Friday, August 13, 2010
49 කොටස
මම වගේම ගැන්සියත් කියපු වෙලාවට කියපු දෙයක් කරන්නේ නෑ. මේ හෝතම්බුවො ටික ආවේ නෑනේ මම උන්නද මලාද බලන්න. උන්ට මොකෝ මම මොළොත් නම් ෂුවර් එනවා දානේ කන්න. දාන නෙවෙයි මට උන්ව කන්න තරම් කේන්තියි. මම ඔහොම හිතෙන් අරුන්ව මතක් කර කර ඉන්නකොට තාරකා හදිස්සියෙන් වගේ ඉස්තෝප්පුවට දුවගෙන ආවා.
"කොහෙ යන්නද මේ .... ?" මට ඉබේටම ඇහූණා. මටත් ඕනෙනැත් කුණු බාල්දියක් නෑ.
"ලොකු අත්තම්මා බලන්න යන්න... කෝ මේකලා නෑනෙ." අර වලිගේ අවිලූණු හනුමා වගේ එහාට මෙහාට හැම දිහාටම ඩයිනමයිට් එකව හොයනවා.
"ඒ මොකටද? ඩයිනමයිට් එකත් එක්කන් යනවාද?"
"නෑ අනේ එදා මගේ ඔරලෝසුව ඉල්ලන් ගියා විභාගෙට යනකොට දැං එක කොහෙ තියලාද දන්නේනෑ" මට ඉබේටම හිනා ගියා, ඔරලෝසුව නැති වෙලා මෙහෙම කිරි පණු රෝගෙ හැදෙනවා නම් වෙන මොනා හරි නැති උණොත් උණ සන්නිපාතය හැදෙයිනේ
"තාරකා යන්නද?" නැන්දාත් පාත් වෙන්නේ හොඳම කොමඩිය යනකොට තමයි.
"ඔව් කුමාරි ඇන්ටි... අංකල් කෝ?"
"අනේ පුතේ මට කියන්න බැරි උණානේ..... අංකල් අද උදේම කොළඹ ගියානේ හදිස්සියක් කියලා... පොඩි පුතේ තාරකාව හන්දියට බස්සලා එනවාද?" මරේ මරු.... කොල්ලාට චාන්ස් එක වැඩ කරන්නයි යන්නේ. අපොයි හන්දියට නෙවෙයි මම ලොකු අත්තම්මා ලඟටම උණත් බස්සලා එන්නම්කෝ.... මම එක පාරටම කීකරු බලු කුක්කා පැබිලෝ වගේ නැගිට්ටා. මම වෙන මොනා නැත්තත් ඔය වගේ ඒවාට හරි කීකරුයි. කවුරුත් නොකියන නිසා ඔන්න ඔහේ මමම ඒක කියා ගත්තා.
"මේකලාව දැක්කාද?"
"අංකල් එක්කම පිටත් උණේ යාලුවාගේ ගෙදර ගිහින් පාඩම් කරන්න"
"ආ එහෙනම් මොනා කරන්නද? මම යනවා කුමාරි ඇන්ටි....." තාරකා මගෙ දිහා බලලා එළියට බැස්සා. මමත් ඉතිං නැන්දා ඉස්සරහා හොඳටම හැසිරීමට එක දාගන්න කෙනෙක් නිසා පොළොවෙ වලි කැට ගණන් කර කර ටිකක් දුර යනකන් ගියා,
"ඉක්මනට යමුද?"මෙයාට තියෙන්නේ පුදුම හදිස්සියක්නේ... මගේ ඇංජිම දුවන්නේ මේ ස්පීඩ් එකට තමයි. මම තවත් යන ගමන් ස්ලෝ කලා. ටික දුරක් උඩරට මැණිකේ කෝච්චිය වගේ පස්ස නොබලා පාගලා ගියපු තාරකා ආයෙත් මගෙ දිහා හැරිලා බැලුවා. මමත් ඉතිං හිටියේ ගොළුබෙල්ලාගෙන් ඇක්සර්ලේටර් එක ඉල්ල ගත්තා වගේ.
"අනේ තෙනුර.... "
"මෙච්චරයි එන්න පුළුවං උපරිම.... හයියෙන් එන්න පුළුවං ඛ්‍රේක් මදි" තාරකාට මල පැනලා.... මම මගේ ගමනින් එනකන්ම මගේ දිහා බලාගෙන හිටියා.
"හපොයි මට තනියම එන්න තිබුණේ"
"ඒකනේ...." මට ආසම මෙයාගේ කජු පෙනුමට අප්පා
" ඇත්තද එහෙනම් ඔයා ගෙදර යන්න... කුමාරි ඇන්ටිට කියන්න බස්සලා ආවේ කියලා"
" එහෙම අතර මඟදී ගේම අත අරින කෙනෙක් නෙවෙයි මම..." මම තාරකා එක්කම ඇවිදින්න පටන් ගත්තා.
"වාහනේ ඇවිල්ලා බලාගෙනත් ඇති... හොඳටම පරක්කු උණා" ඔරලෝසුවක් නැති අතමයි මෙයා බලන්නේ මාර ජොලි.... මට හපං"
"ඒක නෙවෙයි ඔයාව ගෙනියන්න එන වාහනේ ඇයි ගෙදරට එන්නේ නැත්තේ...?" වැදගත් කියලා මම හිතාගෙන හිටපු ප්‍රශ්නයක් මම ඇහුවා. බලමු මෙයා කොර වෙයිද කියලා. කොර උණොත් මේ ලිහිණි.
" වාහනේට අපේ පාරේ එන්න බෑ.... පටුයිනේ..."
"ඇයි ඕක රෝද හයි කරපු නැවක්ද?" බලාපල්ලාකෝ මෙයා ගිය උඩ. යකෝ අපි කාර් දැකපු නැති උන්ද?
"නැහැ ඒක ටිකක් ලොකුයි..."
"ෂුවර් එකට අයින් කරපු ලේලන්ඩ් එකක් වෙන්න ඇති.... අපේ තාත්තාගේ ඩබල් කැබ් එකට එන්න පුළුවංනම් මේ පාරේ ඔයාගේ වාහනේට එන්න බැරි මොකෝ..."
"මම දන්නේ නෑ ඒක ඩ්‍රයිවර්ගෙන් අහන්න..." තාරකාට මලේ මල... හරි ශෝක්...
අපි හන්දියට ගියාට වාහනයක් තියා වාහනේක දොරක්වත් නෑ. ඉතිං කාටද නෝණ්ඩි..... ටික වෙලාවක් යනකොට හොඳට දැකලා පුරුදු කෙනෙක් මගේ පැත්තට එනවා දැක්කා. මමත් දිවත් එළියට දාගෙන ඒරියල් එක දැම්මා. කවුද මේ... අප්පටසිරි ඩයිනමයිට් එක නේද? අර කවුද පිණි මුවෙක්ගේ අතේ නේද මේකි එල්ලිලා ඉන්නේ. මට මතක් උණේ එක දවසක් අපේ නංගිට පාර මැදදි ගහලා පොර උණ එක. මම තාරකා පැත්තට හැරුණා. එයා බෙල්ලත් කඩාගෙන පාර බලගෙන ඉන්නවා, ඔහොම තව පැයක් විතර බලන් හිටියොත් කිසි ගේමක් නැතුව එහා ගමේ සීන් එකක් උණත් බලා ගන්න පුළුවං වෙනවා කොකෙක්ගේ වගේ වෙලා.
"තාරකා අර බලන්නකෝ..."
" වාහනේද?"
"මම දන්නවද ඔයාගේ වාහනේ මොකද්ද කියලා... අර කුරුළු ජොඩුවක් එනවා නේද?" තාරකා ඇස් දෙකත් පුංචි කරලා ඒ දිහා බලාගෙන හිටියා.
"දැක්කාද?"
"මේකලා.... " තාරකා තාලෙට එහෙම කිව්වා.
"තව කවුද පොරකුත් ඉන්නවා හේත්තුව දාලා"
" අසංග වෙන්න ඇති" තාරකා ඇඟට පතට නොදැනී කියලා දැම්මා. අසංග..... ඒ කියන්නේ මේ හිකනලා ගැන මෙයත් දන්නවා.
"අසංග"
"දැං ඕවා ඉහින් ගෙදර ගිහින් එහෙම කියන්න එපා. එයාලට එහෙම ඉන්න දීලා ඔයා මේ පැත්ත බලාගෙන ඉන්න" තාරකා කියන්නේ ඇත්ත. අනුන්ගේ සැමන් පැක් කරන්න කලිං මම අල්ල ගත්ත මාළුවා පරිස්සම් කරගන්න ඕනේ. මම කම්මැලි කමටත් එක්ක නිකන් තියන ලයිට් කණුවට හේත්තුවක් දැම්මා. ගැන්සිය හිටියානම් දුමක් අදින්න කියාපු පොට් එක. චිකේ මේ කාලකණ්ණි අද ආවේ නෑනේ.
ඒත් එක්කන අපි ඉස්සරහා කලූ පාට තඩි කැබ් එකක් නැවැත්තුවා. තාරකා මගේ දිහා බැලුවා
"මම යනවා.." කියගෙන කැබ් එකේ පිටිපස්ස දොර එයා ඇරියා. මට මේක හොඳට පුරුදුයි වගේ. ඇත්තමයි මීට කලින් මේකේ රවුමක් ගිහින් එහෙම තියනවා වගේ දැනෙන්නේ.. මම තාරකා වාහනේ දොර වහන්න කලින් එලවන එකාගේ මූණ බැලුවා. පොඩ්ඩක් ඉන්නවා... මට මූවත් හොඳට පුරුදු ඩයල් එකක් නේ. හත්දෙයියනේ අන්තිමට මාව දාගෙන ගිහින් මදි නොකියන්න කන්න දුන්නේ මේකෙ නෙවෙයිද? අර වාහනේ එලෙව්වේ මාගේ බඩ කොර වෙන්න ඇනපු තඩි ගරුඬා. දෙවියනේ... තාරකාගේ ජීවිතේ අනතුරේද? වාහනේ යනකන් ඉදලා ඒක පස්සේ දුවල වැඩක් තියනවද? ඒත් වාහනේ නම් මට 500% ක් ෂුවර් මේක ඇතුලේ මම මතක හිටින්න ගුටි කාපු බව නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.
Subscribe to:
Post Comments (Atom)


14 comments:
මාව කරකවල කරකවල ඇතෑරියා වගේ... මොකක්ද මේ වෙන්න යන්නෙ... මට නම් දැන් හිතා ගන්න බෑ කතාවට මොකද වෙන්න යන්නෙ කියල.... අපි දන්නවා ඔයාට සති අන්තයට ටිකක් වැඩ වැඩියි කියල... ඒත් පුලුවන් නම් තරහ නැතුව හෙටත් අප්ඩේට් කරන්න...
wowww ela ela..
අපෝ යන්තම් ඇති.... කතාව කොයි වෙලාවේ වැටෙයිද කියලා බලාගෙන හිටියේ...........
නියම කතාව. චිත්‍රපටියක් හදන්න නියමයි.
:)
ae kiyanne tharekay lihini ekkenekda???
Glimmer Girl
යකෝ.. තව මේක කියෙව්වත් ප්‍රෙශර් හැදිලා මැරෙන්න වෙන්නෙ... දුල් මොකක්ද මේ කරන්නේ... අපි ජීවත් උනා ඇති කියලා හිතෙනවද?
dan nam wenna yanne mokadda kiyala laawata wage hitha ganna puluwan.. hw ever gr8 wrk!!
:) කතාවේ රස රස තැන් ගොඩයි.ඉක්මනට අනිත් කොටසත් ලියන්න.අපි බලාගෙන ඉන්නවා
අනේ අනිත් කොටසත් පුලුවන් ඉක්මනින් දාන්න.මුකුත්ම හිතාගන්න බැරිව ඉන්නේ.... :O
පිස්සු හැදෙනවනෙ...
එළ එළ ඔහොම යමු... :)
ජයවේවා...!
හුට්ටප්පරයයි. ඒ කියන්නේ.... ලිහිනි = තාරකා... තාරකා ලිහිනි සහෝදරියො.... අනේ දුල්හාරි ළමයෝ... මොනවද මෙ කරන්නෙ... පව් නෙද්ද අපි... හි හි.... අනික් කොටසත් දාමු නේ...
බලන් යද්දි මේ ඩයිනමයිට් නංගිල ඔක්කොම අයියලට ඉස්සර වෙලානේ... හි හි එකේත් හැටි
අඩේ අප්පා .............. සට සට සට ~~~
හිටපු ගමන් මාමෙක් අහසින් කඩා පාත් වෙච්චි.
මාමගෙ තඩි වාහනේ එලවන්නෙ ගරුඩා වෙච්චි..
කෙල්ලො දෙන්නම එකවගේ වෙච්චි
මං හූනා කිව්වා වගේ කියන්නං, ජයවීර ගොයියා මෙහෙ හොර කොටුවක් පැනලා
උඩ පලගත්තත් වට්ටක්කා..බිම පල ගත්තත් වට්ටක්කා....මයියො, උඹ ඔය ආයි ඉල්ලං කන්නයි හදන්නෙ.
ගරුඩයි කිව්වෙ , අර පත්තෑයගෙ අයියා වගේ එකාද?
මම කියන්නෙ තාරකා & ලිහිණි are twins
Post a Comment