Sunday, October 3, 2010
74 කොටස
බුවාගේ කෝල් එකෙන් පස්සේ මම හිටියේ මනෝ එක්ක... මට පොඩි කාලේ ඉඳලා එක ගැම්මට හොයන්න ගත්ත දේ හොයන්න ඕනේ..නැත්තම් කලිසම නැතුව බැනියම විතරක් ඇඳං ගියා වගේ....
"ඔයා දැං ඉන්නෙ මේ සිහියේ නෙවෙයි නේද තෙනුර" මම උඩ ගියා... හප්පා.. මම මෙ ඉන්නේ පාඩම් කරන්න ඇවිල්ලනේ... මනෝ එක්ක සෙට් උණාම ඔක්කොම මතක නැති වෙනවා.
"නෑ නෑ ඔය සිහියේ තමයි.... "
"මොන සිහියේද?" තාරකා හරියට පැන්ෂන් ගියා අබ්බගාත් නෝනා කෙනෙක් වගේ....
"ඔයා බදුල්ල පැත්ත දන්නවාද?"
"අනේ මම කොහොමද දන්නේ...?"
"බදුල්ල ගැන අහලාවත් නැද්ද?" මම පොත වහලා තාරකා දිහා බැලුවා....
"හ්ම්ම්ම්.... අර අපේ ක්ලාස් එකෙ ඉන්න රොමේෂ්ගේ තාත්තාගේ බිස්නස් තියෙන්නේ බදුල්ලේ කියලා නම් දන්නවා.... තව එයාගේ මාමා එහෙ පොලිසියේ ලොක්කෙක් ලු... ඌ එදා මට ඇහෙන්න මහා හයියෙන් කිව්වා.. ඇයි?"
ඒකත් එහෙමද?" මම පොඩ්ඩක් කිඩ්නියට තට්ටුවක් දාල බැලුවා...ඔය හම්බ උණේ පත ලණුවක් එල්ලිලා උඩටම යන්න. රොමේෂ් කාරයාව ශේප් කර ගත්තානම් මට බදුල්ලට ගිහින් වැඩේ කරන එකේ ගේමක් නෑ. ඒත් පොර මාත් එක්ක නප්පියට තද වෙලා ඇත්තේ... පහුගිය දවස් ටිකේ තාරකාව මගේ ලඟින් වාඩි කර ගත්ත නිසා.... කමක් නෑ පොර ශේප් කර ගන්න එක එච්චර අවුලක් නෑ.... මගේ අතේ හැන්ද තියෙන්නේ... සලාක ක්‍රමේට මට ඔන්න ඔහෙ බෙදලා දාන්න පුළුවන්නේ...
පහුවදා අපි දෙන්නා ක්ලාස් එකට යන්න පිටත් උණා...., තාරකා මගේ පොත් ටිකත් එයාගේ පන් මලට දාගත්ත නිසා කොල්ලාට යන්න තිබ්බේ අත් දෙක වන වනා කුරුල්ලා වගේ...
"මේ ඇක්ටින් එකත් නරකම නෑ නේද තාරකා..."
"මොන ඇක්ටින් එකද?"ඔය බලන්න මේ ආච්චි අම්මාට ඒක මතක නෑ. දැං මම ඊයේ ඉදං කරන්නේ සුළුපටු ඇක්ටින් එකක්ද?
" ලස්සනම වැඩේ කියන්නේ නිළිය දන්නේ නෑ දැං ඇක්ටින් කරන්නේ බල්ලාගේ චරිතෙද බූරුවාගේ චරිතෙද කියලා.... ගෙදරදි ඇක්ට් කලාට කමක් නෑ දැං බබාට ඇක්ට් කරන එක නැවත්තුවා නම් එළ"
"හරි හරි..... එහෙනම් මේකෙ පොත් ටික ගන්න අතට" තාරකාට තද උණා.... තද උණාම තියන සිරියාව... හරියට සෝමාලියාව වගේ
"හපොයි..... මෙයාට යන චීනපටස්... තව ටිකක් ගෙනිහින් දෙනවාකො... ඔයාව බොරුවට ලව් කරලා මම කන්නෙ සුළුපටු කට්ටක්ද ඕයි?" තාරකා බෑග් එක වහලා මගේ දිහා බැලුවා... මූණ කලූවෙලා තියනවා දැක්කා... ඒ පාර මොකද්ද
" මම ගැන වද වෙන්න ඕනෙ නෑ ඔයා... ඔයාට කරදරයක් වෙන්න මට ඕනේ නෑ.... මම අද ගිහින් කුමාරි ඇන්ටිට කියන්නම් අපි මෙච්චර කල් කලේ බොරුවක් කියලා" ඔය ඉතිං කෙල්ලො හිතන්නේම කිව්ව දේ නෙවෙයි ඒකෙ අනිත් පැත්තමයි.... ආසවකට කියන්න උත්සහා කරපු එක තේරුම් ගත්තානම්....
" පිස්සුද තාරකා....මම විහිළුවක් කලේ.... නැන්දා දැන ගත්තොත් අපේ බොරුව.... මටත් මේ ගෙදර ඉන්න නෙවෙයි"
"දැං ඔයාට තියන එකම බය බොරුව එළි වෙයි කියලානේ...?" දැං මගෙත් රතු ලයිට් එක පත්තු වෙනවා... ඇයි යකෝ කියන දෙයක් තේරෙන්නේ නෑනේ... මම මොකුත් නොකියා ඉස්සරහාට ගියා...
"තෙනුර..............." පිටිපස්සෙන් කෑගහන්න ගත්තා.... මම හැරෙන්නෙ නැතුව ඉස්සරහාට ගියා. මමත් අවිල්ලා මනුස්සයෙක්... නපුරු හිතක් තිබ්බට.... මම පන්තියට ගිහින් වටපිට බැලුවා. තාරකා මම ඉඳගෙන හිටිය තැනට ඇවිල්ලා ඉඳගෙන මගේ පොත් ටික දුන්නා... මම ඒ ටිකත් අරං නැගිට්ටා....
"තෙනුර.... මට මෙහෙම ලැජ්ජා කරන්න එපා..." මම තාරකා දිහා බලලා රොමේෂ්ලා හිටිය පැත්තට ගියා... තාරකා අසරණ වෙලා බලාගෙන හිටියා මම දැක්කා... දැං අර ආව යකා යන්න ගියා ඒත් තාරකා මේ රඟපෑම මම කරන්නෙත් ඔයා නිසාම තමයි.
" උඹ අද මොකද රජ මාළිඟාවෙන් බැහැලා..." අශාන් කාරයා මගෙ ලඟින් වාඩි උණා...
" මහා ඇනයක් බං" මම තාරකා දිහා බලලා කිව්වා... තාරකා මගෙ දිහා බලලා අහක බලා ගත්තා. රොමේෂ්ට හිනා ගියා... ඇත්තම කියනවා නම් මූ හිනා වෙන්නෙත් ලලනා ස්ටයිල් එකට
"එක පාරටම ඇනයක් උණේ...?"
"මේ රොමේෂ්... කෙල්ලොන්ට නිකන් දෙක වෙන්න ඕනේ නෑ බං.... මම වගේ හිටහන්... අරයා පස්සේ ගිහින් නිකන් පිරිමි පිටකොන්ද ගෑනු කරගන්නේ මොකටද?"
"මම යන ඇති පස්සක් නෑ..."
"නියමයි...." මටත් ඕනේ උණේ ඌව අන්න එතනට ගන්න....
"මේ මචං උඹ වරෙන්කෝ අපේ පිට්ටනිය පැත්තේ හවසට" අශාන් කාරයා සිරා ඉන්විටේෂන් එකක් දුන්නා... මටත් අතපය හිරි වැටිලා හිටියේ.. කොළඹ හිටියානම මෙලහාට කීපාරක් මීටර් හාරසීය අතපය විසිකර කර දුවලාද
"එලනේ බං මම එන්නම්...."
"උඹ... මොනාද සෙල්ලම් කරන්න දන්නේ...?"නොදකිං හෝතඹුවා අහපු ලස්සන විතරක්. මූ හිතන්නේ මම දන්නේ ටිං කඩන්න..., ඔට්ටු දුවන්න, කාවඩි නටන්න එහෙම කියලා වෙන්න ඇති
"කියන ඕනෙ සෙල්ලමක් දන්නවා බං" අශාන් හිනා උණා... මූ අරයා පස්සෙන් වැටිලා ඉන්නකොට අපි හිතුවෙ උඹ නිකන් කෝම්පිට්ටු ස්ටයිල් එකේ බුවෙක් කියලා...". නෝණ්ඩිනේ සහෝදරයා.... කතාවට ඇගේ මයිල් බෝල්රූම් නටනවා.
"කබඩියක් අලමුද මොකද කියන්නේ හවසට?" මම ඉතිං වැඩ පෙන්නන්නත් ඕනේ නේ දැං..."
"හරි අල්ලමු.... " රොමේෂ් කතාවට හවුල් උණා... මූව ෂේප් කර ගත්තොත් මගේ වැඩ ගොඩාක් ලේසි වෙනවා
"මචං..... සෙල්ලම් වගේම මට මාර ආසයි පොඩ්ඩක් දුරක ගිහින් ෆන් එකක් එහෙම දාල එන්න... හරි හමන් ගැන්සියක් නෑනේ වැඩේට... " මට ඕනෙ උණේ නොකියා කියන්න
" උඹ ඉතිං අපිට කොකා පෙන්නන්න ගත්තානේ අරයා එක්ක එකතු වෙලා...., නැත්නම් නිවාඩුව අල්ලලා අපි කට්ටියම රොමේෂ්ලාගේ ගෙදර ගිහින් ආවේ..."
"රොමේෂ්ලෑ ගෙදර ඒ තරම් ෆන්ද බං"
"ගෙදර ෆන් එකක් නෙවෙයි මචං.... මූන්ගේ ගෙවල් බදුල්ලේ දුන්හිඳට කෙට්ටු කරලා... ඒත් ෆන් එකේ උපරිම ගියාම" අශාන්ගේ කතාවෙන් මට සීන් එක තවත් ඔප්පු වෙලා ගියා..... ඒ කියන්නේ බදුල්ල ගැන දැන ගන්න නම් මෙන්න බුවා... හරි
"බදුල්ලේ නම් ගෙවල් මූ මෙහෙ මොනාද කරන්නේ බං"
"ඉස්කෝලේ යන්න මෙහෙ අංකල් කෙනෙක් ලඟ නැවතිලා ඉන්නේ නේ ද මචං... අංකලුත් ආයේ අහලා ජොලි පොර"
"රොමේෂ් දවසක මාවත් ගෙනියපංකෝ බං එහෙ...?"
"ආයේ අහලා සෙනසුරාදාවක් අල්ලලා ගිහින් එමු" රොමේෂ් ගෑනු වොයිස් එකෙන් කියලා දැම්මා....
මයියෝ..... පොටක් අහුවේගෙනයි එන්නේ බලමුකෝ සීන් එක... මම ආයේත් නිකමට තාරකා දිහා බැලුවා... එයා හිටියේ ඩෙස් එකට ඔළුව ගහගෙන කවදාවත් නැතුව.... හත් ඉල්ලව්වට ගහපු කලාබරේ කිව්වාලු මේ කෙල්ල අඬනවා වත්ද?
Subscribe to:
Post Comments (Atom)


17 comments:
apoooooooo mayya karoth karanne ohome wadak may,, pawu tharaka ,,,, :S :(
Glimmer Girl
mama kathaawa hamadaama kiyawana comment nodemmata,,,kathaawa godak lassanai,,digatama liyanna magen suba pathum!
මමත් කතාව දානකන් හැමදාම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ,
පහුගිය දවස් ටිකේ දාල තිබුනෙ නෑනෙ,
අනේ, දවසකට එක ගානෙ ආයෙත් දාන්නකො
ela ela akke thawa danna
PURRRRR.....RRRRRR
අද කොටසනං ටිකක් කෙටියි වගේ,නැත්නං මට හිතෙන හැටිද ?
අනෙ අම්මෙ කොටස් කීයක් නම් මග ඇරිලද... ඔක්කොම කියවල දැම්ම එක හුස්මට... ඈ දුලෝ... අපිට මොනාද ගෙනාවෙ අර සවාරිය ගොහින් ?? හි හි... කතාව නම් ගින්දර...
මයිය ත් පිස්සු උලව්ව.. තාරකා එක්ක යාලු උනානම් ඉවරනේ.
niyamaiiiiiiii.... honda akkii.. ane hamadama danna sudu akkeeee
අප්පො චටර් නේ.... මු කෙල්ල අමතක කරලාද වෑඩෙ කරන්නෙ. මේ වෑඩෙ නම් කෑතයි.
elakiri bazzz
ituru tikat ekmamata dantakooo
අද කොටස තාම නැතෝ....
හරිරීරීරීම අසාධාරණයි....
කො කතාව? බෑ බෑ මේක කරන්න දවස් පහකට එක කොටසයි! උද්ඝොශනයක් කොරන්න වෙයි වගේ.
අනේ මට සමාවෙන්න.. කතාව දාන්න තමයි ගියේ ඒත් මගෙ කොම් එක වැඩ කරන්නේ නැති උණානේ.... ඔෆිස් එකේදි කතාව දාන්න තරම් වෙලාවක් නෑ මම අද කතාව දාන්න බලන්නම්. කොම් එක හදාගත්තොත්
mona wunath maiya karapu wadea narakie ... :( ..
බ්ලොග් වල කතා ලිය ලිය ඉඳල හිටපු ගමන් අතුරුදහන් වෙන අපේ සමහර ගොයියල එක්ක බැලුවම හැබැයි අපරාදෙ කියන්න බැහැ අපේ දුල් ළමය නම් මොකක් හරි ප්‍රමාදයක් තියෙනවනම් ඉක්මනට දන්වනවා....ඔයාගෙ කොම්පියුටරේ ඉක්මනින් සුවපත් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා...
Aney puluwan tharam ikmanata kathaawa danna. Eeka nathuwa paalui.
:(
ko appa iyey aday kotas dekeme late ne :S
Glimmer Girl
Post a Comment