Thursday, August 26, 2010
58 කොටස
" ඔයානේ පිස්සා.... මම හිතුවා ආයේ ගුටි කාලා කියලා" මෙයා මට කලේ කන් අඩි පැලෙන නෝණ්ඩියක්නේ
"ඒ උණාට එක්කෙනෙක් බය උණානේ..."
"මම බය උණේ නෑ...." ඒත් එක්කම අර දැම්ම සිල්ලර කාසිවල අන්තිම හරිය යන්න ගත්තා..
"මම තියනවා..."
"ඇයි ඒ...?" දැං නම් මෙයා කතා කරන්නේ දුකෙන්
"මම නිකන් කතා කලේ... ඔයා ෂුවර් එකටම ලිහිණි නෙවෙයි නේද බලන්න..." ඒත් එක්කම මේ අටමගල කට් උණා. මම තිබ්බ තැනින්ම ෆෝන් එක තියලා සිකා දිහා බැලුවා.
"දැං විශ්වාසද?"
"ඔව් ඔව් ආයේ අහලා කට කපලා විශ්වාසයි... දැං යමන් ගෙදර.."ඒත් එක්කම කකුලේ ලාවට කැසිල්ලත් එක්ක ආතල් මියුසික් එකක් ලඟ පාතකින් එන්න ගත්තා.
"මොකද්ද මයියෝ ඒ එලාම් එක" අප්පටසිරි මම ගෙදරින් එනකොට නංගි ෆෝන් කටුවක් දුන්නා නේද? මම කලිසම් සාක්කුවට අත දාලා ෆෝන් එක එළියට ගත්තා. අනේ ඇත්තට මෙච්චර සුඛෝපභෝගි භාණ්ඩයක් තිබිලානේ මම පහේ කාසි ටික ඉවර කර ගත්තේ. කූඩැල්ලාට උණත් අමතක වෙන එකේ මම ඉන්නේ මෙට්ටෙ උඩ කියලා මට උණාම මොකෝ... සිකාගේ මූනෙ තියෙන්නෙ පිටසක්වල එකෙක් දැක්කා වගේ පෙනුමක්. මමත් ඉතිං පොර වගේ බොත්තම ඔබලා හලෝ පාරක් දැම්මා
"තමුසේ කොහෙද ඉන්නේ..." බුදු තාත්තා.... අනේ දෙයියනේ මේක මට දීලා තියෙන්නේ මේකේ මාර්ගෙනුත් කටේ හිරි ඇරගන්න...
" සිකා එක්ක..."
"මොකා එක්ක හිටියත් කමක් නෑ... දැං ගෙදර එනවා.."
"ඒත් තාත්තේ දැංනේ ආවේ....?" මේ මොන අසාධාරණයක්ද?
"දැං...... කොහෙද ඉබ්බෝ දැං වෙන්නේ... තමුසේ ගියේ බක්කි කරත්තෙකින් නෙවෙයිනේ..." මම සිකා දිහා බැලුවා. එයා එහෙම කියනකොට මම ඉතිං මොනා කියන්නද?
"එන්නම්..." මම අනිත් බොත්තම ඔබලා කට් කලා...
"මොකද්ද බං මේ වෙනස... උඹ කවදා ඉඳලාද මොබයිල් පාවිච්චි කරන්න ගත්තේ...?" මම ඇත්තටම හිටියේ කලකිරිලා....
"මොබයිල් කොහෙද බං මට... මේක තාත්තාගේ, එනකොට දුන්නා ඉන්න තැන හොයා ගන්න... මේකත් හරියට ගලිවර්ට හම්බ උණ සිතියම වගේ " සිකා හිනා උණා.
"දැං මොකද හොට දික් වෙලා..."
"ගෙදර එන්නලු..."
"දැංනේ ආවේ බං..."
"කාට කියන්නද?" මම ඇත්තටම හිටියේ නස්පියට තද වෙලා...
"හරි හරි උඹ පලයං... අද කිව්වනේ ආවේ තව මාසයක්ම ඉන්නවානේ..."
"උඹලා හෙට සෙට් වෙලා වරෙල්ලා"
"අනිවා බුවාට පණිවිඩේ ඇරලා ඌ සෙට් උණ ගමන් අපි උඹලෑ ගෙදර..." මම මට වඩා සිකාව දැගෙන හිටපු නිසා උගේ කතාවෙන් සෑහීමකට පත් උණා. ඊට පස්සේ අර බක්කියට නැගලා ගෙදර ආවා. මම එනකොට තාත්තා එළියට බැහැලා ඉන්නවා. තද වෙලා ආව එක ඇත්ත, ඒත් තාත්තා දැක්ක ගමන් බුරුල් වෙලා දිය වෙලා යනවා... මම ඉතිං පුරුදු විදියටම ගල් ආඳා වගේ ගෙට ගොඩ උණා.
"හරිම ලස්සනයි ආව වේගේ...." ඇයි අප්පා බයිසිකලේ තියෙන්නේ ඩක්කුවක වේගෙන් යන්නයෑ.. මම මොකුත් කිව්වේ නෑ. තාත්තා පොඩි කාලේ බයිසිකල් තියෙන්න නැතුව ඇති
"තමුසෙට තාරකා කියලා කෙල්ලෙක් කතා කලා" මලා... මේකිට අන්දකයිප්පුද ගෙදරට කතා කරන්නේ... අනික පණිවිඩේ තියලා තියෙන්නේ අපේ තාත්තා අතේ.... සෙංගමාලේ වගේ දැංනං මට. ලිහිණි හින්දා මයිසූර් පරිප්පු කෑවා..... තාරකා නිසා කඩල පරිප්පු ලැබෙන එක නම් ෂුවර්. මම මොකුත්ම නොකියා ඇතුලට ආවා. ඒ අස්සේ අයියා ඇවිල්ලා මාව බදා ගත්තා.
"ආව ගමන් කොහෙද බං රෝන්දේ...?" මටත් ඉන්නේ පොල් කෙන්ඳක් තරම්වත් මොළයක් නැති සහෝදර සහෝදරියෝ... මම පිටිපස්ස හැරිලා බැලුවා තාත්තා ගෙදරින් එළියට බහිනවා මම දැක්කා. ඇති යන්තං ඔයින් ගියා.
"රෝන්දේ නෙවෙයි යාලුවෙක් බලන්න ගියේ... ගිහින් කොහොමද මචං කියනකොටම තාත්තා කෝල කරලා කියපි ගෙදර එන්න කියලා" අක්කාත් හිනා වෙවී ඇවිල්ලා මාව ඇදලා අරං එයා ලඟින් වාඩි කරව ගත්තා.
"මේ මොකද බං මේ...?" මට හරි පුදුමයි. ආයේ බොත්තමක්වත් සෙට් කරන්න යනවාද දන්නේ නෑ
"අම්මා අද ෆ්රයිඩ් රයිස් හදනවා..." ඉතිං මට මොකෝ... ඇයි මම ගිහින් එළවළු තෙම්පරාදු කරන්න යෑ
" මොකද්ද මට තියන අදාලත්වේ... ? ඒක අම්මාගේ කැමැත්තනේ..."
"යකෝ මම රට ඉදං ආවා මට ඔහොම සැලකුවාද?"
"රට වගේද බං මම ආවේ අමු මූකලානේ ඉදලානේ"
"මූකලානේ කිව්වාට අයියේ එහේ කෙල්ලො නම් හොඳයි වගේ මූට" අක්කයි අයියායි එකතු වෙලා මට දානේ දාඩිය දාන්න නෝණ්ඩියක්නේ
"කොහෙ උණත් කෙල්ලෝ එක වගේ තමයි.. අනුන්ගේ චීත්තයක්මයි හෝදන්නේ..." මම නැගිටින්න ට්‍රයි එක දැම්ම කොහෙද අක්කා මාව ගෑනු ගැටයක් දාලා අල්ලගෙනෙනේ...
"තාරකා කෝල් කලා" අක්කා රහසින් කිව්වා
"තාත්තා කිව්වා"
"ඉතිං ආයේ කෝල් එකක් දීපං"
"ඕනෙ නෑ... දැං මට යන්න දීපං බං..." අක්කා හිමින් සැරේ අත ඇරියා. ඒත් දුකෙන්
"මම හිතුවේ උඹ පොඩ්ඩක් හරි හැදිලා ඇති කියලා මයියා..."
"පොඩ්ඩක් නෙවෙයි බං මම සම්පූර්ණෙන්ම හැදිලා දැං ඡන්ද අයිතියත් තියනවා" මම යන ගමන් කිව්වා
"උඹ එදා හිටපු යකඩයාම තමයි මයියා.... කෙල්ලෝ ගණන් ගන්නේ නෑ... උඹ එයාලට සලකන්නේ හිතක් පපුවක් නැති එකෙක් වගේ..."ඒක මගේ හිතට ඩග් ගාලා වැදුණා. මම එහෙම එකෙක් නෙවෙයි. ඒත් මම කෙල්ලෝ ගණන් ගන්නේ නෑ තමයි. හැබැයි මගෙත් හඳුන්පොත රිදෙනවා. මම ආපහු හැරිලා බැලුවා
"උඹලා හිතාගෙන ඉන්නේ මම හිතන්නේ මම ගැන විතරයි කියලානේ... ඒත් කවදාහරි දවසක් එයි උඹලාට තේරෙන මම හිතුවේ මම ගැන නෙවෙයි අනුන් ගැනමයි කියලා...."
"මම උඹව රිද්දන්න හිතාගෙන එහෙම දෙයක් කිව්වේ නෑ මයියා..." අක්කා එහෙම කියන්කොට ඊතලේ පපුව පසාරු කරගෙන ගිහින් ඉවරයි. දැං ඒකේ වේදනාව නැති කරන්න බෑ.
"මම මේ ගෙදර හිතක් පපුවක් නැති එකානේ.... නිවාඩුව ඉවර උණ ගමන් මම ආයේ යනවා... උඹලා සතුටින් හිටපල්ලා." මම කාමරේට ගියේ සෑහෙන්න හිතේ අමාරුවෙන්. මට ඕනෙ නෑ කාගෙවත් හිත් රිද්දන්න. මම එහෙම හිතාමතාම කරලාත් නෑ. ඒත් මම හිතක් පපුවක් නැති එකෙක් වෙච්චි. මම හිතන්නේ ඔය වචනේ මම මීට කලිනුත් අහලා තියනවා... සමහර විට මේ මම ඕක අහන අන්තිම වතාවත් නොවෙන්න පුළුවං... මොනා උණත් මට නපුරුකම හම්බ උණේ මගේ ජන්මෙන්ම තමයි.... මොකද මට ලැබුණේ මේ ගෙදරින් ඉතුරු උණ ආදරේ ටික විතරයි. ඒත් තාත්තා නම් මට ඒ ටිකවත් දුන්නේ නෑ.....
Subscribe to:
Post Comments (Atom)


20 comments:
ඔන්න අදත් මමද කොහෙද පලවෙනියා...
දුල්...
හිතට දැනෙන කතාවක් වෙන්නෙ තමන්ගෙ ජීවිතේට සමීප කතාවක් කියවද්දි... මේක කියවන ඕන කොල්ලෙකුට ඒ දේ තේරෙනවා ඇති...
අපිට නම් ඒ කාලේ ඔය රෝද දෙකේ කඟවේන්නු හිටියේ නැහැ.... මොන කෙල්ල බලන්න ගියෙත් අවිහිංසක 'පා පැදියෙන්' තමයි....
දුක තමයි රංජනී පඩිගන්නකල්....
මයියෝ... ලැබුණු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනේ ගනින්.... තව ඉතින් ගඩොල් බාගෙකුත් තියෙනවානේ...
හික් හික්...
ඔහොම යමු දුල්...
වැඩක් නෑ. මං කොමෙන්ට් ලියන එක නවත්තනවා. අපි මෙහේ පණ දාගෙන එක ඇගිල්ලෙන් කොටනවා, මුන්දැගෙ කටේ පිට්‍ටුද කොහෙද? නිකන්වත් ඉදලා හිටලා හරි " හ්ම්..හ්ම්.." වත් කියාපිය.
ඔය අනිත් කෂ්ටිය කරන දේ කලාම හරි. හොර බලල්ලු කුස්සියට රිංගනව වගේ. ආවා..තියන දෙයක් කියෙව්වා...ගියා.
මට දැං කමෙන්ට්ස් අඩු මම සද්ද නොකරන නිසාද? ඇත්තම කියනවා නම් රිප්ලයි කරන එක ටිකක් අමාරුයි හැමෝටම.... කාලෙත් එක්ක දුවනවා ඇරෙන්න. කතාවත් හිතන්න ඕනෙනෙ.... මට සමාවෙන්න. මට කමෙන්ට්ස් අඩු වෙනකොට මට හිතුණා අර මෙගා ටෙලියක් බලනවා වගේ දැං කට්ටියට අඩු වෙලාද කියලා. බය වෙන්න එපා.... මම මේක අද්දන්න ලෑස්ති නෑ. කොටස් 100ට සෙඩූල් කරලා තියෙන්නෙ. 100න් නවත්තනවා... මොනා උණත්. දැං දැං මට කෙමෙන්ට්ස් වැටෙනවා අඩුයි ඒ කියන්නේ මම අසාර්ථකයි කියන එකද? එහෙම නම් කට වහගෙන ඉන්න එපා කියන්න. ඔක්කොටම ගොඩාක් ස්තූතියි....
හා හා කවුද දැන් එහෙම කිව්වේ.මේක කියවන්න ඕන තරම් කට්ටිය එනවා.එයාලාත් බිසී නිසා කියවලා යනවා අති.ඔයා අසාර්ථක නෑ.අති සාර්ථකයි... :D
හපොයි කොමෙන්ට් නොදෑම්මාට සෑමදාම කියවමි. දිගටම ලියන්නො
හෙනගහපිය.. ගනන් බලාපිය. අපොයි නෝනේ ඔය කාපු බීපු වෙලාවට ලියාපුවා ගනන් ගන්න එපා.
100 න් නවත්තනවා! හුටා.. එතකොට අපි මොනාද කියවන්නෙ? බීපු ටිකත් හිදුනා ඒක ඇහුවම.
නෑ නෑ මම 100න් කතාව ඉවර කරනවා.... එතකොට කතාව ඔයාල කියවල ඉවරයි... හිතුනොත් බලමුකො තව අළුත් කතාවක් පටන් ගන්න. මෙකනෙ සිරිබිරිස්... අපි ඕනෑම දෙයක් ඕනෙවට වැඩිය කරන්න ගියොත් ඒක එපා වෙනවා. මගෙ එකම පරමාර්තය කියවන අයට මොකක් හරි කික් එක දැනෙන්න ලියන එක... ඒක අහිංසක සතුටක්.... ඉතිං ඒක සමහර වෙලාවට මගෙ පුරුද්දක් වෙලා දැං... දවස ගෙවා ගන්න. ඒ නිසා අපි ශෝට් අන්ඩ් ස්වීට් වැඩේ කරමු. එතකොට හමෝටමම රසවින්දනයක් තියෙයි.
point taken, I agree. If it is too long, it will inevitably go down the way of mega-tele dramas. We don't want that for a such a fine story like this. having said that, I personally think 100 episodes is way too short. For example, we already reached half way, but there is no real relationship started, yet. I don't want to sound like teaching you how to write the story, but will you please reconsider?
there are 42 episodes to run and will see... but according the story that in my mind this will not take that kind of time i guess any way siribiris... you always make me think something and i will definitely consider that.
හැමදාම මයියට වෙන්නෙ මල් කඩ කඩ ඉන්න විතරද?
කොලඹ ඉන්න කං වටේම ගස් වල හිදෙන්නම කැඩුවා. දැං හැටන් වල මල් ගස් ටික හිදිනවා. කඩපු මල් එකතු කලා නං මල් කඩයක් දාගන්න තිබුනා.
අපි මයියට නම දාමු "පුෂ්ප කුමාර" කියලා. පවු අප්පා, ඒ අහිංසකයටත් පොඩි චාන්ස් එකක් දෙන්න.
hane akkiyo,, ane api hamedama kiyawenwa blog eke ,,, nawathane epaaaaaaaaa liyana eke,, keep writing ;D
Glimmer Girl
Dul...
cmnt nodemmata kiyavana aya hugak innava..oya sarthakayi..uparima sarthakai..mokada mama danna hugak aya innava cmnts nodana kathaava kiyavana..
අදත් එල කථාව....
මම හිතුවෙ තාත්තා කථා කලම ගෙදර මොනව හරි බොම්බයක් පත්තුවෙල කියලා :( . මයියාව ගෙදර කට්ටියට තාම තෙරුම් ගන්න බෑරි වෙල වගෙ, කරපු ඔක්කොම කලෙ එයාලා ගෑන හිතලා කියලා. අනෙ පව් අපෙ මයියාට.
අනෙ අක්කෙ Comment නෑතුවට නවත්තන්න නම් එපො..... මත් හෑමදාම කියෙව්වට Comment දන්නේ නෑහෑ හෑමදාම. එනිසා නවත්තන්න එපො........
100 ක් කියන්නෙ කථාවකට නියම ගාන. එත් අක්කෙ ඉටපස්සෙත් අලුත් එක නම් ඔව්නෙ. නෑත්තන් අපිට කියවන්න දෙයක් නෑහෑ. මොකො මෙක තරුම් එල කථ සෙට් එකක් වෙන නෑතො.....
"තමුසේ කොහෙද ඉන්නේ..." බුදු තාත්තා.... අනේ දෙයියනේ මේක මට දීලා තියෙන්නේ මේකේ මාර්ගෙනුත් කටේ හිරි ඇරගන්න..
pissu hadila ayemath hedenawa akke
අනේ සුදු දුල්හාරි නෝනේ.... 100 ඉවරද... හ්ම්ම්...
ඔය කියන එකත් ඇත්ත. ඕනිවට වඩා ඇද්දමත් අවුල්... අනේ කොමෙන්ට් අඩු ඇයි කියන්න මම දන්නෙ නැහ. මේ පිස්ස නම් හැමදාම බලනව මේක.
මට ඇත්තටම හිතා ගන්න බැහ මේ තරම් කොල්ලෙක්ගෙ අර පොයිට් ඔෆ් වීව් කියන එකෙන් ඔයා ලිඅයන්නෙ කොහොමද කියලා....
පළවෙනි කොමෙන්ට් එක මගේ.. හැමදාම මං මේක කියවනව.. කොමෙන්ට් කරන්නෑ.. කථාව ගැන හිත හිත නිදා ගන්නව..හික්ස්..
හරිම ලස්සන කථාවක්.. කොමෙන්ට් ගැන හිතන්න එපා.. ඒ නිසා දුක් වෙනව නන් හිට් කවුන්ටර් එකක් දාගන්න.. හිට්ස් වැඩි වෙද්දි සතුට ගොඩක් වැඩී (පුද්ගලික අත්දැකීම් හොදේ) මගේ යාලුවො ගොඩක් මේක බලනව.. ඒත් කොමෙන්ට් කරන්නැහැ... එයාල බ්ලොග් ලියන අය නෙමේ.. ඒකයි...
කොමෙන්ට් ගැන හිතන්න එපා.. අපි හරි පවු එතකොට.. අපිව අතරමං කරන් නැතිව දිගටම ලියන්න..(කොමෙන්ට් නැතත් මං මේ කථාව හැමදාම බලනව.. හරිද සහෝදරී....)
මේ කථාව ඉවර උනත් මේ වගේ ගොඩාක් ලස්සන තව කථා ලියන්න ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව...:D
ජය...
අද කතාව තවම නැති නිසා කමෙන්ට් එකක්වත් දානවා... අපි මේක පොතක් විදිහට එලිදක්වමු... බ්ලොග් කතාවක් පොතක් වෙච්ච ප්‍රථම වතාව වෙයිද දන්නෙ නෑ.....
අක්කේ ආපු ගමන් කියෙව්වේ අක්කගේ කතාව..... අනේ අක්කෙ මේ කතාව 100න් ඉවර කලාට ඊට පස්සේ තව ලස්සන කතාවක් ලියන්න පටන් ගන්න හොඳේ..... නැත්තම් ඉතින් අපි පවුනේ.... ;) :-) :D
Ane nangooo,,, eka husmata kathawa kiyawanna patan gaththa... Koment nodamme e tharamata kathawa serious nisa,,,
Man hithuwe ape janapriya nawa katha kattiyage poth Internet wala publish koranna bariwa, nomile apita katha kiyawanna nathi wei kiyala. Eka Maha boruwak. Me thiyenne lassana , kuthuhalaya pirunu aadara katha,,
Nango umbata dalanda samidu pihitai....diga thama liyanna .
Numbage vibaga walin honda results labewa,,,,
Post a Comment