Monday, October 11, 2010
80 කොටස
එක පාරටම පොල්ලෙන් ගහනවා වගේ තාරකාට මාත් එක්ක කතා කරන්න හිතුණේ ඇයි.... සමහරවිට මේ හැමදේටම මුල මම කියලා මතක් කරන්න ඕනේද දන්නේ නෑ. මොනා උණත් මම ෂර්ට් එකක් දාගෙන ඩයිනම්යිට් එක පිටිපස්සෙන් කාමරේට ගියා. ඩයිනමයිට් එකට හැමදෙයක්ම ආරංචි වෙන එක මම එච්චර ආස නැති වැඩක්. මේකි කේලම් නොකියන්න පුළුවං ඒත් මේකිගේ ලව්ස්පීකරේ වැඩකරන වෙලාවක නිකමට හරි කට කොණකින් පැන්නොත් එහෙම මොකද වෙන්නේ? කාමරෙ දොරෙන් ඇතුල් උණා.. අප්පටසිරි මෙන්න තාරකා පාඩම් කරනවා.... ඇයි හත්දෙයියනේ අපි අතක් පයක් කොයි වෙලාවෙද කැඩෙන්නේ කියලා බලාගෙන ඉන්නේ පොත පැත්තකින් තියන්න. මෙයා අත බෙල්ලෙ එල්ලගෙන පාඩම් කරනවා... අදහන්න වටිනවා...
"මට පෙන හැටියට තාරකා............ පොඩි අයියාත් ඊයේ නිදාගෙන නෑ..." සම්පූර්ණෙන්ම කාඩ් එක චුත කරලා දැම්මා... මම කිව්වේ මේ වයර්ලස් එක මාවත් කෝඩ්ලස් කරලා දානව කවදා හරි. ඩිජිටල් මාව පෝටබල් වෙලා යනවා. දැං ඉතිං මට තාරකා දිහා බලන්නත් ලැජ්ජයි.
"තමුසෙ ඇවිල්ලා බලාගෙන හිටියාද මම නිදාගන්නේ මොන ඇලේටද කියලා...."
"ඇස් දෙකෙන්ම පේනවා නිදාගෙන නෑ කියලා" ඩයිනමයිට් එක මට දිවත් පෙන්නගෙන එළියට ගියා... ඉතිං මට දැං දැනෙන්නේ ඉවසාගන්න බැරි චාටර් බවක්. තාරකා හිතුවාද දන්නේ නෑ එයා ගැන රෑ එළිවෙනකන් හිත හිතා ඉන්න පිංපියෙක් කියලා මම.
"මට මේ අතේ වේදනාවට නින්ද ගියේ නෑ... ඒත් ඔයා ඇයි නිදි මැරුවේ..." තාරකා අමාරුවෙන් කැඩිච්ච අත අතගෑවා... පව් අප්පා... මම දන්නවා අතක් කන්ඩෙම් උණාම විදින අවුල... හැම වැඩේම මොකෙක් හරි කරලා දෙන්න එපෑ... මගේ නම් කැඩුණේ වම මෙයාගේ හෙන ගහනවා වගේ දකුණමනේ...
"මගෙත් තුවාලේ අවුල් සැරෙන් සැරේ පෑරිලා ඇහැරුණා... දැං මොකටද මට එන්න කිව්වේ....?"
" මට ඔයාගෙන් උදව්වක් ඕනේ.... ඔයා බෑ කියන එකක් නෑ කියලා හිතෙනවා..." බටර් එක නම් ආයේ පාන් පෙත්තේ නෙවෙයි අතේ හිටන් ගෑ උණා... දැං අතේ ගෑවුණ බටර් එක ලෙව කන්න ගිහින් මට අතීසාරය හැදෙයිද දන්නේ නෑ. කොච්චර තිත්ත උණත් පුතේ මෙයා ඉල්ලන උදව්ව කරන්න වෙනවා.
"මොකද්ද?"
" මට විභාගේ කොහොමහරි කරන්න ඕනේ..."
"මම ඒක දන්නවා.. ඔයා විභාගේ කොහොමහරි ඉහලින්ම ගොඩ යනවා" ඒක නම් ඇත්තටම කිව්වේ ....ඒක මම හොඳටම දන්න දෙයක්
"ඒකට මට ඔයාගේ උදව් ඕනේ තෙනුර..."
"මගෙන්..... ඔයා කියනවා නම් මම මූණත් තහඩුව මාරු කරගෙන ගිහින් ඔයා වෙනුවට විභාගේ ලියන්නම් හැබැයි දුකම සීන් එක තමයි ඔයා ඉහලිනම ෆේල් වෙන එක..." මම හිනා වෙන්න හැදුවට හිනාව ආවෙම නෑනේ....මාර සීන් එක මම විහිළුවක් නෙවෙයිද කලේ...
"එහෙම දෙයක් නෙවෙයි තෙනුර.... මට පාඩම් කරන ඒවා නම් කොහොම හරි කරන්න පුළුවං.... ඒත් ඉකෝන් ප්‍රස්තාර, එකව්න්ට්ස් ගණන් එහෙම ඇඳ ඇඳ ලිය ලියා කරන්න දැං මට බෑනේ..."
"ඉතිං"
"ඔයා මගෙ ලඟට වෙලා ඒවා හදනවාද? එහෙම උණාම දැකලාම මතක තියා ගන්න පුළුවංනේ" ඔය ඉතිං බලන්නකෝ... අහසේ තරුයි මූදේ වැලියි ඉල්ලුවා නම් මොනා හරි ගේමක් දාලා ගෙනත් දෙන්න තිබ්බා ඒත් මෙයා ඉල්ලන්නේ කීයකටවත් කරන්න හිතපු දෙයක්ද?
"මම දන්නවා ඔයාට ඒක කරදරයක්..." මගේ මූණ කජු වෙනවා මේ කෙල්ලට පෙණුනාද මන්දා...
"නෑ නෑ පිස්සුද? ඕක කරන එක මහ කජ්ජක්ද? හැබැයි තාරකා මම ඔය කිසි දෙයක් දන්නේ නම් නෑ...." තාරකා හිනා උණා
"ඉතිං මම කියලා දෙන්නම්.... ක්ලාස් ගිහින් ඇවිල්ලා මට ඔයාගේ නෝට්ස් එහෙම කියවන්නකෝ..." තවත් බරපතල වැඩක්.... පොඩි කාලේ ඉදලා කියවන්න ගියොත් ගොත ගහනවා... දැං මෙයා ඉස්සහා කියවපංකෝ.... අර වතුර බාල්දිය අතන තිත් තිත් තිත් තියන්න කියලා.... හරි ඒකත් කලා කියමුකෝ... තව මෙයාට ඕනේ උදව් තියනවාද දන්නේ නෑ.... තව වෙලාවක් ඉන්න බෑ මගේ කකුල් දෙක පණ නැති වේගෙන යනවා....
"තව මොනාද ඕනේ...." තාරකා යන්තම් හිනා උණා
"එච්චරයි...." අම්මෝ මදෑ ඔයින් ගියා..... මම කාමරෙන් පිට වෙන්න හැරුණා
"තෙනුර...."
" හ්ම්ම්..."
"ඔයා කාටවත් කියන්න එපා මම ලිඳ ලඟට ගියේ ඔයාගේ ෂර්ට් එකක් හෝඳන්න කියලා..." මට එක පාරටම හිනා ගියා. හොරා කියයිද හොරකම් කලේ මම කියලා.
"නෑ කාටවත් කියන්නෙ එහෙම නම් නෑ... ඒත් පණ්ඩිත වැඩක්නේ කලේ..... මොනාට මගේ ෂර්ට් එක හෝදන්න ගියාද?"
" ඇයි පිස්සෝ... අර ලේ එක්ක ඇඳුම අක්කා එහෙම දැක්කා නම් එහෙම ඔයාට කනක් ඇහෙන්න වෙන්නේ නෑ..." ඒකත් ඇත්ත.... මම මෙහෙ ඉන්නකන් පුරුද්දක් විදියට මගේ ඇඳුම් හේදුවේ ලොකූ
"මගේ එක කනක් නැති උණාට අනිත් කන බේස් දාල අහන්න පුළුවං.. ඒත් බලනවා තමුසේ පිස්සු කෙලින්න ගිහින් අතත් කඩා ගත්තා... පොලිසිය විභාගේ ලියනවා නම් අවුලක් නෑ... ඒත් උන් ලියන්නෙත් නෑනේ..."
"ඒකට කමක් නෑ.... මේ වෙන්න තිබිච්ච දෙයක්නේ..... කොහොමත් තුවාලේ ලඟ පුළුං ඩෙටෝල් තියනවානේ..."
"අපොයි ආයේ නම් ඒවා නැතුවාට කමක් නෑ... මම ඊයේ ලෝක විනාසෙත් දැක්කා...."
"ඒ කියන්නේ තෙනුර.... තුවාලෙට පුළුං ඩෙටෝල් වැඩක් නෑ කියලද?" තාරකා ඇහුවේ දුකෙන්... මට ඒ කතාව තේරුණේ නෑ... ඔය පුළුං ඩෙටෝල් නැතත් මේ තුවාලෙට අර දම් පාට බේත් දැම්මා නම් පටස් ගාලා සනීප වෙනවා.... ඒත් මම ඒක කිව්වේ නෑ. දැං හත් දෙයියනේ මේ ඩෙටෝල් ප්‍රශ්නේට මොකද්ද දෙන උත්තරේ
"අපෝ ඒවා නැතුව කොහොමද? " තාරකා තවත් අවුල් වෙයිද දන්නේ නෑ.... හරි හරි අර ලස්සනට හිනා වෙන්නේ... ඒකියන්නේ ඒක තමයි ඕනේ උත්තරේ... අනේ මන්දා මේ කෙල්ලෝ ඩෙටෝල් වලටත් හිනා වෙනවා... මාර මනුස්ස පරාන තමයි.
"මෙන්න මං ඔය දෙන්නගේ තේ ගෙනාවා.... "ඩයිනමයිට් එක කන පැලෙන්න වොලියුම් එක දාගෙන කාමරේ ඇතුලට ආවා. මම තේ කෝප්පේ අරං උගුරක් බිව්වා... මෙලෝ රහක් නෑ.... මේකි පාන් පිටි කලවං කරලා හදලාද මන්දා...
"තේ හැදුවේ කවුද අද"
"මම ..." ඩයිනමයිට් එක ආඩම්බරෙන් ගස්සලා කරලා කිව්වා.... අනේ අම්මපා මේකි කර ගහන අර කරුමක්කාරයාට වෙන්නේ පාන්පිටි තේ බොන්න තමයි.... තාරකාත් තේක පොඩ්ඩක් බීලා මගේ දිහා බැලුවා...
"කොහොමද මගේ තේ...?"
"තමුසේ තේ බිව්වේ නැද්ද?"
"මගේ තේක නිවෙන්න තියලා ආවා.. ඉන්නකෝ මම අරං එන්නම්..." ඩයිනමයිට් එක එතනින් ගියා.... මම පටස් ගාල ගිහින් තාරකාලගේ ජනෙල්ලේ ඇරලා තේක විසි කලා... තාරකා හිමින් මගේ අත අල්ල ගත්තා... මාව හිරි වැටිලා ගියා.... මම ඉබේටම එයා දිහා බැලුවා
"මගෙ තේකත් විසි කරන්න..." තේක කෙසේ වෙතත් මගේ හදුන්පොත නම් විසි වෙලා ගියා සීසීකඩ....තාරකාගේ තේ කෝප්පෙ අල්ල ගන්න මගේ අත පණ නෑ... යකෝ මට මේ මොකද උණේ.... මෙහෙම උලව්වක් මං ඉපදුණුතේකට වෙලා තියනවාද?. කොහොම හරි මම එයාගේ තේකත් විසි කලා. තාරකා කෝප්පේ මගේ අතින් ගත්තේ මගේ අත අතඅරින ගමන්.... එයා ඉස්සල්ල වගේම තේ කෝප්පේ කඩිච්ච අතින් අල්ල ගත්තා....
" මම ආයෙමත් යන්න හැදුවා...." ඒත් එකපාරටම කාමරෙන් එළියට යන්න හිත දුන්නේ නෑ.... මම එකපාරක් හැරිලා බැලුවා.... තාරකා හිනා උනා... මේ නම් මාව මොකෙක් හරි රූකඩයක් වගේ නටවනවා.... මම නෙවෙයි මේ ඉන්නේ... අන්න එහෙමත් මට හිතෙනවා ඒ අස්සේ.... උදේ හයාමරට විතර වෙලාව ඇති. මම මගේ කාමරේට පා උණා.. දැංවත් නින්ද යයිද බලන්න... මොන ඒත් ඇඳේ එහාට මෙහාට හැරෙනවා මිසක් නින්දක් නෑ.. ඒ පාර මොන හෙනහුරා මට ලබලාද මන්දා.... මොනා නැතත් කමක් නෑ නින්ද ටික යනවා නම්... ඒකත් නෑ කියන්නේ බඩුම තමයි.
" පොඩි අයියේ......." ඩයිනමයිට් එක කෑ ගහනවා.. ඒක ඉතිං අළුත් දෙයක් නෙවෙයි. එයා කෑ නොගැහුවොත් තමයි අවුල...
" මොකද ඕයි..."
"කෝල් එකක්..." හැබෑට අර ටෙලිෆෝන් එක වදිනවා මට ඇහුණේ නෑනේ....
" මම ගිහින් කෝල් එක ගත්තා..."
"හලෝ...."
"මයියා..."බුවා හති දානවා
"මොකද බං මේ...."
" ඊයෙ මුළු රෑම හොරා පොලිස් බං" මේ මොන හරිපයක්ද?
"මොකා....කියන දෙයක් තේරෙන්න කියපං බං"
"භානුකයි.... ලිහිණියි දෙන්නාම ජයවීරගේ ළමයි නෙවෙයි බං...."
"මොකා.............?"මාව කරකවලා කරකවලා ඇගිල්ල තියලා නැවැත්තුවා වගේ උණා....
Subscribe to:
Post Comments (Atom)


13 comments:
කතාව දැන් නම් හරිම හොදට යනවා... දිගටම ලියන්න හැමදාම කියවනවා කමෙන්ට්ස් නම් හැමදාම දාන්න වෙන එකක් නෑ..
කතාව කියවන්න කලින් කී වෙනි කොටස ද කියල දකින කොට නම් ටිකක් බය හිතෙනවා... අර කලින් කිව්වත් වගේ 100න් නැවතුනොත් කියලා..
මම ඔය ත්‍රාසජනක ජවනිකාවට තමා කැමති නැත්තේ. Tharakageyi මය්යගෙයි scene එක තම හොදම .. එයාලව ඉක්මනට යාලු කරන්න එපා .. try කරනන් දෙන්න :D
ඔන්න දෑන් හොදම හරිය. තාරකා අතින් අල්ලුවටම ගල් උනානම් කෙල්ල ලව් කිව්වම මොනව වෙයිද දන්නෙ නෑ. හික්
අනේ මේ ජයවිරයාගෙ මොකද මේ සින් එක. පොර අනුන්ගේ ළමයි බල ගන්න එකෙක්ද??
අහම්ඛෙන් ඔයාගේ බ්ලොග් එක දැක්කේ.කතාව ලස්සනට ලියලා තියනවා.එක හුසුමට ලෙක්චර්ස් නැත් ටයිම් එකක් අල්ලලා සේරම කියෙව්වා.දිගටම ලියන්න අනිවා කියවනවා.
ඒත් හැමදාම commentz වෙන එකක් නෑ
සුභපැතුම්
කතාව නම් උපරිමයි දුල්....හැමදාම කියෙව්වා.ඉතුරු කොටස් ටිකත් කියවන්න බලාගෙන ඉන්නව.
infortainmentplus@gmail.com
ඉතුරු කොට්සත් ඉක්මනින්ම ලියන්න අප්පා
..
නියමයි නියමයි, මහංසි නොබලා ලියමු, හුදී ජන පහන් ස්ංවේගය පිනිස.
ළමයි ඔන්න අඩ මම නිවාඩු ගන්නවා.... හෙට කතාව දාන්න හිතාගෙන ඉන්නවා...
උඹ නං හරිම ගල් ඉබ්බියෙක් තමා, නෝනෙ. කොහෙන් කැපුවත් රාත්තලයි නෙව.
දැං කියනව එහෙම නෙවෙයි බැන්නයි කියලා...මේක කොම්ප්ලිමන්ට් එකක්. මනුස්සයෙකුට නිවාඩුවකුත් ඕනා බව නොදන්න නෙවෙයි.
elama kiri ... jaya wewa ... :D .. dan kathawaea niyama sceen eaka ... :D
අහම්බෙන් කතාවෙ 80 කොටස දැක්කේ.
ඉතින් මුල ඉදන් කොටස් 80ම කියවගෙන ගියා.ඔක්කොටම හරි යන්න 1ක් දාන්නම්. කතාව ගොඩක් ලස්සනයි.ඉතුරු ටික කියවන්න හොඩක් අසාවෙන් ඉන්නෙ.ඉක්මනටම දාන්න. All da best..!!
මොකක්ද මේ ජයවීරයා ලමයි බලාගන්න එකෙක්ද... අනේ දුලෝ... නිවාඩු ගත්තා මදැයි ඉතින්.... මයියා එක්ක නම් මට තාමත් මල... පව් අප්ප අර කෙල්ල තාරකා
Post a Comment