Saturday, August 14, 2010
50 කොටස
මහ කයිය ගැහුවට මටත් හීන් දාඩිය දානව බය උණාම. මමත් ඉඳලා ඉඳලා ගඟකට බැස්සයි කියමුකෝ. කොහෙද ඒකෙත් කිඹුලෝ..... කමක් නෑ. මම බය ගුල්ලෙක් වෙන්න හොඳ නෑ. ඒක කොල්ලෝ සංහතියටම රෙද්දක් ඇඳං පාරේ යන්න බැරි කේස් එකක්. ලිහිණි තාරකා කියන්නේ එක්කෙනයි. ඒකයි මට හිතෙන්නේ... අපේ බුවා කිව්ව දේ ඇත්ත. මම ඩයිනමයිට් එක අතුරුදහන් උණ කඩ පේළිය හරියට ඇවිදගෙන ගියා. අර ඉන්න ගෑනි මල් වාස් එකක් එහෙම තියපු මේසයක් ලඟ. බඩුම තමයි. මමත් පොර වගේ ඒ පැත්තට ගියා. මාව දැක්ක ගමන් ඩයිනමයිට් එක පුස් චීන පටස් එකක් වෙලා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.
"පොඩි අයියේ... ඔයා මෙහෙ....?"
"හරි අපූරුයි යාලුවාගේ ගෙදර පාඩම් කරන හැටි?" මමත් අපේ තාත්තාගේ වචන සෙට් එක පාවිච්චි කලා, මරු කෙල්ල ආයේ කන පැලෙන්න බය වෙලා.
"ම .. මම. මෙ මේ..." මයන්න මායි කියවන්නේ කොච්චර ට්‍රයි එක දුන්නත්.
"පොඩි අයියා මෙහෙ. ?"
"ඔව් ඔව්.. මම තාරකා බස්සන්න ආවා. " අර මෙයා එක්ක හිටපු කොල්ලත් ගල් ඉබ්බා වගේ මගේ දිහා බලන්න ඉන්නවා.
" තාරකා අක්කා ගියාද?"
"දැං තමුසේ යමන් ගෙදර.... ඉන්නවා මම නැන්දාට කියන්න" මම ඇවිල්ලා දුෂ්මන් නෙවෙයි.... අනික මේකි කොල්ලෙක්ව අමාරුවේ දැම්මා කියලා මගේ මොකුත් අඩු වෙනවාද?
"අනේ පොඩි අයියේ අම්මාට කියන්න එපා..." ඩයිනමයිට් එක අඬන්න ගත්තා. වටේ පිටේ උන් මගේ දිහා බලන්නෙ හිරිකිත් රෝෂන් පාර වැරදිලා මෙතනට කඩා පාත් වෙලා වගේ.
"හරි තමුසේ ලඟ තියනවාද තාරකාගේ අත්තම්මා නවත්තලා ඉන්න තැන ඇඩ්‍රස් එක?" මගේ ප්‍රශ්නෙන් ඩයිනමයිට් එක ලාවට මගේ දිහා බැලුවේ කඳුළු පිහ දාගන්න ගමන්
"මගේ ලඟ නෑ.. ඒත් තාරකාගේ පොත් වල ඇති. අනේ අයියේ අම්මාට කියන්න එපා"
"ඒවා බලමු.... මම යනවා.... තමුසේ තව ටිකකින් ගෙදර එනවා. මට සලකනවා නම් මමත් සලකනවා" ඕක පරණ කතාවක්. ඒ කාලේ කට පාඩම් තිබ්බ කියමනක්. මොනා උණත් කොල්ලා අද තාරකාගේ අත්තම්මා හොයාගෙන යනවා. දැං වෙලාව 10යි. දහයාමාරට මෙහෙන් පිට උණත් හැටන් වලට එකාමාර වෙනකොට යන්න පුළුවං.... මම ගෙදරට ගියේ තුන් වැනි ගියර් එකට දාලා.
ගිය ගමන් ඇදුමක් එහෙම දාගෙන පිළිවලක් උන මම ඩයිනමයිට් එකේ කාමරේ පැත්තට ගියා, නැන්දාත් පේන්න නැති එකේ හොරෙන්ම රිංගලා මම තියන පොත් ඔක්කොම සම්බෝල කලා. ඇඩ්‍රස් එකක් හොයා ගන්නවත් නෑ. ටික වෙලාවක් යනකොට ඩයිනමයිට් එක කාමරේට ආවා.
"මේ මොකද කරලා තියෙන්නේ තමුසෙට පිස්සුද?"
"ඉක්මනට හොයලා දෙනවා. මට පරක්කු වෙනවා...." ඩයිනමයිට් එකත් අපරාදේ කියන්න බෑ බෙල්ල කඩාගෙන සප් එක. ඕක තමයි කියන්නේ ටිකිරි මොලේ කියලා. ටික වෙලාවකින් ඩයිනමයිට් එක ලියුම් කවරයක් මට ගෙනල්ල දුන්නා. මේකෙ ඇඩ්‍රක් එක ඇති. මේක තමයි ඔය නවත්තලා තියන නිවාසෙන් ආව ලියුම.
ටිකක් දිග ලියුම් කවරයක්, මම ගත්ත ගමන් ඇරලා බැලුවා. මේ තියෙන්නේ බඩු.... හරි දෙන්නම් දොඩම් මෙතන ඒ ලියුම විතරක් නෙවෙයි තවත් ලියුම් තියනවා. කමක් නෑ ඔක්කොම අරන් යනවා. බස් එකේ යනකොට නින්ද යන්නේ නැති වෙන්න මොනා හරි ඕනෙනේ...." මම ලියුම් කවරේ සාක්කුවේ දාගෙන එලියට එන්න හැරුණා.
"පොඩි අයියෙ... අනේ අම්මාට කියන්න එපා..."
"හරි... තමුසේ ලඟ සල්ලි කීයක් හරි තියනවාද?" කාව හරි කොල්ල කෑවේ නැත්නම් මට එහෙ ගිහින් මෙහෙ එන්න තරම් වත් කමක් නෑ. ගෙදර හිටියානම් අක්කගේ හැඹිලියට බහින්න තිබ්බා. ඩයිනමටයිට් එක බෑග් එක ඇරලා රුපියල් දෙසීයක් මට දික් කලා. පව් කියලත් හිතෙනවා අප්පා. ඒත් මේකිගේ කට වහන්න තියන එකම ක්‍රමේ මේක තමයි. මම මොකුත් නොකියා ඒක අරගෙන කාමරෙන් එළියට ආවා.
"පුතා මේ කොහෙ යන්නද?" ඇයි නැන්දේ ඕනෙ නැති වෙලාවට ඕනෙ නැති තැන් වලට එන්නේ.
"මම පොඩි ගමනක් යන්න කියලා නැන්දේ..."
"කොහෙද ළමයෝ යන්නේ..."
"අර එදා ආව මගේ යාළුවෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙලා" නැන්දාගේ ඇස් දෙක එළියට පනින්න වගේ ආවා.
" ඉතිං මේ කොළඹ යනවාද?"
"නෑ නැන්දේ... මලගෙදර තියෙන්නේ නුවර...." මටත් ඉතිං ඕනෙම දෙයකට ඕනෙම දෙයක් කියන්න හැකියාව තියන නිසා හොඳයි.
"හරි ඒත් තනියම...."
"මට මොන තනියක්ද? පොඩ්ඩිට තනියම එහෙමෙහෙ යන්න පුළුවං නම් මම ගියාම මොකද වෙන්නේ...?" මම දැක්කා ඩයිනමයිට් එකේ හුස්ම හිර වෙලා වගේ දඟලනවා.
"හරි හරි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකො ... රෑ වෙන්න කලින් එන්න ඕනේ..." කොල්ලට නිකං දැං දැනෙන්නේ හිරෙන් නිදහස් උනා වගේ සැහැල්ලුවක්.... මම ගෙදරින් එළියට බැස්සා. අඩියට දෙකට ටවුමට ආවා. ටික වෙලාවක් බස් එකක් එනකන් ඉන්න උණා. කොහොම හරි මම හැටන් යන්න ඉන්ටර්සිටියට නගිනකොට එකොලහාමාරයි දැං ඉතිං පැය දෙකේ ගමන. කොහේද මේකේ කන පැලෙන්න දමිත් අසංකගේ කැසට් එකක් වැඩ කරනවා. ඒ අස්ස්සේ අනිත් කනත් පැලෙන්න කම්මැලියි. මම සාක්කුවෙන් ලියුම ගත්තා.
ඇඩ්‍රස් එක ඇවිල්ල නො.250, දිඹුල්ල පාර, හැටන්. සරණ සේවා වැඩිහිටි සුරැකුම් පියස. මාර නම් තමයි මේවා.බස් එකේ කොන්දාට අඩ්‍රස් එක පෙන්නුව ගමන් පොර වෙඩි වගේ කියාගෙන කියාගෙන ගියා. අන්තිමට බහින තැන කියන්නම් කියලත් කිව්ව. මමත් ආතල් එකේ ඒ සී එකේ සීට් එකට හේත්තු වෙලා අර ලියුම් කවරේ තිබ්බ අනිත් ලියුම එළියට ගත්තා. අකුරු නම් මගේ ඒවාට හපන්. ඒත් මගේ අකුරු කියවලා පුරුදු නිසා කියවන්න ගේමක් දෙන්න උනේ නෑ.
"ආදරණිය චූටි දුව,
කුමාරිලාගේ ගෙදර ඔයා සතුටුන් ඉන්නවා කියලා මම දන්නවා. මමත් මෙහෙ ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒත් පුතේ ඔයාගේ අම්මාව මතක් වෙනකොට මගේ පපුව හෝස් ගාලා යනවා. එයත් එක්කම එයා විඳපු දුක නැති වෙලා ගියා. ඒත් එයත් එක්කම එයා හංගන් හිටපු රහස වැලලලා යන්න දෙන්න බෑ.... මම මේ ලියන්නේ ඒක. මම දන්නවා මගේ දුව දැං ගොඩාක් ලොකුයි. හිතන්න බලන්න තේරෙනවා. මෙච්චර කාලයක් ඔයා නොදැන හිටපු අම්මා කවදාවත් ඔයාට නොකියපු ගොඩාක් දේවල් තියනවා. ඒව එකින් එක
මම ඔයාට කියන්නම් ඊට පස්සේ මට මැරුණත් කමක් නෑ. මට සැනසීමේ ඇස් පියාගන්න පුළුවං..... පුතේ.... මේ ඔයා හැමවෙලේම අහපු ප්‍රශ්නෙට උත්තරේ... පුතාගේ තාත්තා කවුද? ඇයි මගේ පුතාට තාත්තාගේ නම ආවේ නැත්තේ.... එයා මොනා වෙලාද මරුණේ...? පුතාගේ තාත්තා මැරුණේ නෑ... මැරුවා....
පොඩ්ඩකට කියවන එක නැවත්තන්න මට සිද්ද උණා. හරියට හොරර් ෆිල්ම් එකක් බැලුවා වගේ. අනුන්ගේ පෞද්ගලික ප්‍රශ්න දැන ගන්න එක හොඳද?. ඒත් මේ මොනාද මේ සිද්ද වෙන්නේ... තාරකාගේ තාත්තා මැරිලා.. නෑ මරලා... එතකොට කවුද ලිහිණි....?
Subscribe to:
Post Comments (Atom)


26 comments:
මේක මගේ 50 වැනි පෝස්ට් එක..... මෙච්චර කාලයක් ඔයාලා මාත් එක්ක හිටපු නිසයි මම මෙච්චර ලියන්න පුළුවන් උනේ.... ගොඩාක් ස්තූතියි. ඔයාලා නැත්නම් මම මේක නවත්තලා දාලා ගොඩාක් කල්.....
හැමදාම මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම නම් වශයෙන් නොකිව්වත් මම ස්තූති කරනවා.
"""""50"""""". Congratulations!!!!!!
මං හිතුවෙ දෙන්නා නිවුන්නු වෙන්න ඇති කියල. පස්සෙ මොකක් හරි හේතුවකට දෙපැත්තකට වෙච්ච. බලං ගියාම එහෙම නෙවෙයි වගේ.
50 වැනි පෝස්ට් එකට අපේ සුභ පැතුම්........
100ක් වත් ලියන්න වෙයි මගෙ හිතේ..
දුල් අපිට
අපි දුල්ට
:D
මයියා ට මොනවා වෙයිද? පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා...
"ඔයාලා නැත්නම් මම මේක නවත්තලා දාලා ගොඩාක් කල්....."
අනේ පිං ඇති නෝනෝ. නවත්තන්න නං එපෝ. කතෘ අඤාතයි කියලා හරි ලියා පියෝ, නැත්නං, අපි අනාතයි.
my congratulations akki :) keep it up
Glimmer Girl
දිගටම ලියන්න. සෑෙහන ෙහාද කථාවක්...... මම දන්නව හුගක් අය ෙම්ක බලනව. ෙකාෙමන්ට්ස් ෙනාදැම්මට......
හුටා... 50 වෙනි පෝස්ට් එකට සුබ පතන්න බැරි වුනා නෙව. අපෙනුත් සුබපැතුම් .
අපටත් මේ කතාව සහ තවත් මෙවැනි කතා චිරාත් කාලයක් රසවිඳිමේ වාසනාව ලැබේවා ( සාදු...සාදු......සාආආආආ........)
නියම්යි දුල්.
තව ලියමු
ජය
ජය ශ්‍රී !
50 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම් !
දිගටම ලියන්න.
අපි බලන් ඉන්නවා.
mat hituwe nimunnu kiyala tama....
elaa ela 50k liuwane.. liyaddi tikak dik karala liyanna.. den nikan mekata abbehi wela inne.........
50 ta suba pathum....digatama liyanna Dhul.
මගෙනුත් සුබ පැතුම්. දිගටම ලියන්න.හැමදාම මුලින්ම බලන්නේ මේක දාලාද කියලා.
මුලින්ම සුබ පතනව කොටස් 50ට...
තව මේ වගේ ගොඩක් ලියන්න...
කථාව නම් දැන් හොම්මං වෙන තත්වයක තියෙන්නෙ. ඉතිං නිකං එක දවසකට මදි මදි වගෙත් හිතෙනව :p
කොහොම උනත් කතාව උපරිමයි... :)
තව තවත් ලියන්න වාසනාව සහ දිරිය ලැබෙන්න කියල පතනව...
ඔන්න මුලින්ම 50 වෙනි එකට සුබ පතනවා.
දුල්හාරියො... ඇඩ්‍රස් එක හොයන් එනව ඔන්න නැවැත්තුවොත් හික් හික්...
මේක නම් වංක ගිරිය වගේ සීන් කෝන් එකක්... මයිය නම් පව් කියල හිතෙනව අප්පා
කුතුහලය සපිරි 50 වෙනි පොස්ට් එකට සුභ පැතුම් , දිගටම ලියන්න . ජය !!!
ගොඩාක් ස්තූතියි... සුභ පැතුම් ගොඩායි... මම නවතන්නේ මේක ඉවරයක් කරලා තමයි දැං.... මයියාගෙ වචනෙන් කියනවා නම් අද අම්බානකට මහන්සියි. කතාව හිතනවා තියා කෙලින් ඉන්නවත් පණ නැහැ. ඉතිං මම අද පෝස්ට් එකක් නොදැම්මාට හෙට අනිවා පෝස්ට් එකක් දානවා හරිද? මාත් එක්ක තරහ වෙන්න එපා
අම්මප.. මේක අද උදේනේ හලෝ මට සෙට් වුණේ... හවස ඇවිත් Half Century යම බලලා දැම්මා. දැන් ඉතිං දවසට කොටස් 2 ගානේ වත් ලියන්ඩ වෙයි. නැත්නං ඉතිං අපිට පරණ එව්වම තමයි බල බල ඉන්න වෙන්නේ. ඔන්න මචෝ නොකිව්වා කියන්ඩ එපා. අතරමඟ නතර කෙරුවොත් මයිය දෙතුන් පාරකට කාපු ඒවා එකට එකතු කරලා උඹට දෙන්නේ...
හික්.... හික්....
ප්‍රශ්ණයක් නෑ. ගන්න පොඩි විවේකයක්. කෙලින් ඉන්න බැරි උනාම ගන්න බේත් නං තියනවා. දෙකක් දාපු ගමන් ඇදේට ගියත් හිතෙන්නෙ යන්නෙ කෙලින් කියලයි. කොහේදෙ, ඔය පලාතෙ ඔව්වා ඔයාලට අකැපයි නෙ.
එකදාස් අටසිය බර ගණන් වල ලියපු ලස්සන කතාවක් තියනවා "The Moonstone" කියලා - A detective story with a romantic touch. මෙන්න ලින්ක් එක වෙලාවක් තියේ නං(තියේ දැයි සැකයි) කියවලා බලන්න.
http://www.gutenberg.org/etext/155
ඔන්න ඉතින් මල තද වෙන ටෝක්.... එහෙම කොහොමද කරන්නෙ.. කතාව අපේනෙ.. ඔයා ලියනව විතරනෙ... හරි හරි... අදට විතරයි සමාව හරිද? පුරුද්දකට ගත්තොත් බලා ගත්තෑකි....
නියමයි අක්කා.. ඔහොම යං .. මේක අමතක උනානෙ 50 කියල. දැක්ක ගමන් එක හුස්මට කියවන් යනව... ටයිටල් පේන්නෙ නෑ..
දෑන් මේ මොකො වෙන්න යන්නෙ??? මේ තාරකා, ළිහිණි හුටපටය තවත් වෑඩි වෙනවනේ. හ්ම්ම්ම්... බලමුකො දිගටම ලියන්න අක්කෙ.
50 වෙනි පොස්ට් එකට මගෙත් සුබ පතුම්. අනෙ අක්කෙ නවත්තන්න නම් එපා. අපි අනථ වේ :(
half century come oooooooooooooooooonnnnnnnnn.....
සුභ පැතුම් අක්කේ..... තවත් ලස්සනට ලියන්න..... අනේ නවත්තන්න නම් එපෝ.......
කතාව නං පට්ට එළකිරි වගේ ගලා ගෙන ගලා ගෙන යනෝ ...
ඔහෝම්ම 100 ත් ගහමු.... ඔබට ජය හා සතුට !!!...
Post a Comment