Sunday, August 8, 2010
45 කොටස
ලෝකේ තියෙනෙ ඔක්කොම බාසා දාල මම ඩයිනමයිට් එකව කාමරෙන් යවා ගත්තා. කවිය මම ලිව්වත් නැතත් දැං ඒක මගේ වෙලා ඉවරයි. පහුවදා ඉතිං ඉරිදා දවසක්ලු. මට ඉතිං ඒකෙ ගානක් නෑ මොකද මට මෙහෙ ඉන්න හැම දවසම ඉරිදා වගේ තමයි. එකම වෙනස තියෙන්නෙ අර ඩයිනමයිට් එකේ කන් කරච්චලේ සතියේ දවස් වලට නෑ. නැන්දා ඉතිං මාමත් එක්ක පොලේ යන්න පිටත් උණා හැම ඉරිදාම වගේ. ලොකූ හිටියේ පත්තරේ බල බලා ඉස්සරහාට වෙලා. මමත් ඉතිං හූංගා වගේ ඒ පැත්තට පා උනේ තාරකා වට පිටාවේ ඉන්නවාද කියලා ඇන්ටනාව දාන ගමන්. ෂිඃ මගේ දර්ශන පථය හිල් වෙලාද මන්දා. ඩයිනමයිට් එකත් පේන්න නෑ. මම ලොකූට කිට්ටු උණා.
"ලොකූ ඔයා වැඩක්ද?"
" මම මේ කූපන් එක පුරෝනවා"
"ඒක මට පේනවා බං...මම ඇහුවේ දාල එන්න බැරි වැඩක්ද කියලා"
"දාලා එන්න බෑ තමයි... මේක පොඩ්ඩි දැක්කොත් එයාගේ නමින් දානවා ඊට කළින් මම පුරවන්න ඕනේ" අනේ අම්මපා මේ ගෑනුන්ටත් හැදෙන උණ. පත්තරයක් ගත්තොත් හැට හුටමාරකට කූපන් දානවා. රේඩියෝ එක අහුවොත් මිටි ගණන් පෝස්ට් කාඩ් දානවා. ඒත් අපි වගෙ අහිංසකයෙක් මොකක් හරි වැඩක් කිව්වාම හැමදාම බලගිරියා තමයි.
අහලා පැය භාගෙකටත් විතර පස්සේ ලොකූ ඇවිල්ලා මගේ ලඟින් වාඩි උණා.
"දැං කියපං..."
"මොකද්ද?" මම ෆුල් හොල්මන් අහන්න ආවේ මොකද්ද කියලා මීටර් නෑනේ අප්පා.. ඕකනේ කියන්නේ... මීටරේ හරි නෑනේ මගෙ
"දැං පූස් පැට්ටෙක් වගේ ලොකූ ලොකූ ගගා කැරකුණේ"
"ඒක තමයි බං මම මේ කල්පනා කලේ මේ පාර මට වැහුණ ආත්මේ මොකද්ද කියලා.... ඒවයින් වැඩක් නෑ.. කෝ පොඩ්ඩි"
" අද වත්ත පහල කොස් ගහක් කපනවානේ... ගමේ ඔක්කොමලා එතනට එන නිසා තාරකාවත් ඇදගෙන එහෙ ගියා" ඔය ඉතිං හොඳම හරියෙන් පැය භාගයක් කපෝතිනේ. මම දඩි බිඩි ගාලා නැගිට්ටා.
"කොහෙ යන්නද උඹ"
"කොස් ගහ කපනවා බලන්න"
"හ්ම්ම්ම්....." ලොකූ මගේ දිහාව බලල හිනා උණා. ඒ පාර මෙයත් හ්ම්ම් ලූ...
"ඇයි?"
"ඇති යන්තම් ගෙයින් එළියට යනවා" ඔයින් ගියාම හොඳටම ඇති. මටත් ඉතිං ඛ්‍රේක් නෑනේ. ඒක වෙලාවට කලාවට කරන්න තිබ්බ වැඩක්නේ... කොහෙද මටත් කිරි පණුවා කෑවා වගේ දඟලන්නම ඕනේනේ බඩු බනිස් වෙනකන්.
"මයියෝ.... කවුද බං අර..." ඈත පොරවල් ටිකක් මේ පැත්තට පා වෙනවා මම දැක්කා මමත් යන්න ගිය ගමන ඉඳලා ඒ පැත්තට ඇහැ දැම්මා. මේ පැත්තට එන විදිය නම් මට මාර පුරුදුයි. කිරි අප්පේ.. ගැන්සියනේ... මට අපේ මුත්තාව හීනෙන් දැක්කා වගේ සතුටක් දැනෙන්න ගත්තා.
"බලපංකෝ ටොලා මූ මහත් වෙලා තියන මහත් විල්ල?" සිකාගේ කටහඬ ඇහෙනකොටත් අමුර්තේ වගේ.
"උඹලා එහෙනම් මාව බලන්න ආවා.." ආයේ අහන්නේ බලන්නේ මොකුත් නැතුව බුවා ඇතුල් වෙන පඩියේ වාඩි උණා.
" උඹව නොබලා කොහොමද බං... දවස් ගානක් කට්ට කාලා මෙහෙ එඩ්‍රස් එක ඉල්ල ගත්තේ.... උඹලෑ නංගි අමාරුවෙන් ඇඩ්‍රස් එක දුන්නේ.."
"බඩුම තමයි.... කොහොමද ඒ පැත්තේ විස්තර..."
"ඒ පැත්ත නම් ඒ වගේමයි බං.. ඉර පෑව්වාම උදේ වෙනවා.. හඳ පෑව්වාම රෑ වෙනවා... මාර ආතල්" බුවාගේ කතාවට ඔක්කොමලා හිනා උණා. ලොකූ අපිට කතා කරන්න ඇරලා ගේ ඇතුලට ගියා.
"ඒ කවුද ඒ උඹේ නැන්දාද? " බුවා ආයෙමත් හිමින් සැරේ ඇහුවා..
"පිස්සුද බං.. ඒ තමයි ලොකූ ... නැන්දාගේ වැඩිමල් දුව..."
"එළනේ..." ටොලා කතා කලා.
"වැඩිමල් දුව ඒ වයසේ නම් නැන්දා හැරමිට්ටෙන්ද බං යන්නේ..." බුවාගෙ කතාවෙන් මම ගේ ඇතුල බැලුවා.
"කෑ ගහන්න එපා බං පව්නේ.... ඉතිං කියපංකෝ විස්තර?"
" මාසක ඒවා එහෙම එක පාර කියන්න පුළුවංද බං.... මොනා හරි කාල බීලාම පටන් ගමු නැද්ද සිකා. බුවා එහෙම කිව්වේ ලොකූ තේ එකක් ගේනවා දැකලා. මල පෙරේතයා වගේ තේකටත් කෙල හලනවා.
"උඹ කොළඹ එන්නේ නැද්ද බං..." ටොලාගේ කතාවෙන් මම ටිකක් අප්සෙට් ගියා.
"එන්න ආසයි ඒත් මෙහෙත් වරදක් නෑ."
" ඒකනම් පේනවා" අපි ටික වෙලාවක් පල් හෑලි කතා කර කර ඉඳලා මගේ කාමරේට සේන්දු උණා.
" උඹලාට ආරංචි එහෙම තියනවාද බං" මම ඉවසලා ඉවසලා බැරිම තැන ඇහුවා.
" ලිහිණි ගැනද?"
"ඔව්.." කියන ගමන් බිම බලා ගත්තා. අනේ අම්මපා මටත් මොනා උණත් ඒකිව අමතක කරන්න බැරි හැටි.
" ලිහිණිගේ ලෙඩේ සනීප කරන්න පිටරට පටවන කතාවක් නම් ආරංචියි. ඒ යන්නේත්ඇමතියාගෙ පුතාව කසාද බැඳලලු"
"ලිහිණි දැං රට ගිහින්ද?"
" ලබන සුමානේ යන කතාවක් තමයි දන්නේ... ඒකි මොකටද බං දැං.... උඹට කාපුවා රහ වැටිලාද තියෙන්නෙ" බුවාගේ කතාව ඉවර කලේ මට රිදෙන්නම ටොක්කක් අනින ගමන්. ඒත් එක්කම අපිට ඇහුණේ ඩයිනමයිට් එකේ කටහඬ. ඒ කට හඬ ආව වෙලාවෙ ඉඳං බුවාට ඕනේ උනේ එළියට යන්න.
"ඒ ඩයිනමයිට් එකේ සද්දේ බං..."
"පොඩ්ඩක් බලලා එන්නම්" බුවා හිමින් සැරේ කාමරෙන් එළියට දැම්මේ මාවත් පොඩ්ඩක් පැත්තකට තල්ලු කරන ගමන් ඌ එළියට ගියාම අපි කාමරේ ඉඳගෙන රොටී බාන්න යෑ..... අපිත් එළියට ආවා. ඩයිනමයිට් එක නම් පේන්න හිටියේ නෑ
" ඒත් ගැන්සියේ ඔක්කොමලා හිටියේ සීගිරි බිතු සිතුවම් වගේ මමත් කට්ටිය අස්සෙන් ඔළුව දාල බැලුවා.
"ලිහිණි ඔයා මෙහෙ..." බුවාට නිකංම කියවුණා. හරි බඩුම තමයි මුන්ටත් මට වැදුණ කරන්ට් එකම වැදිලා. හොඳම වැඩේ මම උන්ට හොටු පෙර පෙරා කිව්වා ලිහිණි වගේම කෙනෙක් ඉන්නවා කියලා, මම කියන එක සතයකටවත් විශ්වාස කලාද? තාරකා මේ පැණි මාමලා දිහා බලලා බිම බලාගෙන එතනින් ගියා.
" යකෝ ඔය ලිහිණි නෙවෙයි තාරකා..." මම හෙමිස් සැරේ කිව්වා.
"නෑ මචං මේ ලිහිණි..." බුවා සිරා වොයිස් එකකින් කියන්න ගත්තා...
"නෑ බං මේ තාරකා.... මම උඹට කිව්වේ "
"උඹ මෙතන බිම පෙරලුණත් මම කියනවා මේ ලිහිණි කියලා" බුවා කාමරේට ආවේ ඌ කියන දේ ගැන මාර ෆිට් එකක් එක්ක.."
"උඹට අමු කැවිලාද?"
" ලිහිණිගේ ඇහේ තිබ්බ තුවාල කැළල මෙයාට ආවේ කොහොමද මෙයා ලිහිණි නෙවෙයි නම්"
"තුවාල කැළල.....?" මම ටිකක් පුදුම උණා.
"මයියා මට කෙල්ලෙක්ව දකින්න ඕනේ එක පාරයි... හැම දෙයක්ම මේකේ රිජිස්ටර්ඩ්"
" උඹ කියන්නේ මේ ලිහිණිද?"
" ඒක මට හොඳට ෂුවර් බං..." බුවාගේ හතර බීරි කතාවෙන් මාව අන්දුන් කුන්දුම් උණා. ඇයි හත්දෙයියනේ මේ මොනාද මේ.... මෙයා ලිහිණි වෙන්නෙ කොහොමද.... මට මේක මාර අවුලක්....
Subscribe to:
Post Comments (Atom)


15 comments:
ඇවිල්ලා..ඇවිල්ලා.....සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා.. වරෙල්ලා...
අක්කේ කතාව නම් සිරාම සිරා........මරු... :) :) :)
appaaaaaaaaaa... mayya wageme matath hitha gane ba mokakda wenne yanne kiyala,,,:)
Glimmer Girl
නියම කතාව... මාරම සිරා.
:)
ඒ මොකක්ද බන් දාන කමෙන්ට් එක........
ko anith tikaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
එළකිරි
අද නම් කොටස මදි.
දවස් දෙකකට පස්සෙනෙ..
ලිහිණිගෙ මතකය නැතිවෙලාද ?
@හෙළයා
"අද නම් කොටස මදි.
දවස් දෙකකට පස්සෙනෙ.. "
බොලේ හැබෑමයි. 44 කෑල්ල පිටු 3 යි තුන් කාලයි. මේක පිටු 3 හ මාරයි.
"ලිහිණිගෙ මතකය නැතිවෙලාද ?"
ලිහිණිගෙ විතරක් නං මොකෑ, මයියටත් දැං ඒ ලෙඩේ බෝ වෙලා. "ලිහිණි මේ පැණි මාමලා දිහා බලලා බිම බලාගෙන එතනින් ගියා. "
.
මයියා නං කිව්වෙ ඌට ඇති ලෙඩක් නෑ ලු, මේක බෝවෙලා තියෙන්නෙ, ලියන නෝනෙටම තමා කියලයි. හැබැයි වැඩ වැඩි නිසා දොස් කියන්න එපා කියලත් කිව්වා.
හුහ්.... හිතුව මදි අපට බොරු කියන්න. අපිට දැං කතාව කට පාඩං.....
මයියාටත් මේවා නොතේරෙන එකේ අපි ඉස්සරහට බලමු නේද? මට නම් කතාව මතකයි මම හිතන්නේ. හා හා ඔයාලා කතාව පින්ට් අව්ට් ගන්නවා නේද? මම ඉතිං කතාව පිටු ගාන බලල නෙවෙයි ලියන්නෙ.... :)
සොරි වෙන්න ඔනේ තාරකාවයි ලිහිණිවයි පටලවලා දැම්මාට.. මටත් මොංගල් වගේ...:)
අනේ දෑන් නම් මටත් sure නෑහෑ මෙ තාරකා ගෑන. එක්කො මෙ ළිහිණිගෙ තාත්තාගෙම තවත් දුවෙක් නෑත්තන් මෙ ළිහිණිම තමයි.
අනේ දුල්හාරි අක්කෙ ඉක්මනට ලියන්න. දෑන් නම් බලාගෙන් ඉන්න බෑරියො
අයියෝ... අක්ක අපිව හොම්මං කොරලනෙ... අපි පව්... :(
දැන් මේකෙ ඉතුරු ටික දාන්නෙ හෙටද? ආයෙත් අපි පව්... :(
මමත් අන්දුන් කුන්දුන් දැන් නම්
ko ilaga eka.. ayyoo danna kooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Post a Comment