Friday, October 29, 2010
85 කොටස
ලෝකේ සද්ධන්තම බූරුවාට ඇන්ඳා වගේ හැගීමක් මට එන්න ගත්තා... තාරකා මාව තියාගෙන ඉන්නෙත් හසංකයා තියාගෙන ඉන්නවා වගේ කැත කුණු අත ගාන්නද මන්දා.... ලෝකේම කලකිරෙනවා... කෙල්ලො ජාතියම හිරිකිත වෙනවා මේ වැඩෙන්... මම කන එක පැත්තකින් තියලා බවලත් කාමරෙන් පිට උණා.... මට හිතා ගන්න බැරි මොකද්දෝ එකක් හිතේ වැඩ කරන්න ගත්තා.....කොහොම බැලුවත් මුන් ඔක්කොම එකයි හිතයි පපුවයි ඔක්කොම දාල ගේමට බහින අපියි හරක්. අම්මපා.... බිත්තිය හයියද බලන්නත් එක්ක මට හප්පගන්න හිතෙනවා මගේ ඔලු කට්ට.....
"පොඩි අයියේ..... එක පාරටම ඔයාට මොකද උණේ...?" ඩයිනමයිට් එක මෙලෝ සිහියක් නැතුව මගෙ කාමරේට දුවගෙන ආවා
"මොනා වෙන්නද මේ ඉන්නෙ හොඳට?"
"එහෙනම් එකපාරටම මේ කතා කර කර ඉන්න ගමන් එතනින් ආවේ.... තාරකා අප්සෙට් උණා...."
" ආ ඒක හොඳයි.... අප්සෙට් ඒවා කොහොමත් අප්සෙට් තමයි"
"ඔයාට ඒ පාර මොකද උණේ....."
" තමුසෙ යනවාකෝ...."
" මොකද්ද ප්‍රශ්නේ කියනවා..." ඩයිනමයිට් එක ඇවිල්ලා මගෙ ලඟින් වාඩි උණා...."
" මට එච්චර පැහැදීමක් නෑ ඔය කියන හසංකයා ගැන"
" අපි කාටවත් පැහැදීමක් නෑ.... ඒත් ඌ සෑහෙන්න දේවල් දන්නවා... පහු ගිය කාලේ පුරාම ඌ තාරකාව හම්බවෙන්න ට්‍රයි එක දුන්නා... ඒත් තාරකා කවමදාවත් ඌව හම්බ වෙන්න ගියේ නෑ.... පණිවිඩ යැව්වේ මගෙ අතේ..."
"ඔය කිසි දෙයක් මීට කලින් මට කියලත් නෑනේ...."
"කියන්න තරම් ලොකු දෙයක් එතන නෑ පොඩි අයියේ.... ඒත් හසංක දන්නවා එදා තාරකාට කෝල් කරපු ගෑනු කෙනා ඉන්න තැන"
"කොහෙද?"
" එක දැනගන්න පුළුවං තාරකාට විතරයි"
"ඒ ඇයි?"
"මම දන්නේ නෑ...." මට හිතෙන්නේ ඩයිනමයිට් එකත් මෙතන බබා පාට් එක දාන්නේ... මට හිතෙන විදියට මෙතන සෑහෙන කාලයක් තිස්සේ ලොකු හුටපටයක් තිබිලා තියනවා....
"මට ඔය හසංකව හම්බ වෙන්න ඕනේ..."
"හම්බ වෙලා...."
"හම්බ උණාට පස්සේ බලමුකෝ කරන දේ..." ඩයිනමයිට් එක කල්පනා කලා. හරි පොඩි අයියාට එයාව සෙට් කරලා දෙන්නම්..... පන්සල තමයි හොඳම තැන... කවුරුත් දැක්කාට සැකයක් හිතන්නෙත් නෑනේ....
" හරි සෙට් කරලා දෙනවකෝ... නිවාඩු දවසක.... " මම කල්පනා කලේ ගැන්සියට පොඩ්ඩක් මේ පැත්තේ එන්න කියන්න... මේ හසංකයා මට පොඩ්ඩක්වත් ෂුවර් නැති එකා.... මට ඕකගේ මූණ දිරවන්නේම නෑනේ, අර දඬුමොණරේ ඉදගත්තාම ඌ හිතන්නේ අහසින් යනවා කියලා.. කාලකණ්ණියා......
ටික දවසක් යනකන් මම තාරකා එක්ක වැඩි ඇයි හොඳයියට ගියේ නෑ... මට කතා කරන්න හදන හැම සැරේම මම එයාව මඟ ඇරියා... හිතට එකඟව නෙවෙයි ඒත් මගේ හිත කඩලා බිඳලා දැම්මාට.. අම්මලා තාත්තාලාට වෙට්ටු දාල ගෙදරින් එළියට බැස්සෙ මම මේකි නිසා මම හිතන්නේ... අර හිත හොඳ එකා හැම වෙලේම රහ බලන්නේ අනුන් කාපු කට්ටක් කිව්වලු. මටත් වෙලා තියෙන්නෙ ඒක. තාරකාගේ ප්‍රශ්නේ එයාටම අනිත් උගුඩුවෝ එක්ක විසඳගන්න කියලා මම අර අහිංසක කෙල්ලගේ ප්‍රශ්නේ එකලාසයක් කරනවා කියලා ඔන්න මම හිතා ගත්තා. ඉරිදා උදෙන්ම හිතන්නත් කලින් ගැන්සිය අපේ ගෙදර ආවෙ නම් මගේ ආරාධනාවක් නැතුවමයි, ඒක නම් මට මාර ආතල් මුන් ටික දැක්ක කියන්නේ තව කල්පෙකට කන්න ඕනෙ නෑ වගේ.... තාරකා ගොඩාක් දුකෙන් ඉන්නේ කියලා ඩයිනමයිට් එක මට කිව්වාට මම ඒවා ගනන් ගත්තේ නෑ... මටත් තියනවානේ අර මොකද්ද එකක්...
" මයියා............... උඹ ඔය කියන විදියට නම් තාරකා කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි කෙල්ලෙක් බං..." බුවා මගෙ කතාව අහගෙන ඉඳලා එහෙම කිව්වා....
" බලපං මෙයා මගේ කනෙන් රිංගුවානේ මාර ආතල් එකේ"
" ඒත් මයියා හදිස්සි වෙන්න එපා.. ඔතන වෙන කතාවකුත් තියෙන්න බැරි නෑනේ...." ටොලා කිව්වේ බොක්ක සුද්ද කරලා
" මටත් එහෙම හිතෙනවා මයියා... අපි පොඩ්ඩක් බලගෙන ඉමු මෙයා මොකද්ද කරන්න යන්නේ කියලා...."
සිකත් පොත දිග ඇරියේ ටොලා කියන පැත්තට...
"හරි බලමුකෝ... ඒක නෙවෙයි මොනාද එහෙ ආරංචි?"
"එහෙ ගින්දර වගේ වැඩේ නැගලා යනවා.... ජයවීරයයි, සකලසූරිය ඇමතියයි ආයේ නස්පියට ඇරගන්නවා.... ඒ අතර උඹට ලියුම දුන්න සිරියා ගැනත් පොඩි ආරංචියක් තියනවා.....
"මොකද්ද මචං ඒක...?"
"සිරියා අවුරුද්දේ වැඩි හරියක් ඉන්නේ මුල්ලේරියාවෙලු මචං... ඔලුවේ වයර් හුටපටයක් තදින්ම වැඩ කරනවාලු. " බුවා හිනා වෙන්න ගත්තා........
"ඉතිං බලපං බං අපිට ලියුමක් දුන්නොත් පිස්සු හෝන්තුවක්"
"නෑ මචං එතන ගන්න දෙයක් නම් තියනවා...." සිකා උඩ පැනලා මගේ පොත් මේසෙ උඩ වාඩි උණා.
"එ මොකද්ද බං ඒ.... උඹට සිරියාව භාර ගන්නවත් හිතුණාද?" මගෙ කතාවට ටොලයි, බුවයි දෙන්නාම හිනා වෙන්න ගත්තා.....
"සිරියාගේ පිස්සුවට හේතුවක් තියනවා....."
"අම්මපා...... උඹ කොහොමද ඒක දන්නේ.....?" බුවා සිකාගේ ඔලුවට හීනි පාරක් ගැහුවා
"උඹලා නොදන්නවා උණාට මම ඒ ගෑනි ගැන ටිකක් වැඩිපුර දන්නවා..."
" අප්පසිරි.... මූට චූන් වෙලා තියෙන්නේ සිරියා ගැන හිත ගිහිල්ලානේ"
"බුවා ලහිරු කියන්නේ අපිට දුරින් නෑයෝ වෙන එකෙක් බං...." ටොලා සිකාගේ කරට අත දා ගත්තා.... මටත් කතාව මාර අබ්ලික්
" උඹ ඒක කලින් කියලා තිබ්බේ නෑනෙ බං අපිට " බුවත් සිකාගේ කතාවෙන් කරන්ට් එක ඇල්ලුවා වගේ වෙලා
"කොහෙ කියන්නද... උඹලා ඒ අහිංසක ගෑනිට මොනාද බං නොකිව්වේ,,,?" සිකා බිම බලා ගත්තා....
"හරි දැං උඹ කියන්න හදපු දේ කියපං සිකා....."
"ඒ මනුස්සයාගේ නම සිරියා නෙවෙයි....."
" ඒක පහසුවට දාගත්ත නමක්.... " මම සිකාගේ තත්වෙ හොදට පහදගෙන වාඩි උණා...
" ඉස්සර ඔය මනුසයාට වික්‍රමසූරිය මිස් කිව්වාම ඕනෙ කෙනෙක් දන්නවා...."
"හරි....." අපි ඔක්කොම සිකාගෙ කතාව පොඩි උන් ටිකක් සීයගේ අහගෙන ඉන්න මෙලෝ රහක් නැති කතාවක් අහගෙන ඉන්නවා වගේ අහගෙන හිටියා....
" ඔය මනුස්සයා මේ ලෝකේ සෑහෙන්න දුකක් විඳලා තමයි ඔය ලමයි දෙන්නාව හැදුවේ... මිනිහා අකාලේ මැරුණා.... මැරුණේ කොහොමද කියලා කවුරුත් දන්නේ නෑ.... ඔය මනුස්සයාට හම්බ වෙන්න හිටපු තුන් වෙනි ලමයත් හම්බ උණේ මැරිලා.....
"ඒකෙන් පස්සෙද පිස්සු හැදුනේ...?"
" නෑ ඊට පස්සෙත් මෑතක් වෙනකන් හොඳින් හිටියා... ඒත් එක පාරටම එයාට ඔය සීන් එක වෙන්න ගත්තා.... හිටි ගමන් මෙයා යනවාලු ළමයා හොයන්න
" ඉතිං එයා දන්නෙ නැද්ද ළමයා මරුණා කියලා...."
"දන්නවා.. ඒත් එයාගෙ පිස්සුවේ හැටි..... දැං හැම කෙනාටම කියන්නේ එයාගෙ ළමයි දෙන්නා එයාව හිර කරන් ඉන්නවා කියලලු"
" මරුණ ළමයා හොයාගෙන ඒ මනුස්සයා කොහෙටද යන්නේ...."
"ඔන්න ගෙවල් ලඟ නර්ස් කෙනෙක් හිටියාලු එයා ලඟටලු යන්නේ.... ගිහින් කියනවාලු මගෙ ලමයා ගෙනත් දෙන්න කියලා...." අනේ මන්දා මේවත් මාර කතා තමයි. දැං සිරියා ගැන හොයන එක නතර කරලා අපි වෙන දෙයක් ගැන කතා කරා නම් හරි. ඒ කියන්නේ සිරියා අපේ මේ ප්‍රශ්න වලට අදාල නෑ..... මම ලාවට හසංකයා ගැනත් කිව්ව නිසා... බුවාට ඕනේ උනේ අපිට මඟ ඇරුණ සුමනා හොයා ගන්න.
"සුමනාව මටත් හොයා ගන්න ඕනේ බං... ඒත් තාරකා මට පෙන්නපු චීස් කොත්තුවේ හැටියට ඒයාගේ වැඩක් පස්සෙ පන්නන එක ගැන මම දෙසරයක් හිතලා බලන්න ඕනේ" මගේ කතාවට බුවා බෝදිලිමෙක් වගේ ඔලුව වනන්න ගත්තා.
"ඒත් මචං අපිට කරන්න ගත්ත වැඩේ මග දාල යන පුරුද්දක් නෑනේ"
"ඒක ඇත්ත.... අපි ඒ ගැන හොයමු..... " සිකාත් බුවාට සප් එක දෙන්න ගත්තා.....
" හරි එහෙනම් ඩයිනමයිට් එක ලවා අපි ඌට පණිවිඩයක් යවමුද ?"
"ඔව් අපි ඉන්න එකේ ඕක මොකද්ද?"
"අනේ දෙයියනේ අම්මේ............. අනේ අම්මේ.............." ඩයිනමයිට් එක බෙරියන් දෙන්න ගත්තා...... අපි ඔක්කොම කලබල උණා... මම ගැන්සියත් එක්කම එළියට ආවා.....
"මොකද ළමයෝ..." නැන්දාත් කුස්සියේ ඉදං මැරතන් ක්‍රියා කලා...
" අනේ ලොකූ ..........." නැන්දා ආයේ අසූ හාරදාහට බය උණා.....
"මොනා වෙලාද ලොකූට....." ඩයිනමයිට් එක කියන දෙ තෙරෙන්නේ නෑ ගොත ගහනවා....
"අනේ ලොකූ....." ඇයි යකෝ මේ පරන පොට ගිය ග්‍රැමෆෝන් පෙත්තක් වගේ එකම තැන කැරකෙනවා
" මොකද කියනවා ළමයෝ..." නැන්දා ඩයිනමයිට් එකව දාගෙන හොලවන්න ගත්තා. එතකොටවත් වචන ටික එළියට එයිද කියලා බලන්න
"අම්මේ ලොකූ...... " මටත් දැං අත් දෙක මිට මොලවලා වචන ඉස්මෝල්ලේ යන්න දෙන්න හිතෙනවා..... තාරකාත් කාමරෙන් එළියට ආවා
"මොන හරුපයක් කියනවාද මන්දා...." නැන්දා ඩයිනමයිට් එක අත ඇරලා ඉස්සරහා කාමරේ දිහා බලලා කෑ ගැහුවා
"ලොකූ................."
"මේක බලන්න අම්මේ....." ඩයිනමයිට් එක අඬ අඬා හතරට විතර නැමුව කොල කෑල්ලක් නැන්දාට දුන්නා.... හත් වලාමේ ලියුමක් නේද? ලොකූගේ හොර කේස් එකක්වත් ඩයිනමයිට් එක මාට්ටු කරන්න යනවාද දන්නේ නෑ...... බඩුම තමයි..... දැං ඉතිං ලොකූට යන්න වෙන්නේ හෙලිහොප්ටරයක් දක්කගෙන තමයි......
Subscribe to:
Post Comments (Atom)


14 comments:
හුරේ අද නම් මම තමය් එක.
හරිම ලස්සන කතාවක් දුල්. මම මුල ඉඳලම කියෙව්වා.
දිගටම ලියන්න, අසාවෙන් බලන් ඉන්නවා. කොල්ලෙක් විදියට ලියන්නේ කෙල්ලෙක් කියල දන ගත්තම මට මාර හිනා
Akkiyo,moko me??????lokuu suicide karanda?penala gihinda?
Ali madiwata Harak kiwwalu..
Esha
කෙල්ලො නම් මහ ජරාම ජාතියක්... අහිංසක මයියගේ හිතත් පාරනවා....
මෙන්න මෙහෙම දාමුකො දිගට හරහට
ලස්සන කතාව. ජය වේවා
ඒ පාර ලොකු මොකක්ද මේ කරගත්තෙ?? සුවිසඩ්ද?? ප්‍රශණ මදිවටද මන්දා.
ඊලඟ කොටසත් ඉක්මනට දාන්නෝ.....
86 ...........................
රසම කොටස්.....
ෙලාකූ පැනල ගිහිල්ල
ko 86 thama na ne :(
glimmer girl
අනේ අක්කියො ඔයා කතාව ලියන1 නවත්තලද?ඔයගෙ කතාව නෑතුව හරි පාලුයි...
මීට කලින් පොස්ට්ස් දෑම්මෙ සින්ග්‍රිසියෙන්.ඔයාට මාව මතක ඈති..
මන් ඊශා..
නැන්දා හුඟක් දුකින් වගේ කතාව දාලත් නෑ...ඕවා ඒතරම් ගනන් ගන්න එපා..සිද්ධ උන දේ සිද්ධ උනා...
දැන් ඉතින් මක් කොරන්නද නැන්දේ...දයාසිරි මාමා දෙවනියා උනානේ කොහොම හරී...
නැන්දා ඕවා ගනන් ගන්න එපා...අර රැවුල් මාමා කියන්නා වගේ ඕවා අධිරාජ්ජවාදී කුරු මන්තර...
බතහිර ඊරිගේ බලපෑම් වලින් සැලෙන්න එපා...ලෝකෙටම පේන්න නැන්දා දන්න එලකිරි වගේ 86 කොටස...
අපේ කතාවේ බවුමික මොකද්ද එක රැක ගන්න ඔනේ...නැත්තන් එහෙම අපි මේ කතාව කියවන
හැමදෙනාම පාරට බැහැලා අර අයියලා කොරනවා වගේ පාරේ ගුටිකාලා හිරේ යනවා...එතකොට කාටද පාඩු නැන්දටම තමා...
ඔන්න ඉතින් බබාගේ කතාවට කන්දීලා නැන්දා 86 දානවලු ඉක්මනට...හොඳ නැන්දනේ...මගේ ගානේ නැන්දට දෙනවා ත්‍රිපෝස..කාලා හැදෙන්න...
මෙයා නම් මේක කිසීම උනන්දුවකින් කරන වැඩක් නෙවෙයි කියල පේනවා. දවසක් දැම්මොත් සතියක් නිවාඩු
:(
මට සමාවෙන්න ඕනේ... මම කතාව දාන්න පරක්කු වෙන්න හේතුව මම මීට කලින් කිව්වනේ... වැඩේ අතරමග නවතන්නේ නම් නෑ... ඒත් මේ දවස් වල මට වැඩ එක්ක හැමදාම අප්ඩේට් කරන්න අමාරුයි ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවකම මම අප්ඩේට් කරනවා... ඉතිං ගොඩාක් මල පැන ගන්න එපා... ඔයාලා මගෙ කතාව කියලා ඉවරවෙනකොට වයසට ගිහින් තියෙයි..... ඉවසන දනා රුපුනොදයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු.... අපි පොඩ්ඩක් ඉවසමු නේද? අනේ මගේ අම්මලා තාත්තාලා නම් ලෙඩ කරන්න එපා..... එයාල අහිංසකයි
Post a Comment