Tuesday, August 24, 2010
56 කොටස
ඩයිනමයිට් එකට විභාගේ පටන් ගන්නවත් එක්ක ඉස්කෝල නිවාඩුවත් පටන් ගත්තා. තාත්තා මට ගෙදර එන්න පර්මිට් එක පාස් කරපු හැටියේම මම ඇඳුම් දෙක තුනක් දාගෙන ගෙදර එන්න ලෑස්ති උනේ වලිකඩින් වැකේෂන් හම්බ වෙලා වගේ. නැන්දා නම් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ මාව තනියම කොළඹ යවන්න. එයාලට හිතෙන්න ඇති මට මෝහිණි අතවර කරයි කියලා. මම හිතන්නේ නැන්දා මාව ඩයිනමයිට් එකටත් වඩා පරිස්සම් කරනවා. මේ වෙලාවට මට දැනනවා අර බිත්තරේ අස්සේ ඉන්න කුකුල් පැටියා උණත් එළියට එනකොට එනවා ඇත්තේ... බිත්තරේ මැව්ව එකාට වැඩක් දෙන්න හිතාගෙන කියලා. ඒත් කාටවත් හිතෙන්නේ නැද්ද මමත් අඩුවක් පාඩුවක් නැතුව අත පය හතර තියන දෙකේ දෙකේ පොරක් කියලා. මම බෑග් එකත් අරගෙන එළියට ආවේ ගෙදර යන්න හිතාගෙන. ඩයිනමයිට් එක ඇරෙන්න ගෙදර අනිත් උන් නම් හිටියා. මොනා උණත් ඩයිනමයිට් එකේ බෝරේ දාන සද්දේ නැතුව කන් අඩියටත් පාළුයි.
"අනේ පුතේ පරිස්සමෙන් යන්න...." නැන්දගේ ඇස් වල කදුලුත් එක්ක..... ෂුවර් එකටම ඕවා නම් සතුටු කඳුළු
" මයියා... ගෙදර ගිය ගමන් අපිට කෝල් එකක් දෙනවානේ...." ලොකූගෙ කටහඬත් ඉතින් බැට්‍රිය බැහැපු එලාම් එකක් වගේ. මුන්ට මම යනවාට දුකද මන්දා. මටත් හීනියට එහෙම එකක් දැනෙනවා. මොනා උණත් මාස හයක්ම දුෂ්කර ක්‍රියා කරපු තැනනේ... මෙයාලගේ නරකක් නෑ. ඒත් සෑහෙන කාලෙකින් ගෙදර යන නිසා තියන ෆන් එක නම් ඉතිං කියලා වැඩක් නෑ.
"එකට දහයක් දෙන්නම්කෝ" මම එහෙම කියලා ෂේප් එකේ තාරකා දිහා බැලුවා. එයා ඉතින් බිම බලාගෙන. යන්න කලින් එක පාරක්වත් හිනා උණානම් ගෙවෙනවාද? අඬුගානේ පරිස්සමෙන් ගිහින් එන්නවත් කියනවා නම්.... වැඩි වෙලා අල බහින්න කලින් ගෙදරින් එළියට බැස්සා.
කොළඹට ගොඩ වෙනකොට ඇඟට ඇණුනේ ටැංකියක ඇති කරපු මාළුවාව මූදට දැම්මා වගේ සතුටක්.... අපෙ ගෙවල් පාරේ බස් එකට නැගලා තුන්කුදු උනාත් දැනුනේ මාර සනීපයක්. ඔන්න මම ගෙදර ආවා. අනේ තිබුණ එවා එහෙමමයි... තාමත් ගෙදරට ඇතුල් වෙන්න තියෙන්නේ දොරෙන්. මම ගේ ඇතුලට එනකන් කවුරුත් දැක්කේ නෑ. මුලින්ම මාව දැකලා මගේ ලඟට ආවේ අපේ ගෙදර ඇති කරන පූස් නාම්බා.
"අම්මේ............." ඔන්න ඊට පස්සේ නංගි මාව දැක්කා... දැක්කාම මේකි කෑ ගැහුවේ අම්මාට. අම්මත් මම නැති අතරතුර කොහෙ හරි ටුවර් එකක් ගියාද දන්නේ නෑ. අම්මාත් ඉතින් හිමින්ම ඇවිල්ලා මාව දැක්ක ගමන් සුසන්තිකාගෙන් කකුල් ණයට අරං වගේ දුවගෙන ආවා.
"අනේ මගේ පොඩි එකා....." ආපු ගමන්ම මාව දෙකට නවලා අරගෙන බදාගත්තා. හැබැයි එයා ලඟ ඉන්නකොට තරම් සනීපයක් මේ ලෝකේ කා ලඟ වත් නෑ ඒක නම් මට බුදු ෂුවර්. එයාගෙන් මට තොත්තු වරුසාවයි. මටත් ඉතිං මාර සන්තෝසයි කොච්චර කාලෙකින්ද මෙයාලව දැක්කේ...
"කිව්වෙ වත් නැත්තේ ඇයි එන බව...?" අම්මා මගේ ඔලුව අතගාන ගමන් ඇහුවා...
"ඊයේ තාත්තා කෝල් කරපු වෙලාවේ එන්න කිව්වා... කෝකටත් තාත්තාගේ හිත වෙනස් වෙන්න කලින් මම ආවා." ඒක අහලා නංගිට මාර හිනා.
" මෙයා නැතුව සාංකාව ගහලා තිබ්බේ වැඩියම තාත්තාට නේද අම්මේ....?" ඔව් ඒක නම් පිලිගන්න වෙනවා, තාත්තාට මං ඇරෙන්න මේ ගෙදර එකෙක්වත් නෑනේ කටේ හිරි ඇරගන්නවත්. ඕක හිතුනා ඒත් කිව්වේ නෑ. මොනා උණත් වැරදීලා හරි අපේ අම්මා තාත්තාවනේ බැඳලා ඉන්නේ
"හැබැයි අක්කා කොල්ලාට මදි නොකියන්න කන්න නම් දීලා තියනවා... හොඳටම මස් එහෙම ඇඟේ දාලා ඇවිල්ලා..." අම්මාට නම් මාව දැකලා ආසාවේ බෑ... ඒත් අම්මා දන්නවාද මොනා කෑවත් මෙහෙදි කාපු රජ කෑම තරම් රහක් නෑ කියලා.
"ඕයි.... අර නැන්දාට කෝල් කරලා කියනවා මම ගෙදර ආවා කියලා..." මම නංගිට එහෙම කියලා හිමින් සැරේ මගේ කාමරේට ෂේප් උණා. ඇත්තටම මම මේ මගේ භවනට ආවේ කොච්චර කාලෙකින්ද? මේක මං හිටපු කාලේ වගේ මණ්ඩුල භවනක්නම් නෙවෙයි.... අපරාදේ කියන්න බෑ හොඳට සුද්ද කරලා. ෂා.. තාමත් මේ ඇඳ සැපයි අප්පා.... ඒත් එක්කම මට ගැන්සිය මතක් උනා. මම වැඩිකල් ඉන්නෙත් නැති එකේ අද ඉඳංම වලට සෙට් උණානම් වැඩේ ගොඩ... ලිහිණිව බලන්න යන්නත් ඕනේ.. සමරනායකයාව හොයා ගන්නත් ඕනේ...මේවා මම තනියම කරන්න ගිහින් පහුගියකාලේ වගේ ඇන ගන්නේ නැතිව ගැන්සියවත් සෙට් කරගෙනම වැඩේට බහින්න ඕනේ
දවල්ට එහෙම කාලා පොඩි ඇලට් එකක් එහෙම දාලා මම ගෙදරින් එළියට යන්න ලෑස්ති උණා, නංගි තේකත් අරං මගේ කාමරේට ආවා. දැං කොල්ලාට මාර සැලකිලි. බලන්න එපෑ තේකත් කාමරේටම එන හැටි.
"පොඩි අයියා කොහෙ යන්නද?"
"සිකා බලන්න..."
"භානුක කිව්වා ඔයා කෝල් කලා කියලා"
"හ්ම්ම්ම්ම්..."
"ලිහිණි අක්කාගේ තත්වේ බරපතලයි... දැං කතා කරන්නේ හරි අඩුවෙන්ලු"
"දන්නවා...."
"ඒත් ඔයා යන්න එහෙම එපා..." මේකි මාර මීටරයක්නේ... එකපාරටම සිරසේ තිබිලා වෙළඳසේවයට වැටුණා වගේ මීටරේ මාරු උණා
"දැං මම යන්නේ එහෙ නෙවෙයි අයිසේ.."
" මම දන්නවා..."
"එහෙනම් මෙතන ඇනයක් නොවී අයින් වෙනවා...." මම නංගිවත් සුළුවට තල්ලු කරගෙන කාමරෙන් එළියට ආවා.
"කොහෙ යන්නද මේ ආව ගමන්...?" එන ආත්මේ ඔය කටහඬ ඇහුණත් මට දැනෙන බය මේකම තමයි. අනේ තාත්තේ මම ඇබීන්දකට..... සිකාව බලලා එන්නද කියලා අහනවා වගේ තාත්තා දිහා මට බැලුනා
Subscribe to:
Post Comments (Atom)


13 comments:
අම්මෝ ඇති යන්තන් මඟ බලන් හිටියේ ඊලඟ කොටස දානකම්........
මයියා මේ පාර බදාගන්නැතුව බෙදාගෙන කන්න වගේ ලේස්තිය........
ඔයාට පුලුවන් ඉක්මනට ලියමු අක්කියෝ.........
ඉතින් ඉතින්...
අද නම් මදි වගේ කතාව.ටිකක් වැඩියෙන් ලියන්න දුල්....
මම බයේ හිටියේ අදත් කථාව නැති වෙයි කියලා... අම්මෝ ඇති යන්තම් අද නම් නින්ද යාවි...
ඉතින් ඊට පස්සෙ.... ඉක්මනට දාන්නකො අප්පා..>>>>
මෙහාට නං 23 වෙනිදා කියලා දවසකුත් තිබුනා. ඔහාට නං කොහොමද මන්දා?
හුහ්....දැං දැං නිවාඩු අනුමත කර ගන්නෙනෙත් නැතුවම ගෙදර නවතිනවා. මෙව්වා කැත වැඩ.
ඔව් නේ....
බදාගෙන කනවට වැඩිය බෙදාගෙන කන එකේ අමුතු ගතියක් තියෙනවා නේ..ද..? හා පැටික්කියෝ...
ඔයාලගේ දුල් අක්කිත් අපිව කේන්ති ගස්සනවනේ.... කතාව ඉක්මනට ලියන්නේ නැතිව...
ඔහොම නිවාඩු අරගෙන ලියන්න ගියොත් අපි නාකි වෙයි කතාව ඉවර වෙද්දි...
ගෙට් (හෙට හවසට අනිත් කොටස) රෙඩි.... ගෝ....
අන්න.. අන්න... කොමෙන්ට් එක බලලා දුල්හාරී මූණ ඇද කරගත්තා...
මේ.. තරහට නෙමේ කිවුවේ... කතාව පරක්කු වෙනකොට වේලක් දෙකක් කෑවේ නැහැ වගේ... ඒකයි...
අපි ගැන හිතලා නිවාඩු ගන්නේ නැතිව හැමදාම ලියන්ඩ හොඳේ.....
ඔන්න 55 - 56 දෙකම එක හුස්මට බැලුවා....
මයියා ගේ කාමරේ ගැන කියද්දි මතක් වෙන්නෙ ගෙදර... අප්පා... එහෙම සැපක් කොයින්ද කොල්ලෙක්ට... ආයෙ ඉතින් මාස කීයකින් ගාටන්නද මම ගෙදර.
බෙදාගෙනම කයි වගේ මේ පාර
aioooooo ikmanta daannako dul akkiyoo... :(
".....හිමින්ම ඇවිල්ලා මාව දැක්ක ගමන් සුසන්තිකාගෙන් කකුල් ණයට අරං වගේ දුවගෙන ආවා......"
මට මේ ටික මතක් වෙද්දිත් තනියම හිනා යනවා..... අක්කේ! අක්කා කතාව එලට ලියනවා... :-) :-)
mata pissu hadila hitiye.. kathawa nathuwa. ada thama awe balanna.. athi yaaaaaaaaaaantham :D
Post a Comment