Wednesday, August 4, 2010
43 කොටස
දැං මම මොකද කරන්නේ...... මේක මම බැලුවා කියලා දැනගත්තොත් කිණ්ඩි ගොඩයි. ඒත් ඉතිං මම කවද්ද කිණ්ඩියක් නොවී නිදාගත්තේ. මම අර පතරංගේ කොට්ටේ අස්සට රිංගවලා එළියට ආවා. ඔක්කොමලා කෑම මේසෙ ඉඳගෙන හිටියා.
"ඉලන්දාරියා අද තනියම මොනාද කලේ" මාමාත් උණ ගැනෙන ප්‍රශ්නනේ අහන්නේ. මම මොකුත් නොකියා කෑම මේසේ ඉඳගත්තා, පොඩි ඩයිනමයිට් එක පැනපු ගමන් කොත්තු ගෙඩියක්ම මගේ පිඟානට හැලුවා.
"මෙච්චර කන්න පුළුවං කාටද ඕයි?" මම ආයේත් ඒකෙන් ටිකක් ඩයිනමයිට් එකේ පිඟානටම හැලුවා.
"මටත් වැඩියි... තාරකා... ගන්නවද මේ ටික? " මේකලා අරයාගෙන් අහනකොට මම ආයෙත් හොරට එයා දිහා බැලුවා. කොහෙද බලන එකක්යෑ... මහ ලොකුවට අරකේ ලියලා තිබ්බේ එයා හිනා උණොත් මම හිනා වෙනවා කියලා. යකෝ හිනා වෙන්නවත් බලන එකක්යෑ. ආඩම්බරයි කියන්නේ ටොන් ගානක්.
"පිඟානට දාන්න මේකලා..." එයා එහෙම කිව්වා. ෂාඃ මරුනේ එයා මම දුන්න කොත්තු ටිකලු කන්නේ. එළ එළ.... මම හිතන්නේ එයා ඉන්නේ මාත් එක්ක මලෙන්.
"පොඩි පුතා.... ප්‍රයිවට් ඒ ලෙවල් කලානම් හරි නේද?" නැන්දත් බණනේ කියන්නේ. මම මොන තරම් ආතල් එකේද මේ ඉන්නේ. දැං ඔය විභාග කරන්න පුළුවන්ද?
" මම එච්චර කල් මෙහෙ ඉන්නේ නෑනෙ නැන්දේ..... "
"ඊයේ තාත්තා නම් කිව්වා අවුරුදු දෙකක් තුනක් විතර කොළඹ එව්වේ නැතුවට කමක් නෑ කියලා" මලා.. ඒ මොකෝ..... තාත්තාත් ඉතිං කිව්වොත් කිව්වා. දැං මාව එයාලට ඕනේ නෑ, ඒක මම හොඳට දන්නවා. මම ඇවිල්ලා ගෙදරටම හිටපු අණ්ඩපාලයා. මම මෙච්චර කල් හිතන් හිටියේ එයාලා මම නැතුව පාළුවෙන් ඇති කියලා. අවුරුදු දෙක තුනක් මේ වන්නියේ ඉන්නවා කියන්නේ අපායේ කාමරයක් ගත්තා වගේ.කකා හිටපු කොත්තුව එහෙම දාලා අලි හුස්මක් පුරෝලා පිට කලා.
"අම්මා තාත්තා නැති වෙන එක නෙවෙයි නැන්දේ පව්කාරකම, අම්මා තාත්තා ඉඳලාත් ගණන් ගන්නේ නැති එක" මම පිඟාන එහෙමම තියලා මේසෙන් නැගිට්ටා.
"අනේ මයියා... මේවා කාලා පලයං බං" ලොකූ මගේ අතින් අල්ල ගත්තා.
" මට බඩගිනි නෑ ලොකූ...." මම එතනින් නැගිටලා එනකොට පොඩි ඩයිනමයිට් එක නැන්දාට බනිනවා මම ඇහුණා
"කාලා ඉවර වෙනකන් හිටියේ නෑනේ අම්මත්" ඒ මොනා උණත් මගේ හිතට ආවේ මාර වේදනාවක්. අර තාරකා කිව්වා වගේ තමන්ට කියලා කවුරුවත් නෑ කියලා හිතනකොට මට දැනෙන්නේත් මහා දුකක්. කමක් නෑ.... ඉපදෙනකොට මගේ ඔළුවේ කොටන්න ඇත්තේ සත පහක වැඩක් නෑ. මූ එක්ක ඉන්න උන්ටත් බඩුම තමයි කියලා.
ටික වෙලාවක් යනකොට ලොකුයි, පොඩි එකියි දෙන්නාම මගේ කාමරේ කඩාගෙන ආවා.
"මයියා.... ඔයා ගනන් ගන්න එපා ඕවා. මාමා එහෙම කියලා තියෙන්නේ ඔයාගෙ හොඳටනේ" ලොකූ ඉතිං මරසිය දානවා.
"ගණන් ගන්න මට ගණන් තියෙන්න එපෑ ලොකූ"
"පොඩි අයියාට අපි ඉන්නේ.... එයාලට එපා නම් ඉන්න කියන්න" අනේ සාධු ඊට වඩා හොඳයි කෝච්චියට බෙල්ල තියනවා.
"හරි හරි තමුසෙලා ඉන්නවා දැං මට අම්බානකට සතුටුයි... මම සතුට සමරන්නත් ඕනෙ නිසා පොඩ්ඩක් තනියම ඉන්න දෙනවාද?" මට ඕනේ උණේ පුළුවං තරම් තනිවෙන්න. ඩයිනමයිට් එකට නැග්ගා අසූ හාරදාහට මටත් ගස්සගෙන කාමරෙන් ගියා. ඒත් ලොකූ මා දිහා බලාගෙන හිටියා.
"මයියා... ඔයාගෙ හිතේ තියන දේ මට තේරෙනවා මල්ලි...... උඹ බය වෙන්න එපා.... නැන්දලාට උඹ නැතුව ඉන්න බෑ. මෙහෙට කතා කළොත් අනේ මගේ පොඩි එකා නැතුව ගේත් එක්ක පාළුයි කියලා අඬන්න තියා ගන්නවා. මාමා උඹ ගැන සෑහෙන්න හිතනවා මල්ලි"
"මම ඒක දන්නවා...." ඒක ඉතිං අමුතු දෙයක්යෑ... මම ගෙදර ඉන්නවා කියන්නේ එයාලට කොච්චර වැඩද? ඉස්පිරිතාල ගානේ යන්නයි, පොලිසි ගානේ යන්නයි නෑනේ මම නැතුව. මාර ආතල් ඇති
"ගිහින් කාපං මයියා..."
"මට බඩගිනි නෑ බං.... " ඒත් එක්කම නැන්දා ලොකූට කතා කලා.
"අපි එහා වත්තට ගිහින් එන්න යනවා... එහා ගෙදර අක්කාගේ අම්මා අන්තරා වෙලාලු අද උදේ... අපි හිටියෙත් නැති නිස ගිහින් එන්නම්. මම ඔලුව වැනුවා මිසක් මොනාවත් කිව්වේ නෑ. හිත අවුල්
"ඔක්කොමලා යනවාද?"
"ඔව් නැත්නම් හරි නෑනේ ගමේ කට්ටියනේ... උඹත් එනවාද?"
"පිස්සුද? "
"හොඳ මයියා වගේ නැගිටලා ගිහිං කාපං"
"හරි හරි බඩගිනි උනාම බලමු" මම එහෙම කිව්වේ මේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න.
ටික වෙලාවක් යනකොට ගෙදර සද්දේ එළියට ගියා. හෙන ගහගහ වැහැලා පෑව්වා වගේ හරිම නිස්කලංකයි. තාත්තා කවදත් මට කලේ බැන්න එක, මං ගැන හිතුවේ මහ නපුරු විදියට. මම කරන හැමදෙයක්ම දැක්කේ වැරැද්දක් විදියට. මම කොට්ටේ හදලා හාන්සි වෙන්න ගියා.
පතරංගේ... ඒක කොට්ටේ අස්සෙනේ. මේකයි කොල්ලො වෙලාව. ගෙදර කවුරුත් නැති අතරේ මම මේක ඩයිනමයිට් එකේ කාමරෙන් තියලා ආවනම් ගොඩ.ඊට පස්සේ බැරියෑ තාත්තායි මට උණ අසාධාරණෙයි ගැන හිතන්න. බඩුම තමයි. මම පතරංගෙත් අරං වට පිට බලලාම කාමරෙන් එළියට ආවා. කවුරුත් නෑ. මම ඩයිනමයිට් එකේ කාමරේ ඇරලා ඇතුලට ගිහින් පොත තිබ්බා. වැඩේ මාට්ටුවකුත් නැතුව මෙහෙම උන එක ගැන සක්‍රයට පිං දෙන්න හිතගෙනම කාමරෙන් පිට වෙන්න කියලා අනිත් පැත්ත හැරුණා.
"මොනාද ගෑනු ළමයින්ගේ කාමර අස්සේ හොයන්නේ...?" මාව සෙල්මුවා වෙලා ගියා. කියාගන්න දෙයක් නෑනේ... ඇයි තාරකා ඔයා අර මලගෙදර නොගියේ...?
Subscribe to:
Post Comments (Atom)


15 comments:
:D dena deyyo toku ena ena denawalunee
ඔන්න මයියෝ දැන් තමයි පුතෝ වෙලාව,
ඔන්න කණෝ පිනුම්.... පේනව නම් බලාගනිං...........
මයියෝ... සුරංගනා පොතක් හම්බුණා, කියෙව්වා කියපං.
හෙට 44 දාමු.
මලා. දෑන් මොකද මෙ වෙන්න යන්නෙ. දෑන් මයියාට ගෑලවිමක්ම නෑති වෙයි.
ඔන්න පුතේ වෙලාව...!
ඉස්සෙලාම කියන්න ඕනෙ මේ වගේ ලස්සන කතාවක් ලියපු එකට ස්තූතියි කියලා. මම කියවපු පොත් අතරින් කීපයකට විතරයි මේවගේ හිතේ චමත්කාරයක් ඇතිකරන්න පුළුවන් වුනේ. කොච්චරද කියනවානං දැං මේකට ඇබ්බැහි වෙලා, අනික් කොටස කියවන කං දත මැදගෙන තමා ඉන්නෙ.
කවදාවත් උත්තර දෙනවා දැකලා නැති නිසා, මෙව්වා කියනවට වැඩිය කට බිම උලා ගන්නවා හොද වුනත්, ඔන්න ඔහේ කියලම දානවා. මට නං මේකෙ හොදෙම හරිය:
1. පාවිච්චි කරන භාෂාව- ඒක ටක්කෙටම ප්‍රධාන චරිතයෙ වයසට ගැලපෙනවා. කීයට වත් ඒක නං වෙනස් කරන්න එපා, නෝනෙ.
2. කතාවේ රිද්මය හා තාත්විකත්වය: සිදුවීම් සුරංගනා කතා මට්ටමට නොගොසිං, නවකතා තත්ත්වෙයේම පවත්වා ගැනීම.
3. දිනපතාම කොටස් පල කලත්, ගුනාත්මකව කිසිම අඩුවක් නොවීම. කතන්දරේ කුට්ටි නොකිරීම; දිනකට මදිනොකියන ප්‍රමාණයේ කොටසක් පල කිරීම
මේච්චර වෙලා ඔලුවම අතගෑවාට,ඔන්න ටොක්කකුත්;
මේ දාන සමහර පිංතූර ගැන නං පොඩි පුරස්නයක් තියනවා. උදාහරනයක් විදිහට , 42 කේ කැලෑසියේ ඉන්න, කන්නාඩියේ පැලැස්තර අලවනම ගුටිකාපු බුවාගෙ පංකාදු මූණත් තහඩුව, උඹ කොහෙන්දෑ හොය ගත්තෙ, නෝනෙ?
ඕං කිව්වා, මේං ගියා......
ගොඩාක් ස්තූතියි අදහස් වලට සිරිබිරිස්.... මම හැම කමෙන්ට් එකටම ප්‍රතිචාර දෙන්නේ නෑ. ඇත්තම කියනවා නම් මම කාලෙ එක්ක සෑහෙන සටනක් කරනවා. කතාව එවෙලෙ හිතෙන දේ එවෙලෙ ලියනවා මිසක් පෙර සැලසුමක් නෑ.
මම කැමතියි මගේ අඩු පාඩු පෙන්නලා දෙනවා නම් ඒකෙන් මට ඉදිරියට ඒ අඩුපාඩුව නොවෙන්න වග බලා ගන්න පුළුවන්. මම ඔයා කිව්ව සියළු දේ ගැන අවදානයෙන් ඉන්නම්. භාෂාව වෙනස් කරන්න නම් බැරි වෙයි. ඒ වගේම තවත් එක් සුරංගනා කතාවක් කරන්නත් මම ආස නෑ. මේ වයසේ කොල්ලෙක් කියන්නේ අත්දැකීම් එච්චර නැති බොලඳයි කියල කියන්න පුළුවන් චරිතයක් ඒ නිසා කතාව ගලාගෙන යන්නේ ඒ විදියට තමයි. මේ වයසේ කොල්ලෙක් විදියට ලියන එක ලේසි නෑ. අතපසු වීම් වැරදි වීම් උණොත් සමාව ඉල්ලනවා.
අන්තිමට ඇන්න ටොක්ක ගැන මම යමක් කියන්න කැමතියි. මට මේ පින්තූර ගොඩාක් එව්වේ මේ බ්ලොග් එක කියවන නංගිලා දෙන්නෙක්. එයාලා නිසා දැං මට පින්තූර හොයන්න නෙට් එකේ වරු ගානක් ගත කරන්න ඕනේ නෑ. මමත් ගොඩක් ආසයි පින්තූර දාද්දි ඒවා එඩිට් කරලා දාන්න ඒත් ඒ කියන කිසිම දේකට වෙලාවක් නෑ. මම නෑ , බෑ කියන්න නම් අකමතියි. ඒත් කාලය එක්ක කරන සටන නිසා ඒ වගේ අත්පසු වීම් වෙන්න පුළුවන් ඒවට මම සමාව ඉල්ලනවා.
කමෙන්ට් කරන අනිත් ඔක්කොටම ගොඩක් ස්තූතියි. ඔයාලගෙ කමෙන්ට් නිසයි මම ගොඩාක් ශක්තිමත් වෙලා කාලයේ අවකාශය ජය ගන්නේ....
Siribiris සමග 100% එකඟයි. :D
ඔන්න මයියො සිකුරා කාමරෙට්ම වැඩල....
දුල්හාරි මේ ලියන විදියටම ලියන්න. මේක උපරිමයි. හැමදාමත් බලනවා.
එල කිරි වගෙ කතාව යනවා... දිගටම ලියන්න... :)
maiyoo onna welawa......
Dulhari niyamai siribiris kiwwa wage asawen kiyawanna puluwan kathawa
Nish
මොන තරම් චාටර් උනත් කොල්ලට ලක් එක තියෙනව...
කතාවට නම් සිරිබිරිස් වගේම මමත් ඇබ්බැහි වෙලා.දිගටම ලියන්න දුල්...
හුටා පෝච්චි :$
Post a Comment