Friday, October 15, 2010
82 කොටස
කතාවේ ලස්සනම හරිය කියන්නේ කන තරමක් පරිප්පු තෙල් දාල මලවලා කන්නෙම ගෑනුන්ගේ කචල් නිසා... ඔන්න තව එකක් ඔළුවට ඇවිල්ලා.... මේ ඔලු කට්ට ඇතුල හිස් කියලා දන්නවා.. ඒත් ඒක පිරෙන්නම ඕනෙ මේ වගේ ලලනා ගැටළු වලින්ද? අනේ මන්දා මම ෂර්ට් එකක් දාගෙන එළියට බැස්සා.....
"පොඩි පුතා.... කොහෙද යන්නේ....?" අපේ නැන්දාට ඉතිං මාම ටොයිලට් ගියත් අහනවා. පුතේ ටොයිලට්ද යන්නේ කියලා.මම සද්දේ වහගෙනම ඉස්සරහට ගියා. යන්න කියලා හරි හමන් තැනක් නෑ,,, ගෙදරට එලා ඉන්න බැරි නිසාම මම පාරට යන්න හිතුවේ, ගැන්සියවත් හිටියා නම්.... කොහෙ හරි සයිවර කඩේකින් තෝසයක් කාලා තුම්මුල්ලේ ඉදලා රීගල් එකටම පොඩි වෝක් එකක් දාල දහයයි තිහ බලන්න තිබ්බා.... ෂා... දැං නම් හිතනකොටත් ආසයි.හන්දියට ගිහින් කඩේ එල්ලලා තිබ්බ පත්තරයක් අරං රුපියල් පහලොවක් ඌට දුන්නා....
"මහත්තයා ඕක ගන්න.... ඔය ඊයේ පත්තරේ..... " අනේ යකෝ ඉඳලා ඉඳලා පත්තරයක් ගත්තා ඒකත් ඊයේ එකලු. මොනා කරන්නද ඊයේ එක උණත් කමක් නෑ නිකන් නේ....
"මේකේ කෑලි අඩු නෑ නේ...."
"නෑ නෑ..... "මම පත්තරෙත් අරං ඇවිල්ලා බෝක්කුවක් උඩ ඉදගත්තා.... පත්තර බලන එක මහා චාටර් වැඩක්... ඒත් ජයවීරයාගේ නිවුස් ඇති කියලා හිතාගෙන මම පිටු පෙරලන්න ගත්තා.... අප්පටසිරි පත්තරේ පුරාම ඉන්නේ පොලිටික්කොනේ.... ඔක්කොමලා ටූත් පේස්ට් ඇඩ් එකකට හොඳයි. පොලිටික්කන්ගේ තේරීම කියලා.... තව අය ඉන්නවා.. හිනා වීමට ආධුනිකයෝ... උන් හිනා උණත් හිනා වෙලා නෑ වගේ... පත්තරේ පුරා පාට පාට කොල. සරුංගලයක් එහෙම ගේමක් නැතුව හදා ගන්න පුළුවං.... ආස හිතෙනවා හරි හුරතල්... පොඩ්ඩක් ඉන්න මේ කවුද මේ.....
" මහා කෝටිපති හේමකාන්ත ජයවිරගේ රහස් ජනතාව ඉදිරියේ....." මේ තියෙන්නේ නිවුස් එක කියවන්න ඕනේ..... එක හුස්මට පැටලි පැටලි කියවගත්තා... මේකේ හැටියට ජයවීර එයාගේ වයිෆ් ව මරලා තියනවා.... ගිනි තියලා.... ලිහිණි මට කිව්වේ වෙන කතාවක්..... අපි දන්නේ නැති හරිය කියන්නේ... ජයවීරගේ ළමයි දෙදෙනාම හොරකම් කළ දරුවන්...මේ බව හෙලි කිරීමට හැටන් රෝහලේ වෛද්‍යවරු පවා මැලි වෙයි......" මොකක්.....මේක මාර හරුපයක්නේ.... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...හැටන් ඉස්පිරිතාලේ ... හොදට අහලා පුරුදුයි.... ඒත් ජයවීර නෙවෙයි..... තාරකාගෙ සීන් එක..... මගේ හිතේ වැඩ කරපු පුංචි සැකයක් නම් හරි යාගෙන එනවා..... තාරකා ලිහිණි කියන්නේ එක අම්මාගේ දරුවෝ..... ඒත් එතන ප්‍රශ්නයක් තියනවා...... තාරකාගෙ අම්මට ලැබුණේ තාරකයි, තව පිරිමි ළමයකුයි...... පිරිමි ළමයා ඉපදෙනකොටම සෙට්ටපෝච්චි... එතකොට තාරකාගේ අම්මාගෙන් ලිහිණි ආවේ කොහොමද? ඔන්න ආයෙමත් අවුල ලෙහන්න ගිහින් පැටලෙන්නයි යන්නේ.....මේකත් අත ගහනකොට පැටලෙන සීන් එකක්... ඒත් ඔය මොක උණත් ලිහිණිගෙයි තාරකාගෙයි සමාන කමට කොහෙන් හරි සම්බන්දයක් තියනවා....... භානුක එතකොට කොහෙන් ආව එකෙක්ද? ඒක තව ප්‍රශ්නයක්.... එහෙම නැත්නම් මේ පත්තරකාරයෝ වැඩේ දෙල් කරලාද දන්නේ නෑ.... මොනා උණත් මගේ අහිංසක මොලේ තමයි පොලොස් වෙන්නේ.....
" උඹ මොකද බං ඕක උඩ කරන්නේ...." කොහෙන්ද ආව හාල්පාරු කටහඬට මම ඔලුව ඉස්සුවා....
"අශාන් උඹ?" අප්පටසිරි ඔක්කොම කණපිටනේ .... මම කිව්වනේ මුන් එක්ක බදුල්ලේ යන්න එනවා කියලා... දැං මම මාට්ටු වෙච්ච එකේ මොනා කියන්නද මන්දා.....
" මොනාද බං පත්තර තියාගෙන ඔච්චර කල්පනා කරන්නේ...."
"කල්පනාවක් නෑ බං... මම මේ හිතුවේ මේ වගේ වැඩක් නැති අයිටම් වලටත් මිනිස්සු සල්ලි දෙනවනේ කියලා..."
"ඒ මොකද වැඩක් නැත්තේ ඔය උඹත් සල්ලි දීලා අරං තියෙන්නේ..."
"මම ගනියි මේවා සල්ලි දීලා... මේක මට නිකං හම්බ උනේ"
"ඒකත් එහෙමද? උඹ බෝතල් පත්තර එහෙම බිස්නස් එකක් කරනවා එහෙම නෙවෙයිනේ...." අප්පට සිරි බෙල්ල කපලා ගියානේ නෝණ්ඩියට
"තාම නම් අදහසක් නෑ.... ඒත් විභාගේ ඇන ගත්තොත් එහෙමවත් බිස්නස් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ... ඒක නෙවෙයි උඹලා රොමේෂ්ලාගේ ගෙදර යන්නේ නැද්ද?" කතාව වෙනස් කරන්නම අතක් නැති හින්දා මම ඒක වත් ඔන්න ඔහේ අහලා දැම්මා....
"යනවා... උඹ එන්නේ නෑනේ...."
"මම බැලුවේ අද පොඩ්ඩක් ඉඳලාම පස්සෙ වෙලාවක ඒ පැත්තේ යන්න..."
"ඔය උත්තරේ නම් මම දැනගෙන ආවේ..."
"ඒ කොහොමද බං" අශාන් කාරයා මම ඉඳගෙන හිටිය බෝක්කුවටම පස්ස හේත්තු කලා
"තාරකා ඊයේ වැටුණානේ...." මූ මාර බූස්ටරයක්නේ.... කොහොමද මූ ඒක දන්නේ.... මම හිතන්නේ හතර පැත්තටම කැමරාව දාගෙන මූ ඉන්නේ....
"උඹ කොහොමද ඒක දන්නේ....?"
"ඒ විතරක් නෙවෙයි තව ගොඩාක් දේවල් මම දන්නවා..... අපි ඇවිල්ලා මේ ගමේ හැම අස්සක් මුල්ලක්ම දන්න උන්"
"හරි බං නෑ කිව්වේ නෑනේ....." මුගේ තියෙන්න තවුසන්ඩ් ටෝක් හැබැයි විකිනෙන්නෙ සත දහයට
"උඹ ඉන්නෙත් තාරකා ඉන්න ගෙදර...." චාටර්...මාරම මාර චාටර්.... චිකේ උපන් තේකට උණේ නෑ මෙහෙම නවනිංගිරියාවක්. මම මයියා නොවෙන්න මෙලහාට කිලෝමීටරේට පැය වලින් දුවන බක්කි කරත්තෙකට හරි පැනලා සියදිවි නසාගෙන
"ඒවා එහෙම තමයි..... ඒත් උඹ ඒ පැත්තේ එන්නෙත් නැතුව කොහොමද ඕවා දන්නේ....?" මූ හැල ගෙම්බෙක් වගේ හිනා උණා... අම්මපා දෙන්න හිතෙනවා හොම්බ තොඳොල් වෙන්න.....
"අපිට ක්ෂණික පුවත් හම්බ වෙනවා...."
"කවුද බං.... උඹට ඔය තරම් ආදරේ සිරා පොර...... ඇලඩින්ට වගේ භූතයෙක්වත් ඉන්නවාද?" අශාන් හයියෙන් හිනා උණා... අපිව තමයි භූතයො උණත් කන්න හදන්නේ....
" උඹලෑ කිට්ටුවම ඉන්නවා අයියා කෙනෙක්... අපෙ අයියාගේ ගජ යාලුවා....."
"කවුද "
"උඹ නම කිව්වාම නම් දන්නෙ නැතුව ඇති..... නම හසංක..." කවුද බොලේ හසංක..... ලොකූගේ රන් කුඹලා නේද? ඒ කියන්නේ මු පොරව දන්නවාද... එළකිරිනේ.... ඒ කියන්නේ මට ගේමට කිසි ගින්දරක් නැතුව බහින්න පුළුවං. ලොකූගේ ප්‍රශ්නෙවත් විසඳුණොත් කාටද ආඩම්බර.... ඒත් හසංකයා අපේ ගෙදර වෙන දේවල් ඔච්චර හොඳට දන්නේ කොහොමද? හරි ඌව ෆිට් කර ගත්තාම ඔක්කොම දැන ගන්න පුලුවං... මේ පාර වත් මට බාල්දියක් සෙට් නොවේවා...! බාල්දි වැටුණත් කමක් නෑ වතුරත් එක්ක නම් නොවේවා...! මොකද නාලා නාල දැං මට හොදටම පීනසේ......
Subscribe to:
Post Comments (Atom)


27 comments:
මම හිතනවා අද මමයි පළවෙනියා කියලා
ඔහොම යං ! ඔහොම යං !
මගේ අම්මියො.. කථාව නම් පට්ට. එලට නෑගල යනවා. ඔහොම යන්
පීන පීන නාන සේ
නාලා නාලා පීනසේ.....:D
දිගටම ලියන්න අක්කියෝ....ගොඩක් ලස්සන කතාවක්....
සුබ පැතුම් අක්කියාට...!!!!
ඔන්න තවත් බාල්දියක් සෙට් වෙගෙන එනව මයියට.
එල එල...
ඔහොම යන් මයියගෙ කෙන්දරෙ බලවන්න
මම පෙරුම් පුරලා දෙවැනියා උනා...........:D
maiya ... mea para baldiya watennea hot water eakka ... hikzz
අම්මපා මේ අපේ කෂ්ටිය පලවෙනියා වෙලා කොමෙන්ට් දාන්න ගන්න දුකක්! හෑන්දෑවෙ 4 විතර ඉඳලා කුරුමානං අල්ල අල්ල හිටියොත් නං බැරිවෙන එකකුත් නෑ. මේ කතංදර නෝනා, අර වැට උඩ ඉන්න පූසා වගේ නිසා හරියටම වෙලාවක් නං කියන්න අමාරුයි.
හොඳයි මං කියන්නෙ බොරුද? කෝ අද කතාව? මං හූනා කිව්වැහේ කියන්නං, අදත් පැන්නා! මං අහන්නෙ ඉතිං අපිට මල පනින එක වැරදිද?
ගොඩාක් සමාවෙන්න ඕනේ.... කතාව දැම්මේ නැතුවට... මට ඔයාලා බනින නිසා අසනීප උණා.... දැනුත් මේ පුලුවං කමකට ආව නෙවෙයි. මට සනීප උණාම කතාව දාන්නම්, අනික මට ඉල්ලීමක් තියනවා, ඔයාලා මට උදව් කරයි කියලා මම හිතෙනවා.... ඉස්සරහා මාස දෙක මට ගොඩාක් කාර්යබහුල මාස දෙකක්... විභාග නිසා... මම ඒ නිසා වැඩි වෙලාවක් computer එකේ රැදෙන්න උත්සහා කරන්නේ නෑ.... මම පුලූවං තරම් කතාව අප්ඩෙට් කරන්න බලනවා... ඒත් දවස ගානෙ නම් අප්ඩේට් කරන්න බැරි වෙයි. මට සමාවෙන්න... ඒ වගේම ගොඩාක් වැඩ නිසා මම පොඩ්ඩක් කතාව අප්ඩේට් කරන එක ප්‍රමාද කලාට ඔයාල කියවයි කියලා හිතනවා....
අනිවා. පරක්කු වුනත්, අපි බලනවා. විභාගෙ වැඩ හොඳින් කරගන්න බලන්න. කතාව පරක්කු වුනාට කමක් නෑ.
මගේ හඳුන් පොත හිට්ටා බං,ඇයි බොලේ, උදේ කෑම වේල වගේ දැං මේක කියවන්න පුරුදු වෙලානෙ. කමක් නෑ, දෙකක් දා ගත්තහම ඕක රී-ස්ටාර්ට් වෙනවා. කතාව නැතුවට කමක් නෑ, ඔය නිවාඩු පාඩු වෙලාවකට නිකං වචන දෙකක් ලියලා පලයං නෝනෙ., උඹ හොඳින් ඉන්නව කියලා අපට දැනගන්න.
kamak na akkiyo,, akki exam eke hodate karanne,, puluwan welaweta kathawe danne,, mokade me kathawe ape jeewithe wage dan .. all the best for your exams,, :D
Glimmer Girl
Good luck for your exams Dul!
kathawa nathuwata kamak naha ... kamak naththema naha .. eath exam eaka goda daganna ... all the best !!!!
විභාගෙ හොඳින් කරන්න්. කතාව පරක්කු වුනාට කමක් නෑ.
කථාව වගේද විභහගේ. එක හොන්දට කරගන්නකො. හෑමදාම වගෙ මේ පෑත්තට ඈවිත් කථාව නෑති හිතටනම් දුකක් දෑනෙනවා
hmmm.... baninna hithagena awe... eth balapuwama kathawa parakku wela thiyenne sadarana hethuwak hindanne... kamak ne kamak ne...
exam elata karanna.. jayama wewa..
විභාගෙ හොඳින් කරගන්න. අපි ඉතින් දෑම්ම දවසට අනිවා බලනව.
ජය.
නැන්දා එලටම විවාහේ කරන්න කතාව හෙමින් සේප් එකේ ලියං යං...කතාව වගේද විවාහේ...නැන්දාගේ විවාහයට බබාගෙන් සුබ පැතුම්...සොරි වෙන්න ඔනේ විවාහේ නෙමෙ විභාගේ...කොහෙද ඉතින් මේ කී බෝඩ්ස් එකේ බබා කෙල පෙරන් දොයියලා බැක් ස්පේස් එකයි ඩිලීට් කී එකයි දෙකම ගල්ස් වෙලා..බබාගේ ඇගිල්ලි තූතීනේ තාම රයිට් කිලික් කොර ගන්නත් බෑ කට් කොරන්න...හරි පවු නේද?
puluwan puluwan widihata asaneepa, exam asse, kathawath liyala dannako, hadissiyak ne, a wunata dawas gaanakin kotasak nodekkahama nikan mokadda mokadda wage......
dawas 5kin kathawa nethikotama mama hithuwa asaneepa wela wenda athi kiyala....
ikmanata honda wenna kiyala pathanawa..
yako.. poddak nidahasa dunnata passe kathawa liyannema nathuwa atha ariyane.. dawas thunakata withara sarayakwath kotasak danna..
ohoma yan...
ohoma yan...
ඔක්කොමලා මට ගොඩාක් සමාවෙන්න ||ඕනෙ මොකඩ මට අස්නිප උනානෙ.... දැං ටිකක් හොදයි, මට සදුදා වෙනකන් කල් දෙන්න සදුදා ඉදං මම කතාව අප්ඩෙට් කරනවා... මට සමා වෙන්න. මම ඉතිං කිව්වොත් |ඒක කරනවා.. නොමලොත්.... සමා වෙන්න |ඕනෙ ඉතිං.... තව චුට්ටක් ඉවසන්න
සදුදා, අපොයි තව පෑය 76 තියනවනෙ. කමක් නෑ ඉතින් සනීප වෙලා ඉන්නකො.
තාම සඳුදා උනේ නැත්දෝ?
දැං පෙන්නනවා- කඩවුනු පොරොන්දුව
මගේ කැලැන්ඩරේ සඳුදා අදය...
නැන්දාගේ කැලැන්ඩරේ සඳුදා අදද...??
මට නම් දැන් හොඳටම කේන්ති ගිහින් ඉන්නේ
ane apite paluy ne me kathawe nathuwe :( dull akki ko ane oya??
Glimmer Girl
Post a Comment