Tuesday, August 10, 2010
47 කොටස
මම ඉතිං ලෝකේ හතර දිබ්බාගේ පරසක්වල ගහලා ආවත් අන්තිමට ඉතුරු වෙන්නේ මේ ඉන්නේ ලිහිණිද තාරකාද කියන අසාමන්‍ය ගැටළුවේ. ඉතිං ඔය කවුරු උණත් මට මොකෝ කියලා හිතෙන වෙලාවල් ඉහේ කෙස් ගානට තියනවා, ආයෙත් අර පිස්සන් කොටුවෙන් පැනලා ආපු එකා වගේ හිතන්නේ ආයෙත් ඉස්සල්ලා ගැටළුව ගැන තමයි. කොහොමහරි අම්මලා තාත්තාලාගේ නැන්දලා මාමාලාගේ ආශිර්වාදේ එක්ක මට තාරකා එක්ක ක්ලාස් යන්න චාන්ස් එක වැඩ කලා. උන්න හැටියට මැරුණ එක මරු කිව්වලු. මමත් ඉගෙනගන්න උණ හැදිච්ච එකා වගේ තාරකා එක්ක ක්ලාස් එකට යන්න පිටත් උණා. පාර යන උන් හිතනවා ඇති මාර මැචිං කියලා අපි දෙන්නා. හරකාට කරත්තේ වගේ මටත් ඉතිං හරි යන්නේ මේ වගේ භාණ්ඩයක් තමයි. පාරේ යනගමන් මම හොරෙන් තාරකා දිහා බැලුවාට එයාගේ නෑනේ ප්‍රතිචාරක්.මෙයා ලිහිණි නම් මෙයාව යවන්න ඕනේ ඔස්කාර් වලට හොඳම නිළියට සම්මනේ අරං එන්න. ඒත් ලිහිණිගෙන් මම දැක්ක ෆිට් එක තාම මම මෙයාගෙන් දැක්කේ නෑ. ලිහිණිව මගේ හිස්කබලෙන් ටික ටික අමතක වෙනවා වගේ මට දැනෙන්නේ මෙයා නිසා වෙන්න ඇති. ඒත් ලිහිණි ගොඩාක් අහිංසකයි. එයාට බෑ මෙහෙම කෙනෙක්ව අන්දන්න.
"මොකෝ සද්ද නැත්තේ.... බය වෙලාද ඉන්නේ" මම ඉතිං ලෝකේ නැති දේවල් කල්පනා කරගෙන යද්දී මට ඇත්තටම අමතක උණානේ මෙයා දිහා හොරෙන් බලන්න. මෙයා හිතුවද දන්නේ නෑ මම ලැජ්ජා බයට හැඳුණු කොල්ලෙක් කියලා.
"මොනාට බය වෙන්නද?"
"එහෙනම් සද්ද නැත්තේ...."
"මොනා කියලා සද්ද කරන්නද?, මේ මම කෙල්ලෙක් එක්ක පාරෙ යන පළවෙනි වතාව. ඊට කලින් කෙල්ලෙක්ට කියලා ගිහින් තිබ්බේ අපේ නංගි එක්කයි අක්කා එක්කයි."
"ඇයි ඔයාගේ ගර්ල් ෆ්රෙන්ඩ්...?"
"එයා එක්ක මම පාරේ ගිහින් නෑනේ..." මම එහෙම කියන ගමන් තාරකා දිහා බැලුවා. මම් මාර ආසයි එයාගේ මූණ ඇඹුල් වෙනවා දකින්න. අනේ මන්දා ඒකත් මාර කේස් එකක් තමයි. මූණක් කජු ලෙල්ලක් කරවන්න මට චාන්ස් එකක් ආවොත් ආයෙ බඩ කට පිරෙන්න කෑවා වගේ. යකෝ මේකිගේ මූණ කජු උණේ නෑනේ... ඒ මොකෝ...
"එහෙනම් පුරුදු වෙන්නත් එක්ක හොඳයි..."
"ඔයාට නම් කොල්ලෝ එක්ක පාරේ ගිහින් පුරුදුයි වගේ..." තාරකා යන්තං හිනා වෙලා ම දිහා බැලුවා.
"එහෙම පුරුද්දක් නම් නෑ..."
"එහෙනම් කොහොම පුරුද්දක්ද තියෙන්නේ...?"
"මාත් එක්ක පාරේ යන කෙනා එක්ක කතා කර කර ගිහින් නම් පුරුදුයි"
"අයියෝ කතා කරන්නද ඕනේ... දෙන්නම්කෝ.... " ඔය ඉතිං මමත් ඕවර් යනවානේ... මහා ලොකුවට කටනම් තියනවා වක්කඩ වගේ.... තැනට ඕනේ ස්ටයිල් එකට හරි යන ඇනයක් නෑ ගහගන්න
" ඇත්තටම තාරකා ඔයා කොළඹ ඇවිත්ම නැද්ද?"
"තියනවා...."
"එහෙනම් ඔයා කොළඹ දන්නේ නෑ කිව්වේ...."
"ඔව් දන්නේ නම් නෑ..."
"කොළඹ ඇවිත් තියනවාලු දන්නේ නෑලූ ඒක මාර සීන් එකක්නේ..."
"ඔයා කෑගල්ල දන්නවාද?"
"ඔව් මේ තියෙන්නේ"
"හොඳට දන්නවාද?"
"ආයේ අහලා කෑගල්ල තියෙන්නේ ලංකාව ඇතුලෙනේ...."
" එහෙම නෙවෙයි.... හරි එහෙනම් කියන්න බලන්න අපි ක්ලාස් යන්නේ කොහෙද කියලා"
"සිග්මා එකටනේ..." මම දන්නේ නෑ ඔය සිග්මා එක ගැන ඒත් ඊයේ ඩයිනමයිට් එක මෙයත් එක්ක කතා වෙනවා මගේ ඒරියල් එකට අහු උණා
" සිග්මා තියෙන්නේ කොහෙද?"
"කෑගල්ලේ..."
"කෑගල්ලේ කොහෙද?" ඒක මම කොහොමද දන්නේ...
"කොහෙ හරි..." තාරකා හයියෙන් හිනා උණා.
"අන්න එහෙම තමයි... මම කොළඹ දන්නේ.... "
"අප්පොච්චියේ මම හිතුවේ නෑනේ ඔයාට මෙහෙම කතා කරන්න පුළුවං කියලා." ඒක නම් හිරිකිතක් නැතුව ඇත්තමයි කියවුණේ.... මටම හිතා ගන්න බෑ අර රහසින්වත් බලන්නේ නැතුව හොර බැළලි වගේ හිටපු තාරකාද මේ කතා කරන්නේ කියලා.
" ලොකු අත්තම්මා හැම වෙලේම කියනවා මට ඇවිල්ලා තියෙන්නේ මගේ තාත්තාගේ කට කියලා"
" කවුද ඔය ලොකු අත්තම්මා...?"
"කවුද කියලා මම යනකොට කියන්නම්කෝ... අන්න අරක තමයි සිග්මා කියන්නේ..." චිකේ චාටර්නේ... අපි ක්ලාස් එකටත් ඇවිල්ලානේ.... ඔන්න ඉතිං මම ක්ලාස් එක ඇතුලට ආවා. ඔක්කොටම තියෙන්නේ සිරා මූණු. තාරකා කොල්ලො සෙට් එක ඉස්සරහ බක තපස් වත තමයි දිගටම අරගෙන ගියේ. කොල්ලෝ පැණි පෙරාගෙන මෙයා දිහා බලං ඉන්නකොට තමන්ගේ පාඬුවේ ඒ පැත්තවත් නොබලා ඉන්න තාරකා දිහා මම බලාගෙන හිටියේ මාර ආතල් එකකින්.
"අළුතෙන්ද?" එකෙක් මගේ පිටට තට්ටු කරලා මගේ ලඟින් වාඩි උණා. මූත් මාර හාල්පාරුවෙක්නේ... නාලා එනකොට නෑවද කියලා අහනවා වගේ
"ඔව් මචං" මටත් ඉතිං හාල් පාරුවො උණත් නාඩි වැටෙනවා නම්, වලට කැමති නම් එච්චරයි ඕනේ
" අර මැටිල්ඩා එක්ක නේද උඹ ආවේ...?" මූ මැටිල්ඩා කියන්නේ තාරකාට... එළ එළ... මගේ එදිනෙදා අශ්‍රයට කැපෙනවා වගේ
" වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ... ඇයි එයාට මැටිල්ඩා කියන්නේ..?"
"උඹ මැටිල්ඩාගේ කවුද?"
"ගෙවල් පැත්තේ...."
"ඕකි ඇවිල්ලා පන්තියෙන්ම ඉන්න ගණන්කාරි... දවසක් හොඳ කෑමක් කනවා රොමේෂ්ගෙන්..."
"කවුද බං රොමේෂ් කියන්නේ...?"
"අර ඉන්නේ..." මමත් මූ ඇඟිල්ල දික් කරන දිහා බැලුවා. මාර පොරක්නේ.. පන්ති ඇවිල්ලා තියෙන්නේ ගැප් ටී ෂර්ට් එකයි අළුත්ම අළුත් ඩෙනිමකුයි ඇඳලා. බැලූ බැල්ලමට නම් තඩි මෝරෙක්
" පේන විදියටනම් සල්ලිකාර තාත්තා කෙනෙක්ගේ අහිංසක පුතෙක්"
"හරියට හරි මචං.... මේ ක්ලාස් එක පටන් ගත්තත් හරි ඕකා මැටිල්ඩාට ට්‍රයි. උඹ දන්නවාද මැටිල්ඩා මොකද කලේ කියලා.. කොළඹින් තගෙක් ගෙන්නලා සත්තමක් දැම්මුවානේ..."
"කොළඹින්...?" මාව කැරකැවිලා ගියා... කොළඹින් එකෙක් ගෙන්නන්න තරම් තාරකාට කොළඹත් එක්ක සම්බන්දයක් නෑනේ. මේක ගැන විස්තර දැන ගන්න වෙන්නේ මුගෙන්ම තමයි.
"ඔව් ඔව්.... කොළඹ මොකෙද්ද එකෙක් ඇවිල්ලා රොමේෂ්ට මාර සත්තමක් දැම්මා. ඊට පස්සේ නම් රොමේෂ් මැටිල්ඩා පස්සේ යන්න ගියේ නෑ... ඌටත් පොඩ්ඩක් පුදුමයි උඹ මේකි එක්ක ක්ලාස් එනවා දැකලා." මගේ හිත වැඩ කලේ කොළඹින් මෙහෙට ආවා පොර ගැන. යකෝ මේකි මාර මැටිල්ඩා කෙනෙක් තමයි.
"මචං මම අශාන්"
"මම තෙනුර...."
"අන්න රොමේෂ් මේ පැත්තට එනවා..." ඌ මේ පැත්තට එන්නේ නම් නයි මූඩ් එකකින්... දෂ්ට කරයිද දන්නේ නෑ, මම ඉතිං අහක යන නයින්ට අත වනලා, එන්න කියලා කකුල එහෙම දීලා දැං ගහපං නයෝ කියන ජාතියේනේ. චිරාත් කාලයක් තිස්සේ නාලා නාලා තාමත් හෙම්බිරිස්සාව... ඒත් ආයෙත් නානවා. කාලයක් ලිහිණි නිසා ඇටකටු රී ෆික්ස් කර ගත්තා.. දැං තාරකා නිසා. ජොයින්ට් එහෙමත් රිවර්ට් කරගන්න වෙයිද දන්නේ නෑ
Subscribe to:
Post Comments (Atom)


23 comments:
මේ මොකක්ද මේ උනේ.... මට නම් හිතා ගන්නවත් බෑ... කතාව දැන් වෙනස් පැත්තකට හැරෙන්න වගේ යන්නෙ...
ඔහොම යන්... ඔහොම යන්...
ඊලග කොටසත් ඉක්මනට දාන්නනනනනන...
කොළඹින් ආවේ...............කවුද ?????????????
apoy,, mayya aye kannada yanne kamak hode???
Glimmer Girl
digatama liyanna,,,magen suba pathum
දුල්හරි,
මීට උඩින් ඈනියෙක් දාල තියෙන කුනුහරුප කොමෙන්ට් එකට කලබල වෙන්නත් එපා. මකන්නත් එපා.
උගෙ තාත්ත හරි මස්සිනෙක් හරි මැරුණාම ඌටම කියවගන්න තියන්න.
තල්මසාද කොළඹින් ආවේ? ඇට මැස්සාගේ කථාවට මමත් එකඟයි.අසහනකරයෝ ඉන්නවා ගනන්ගන්න එපා සිස්.
apo mama comment kiyawana eka nawatha damami....
ganan ganna epa dul.........
ලස්සන කතාවක්... අද තමා සේරම එක සැරේට කියෙව්වෙ!! ඊලග කොටස් ටික එන්නේ කවද්ද? එක එක පොන්නයෝ කියන ඒවා ගනන් ගන්න එපා.. දිගටම ලියන්න.. ගුඩ් ලක්
අනෙ අම්මො එ පාර මොකද මේ වෙන්න යන්නෙ. මේ තාරකාට කොළඹින් ගෙන්නන්න තරම් කාවද අදුරන්නේ.. නියමයි අක්කෙ දිගටම ලියන්න.
අක්කෙ මෙ ඔය Anonymous විදිහට ඈවිත් කුණුහරප කොමෙන්ට් දාන් හල්පාරුවො ගෑන ගනන් ගන්න එපා. ඔය වගෙ අස්මත්ජාතින්ට එයාලගෙ අම්මා, තාත්තා දාපු නමින් ඈවිත් කෙලින් කථා කරන්න තරම් කොන්දක් නෑහෑ. උන්ගෙ හෑටි එහෙමයි.
කොළඹින්?????.... එහෙනම් මට හිතෙන්නෙ මේ ලිහිනිද කොහෙද?.............
ඔයා ලස්සනට ලියනවා දුල් අක්කා.......
කතාව ලස්සනට යනව. නියමයි... දැන් ඉතිං හෙට වෙනකම් ඉන්න ඕනෙනෙ අප්පා මේකෙ ඉතුරු ටික බලන්න... අන්න ඒක තමයි අවුල...
අක්කේ, යමක් හරියට කරගන්න බැරි උන් ඉන්නව. උන්ට හරි අමාරුයි තව කෙනෙක් හරියට දෙයක් කරනකොට. ඕවට සැලෙන්න එපා...
ලස්සන කතාව....මමත් දැන් හැමදාම බලනවා. නරක comments ගනන් ගන්න ඒපා.
මම මේ කතාව කියවන්න ගත්තේ දවස් 4 කට විතර කලින් අහම්බෙන්.හැබැයි කියලා වැඩක් නෑ.කථාව නම්
මරේ මරු.මුල ඉදලා එක හුස්මට මුල් කොටස් ටික කියෙව්වා.දිගටම කරගෙන යන්න. Anonymous විදියට
Comment දාන option එක අයින් කරන්න.මොකද මෙච්චර ලස්සනට යන blog එක අයාලේ යන
බල්ලෝ හින්ද කැත කරගන්න ඕනෙ නෑනේ.--සුභ පැතුම්.
අයාලේ යන බලු නකුටෙක් රිංගලා නේද? ඔය බුරලා ගිහින් තියෙන්නෙ. ගේට්‍ටුව වහලා තිබ්බ නං හොදයි වගේ.
The story is becoming more and more interesting. Waiting to read the next part tonight. Go ahead Sis.
මම ඉතිං අහක යන නයින්ට අත වනලා, එන්න කියලා කකුල එහෙම දීලා දැං ගහපං නයෝ කියන ජාතියේනේ. චිරාත් කාලයක් තිස්සේ නාලා නාලා තාමත් හෙම්බිරිස්සාව... ඒත් ආයෙත් නානවා.
හිනා වෙලා නහිනවා. මේක නම් මරු. මට දැන් නම් පේන්නෙ ලිහිනි = තාරකා වගේ.. අනේ මන්ද..
දුල්හාරි : ඔය ඇනෝ කුනුහරුප කියන අවජාතක උන්ගෙ කොමෙන්ට් ටික අයින් කරන්න. ඇයි දන්නවද මේක තව කට්ටිය බලනවනේ. කුනුහරුප බලන්න නෙමෙයි නේ මිනිස්සු එන්නේ. අනික ඔඅය ඇනො කොමෙන්ට් ඔප්ට්ශන් එක අයින් කරන්න. නැත්තම් කොමෙන්ට් මොඩෙරේට් කරන්න.
බුදු හාමුදුරුවන්ට උණත් ගල් පෙරලන්න කට්ටිය හිටියනේ. ඒ අතින් අපි මොක්කුද? මම මේ ටිකකට කලින් මේවා දැක්කේ. සොරී මෙච්චර වෙලා මේවා තිබ්බාට. හසී නංගිගෙන් මම සමාව ඉල්ලනවා. මගේ බ්ලොග් එකෙ කම්න්ට් දාලා ඔයාට මොකක් හරි අවමානයක් උණානම්.
මෙහෙම කමෙන්ට් දාන්න කලින් කට්ටිය දැන ගත්තා නම් හරි මේවා ටක් ගාලා මට මකන්න පුළුවං කියලා. ගොඩාක් අය ඉල්ලුවා වගේ මම කොමෙන්ට් දාන එක සීමාසහිත කලා. බලමු මේ පාර නමකුත් දාගෙන ඇවිත් ගල් පෙරලයිද කියලා. :)
ඇලඩින්ටත් හිටියා නෙව ඔහොම හිටි ගමන් අහසින් කඩා පාත් වෙච්චි මාමෙක්.
පුරස්නෙ: කොලඹින් චන්ඩි එවන්නෙ, එයා වෙන්ටෑ.
උත්තරය: ඇයි හෝතම්ඹුවෝ, නැතිව අර වැඩිහිටි නිවාසෙ එක්තැන් වෙලා ඉන්න, ලොකු අත්තම්මයැ.
අපොයි මෙහෙමත් පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සුත් ඉන්නවද අප්පා මේ බ්ලොග් අවකාශේ...... පුදුම කලකිරීමක් අති වෙන්නෙ මෙව්වා දැක්කම.
මම අදයි මේ පැත්තේ ආවේ.. තාම හරියට කියවන්න බැරි උනා. විවේක වෙලාවක් අල්ලල මුල ඉදන් කියවනන් ගන්න ඕනෙ. දිගටම ලියන් යන්න. ඔබට ජය.
දුල් අක්කියෝ...ඔයාගෙ කතාව හරිම ලස්සනයි.මටත් අහම්බෙන් හම්බවුනේ කියවන්න.දිගටම ලියන්න.එක එකාගේ වල් කමෙන්ට් වලට බය වෙන්න එපා.අනිත් එක ළුල ඇති රුකටනේ ගල් ගහන්නේ.
අර කට්ටියම කිව්වා වගේ අනෝනිමස්ලට කමෙන්ට් කිරීමේ හැකියාව අහක් කරන්න.මෙන්න මේවගේ උන්ව ගස් බැදලා දැම්මනම් හරි.ඒ කරලත් මදි.
කමෙන්ට් ටික ඩිලීට් කරන්න.ඒ වගේම අක්කි කැමතිනම් කමෙන්ට් මොඩරේෂන් දාන්න.එතකොට එක පාර පබිලිෂ් වෙන්නේ නෑනේ.
@ හසී...
ඔයා ගණන් ගන්න එපා කෙලි හසී.තමන්ගේම නංගි,අක්කා,අම්මා කවුද කියල නොදන්න වනචර එවුන් ඉන්න රටක මෙහෙම දේවල් වෙන එක පුදුම දෙයක් නෙවේ.
ලස්සනට ලියලා තියෙනවා. පුලුවන් නම් මේකට ඊ-මේල් subscribe එකක් දාන්න..
ම්ම් මං මේ කතාවට මාරම ආසයි අක්කේ.. අක්කා ලස්සනට ලියනවා.......
කතාව වෙනත් අතකට පෙරලෙන්න හදන්නේ.....
නියම කතාව අක්කේ.....
ලියලා තියෙන භාශාවට ගොඩක් කැමතියි.:)
Post a Comment