව ඇති. මට දැනෙන්නේ මම ගැනම තරහක්
" මේ නපුරා... තමුසේ හෙට එන්නෙ නැත්නම් නෑ කියන්න තිබුණානේ..." පොඩි ඩයිනමයිට් එක පුරුදු විදියටම කාමරේට කඩාගෙන පැන්නා. මේකි නම් ගිය ආත්මේ කඩාගෙන පනින හමුදාවවේ ඉඳලා බෝම්බයක් කාපු එකෙක්.
"ඉතිං ඒක තමයි යන්නේ නෑ කිව්වේ..."
"තාරකා අක්කාව තමුසේ ඇඬෙව්වෙ ඇයි?" මලා එයා ටැප් එක ඇරලාද? එහෙම කරන්න නම් ඕනේ තිබ්බේ නෑ. ඒත් ආඩම්බර කම බහින්නත් එක්ක හොඳ වැඩේ.
"ඉතිං මම මොනා කරන්නද?"
"තමුසේ එක එක ඒවා කියනවා එයා අහන් ඉදලා"
"අනුන්ගේ කතාවල් අහන් ඉන්නවට මම මොනා කරන්නද?"
" මහා නපුරුම නපුරෙක්.... චූටි අක්කා බොරුවට මෙයාගේ හොද කියන්නේ...."
"මේ මට ඉන්න දීලා මෙතනින් යනවා"
" ඉන්න දෙනවා තමයි.... මම මෙතන ඉන්න ආවේ නෑ" මුන් ඔක්කොම යකෝ එන්නෙම මගේ ඇඟටනේ. මම මොනා කලාටද?
" ඉතිං ඉන්න ආවේ නැත්නම් යනවා..."
" තමුසේ යනවා.. ආව අතක් බලාගෙන" පොඩි ඩයිනමයිට් එක අඬ අඬා එහෙම කියාගෙන එතනින් පිට උණා. මගේ පපුව ඩග් ගාලා හිට්ටා. ඇත්ත ..........මමයි මෙතන සරණාගතයා. මමයි මෙහෙ ආවේ. මම හෙට කොළඹ යනවා. එහෙම මට හිතුණා.
මම ගොඩක් අසරණ වෙලා. මම ගැන බලන්න කවුරුත් නෑ. තාත්තා, අම්මාගෙ කට හඬ ඇහෙන්නේ වයර් එකක් දිගේ විතරයි. මේ හැම දැයක්ම මගේ වැරදි. ඒත් හත් දෙයියනේ මම කියලා මොනා කරන්නද? මගේ ඔළුව රිදෙන්න ගත්තා. ගොඩාක් හයියෙන්. හිතන එක පැත්තකින් තියලා මම ඇස් දෙක පියා ගත්තා. ලිහිණි උණත්, තාරකා උණත් කවුරු උණත් එයා උපතින්ම බවලත්නම් මට අපලයි. එච්චරයි මට දැනෙන්නේ. මගේ ජීවිතේ කාලකණ්ණි වෙන්න දෙන්න බෑ. ඒත් දැනටමත් කාලකණ්ණි වෙලා ඉවරද මන්දා
Subscribe to:
Post Comments (Atom)


9 comments:
අර හොඳට හිටිය මායියට වුණ දෙයක්....මායියට විතරක් කෑමට කන්න දෙන්නෙ නයිමිරිස් වගේ...... :D
බලමු මොකද වෙන්නෙ කියලා.... :)
දැන් නම් කතාව නැගල යනව දුල්.... සිරා.... සුභ පැතුම්
අර කෙල්ලට ඒ විදිහට කතා කරපු එක නම් වැරදියි මචං.
මටත් ඉතිං අනුන්ගෙ සීනි නොකිරා ඉන්න බැරි ගායක් තියනවා නොවැ "නීති" ලමයෝ. දැං නං මගෙත් හිංගල ටිකක් විතර මලකඩ කාගෙන එනවා තමා. ඒත් දන්න විදිහට "මායියා" කියන්නෙ භාර්යයාවට, ඒක නිසා මෙයා "මයියා" වෙන්නෙ ඕනා,
අම්මප.. ඒක නං සැර වැඩියි .. ;(
කතකරපු විදිහ බරපතල වැඩියි වගේ...
මොනාඋනත් ඒම කතාකරන එක නම් අලි නෑ තමයි...
waradi waradi sampoornenma ward..........
Nish
sera vadi hodatama mayiya.... Tharaka den adanne mayiyage kathava nisa..hebai mama nam hithanne eelagata sure ekatama mayiya adanava Tharakava adavapu nisa...
Post a Comment