Thursday, October 28, 2010
84 කොටස
අනලා කන එකයි අනලා කවන එකයි අනාගෙන නාගන්න එකයි ඇරුණාම මට ඉතිං වෙන මොන වැඩද? දැං ඉතිං සදා සොත්ති තමයි.
" තමුසේ පැය භාගයක් යනවා කිව්වා නේද?..... අනුන්ගේ වත්තකට උදැල්ල දාන්නේ නැතුව අලයක් හාරගන්නම බැරිද?"
"හරි හරි..... මම දැක්කේ නෑ.... දැං තාරකාට ඉතුරු බත් ටිකත් කවනවාකෝ..... ඇත්තමයි මටත් දැං හිතෙනවා ලිඳ ලඟ වැටිලා අත කඩා ගන්න....." ඩයිනමයිට් එක දැම්ම කන රත් වෙන නෝණ්ඩියට ඉතිං මම මොනා කරන්නද?
"කඩාගෙන එනවාකෝ..... බලන්න...."
"මටත් කවනවා නේද පොඩි අයියා.............."
"ඔව් ඔව් කවන්න බැරියෑ....."
"අනේ බලන්නකො මෙයා රතු වෙලා......." ඇත්තටම මට ලැජ්ජා හිතිලා දැං මේ ඉන්නේ....
" ඔයා ඕවා ගණන් ගන්න එපා තෙනුර........... ඔයා මේ කර ගන්නේ පිනක්....." තාරකා කුරුලු පැටියෙක් වගේ ආයේ කට ඇරියා.....
"හ්ම්ම්ම් හ්ම්ම්ම්......... මහා පිං තමයි...... ඔය පින කරගන්නවාකෝ මම ඔයාටත් එක බත් බෙදාගෙන එන්නම්.... අද අපි කාමරේ ඉදංම කමු" ඩයිනමයිට් එක කාමරෙන් එළියට ගියා......... මම තාරකාගේ කටට බත් කටක් දැම්මා....
" ඔයා ඇත්තටම ඉන්නේ ලැජ්ජා හිතිලා නේද?" මම හිනා උණා ..... කතාව ඇත්තනේ මම අම්බානකට චාටර් වෙලානේ ඉන්නේ....."
"එහෙම එකක් නම් නෑ....."
" ඔයා මීට කලිනුත් කාට අරි කවලා තියනවාද?" ඔන්න ඇහුවා ප්‍රශ්නයක්..... මම මීට කලින් කාට කවන්නද? කවුරුත් අත කඩා ගත්තේ නෑනේ මගේ රෙදි හෝදන්න ගිහින්
"අපෝ ඔව්..... අපේ ගෙවල් පැත්තේ ඔක්කොමලා එන්නේ මට කියලා කවා ගන්න තමයි" තාරකා හිනා වෙන්න ගත්තා
" ඔයා හරි රහට බත් අනන්න දන්නවා තෙනුර..........." කිරි අප්පේ..... මේ මම.... මම ඇර කවුද ඉතිං හොඳටම අනන්න දන්නේ... මතක ඇති කාලෙක වැඩක් අනාගන්නේ නැතුව කරලා නෑනේ
" තව බත් ඕනෙද?" අන්තිම කට තාරකාට කවන ගමන් මම එහෙම ඇහුවා
"ඔයා කවනවානම් තව කතෑකි" මම දන්නවානම් මෙයාට බත් මුට්ටියට වෑංජන ටික හලලා ගේනවා
"ආයේ කෑම ගේන්න යන්න ඕනේ නෑ... ඔන්න මම පොඩි අයියාගේ පිඟානට බත් ගොඩාක් බෙදාගෙන ආවා.....
"මම බොරුවට කිව්වෙ මේකලා මට ඇති.... තෙනුර කාපුදෙන්..." තාරකා හරි කෙලින් මගෙ දිහා බලාගෙන කියද්දි හිතට මොකද්ද අමුතු මෙව්වා එකක් දැනෙන්න ගත්තා....... මම ඩයිනමයිට් එක ගෙනාපු පිඟානත් අරගෙන කාමරෙන් එළියට ගියා. ඒත් එක්කම ඩයිනමයිට් එකක් මොකද්දෝ රහසින් තාරකාට කියනවා අහුනා. මට දැනගන්න ඕනෙ උණේ ඒ මම ගැනද කියලා මම එහෙම නැවතිලා කන ඒ පැත්තට දුන්නා........
" ඉතිං ඔයාගෙන් එයා මොනාද ඇහුවේ....?" තාරකා ඩයිනමයිට් එකෙන් ඇහුවා.....
" මගෙන් අහනවා... කවුද ඔයාලගේ ගෙදර ඉන්න අර සිකියුරිටියා කියලා...."
"සිකියුරිටි....?" තාරකාගෙ කටහඬ
"ඒකනේ අරයා එහෙම කියලා තියෙන්නේ පොඩි අයියාට....." කව්ද හත්වලාමේ මට සිකියුරිටි කිව්වේ...?
"අනේ පව් මේකලා..... මම එහෙම නම් දෙනවා ඕකගේ කට සමතලා වෙන්න"
"ඒකනේ..... මටත් මල පැන්නා තාරකා.... මම කිව්වා.... අපේ ගෙදර ඇති සිකිරිටියෙක් නෑ කියලා..."
"ඉතිං...?"
"එතකොට කියනවා එහෙනම් කමක් නෑ කියලා...."
"දැං ඌ මොනාද කියන්න හඳන්නේ...?"
" මිනිහාට ඕනේ ඔයත් එක කතා කරන්නලු"
"මාත් එක්ක මොනා කතා කරන්නද...? මම කියන්න ඕනෙ දේවල් කියලානේ තියෙන්නේ"
" පැය භාගෙකට ඒ චාන්ස් එක අරං දෙන්නලු" මේ ඩබල කතා කරන්නේ කවුරු ගැනද? මොනා උණත් දෙන්නම මට මේ හැම දෙයක්ම හංගනවා.... දෙන්නා එකතු වෙලා රිටි පැනීමක්වත් කරන්නද දන්නේ නෑ හදන්නේ..... මොනා උණත් තව හොඳට කන දාගෙන ඉන්න ඕනේ. මුන් දෙන්නා කිරි සප්පයෝ වගේ මොකක් හරි ගේමකටවත් සෙට් වෙනවාද? තාරකාට ඇත්තටම කවුරු හරි පොරක් ඉන්නවාද? ඔන්න ඒ පාර නම් හිත කකියන ගත්තා....
" මට ඌ එක්ක කතා කරන්න ඕනෙ නෑ...."
"ඒත් තාරකා එයා ගොඩාක් දේවල් දන්නවා...."
"ඔය බොරු වෙන්න ඇති මේකලා"
"පොඩි වෙලාවකට ඔයා එයා එක්ක කතා කරන්න"
"මට ඕනෙ නෑ...."
" අනේ මන්දා ඔයාත් මුරණ්ඩුයිනේ..." ඩයිනමයිට් එක කිව්වේ ටිකක් දුකින්
" හරි මොනාද එයා ගොඩාක් දේවල් දන්නවා කියන්න සාක්ෂි....?"
" එයා මට ඒවා කියන්නේ නෑ...." මම තවත් කන ඒ පැත්තට දුන්නා... කවුද බොලේ මේ එයා.... එයා ඇවිල්ලා මාව සම්බෝල කරන්න ආව එකෙක්ද?
" හරි ඔයාට හෙට හම්බ උණාම කියන්න මෙහාට කෝල් එකක් දෙන්න කියලා"
"ඒක හොඳ අදහස......" ඩයිනමයිට් එක දන්නේ නැතුව දොර රෙද්ද අයින් කරලා යන ගිහින් මගෙ ඇඟේ බදෝයි ගාලා හැප්පුණා.... මගෙ අතේ තිබ්බ බත් පිඟාන එහෙමම බිමට වැටුණා.... ඩයිනමයිට් එක යන එක යන්නෙත් පිඟානත් පොලේ අහගෙන කිව්වලු දැං කෑමත් නෑ.
"පොඩි අයියේ......"
" දැං මට කන්න කියන්නේ බිම වැටිච්චා අනාගෙනද?"අනුන්ගෙ කතා වලට ඇන්ටනාව දාගෙන හිටියා කියන කිණ්ඩිය එන්න කලින් මම එහෙම කිව්වා..... ඩයිනමයිට් එක මගේ දිහාම බලාගෙන ඉන්නවා.... මට තේරුණා වැඩේ නෝණ්ඩියි කියලා.........
" තමුසෙලා දෙන්නා මොකක් හරි අමාරුවක වැටෙන්න නේද යන්නේ...?"
"එහෙම දෙයක් නෑ....."
" නැත්තේ මොකෝ....? කියනවා " ඩයිනමයිට් එක තාරාකා දිහා බැලුවා
" අපි ඔයාට කියන්න තමයි හිටියේ තෙනුර....."
"ඔව් ඔව් කියන්න හිටියේ පස්ස හොඳට හයියෙන් බිම ඇන ගත්තට පස්සෙනේ...."
" නැහැ....."
"තමුසෙලාගේ රහස් මට දැන ගන්න ඕනෙ කමක් නෑ......"
"තාරකාගේ අතීතය ගැන ගොඩාක් දේවල් දන්න කෙනෙක් ඉන්නවා....."
" කව්ද ඒ....?"ඩයිනමයිට් එක තාරකා දිහා බැලුවා
" එදා මට කෝල් කරපු ගෑනු කෙනා..."
" සුමනා.........."
"ඔව්....."
" කෝ එයා කතා කලාද?"
"නෑ...ඒත් සුමනා ඉන්න තැන දන්න කෙනෙක් ඉන්නවා"
"ඒ කවුද?"
" එහා වත්තේ හසංක....." ඩයිනමයිට් එකේ කතාවෙන් මම උඩ ගියා... හසංකයා කොහොමද ඒක දන්නේ.... ඌ ගැන බලාපොරොත්තු තියාගෙන අඬ අඬා ඉන්නෙ ලොකූ නේද? දැං බලාගෙන ගියාම පොඩි ඩයිනමයිට් එක ඔක්කොම සෙල්ලම් පහු කරලානේ....
"තමුසේ කොහොමද හසංකව දන්නේ...?"
" එයාව අපි දන්නේ පොඩි කාලේ ඉදං...... තාරකා තමයි හසංකට සුමනා ගැන හොයන්න කිව්වේ " ඒ කියන්නේ තාරකා අර ගැඩවිලාව හොඳට දන්නවා.... මවාත් හිකනලෙක් කරගෙන තාරකා හදන්නේ එයාගේ ඉලක්කෙට යන්න විතරද? මේ කෙල්ලොන්ට චරිත කීයක් රඟපාන්න පුළුවන්ද අම්මපා..............
Subscribe to:
Post Comments (Atom)


7 comments:
bohoma sthuthiy adath kathawa demmata...
මගෙ අම්මො මේ තාරකාගේ වෑඩ. කටිය මදිවටද මේ හන්සකයෙක් වත් සෙට් කරගෙන ඉන්න.කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑහෑ
Aiyo... Thaaraka chater wadakda karala thiyenne..??
Onna kollo dennama use karanawanam wade anthima kathai....
kathai honde...!!!
tharakaa'ta mokak unath moko..!!!
kohomahari kathawa dammane...e athi....
hikZ
tikak ikmananta daanako katha tika,
මේක මාර නුල් බෝලයක් නෙ. මයිය මේක කොහොම දිගෑර ගනීද?
අනේ නැන්දා හරි හොඳයිනේ...මං මේ බැන බැන හිටියේ...කතාවනෑ කියලා...දැන් කොහොමද ? හොඳින් ඇතැයී සිතමී...
Post a Comment