Friday, August 27, 2010
59 කොටස
ඇස් දෙක ඇරලා බලනකොට හෙන ගහනවා වගේ එළිවෙලා... මගේ ඇඳේ තිබ්බ සැපටද කොහෙද අද රවියා ඇවිල්ල පස්සට තට්ටුව දානකන්ම් මට නින්ද ගිහිං. මම ඉතිං නැගිටලා එහෙම කුස්සිය පැත්තට යනකොට පොඩි කසුකුසුවක් ඇහෙනවා... ගෑනුන්ගේ උණත් කතා හොරෙන් අහන් ඉන්න එකේ මාර ගතියක් තියනවා, ඒ නිසා පොඩ්ඩක් හැංගි මුත්තං දාල හොරෙන්ම අහගෙන හිටියා.
"අම්මා හිතන්නේ තාම මයියා පොඩි එකා කියලා...." අක්කාට තියන ඊරිසියාව බලාපල්ලාකෝ....
"ඌ තාම පොඩි එකා තමයි... ලොක්කි"
"අම්මාලා දැං ඌට ඕනේ විදියට ඉන්න දෙනවා නම් හොඳයි... වැඩිය නීති දාන්න ගිහින් මයියාට අපි ඔක්කොමලාව එපා වෙනවා.
"පොඩි එකා ලොකු එකා වගේ නෙවෙයි ලොක්කි... හිත හොඳ වැඩියි.... හැමවෙලේම දා ගන්නේ කරදරමයි ඔළුවට...."අම්මාත් මම ගැන සැලකිය යුතු දෙයක් දන්නවා.
"මම දන්නවා අම්මේ..... ඒත් මම කියන්නේ... ඌටත් නිදහස දෙන්න කියලා"
" අපි පොඩි එකාව හිර කරගෙන නෑ..... "
"මට හිතෙන විදියට තාරකා එක්ක මයියාගේ සම්බන්දයක් තියනවා" අම්මා කර කර හිටපු වැඩේ දාල ඇවිල්ලා අක්කා ලඟින් වාඩි උණා.
"ඔයාට එහෙම කිව්වාද?"
"නැහැ නැහැ ඒත් මට තේරෙනවා අම්මේ.... අයියාටයි නංගිටයි වඩා මට මයියාව හොඳට තේරෙනවා" මෙයා මාර ගින්නක්නෙ අම්මාට දෙන්නේ.. මෙහෙම ගිහින් කොල්ලාගේ චරිතේ ගන්නම දෙයක් නැති කරයිද දන්නේ නෑ.
"එහෙම උණොත් ඌ සතුටින් ඉදියි ලොක්කියේ.... ඌව හොඳින් තියා ගන්නනේ මේ හැමදෙයක්ම කරන්නේ?" අක්කා බෝදිලිමා වගේ ඔළුව වනන්න ගත්තා.
"හොඳ වෙලාවට අපි මයියාට අරක කිව්වේ නැත්තේ..." මොකද්ද මෙයාල මට හංගන අරක....? මීට කලිනුත් ඔය හැංගිමුත්තම මට අහු උණා. අනේ මන්දා... මොනා උණත් ඒක මට ගොඩාක් වැදගත් දෙයක්. මෙහෙමම කන දාගෙන ඉන්නකොට ඒක මොකද්ද කියලා හොයා ගන්න පුලුවං වෙයි.
"ඔය හැම දෙයක්ම මමත් අමතක කරලා ඉන්නේ ලොක්කියේ..."
"මෙන්න මෙයා ඔතනට කන දාගෙන ඉන්නේ..." එකපාරටම මගේ පිටට පාරක් වඳින ගමන් කන ලඟ හෙනයක් වැඳුණා වගේ... අර ඩයිනමයිට් එක හොඳයි.මම කිව්වේ මේ කෙල්ලෝ එන්න්නෙම හොඳම හරියේදි වැඩේ කණපිට ගහන්න.
"තමුසේ වඩේ කෑවනේ..." මම නංගිට ටොක්කක් ඇනගෙන කුස්සියට ගියා
"මෙයා දැං හොර වැඩත් පුරුදු වෙලා නේද අම්මේ...?" අක්කාත් අර අපේ ගෙදර පූස් නාම්බා වගේ එනවා ඇඟේ එතෙන්න. මම නම් එයාව හුරතල් කරන්නේ නෑ. මම නපුරා..., යකඩයා වෙච්චි.
"යනවා යනවා... හිතක් පපුවක් නැති උන් ලඟ එතෙන්නේ නැතුව" මම තේකත් අරං කුස්සියෙන් ෂේප් උණා... මොකද අනුන්ගේ සීනි තරාදි වලට දානව බලං ඉඳලා වෙච්ච චාටරේම සුළු පටුද? අර ඇනකොන්ඩා නොහිටින්න මම ඔක්කොම කතාව අහගන්නවානේ නැතුව. ආපු දෙන්කෝ ඕකි පොඩි අයියේ කියාගෙන....
"පොඩි අයියේ...." හිතනකොට එනවා.... ඕකිවත් හුරතල් කරන එක අත අරින්න ඕනේ..
"තමුසෙත් එන්න එපා කතා කරන්න මාත් එක්ක"
"මේ මොකෝ මෙයාට ඩෝං ගිහින්....? අන්න ආයේ තාරකා කතා කරනවා"
"මම නෑ කියනවා..." මම මල පැන්නා වගේ ඇක්ටින් පාරක් දැම්මා
"එහෙම කොහොමද.... මම කිව්වා ඔයා ඉන්නවා කියලා...." මට ඉතිං දැං අර රැව්ලයි කැඳයි දෙකම ඕන උණ මිනිහාට වගේ... මේකත් හොඳ චාන්ස් එක මම නංගිවත් තල්ලු කරගෙන එළියට ගියා.... වටපිටාවේ කවුරුත් නැති හින්දා මට අර තිබ්බ බොරු මලත් ඉබේම නැති වෙලා ගියා
"හලෝ..."
"තෙනුර...."
"ඉක්මනට කියනවා කියන දෙයක්... මෙහෙ පැපරාසි ඉන්නවා..."
"මොකද අනේ තරහා ගිහින්..?'"
" මේ මේ බයිලා කියලා හුරතල් කරන්න මට වෙලාවක් නෑ කියනවා මොකද්ද හදිස්සිය කියලා..?"
"ඔයා කොළඹ ආවා විතරයි වෙනස් වෙලා.." මෙයා මේ බයිලා ගහනවානෙ රීමික්ස් කරලා
"වෙනස් වෙන්න මම කටුස්සෙක්ද?"
"හ්ම්ම්ම්ම්"
"දැං මොකටද කතා කරන්නේ ප්‍රශ්නටක්ද?" මගේ ඔක්කොම මුර්ති දැං අමතක උණා... තාරකාගේ හිනාව මතක් වෙලා
"ඊයෙත් මම කතා කලා"
"මම දන්නවා..."
"ඉතිං කතා නොකලේ....?"
"අපෙ ෆෝන් එක ලොක්.... එන ඒවා විතරයි කෝල් ගන්න ඉබ්බා කඩන්න ඕනේ.."තාරකා හිනා වෙන්න ගත්තා. ඔන්න දැං මට මැවිලා පේනවා එයාව
"ලිහිණිව හම්බ උණාද?" රෝන්ග් නම්බර් එකක්නේ නංගි ප්ලේ කරන්නේ... සිරාවටම එයාව මෙතනට අදාල නෑනේ.. ඔයාත් මෙතන එයාව මතක් කරලා නාගන්නවානේ
"මම හිතන්නේ එයාව හම්බ වෙලාත් දැං සෑහෙන කාලයක් වෙලා ඇති... දැං කියන්නකෝ ඔයා හදිස්සියේ කතා කලේ ඇයි කියලා"
"ඊයේ සමරනායක අංකල් කතා කලා.."
"ඉතිං?"
"අද කොළඹ එනවාද ඇහුවා.."
"ඔයා හා කිව්වාද?"
"හා කිව්වා නම් මම මෙහෙ ඉන්නවාද පිස්සෝ..?"
"ඒ කියන්නේ දැං කිඩ්නිය පාවිච්චි කරනවා... හොඳයි හොඳයි.."
"ඒත් මට හැමදාම බෑ කියන්න බෑනේ තෙනුර"
"බෑ කියන්න එපා ඔයා වෙන වචන සෙට් එකක් හොයා ගන්න"
"විහිළු නෙවෙයි"
"සමරනායකගේ ඔෆිස් එක කොහෙද තියනවා කිව්වේ..?' මම ආයෙත් කාගෙ හරි ඇන්ටනාවක් වැඩ කරනවාද කියලා වටපිට බැලුවා. හොඳ වෙලාවට කවුරුත් නෑ.
"ගංගාරාම පාරේ..."
"හරි මොකද්ද ඕකේ නම...?"
"සමරනායක ඉන්ඩස්ට්‍රීස් ඇන්ඩ් ඉන්ටර්නැෂනල්" තාරකා කියාගෙන ගියාට ඒක මතක තියා ගන්න දිග වැඩියි අප්පා
"මම මොනාහරි දැනගෙන එන්න බලන්නම්."
"ඒත් ඔයා ඒ පැත්ත්හේ යන්න එපා තෙනුර..."
"ඒ මොකද ඒ...?"
"මම නිසා ප්‍රශ්න දාගන්න එපා.." අයියෝ මේවා ප්‍රශ්නද නංගී.... මම පෙරලගෙන තියෙන්නේ බාල්දි නෙවෙයි බැරල් නේ...
"පිස්සුද එහෙම නෑ..." තාරකා ටික වෙලාවක් සද්දේ වහලා හිටියා
"කුමාරි ඇන්ටි අක්කා එක්ක එහා ගෙදර දානෙට උදව් වෙන්න ගියා..."
"ආ ඒක තමයි අපිව මතක් උණේ..."
"ඊයෙත් මම කෝල් කලේ බණ ගෙදර ගිය වෙලාවේ...."
" ඔව් ඔව් මට තාත්තා කිව්වා.... තව පොඩ්ඩෙන් එයාලා නැකතුත් බලනවා..."
"ඒ මොකටද?"
"අපිව කසාද බන්දන්න..." තාරකා හිනා උණා
"මම තියන්නම් එහෙනම් ඔයා පරිස්සමෙන් ඉන්න..."
"හරි හරි ඒවා හරි..." තාරකා ෆෝන් එක කට් කලා, මට දැනෙන්න ගත්තේ අර අළුගෝසු ෆීලින් එක නෙවෙයි හරි අමුතු ගතියක්. තාරකා මාව ටික ටික වෙනස් කරනවා. යකෝ මමත් පිණි මුවා වගේ වෙනස් වෙනවාද? මම කල්පනා කර කර ඉන්නකොට පිට හරහාට වැදුනේ තරු විසි වෙන ෂොට් එකක්. මම හැරිලා බැලුවෙ කවුද මට අත උස්සන්නේ වගේ, කිරි අප්පේ මේ ගැන්සියනේ.. මට නැති වෙලා හිටපු මුත්තෝ දැක්කා වගේ...
"උඹ මොකද බං බිම බලාගෙන කරන්නේ... අර වන වාසේ ඉඳලා හොබී එකට භාවනාවක්වත් දානවද?'
බුවා ඇහුවා. ඇත්තනේ මම ටෙලිෆෝන් එක තිබ්බ තැන ඉඳං තාම ගිහින් තියෙන්නේ අඩි දෙකයි.
" මම කල්පනා කලේ ප්ලෑනක් මචං"
"ඒ මොකද්ද?"
"අර එදා නැව් යානේ දාගෙන ගිහින් මට නෙලුවේ සාමරනායක කියලා පොරක් බං" ඔන්න මම සීන් එකට එන්ටර් උණා. ගැන්සිය මූණු ටික බලා ගත්තා...
"උඹ කොහෙන්ද ඕවා හොයා ගත්තේ...?"
"ලිහිණි තාරකා කියන්නේ දෙන්නෙක්... මම ඊයෙ සිකාට ඔප්පු කරලා පෙන්නුවා"
"ඔව් අපිට සිකා ඒක කිය කියා ආවේ..." බුවාට ලාවට වගේ සීන් එක විශ්වාස බව මට තේරුණා. මම තාරකාගේ කතාව උන් එක්ක කිව්වා... මට මුන්ව බුදු ෂුවර් තැන් තැන් වල කියවන්නේ නෑ කියලා
"උඹට දැං අපෙන් මොනාද ඕනේ...?"
" අපි ඔය සමරනායකයා ගැන හොයන්න ඕනේ බුවා..?
"උඹ කියනවා නම් අපි ගේමට බහිමු...." බුවා ඉතිං කවදත් වගේ එවර් රෙඩි
"ප්ලෑනක් සෙට් කරගෙනම බහිමු... අපතයෝ වගේ ගිය තැන අනා ගන්නේ නැතුව" මම කල්පනා කලා මුලින්ම පටන් ගන්නෙ කොහෙන්ද කියලා
" හරි ඉස්සල්ලාම අපි ඔෆිස් එක පැත්තේ රවුමක් දාලා බැක්ග්‍රව්න්ඩ් එකේ තියන මල් පැල එහෙම ලිස්ට් කර ගත්තොත් නරකද? " බුවාගේ කතාව ඇත්ත.. චාටර් වෙන්නේ නැතුව මූ කවුද කියලා හොයා ගන්න පටන් ගන්න තියන හොඳම වැඩේ ඒක තමයි....
Subscribe to:
Post Comments (Atom)


18 comments:
එන්න මල්ලි එන්න නංගි රොක් වෙලා...
කණ පැලෙන්න කන්න යන්නෙ ෆිට් වෙලා..
සමරෙයාව ඇදලා ගන්න... කණ පැලෙන්න ඌට දෙන්න..
ඇට කුඩු කරන්නට රෙඩි වෙයල්ලා........
කොහෙ ඉවර කරන්නද 100 න්. සරමනායකයා මේ එන්ටර් වුනා විතරයි. එතකොට ජයවීරයා, උගේ තාම පැකින් එකවත් කඩලා නෑ. 150 ක් වත් යාවි මයෙ හිතේ..
100 න් ඉවර කරන්න ගිහිල්ලා , කොත්තු දානවා වගේ බාන්න නං එපා.
ඇත්තම කතාව මේකයි. 100 කතාව ඇහුව වෙලේ ඉදලා මගේ හිතට හරි නෑ. හරියට දන්න අදුනන කෙනෙක් මලා කිව්ව වගේ. මම මේක මොබයිල් එකට දාගෙන, සබ්වේ එකේ යන එන කොටත් කියවනවා. සමහර වෙලාවට තනියම හිනා වෙන කොට වටේ ඉන්න එවුනුත් බලනවා. හුහ්.. උන්ට කනේ ඉයර් පෝන් ගහගෙන කටුස්සො වගේ ඔලුව හොලෝ හොලෝ යන්න හොදයි, මං සත පහකට ගනන් ගන්නෙ නෑ.
100.....?
කවුද ඔය 100 කියන එවුං...
...#%@^$%*#@%#.....
මල පනිනවනේ අප්පා මේ කියන කතා වලට...
ෂහ්... කියවන විට ඔටෝ ටයිප් වෙන සොෆ්ට්වෙයා එකක්වත් තිබුණනම් මම දුල්ට දෙනවා....
එතකොට කොටස් වෙනුවට පරිච්ඡේද වශයෙන්වත් දායිනේ...
කිසි අවුලක් නැතුව පරිච්ඡේද දෙතුන් සීයක් බැලුවහැකි...
ටී.වී එකේ චාටර් කතාත් මෙගා සීරිස් දාන කාලේ මේ වගේ මසුරං කතා මෙගා සීරිස් දැම්මට මොකෝ මං අහන්නේ...
දුල්,
සිරිබිරිස් ගෙ කතා සහතික ඇත්ත.....මෙච්චර කල් මයිය ගුටි කාපුව ගැන විස්තර කරන්නම කොටස් 50+ ගියා....තවමත් ලාවට සෙට් වේගෙන එනව විතරනෙ....මට හිතෙන්නෙ කතාවෙ පීක් එක වෙන්නෙ මයියට දෙකෙන් එකක් සෙට් වෙලා මල් කඩන කොටස් ටික තමයි....ඊට පස්සෙ මේ ගලාගෙන යන ස්පීඩ් එකෙන් ඉතුරු ප්‍රශ්න ටිකත් විසඳන කොට අනිවාර්යෙන්ම 100 පනියි....ඊට කලින් ඉක්මනට ඉවර කරන්න හැදුවොත් ඒකෙන් කතාවේ ගලා යාමට හානියක් වෙයි කියලයි මට හිතෙන්නෙ....
ඔයා කමෙන්ට්ස් ගැනත් කියල තිබුනනෙ....මමත් හැමදාම කතාව කියවන ඒත් වැඩිය කමෙන්ට්ස් නොදාන හොර බළලෙක්.......(හැමදාම එකම කමෙන්ට් එකම දාන්න බැහැනෙ "කතාව එළම එළ" කියල....ඒ නිසා). ඔයාට ඕනෙ කමෙන්ට්ස් නම් අපි දෙන්නම් මීට පස්සෙ, හැබැයි ගොයියො කතාව හදිසියෙ ඉවර කරන්න එපා.....ලස්සන කතාවක් වැඩිපුර අදින එක වගේම කලබලෙන් ඉවර කරන එකත් අපරාධයක්....ටිකක් හරි වැඩිපුර ඇදෙනව වගෙ දැනුනොත් අපිම කියන්නම්.......එතකං මෙහෙම යං.......
හරි දෑන් ඉතින් මයියා ඈදගෙන නාන වෙලාව ඈවිත්. එත් මෙදාපාර යාලුවො සෙට් එකත් එක්කම කන්න වගෙ යන්නෙ.. නියමයි කොල්ලො. කද්දිත් මදි නොකියන්නම කාපන් හරිද.
අනේ අක්කේ අපිටත් කියන්නකො මොකද්ද මෙ මයියගෙ අම්මයි, තාත්තයි හොරෙන් තියගෙන ඉන්න රහස. මයියට වඩා දෑන් අපිට තමයි එක දෑන ගන්න ඔව්නෙ
ඔව් ඔව් මයියාට හොරෙන් අපිට ඒ රහස කියන්නකෝ.මේක මසුරන් කථාවක්....
ලස්සන කතාවක් අද තමයි දැක්කේ..වෙලාව අරගෙන ඔක්කෝම කියවලා බලන්න ඕනේ...
pissu hadena katawak meka.niyameta siddi sambande hadagena yanawa.koments hana hit hit duk wennatuwa tawa ikmanata katawa danna.mata salli tibunananm aniwa potak gahala publish karawanawa.
metek kal balapu hodama kata malawak.nawattanna haduwot sudu van eken awit ussanawa.terunane?
hoday, dan ituru tikak rasata liyamu.api balan innawa.
මොකක්ද මේ කතාව නවත්තන්න යන seen එක?? අපොයි... එහෙම අසාධාරණයක් පාඨකයින් ට කරන්න එපා. මම අදහස් කළේ කතාව දිගට අදින්න කියලා නෙවෙයි. හෙන ගැහුවුවා වගේ කතාව ඉවර කරලා මේ වෙනකම් maintain කරපු quality එක අඩුකරන්න එපා...
Comment දැම්මා හෝ නොදැම්මා, අපි මේක අනිවාර්යයෙන් කියවනවා. මම මේක දැනට දෙතුන් දෙනෙකුට recommend කරලා උන් ටික ඔක්කොම මේකට ඇබ්බැහි වෙලා... මට බනිනවා :D
ඔන්න මේංක මගේට පලවෙනි comment ඒක. Demand ඒක තියෙනකෙට supply කරන්න ඒපැයැ.
මමත් දැන් හැමදාම කථාව බලනවා. ඉස්සරනං දිවයින පත්තරේැ බලලා තමයි වැඩ පටන් ගත්තේා. දැන් නම් මයියා තමයි.
ඉතිං ඔබතූමියට, කථාව දිගටම ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්රාsර්ථනා කරනවා.......
මටත් සිරිබිරිස් එක්ක එකඟ වෙන්න වෙනවා දැන්නම්... ඔයා මේකෙ කොටස් ගාන ගැන නොහිත කතාව ගලාගෙන යන්න දීල ඉවර වෙන ගානකින් ඉවර කරන්න... මේක මගේ හැමදා බලන බ්ලොග් එක... කතාව ආයේ මුල ඉදන් බලන්න ගත්තා ශේප් එකේ... හි හි...
සිරිබිරිස් : අර කිව්ව කතාව ට මසුරන් දන්න එපැයි බන්. උන්ට හොඳා කනේ ගහන් ඔලුව හොල්ල හොල්ල යන්න.. අපි යන්තන් හිනා උනොත් තමා බලන්නේ. අනේ අපිට මොකෝ නේ බන්..
ඔව් අඩේ අප්පා කතාව නම් 100 න් නතර කරන්න එපා , බ්ලොග් කියවන්න වෙලාව සෙට් වුනාම මේක තමා මුලින්ම බලන්නේ ....
ආයි ඕං සෝඩා බෝතලේ මුඩිය ගැලෙව්වා වගේ නම් කතාව ඉවර කරන්න එපා .....
මයියගේ පිට නම් හැම එපිසෝඩ් එකකම කොත්තු වෙනවනේ කාගේ හරි මෝටාර් එකකින්... පව් මොකක් හරි තරහක් එහෙම තියනවද මයියත් එක්ක ??? // :p
ආ අනික තමා කියන්ඩ හිටියේ අක්කේ , අර සිංහල ගන්න කියලා තියන තැන
"පේන්නේ කොටු කොටුද?
මෙන්න මෙතෙනට කොටන්න යුනිකෝඩ් බාගන්න" යන ටික සිංහලෙන් කොටලා තිබ්බාම , සිංහල නැති පරිගනකයත් පෙන්නේ ඔය ටික කොටු කොටු නේ ... ඒ ටික English වලින්ම දැම්මා නම්නේ හොඳ .... අද තමා ඕක හරියට දැක්කේ , මොකද එන වෙලාවට එන්නේ කතාව කියවන්න තියන හදිස්සියටනේ .... අද කතා 3 ක් එක දිගට අදින්න යනකොට තමා දැක්කේ ...
ළමයි.............. අද මම නිවාඩු ගන්නවා... තරහ වෙන්න එපා හොඳේ... ඔන්න කට්ටිය කිව්ව නිස මම 100න්ම ඉවර කරනව කියල හිත ගෙන හිටපු එක අත අරිනවා... ඔහෙ කතව ගලාගෙන ගියදෙන්
අදටත් එක්ක හෙට කොටස් දෙකක්ම දාන්න හොඳේ..... ඔව් අක්කේ කොටස් 200ක් ගිහිල්ලා හරි කතාව ලස්සනට ඉවර කරන්න.....
ඔය මං කිව්වෙ නැද්ද හූනා කියන්නැහෙ, ඔය එකෙක් "ඤාව්" ගාලා තියෙන්නෙ. හැබැයි ඌ නං හොද පූසා, කාගෙ උනත් හොද හැදිච්ච පවුලක බලළෙක්. අර කව්ද කිව්වැහෙ දාගන්න හිට් කවුන්ටර් එකක්, එතකොට පෙනේවි කොච්චර අය එනවද කියලා.
ඒකනෙ පූසො මාත් කියන්නෙ. කමෙන්ට් නං ඕනෙ, අපි දෙඤ්ඤංකො ජම්බු, නැද්ද මං අහන්නෙ.
අනේද කියන්නෙ පිස්සා මචෝ. අපි සැලෙයි ඕවට, නැත්නං මේක කොට්ටෝරුවන්ටම ගිය රටයැ.
ඕං , එහෙනං මේ 100 මායිං පොල්ල ගැලවීමේ මහා පිංකමට සප් එක දුන්න අපේ මේ පූසො සහ මූකලං බස්සො සැට් එකටම තැක්කූ කිව්වා. එහෙනං අපි කැපුනා ( ඒ කෑල්ල ණයට ඉල්ල ගත්තෙ මයියාගෙන්)
අන්න ඒකට නම් අප්පුඩියක් ගහන්න වෙනවා...... (100න් නවත්තන්නෙ නෑ කියන එකට..) ඒත් නිවාඩු ගන්න එක අඩු කරන්න වෙනවා.. ඔහොම ගියොත් නම් අස් කරන්න වෙනවා....
koo.. thama nane.. :(
Ane nango,,, oya pirimi iskolayak langinwath giyada? Harima lassana kolu kathawa ,,
Oyata pin,,,,
Kumari,,
Post a Comment