Monday, August 16, 2010
51 කොටස
පොඩ්ඩක් වෙලා ඇස් දෙක පියාගෙන හිටපුවාම හිතට දැනුන දඩිබිඩිය නැති වෙලා ගියා. ලියුම ආයෙ දිග ඇරියා. ඒකෙ ඉතුරු ටික කියවන්නම ඕනේ.
" තාත්තාගේ නම හඩ්සන් වික්‍රමනායක. අම්මායි ඔයාගේ තාත්තායි ජීවත් උනේ කුරුළු ජෝඩුවක් වගේ. ඔයාගේ අම්මාට ඔයාගෙ තාත්තා හැම සැපක්ම දුන්නා. ලස්සන ගෙයක්, ඇදුම් රත්තරං බඩු වගෙ හැමදේම. ඒත් ඒ හැම දේටම වඩා ලස්සන දේ උනේ ඔයා. ඔයා හම්බ වෙන්න ඉන්නකොට තාත්තා අම්මාට මේ ලොකේ තියන හැම සැප සම්පතක්ම දීලා බලා ගත්තා. ඔයාව හම්බ වෙන්ට හිටපු නිසා අම්මා ඔයාව හම්බ වෙනකන් කියලා මගෙ ගෙදර ආවා. මම අම්මාව මගේ ඇහැක් වගේ බලාගත්තා. තාත්තා කොළඹ ඉඳං මෙහෙ ඇවිල්ලා ආයේ පාන්දර කොළඹ යනවා. තාත්තාට බැරි උනා එක දවසක්වත් අම්මාව නොදැක ඉන්න. පසලොස්වක දවසක අම්මාට හොඳටෝම අමාරු උණා. එදා හොඳටම වැස්ස. තාත්තා අමාරුවෙන් වාහනේ අරගෙන ඉස්පිරිතාලේ ගෙනිච්චා. ඒත් පුතේ තාත්තාට බැරි උනා අම්මාව ඉස්පිරිතාලේ ගෙනියන්න. කවුද කට්ටියක් තාත්තාව වාහනේ ඇදලා අරගෙන හොඳටම ගහනවා අම්මා දැකලා තියනවා, වැස්සයි අම්මාට තිබුණු අමාරුවයි නිසා අම්මාට කවුද ගැහුවේ කියන්න හරි මතකයක් නෑ. අම්මා වේදනව වැඩි කමට කලන්තේ දාලා තියනවා. අම්මා ඇස් දෙක අරිනකොට ඉඳලා තියෙන්නේ හැටන් මහා ඉස්පිරිතාලේ.... පුංචි ඔයාත් ලඟම ඉඳලා තියනවා. ඒත් එක්කම එයා දැනගෙන තියනවා පුතාගේ තාත්තා ජීවතුන් අතර නෑ කියලා. අම්මා දාහක් බර හිතේ තියාගෙන ඔයාවත් අරගෙන ඉස්පිරිතාලෙන් හොරෙන්ම පිටත් වෙලා තියනවා, ඒ එක්කම අම්මා දැකලා තියෙනවා කවුදෝ කට්ටියක් ඇවිල්ලා අම්මා හිටපු ඇඳ වටේ හොයනවා.
ඕකයි අම්මා කවදාවත් ඔයාට නොකියපු කතාව. මේ හැම දෙයක්ම දන්න එකම එක කෙනෙක් ඉන්නවා. ඒ තාත්තාගේ හොඳම යාලුවා තරංග සමරනායක, ඉන්නෙ කොළඹ පල්ලෙහා මම ඇඩ්‍රස් එකත් ලියලා තියවනවා. පුතාට ඕනෙනම් ඒ අංකල්ගෙන් ඒ හැම දේකම විස්තර අහ ගන්න. තව එක දෙයක් කියන්න තියනවා. ඔයා ඉපදිලා තියෙන්නේ තනියම නම් නෙවෙයි. ඔයා එක්ක අයියා කෙනෙක් ඉපදිලා තියනවා. එයා ඉපදෙනකොටම මැරුණයි කියලා තමයි ඉස්පිරිතාලෙන් කියන්නේ. මම ගොඩාක් දේවල් ලිව්වා... මම මේවා කිව්වට මගේ පුතා වැඩිය හිතන්න ඕනේ නෑ. ඒත් ඔයාගේ තාත්තාගේ මිනී මරුවව හොයා ගන්න හැබැයි තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්න එපා. වැඩිය කොළඹ ගැවසෙන්නත් එපා. පරිස්සමෙන් ඉන්න.
මගෙ රත්තරංට රත්නතරේ පිහිටයි
මීට ලොකු අත්තම්මා.
මට මේ සීන් එකේ මුලක් මැදක් අගක් තේරෙන්නේ නෑ. තාරකා වගේම කෙනෙක් මම කොළඹදි දකිනවා එයා ලිහිණි එයා ජයවීරගේ දුව, එතකොට තාරකාගේ තාත්තා වෙන කෙනෙක් එයා දැං මැරිලා. තාරකාට අත්තම්මා කෙනෙක් කියනවා තාත්තාගේ මිනී මරුවා හොයාගන්න කියලා. ඒකට සමරනායක කියලා පොරක්ව උදව්වට ගන්නලු. ඒ අස්සේ මට එක දවසක් ගෙනිහින් අම්බානකට කන්න දීපු වාහනේ නැගලා තාරකා අත්තම්මා බලන්න එනවා. මේ කිසිම තැනක කිසිම සම්බන්දයක් නෑ. හරියට ලුණු මිරියි පුහුල් දෝසියි වගේ. තේරුමක් නෑ. මේ ප්‍රශ්න මට අදාල නෑ කොහොමත්.... ඒත් මේ සීන් එක ගැන වැඩි දුර හොයන්න නම් පොඩි උණක් හැදීගෙන එනවා. හරි දැං ගිහින් අත්තම්මාව හම්බ වෙමුකෝ.
මේ ලොකු අත්තම්මාගේ නම ඇවිල්ලා සෙලෙස්තිනා කුමාරි... මේ තියෙන්නේ ... හරි සෙලෙ මම එනවා ඔයාව බලන්න... මට ඉබේටම හිනා ගියේ ඒක නිකමට වගේ හිතිලා. ඒත් තාරකාට මම කියන බොරුව මොකද්ද දැං?
කොන්දා කන් අඩිය පැලෙන්න කෑ ගහන්න ගත්තා,
"දිඹුල්ල පාර බැහැ ගන්න...... "
මම මිනිහාව පොඩ්ඩක් සයිලන්ස් කරලා බැහැගත්තා.ඌ ඔය කෑ ගහන විදියට අනිවා වොයි බොක්ස් එකම දාගන්න වෙනවා හැටන් හන්දියෙන්. මම නොම්බරේ හොයාගෙන පාර දිගේ ඇවිද්දා. දැං නම් අම්බානකට බඩගිනියි. වෙලාව දෙකත් පහු වෙලා.පරන ගෙයක් නම් තියනවා...... පොතේ හැටියට මේක වෙන්න ඕනේ පොට් එක හැබැයි අර නැව් කැබ් එක නම් පේන්න නෑ. අර ගරුඬා තාරකාව බස්සලා යන්න ඇති. හරි මම ඇතුලට ආවා. දැං නම් සෙලෙව නෙවෙයි මේකෙ කුස්සිය පැත්තට යන්න ඕනෙ වෙලාව. ඒත් මුලින් සෙලේ ව හොයාගන්නම්කෝ. බඩුම තමයි. ඔය ඉන්නේ සීයලා අච්චිලා ආතල් එකේ. සීයලා දෙන්නේක් තදටම දාං අතක් අදීනවා. දත්වත් නෑ දිව පොඩ්ඩ වෙන්න හපා ගන්න. මම කෙලින්ම ගොඩ උනේ කාර්යාලය කියලා ගහලා තිබ්බ තැනකට. අපේ ඉස්කෝලේට එහා කොන්වන්ට් එකේ ප්‍රින්සිපල් සිස්ටර් වගේ කෙනෙක් ඉන්නවා, කට කපලා කටත් ඇරගෙන හොඳ ඇලට් එකක් දාගෙන ඒක ඇතුලේ. මාව දැක්කේ නැති නිසා දොරට රිදෙන්නෙ නැති වෙන්න හිමින් තට්ටු කලා. ඒකට උඩ ගිය පාර අරයා හඳත් අල්ලලා එන්න ඇති
" ආධාර නෑ..... " මේ මොන ආධාරයක්ද? මාව පේන්න හිඟන ආත්මයක් වගේද?
"නෑ නෑ ආධාර නෙවෙයි..." මම වැරදි වැටහිම නැති කරන්න හිතාගෙන එහෙම කිව්වා.
"එහෙනම් මොනා හරි විකුණන්නද?" ෂිකේ මෙහෙම චාටර් එකක්. ඒ පාර මාව මෙයාට පේන්නේ තොප්පි වෙළෙන්දෙක් වගේ ද?
"නෑ නෑ..... " මම කියන්න කලින් ඇවිල්ලා ලඟින් වාඩි උණා. නැත්නම් හරි යන්නේ නෑ. මෙයා තාම ඉන්නේ හීන ලෝකේ. ෂුවර් එකටම හීනෙන් දකින්න ඇති බීච් සීන් එකක්. එතනට කඩලකාරයෙක් එන සීන් එකේදි වෙන්න ඇති මම ඇහැරවන්න ඇත්තේ
"මැඩම් මට සෙලෙස්තිනා කුමාරිව හම්බ වෙන්න පුළුවන්ද?" අරයා හීන බලන්න දාගෙන හිටපු කණ්ණාඩි දෙකත් ගලවලා මගේ දිහා බැලුවා. මම හිතන්නේ මෙයාට හොඳට පේන්නේ කණ්ණාඩි ගැලෙව්වාම වෙන්න ඇති.
"ඔයා එයාගේ කවුද?"
"මම ....පුතෙක්" නෑ කම චාටර්... ඒත් කටට ආවේ ඒකනේ
"රෙකෝඩ්ස් වල තියෙන්නේ බැඳලා නෑ කියලා "
"ඔව් ඔව්... අම්මෝ එයා සීයෙක් දිහා ඇහැක් අරලවත් බැලුවේ නෑ... මම එයාට පුතෙක් තමයි වෙන්නේ.."
"මොකද්ද නම..."
"සෙලෙස්තිනා කුමාරි"
"නෑ නෑ තමුන්ගේ නම?"
"මගෙ නම.. එහෙම කියන්නකෝ..... තෙනුර අතපත්තු" අරයා මගේ දිහා ඔරවලා බැලුවා.
"එහෙම කෙනෙක් කවදාවත් මෙයා බලන්න ඇවිල්ලා නෑ."
"ආවේ නෑ තමයි අදයි ආවේ.... ඇත්තම කියනවා නම් මම ලංකාවේ හිටියේ නෑ..... " ආයෙත් රවලා බැලුවේ සැකෙන් වගේ. හරි මේක හරි යන්නේ නෑ. වෙන මොකක් හරි කෙප්පයක් බා ගන්න ඕනේ
"තාරකාත් එනවා කිව්වා...." ඒ පාර අරයා ටිකක් සාමන්‍ය උනා.
"ඒ මොකටද ඩොනේෂන් එකක් දෙන්නද? අනේ මේ ලඟදිත් සෑහෙන ගානක් අපිට ඩොනේට් කරලා ගියා".
"වෙන්න ඇති... අත්තම්මාව මට බලන්න පුළුවන්ද?" ආයේ අරයා අප්සෙට් ගියා. මේක මාර ලෙඩක් නේ. මෙයා කියන විදියට තාරකා තාම ඇවිල්ලා නෑ.
" ඇයි තාරකා මිස්ටර්ට කිව්වේ නැද්ද?" එයා මට මොනා කියන්නද මම හොයන්නෙත් එයාව තමයි හලෝ
"මොනාද?"
"දැං සෙලෙස්තිනා නැති වෙලා තුන්මාසෙකටත් වැඩිනේ...." මේක මාර හුටපටයක්නේ... ඇයි හත් දෙයියනේ එහෙනම් දැං තාරකා ආවේ කොහෙද? ඒ කියන්නේ තාරකා අර නැව් යානයේ නැගලා ආවේ හැටන් නෙවෙයි... එහෙනම් යන්න ඇත්තේ කොළඹ. මගේ පපුව පත්තු උනා. දැං එයා කොහොම ඇද්ද? මේක මාර සීන් එකක්. මේකට මම සම්බන්ද නෑ ඒත් කොහෙන් හරි සම්බන්දෙකුත් තියනවා.
Subscribe to:
Post Comments (Atom)


18 comments:
බඩුම තමයි. මයියා , තාරකාෙග මල්ලිවත්ද?
ඕං අද නං අර වාරික පොල්ලෙන් දෙකක් ඔලුවට දෙකක් පත බෑවුන ගානයි. මේක කියෝපු වෙලාවෙ ඉදලා පොඩි කුරුල්ලො සැට් එකක්, ඔලුව වටේට කැරකෙනවා.
අත්තම්මා නැති වෙලා...එතකොට තාරකා ගරුඩා පිටේ ගියේ තොරං බලන්නද? ජයවීරය පාතාලයා, තාත්තට නෙලලා ලමයා අරං ගියාද? මේක අර "Underground" කියන වැම්පයර් කතාව වගේනෙ.
එතකොට භාණුකයායි ලිහිණියි කිඹුල්ලු උනේ කොහොමද? ඕං ආයෙත් අර කුරුල්ලො සැට් එක ඔලු වටේ යන්න ගත්තා.
හුහ්....හැබැයි නෝනේ .. උඹ බොරු ලියලා අහුවුනොත් නං මං නරක ගොයියයි කියන්න එපා.
ආයි පවු පවු කියලා නොබලම කියනවා................බොරු ලියන්න එපැයි කියලා.
ane ithuru tikath daannakooooo...
හෙටත් දාන්න... දැන් මේක කියවනකම් නින්ද යන්නෙ නෑ... :)
දැන් නං තිබුනටත් වඩා ටැපලුනා :)
තාරකායි ලිහිණියි එක්කෙනෙක් උනොත් නං චාටර්.
prasna velai Dhul..
දැන් මේක Drama/Romance ඉඳලා Thriller/Mystery පැත්තට යනව නේ... නියමයි. දිගටම ලියන්න...
මම කිව්වෙ අනිවා දුලා අපිව මරනවා... මේක බලන එකනම් අද හෙටම නවත්තන්න වෙනවා....
මොකද බොලව් මේ වෙන්න යන්නෙ?
ඕගොල්ලෝ කතාව බලන එක නවත්තනවා නම් කියන්න හරිද? ;) එතකොට මට හැමදාම මේක දාන්න මහන්සි වෙන්න ඕනේ නෑ. ස්තූතියි ඔයාගේ කමෙන්ට් වලට.
සිරිබිරිස්..... මම නම් බොරු කියන්නේ නෑ.... අපි ගුටි කන්න බයයි සිරිබිරිස් ... ඒත් ඇත්ත කියන්න තව ටිකක් කල් යනවා.
අනේ අභීත මැරෙන්න නම් එපා. එහෙම උණොත් මම මිනී මරුවෙක් වෙනවා. මෙහෙම කරන්නම් මම මේකෙ දාන්නම් හර්ද රෝග හා ගොඩාක් සංවේදි අය බැලීමෙන් වලකින්න කියලා. හරිනේ
පිස්සු කෙලින්න එපා.. මේක නැවැත්තුවොත් බලාගෙනයි.. පස්සෙ මං නරක මිනිහයි කියන්නෙපා..
අද කතාව අහලා මට හොඳටම මඤ්ඤං වගේ ~~~~~ හිහ් හිහ් ....
මරු... දැන් ඉතිං මේකෙ පැටලුම් ඇරගන්නෙ කෝමද?
මොකක් කිව්වා ? නවත්තන්න ? ඒ ඉතින් මයියා කෑවට වඩා කෑමක් ඉල්ලගෙන තම හි හි.
ලියන්න ලියන්න හැමදාම... දැන් නම් අර කිව්ව වගේ ඔලුව කැරකෙන සයිස් කැරකිලා. ලස්සනට ලියනවා. මැවිල පේන්න.
අනේ අම්මො මෙ මොකද වෙන්නෙ. මෙ මයියාගෙත් වෑඩ, නිකන් ගෙදරට වෙලා ඉන්නෙ නෑතුව දෑන් අපිව කරකොවලා අත ඈරියා වගෙ නෙ.
comment දාන්න වත් හරියට මොනවත් හිත ගන්න බෑහෑ. තරු පෙනිල ඉන්නෙ අක්කෙ. බෑරිද දවසට 2 පාරක් වගෙ update කරන්න. මොකො නෑත්තන් මේක හිතලම පිස්සු හෑදෙනවා වගෙම වෙන වෑඩක් කරන්නත් බෑහෑ,මේකමයි කල්පනවට එන්නෙ.
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවානේ... :O
මුලින්ම සමාවෙන්ඩ ඕන... පෙරේදා මම දාලා තිබුණ පෝස්ට් එකට...
"අම්මප.. මේක අද උදේනේ හලෝ මට සෙට් වුණේ... හවස ඇවිත් Half Century යම බලලා දැම්මා. දැන් ඉතිං දවසට කොටස් 2 ගානේ වත් ලියන්ඩ වෙයි. නැත්නං ඉතිං අපිට පරණ එව්වම තමයි බල බල ඉන්න වෙන්නේ. ඔන්න මචෝ නොකිව්වා කියන්ඩ එපා. අතරමඟ නතර කෙරුවොත් මයිය දෙතුන් පාරකට කාපු ඒවා එකට එකතු කරලා උඹට දෙන්නේ..."
මම කතාව කියෙව්වා මිසක්ක ලිව්වේ සරමක් ද, කම්බායක්ද කියලා බැලුවේ අද තමයි. පෝස්ට් එක ඇඩ්රස් කරලා තිබුණේ සරමකට. එත් ඉතිං කම්බායකට පෝස්ට් එකක් දානකොට වැදගත් වීම අත්‍යාවශ්‍යයි නේ. ඒ හින්දා ඒ පෝස්ට් එක නිවැරදි කරලා මෙන්න මෙහෙම දානවා....
"අනේ අක්කේ/නංගියේ, මේක අද උදේනේ මම දැක්කේ... හවස ඇවිත් Half Century යම බලලා දැම්මා. දැන් ඉතිං දවසට කොටස් 2 ගානේ වත් ලියන්ඩ. නැත්නං ඉතිං අපිට පරණ එව්වම තමයි බල බල ඉන්න වෙන්නේ. ඔන්න මම නොකිව්වා කියන්ඩ එපා. අතරමඟ නතර කෙරුවොත් මයිය දෙතුන් පාරකට කාපු ඒවා එකට එකතු කරලා තමයි ඔබ තුමියට සංග්‍රහ කරන්නේ..."
හික්.... හික්...
හික්.... හික්...
මේ කොටස කියෙව්වම නම් නිකන් ඔලුව කැරකෙනවා වගේ..
මටත් හිතෙනවා මයියා තාරකාගේ සහෝ වෙන්න ඇති කියලා
Post a Comment