Wednesday, October 13, 2010
81 කොටස
" උඹ කොහොමද බුවා ඒක ටක්කෙටෙම දන්නේ..... "
"ජයවීරයා ඡන්දෙටනේ බං ඉල්ලන්නේ.... මේකාලේ උගෙ රෙදි ගැලවිලා හේදෙනවා.... ඒත් මේක දේශපාලන මඩක් නෙවෙයි... හානුකයාට ලියුමක් ඇවිල්ල තියනවා...." දන්න නිවුස් එකක් මොඩිෆයි වෙලානේ බලං යනකොට..... ලිහිණි මට කිව්වේ භානුක ගැන විතරයි.. දැං මූ කියනවා දෙන්නාමලු....
" උඹට ෂුවර් ද සීන් එක"
" ආයේ බයිලා කියනවා... මම ලියුම දැක්ක බං...."
" ඒක කොහොමද බං වෙන්නේ............. ජයවීරයා ඉස්සර ළමයි එක්ස්පෝට් කරපු එකෙක්ද දන්නේ නෑ...?" බුවා ටකරං විදියට හිනා උණා...
"එක්ස්පෝට් කලා නම් අරුන් දෙන්නා ඉතුරු කර ගනීද බං?" අනේ මුන්ගේ මොලේ
" තියාගෙන නෑ ඒත් තියාගන්න උණාද දන්නේ නෑනේ..... මොනා හරි කාර්මික දෝෂ නිසා මුන්ව රිටර්න් කලාද දන්නේ නෑ......" බුවා නොන්ස්ටොප් හිනා වෙලා එක පාරටන හිට්ටා...යකෝ මුගේ පෙනෙහැල්ලේ හිනාව හිර වෙලා කන්ඩෙම් උණාද?
" මයියා.... එක අතකින් මේක රිටර්න් එකක් වෙන්න පුළුවං...." මූට මොලේ කොලොප්පන් එගෙන එනවාද මන්දා.....
" අනේ මන්දා බුවා... උඹට අන්දකයිප්පු කැවිලාද කියලා...."
" භානුකයායි, ලිහිණියි තියාගෙන ඉන්නේ එයාගේ වාසියට...."
" අනුන්ගේ උණහපුළුවෝ තියාගෙන මොන වාසියටද බං... මට හිතෙන්නෙම කවුරු හරි ජයවීරයාව චාටර් කරන්න ගහපු ප්ලෑනක්..... උඹ භානුකයාට කියපං වයර් පටලගන්න එපා කියලා තව ටිකක් ඉස්සරහාට බලමු මොකක්ද වෙන්න පුළුවං කියලා...."
"භානුකයා කියනවා එයා ඒක මුලින් දැනගෙන හිටියාලු..."
"මොකා..." ඔන්න ආයෙත් මාව හිර උණා.... ජයවීරයා උන්ගේ තාත්තා නෙවෙයි නම් මොන උලව්වකට මුන් දෙන්නව කර ගැහුවාද? මේක තවත් අවුලක්.
"මචං මයියා..... මට ලොකු විශ්වාසයක් තියනවා බං ලිහිණියි තාරකයි කියන්නේ සෑහෙන්න සම්බන්දයක් තියෙන දෙන්නෙක්
"හරි හමන් සාක්ෂියක් නැතුව අපිට ඒක කියන්න බෑ බුවා.... "
"හරි අපි හොයාගමු...."
"බුවා ඒක නෙවෙයි මචං අර සිරියා ගැන ආරංචියක් නැද්ද?"
" මොන සිරියාද බං?" මේ තණකොළපෙත්තාට ඒක මතක නෑ
"අර ලහිරුවාගේ ගෙදර හිටපු සිරියා........."
"අනේ මචං ඒ ගැන නම් හොයන්න බැරි උණා... උඹ මට භාර දීලා ගියේ ලිහිණිවනේ.... ඒ පැත්ත නම් මම සිරාවටම බලාගෙන ඉන්නවා... උඹ කියනවා නම් මම සිරියාවත් පොඩ්ඩක් අන්ඩර් ටේක් කර ගන්නම්.... " සිරියා ගැන මට අදාලත්වයක් නම් නෑ... ඒත් එයාව බේර ගන්න කියලා කවදාවත් නොදැක්ක අපි දෙන්නා වගේ ගල් ආඳෝ දෙන්නෙකට පණිවිඩයක් දෙන්නත් ඒ ගෑනි මහන්සි උණානේ....
" හරි මචං මාව හැමවෙලේම අප්ඩේට් කරපං... එතකොට කොළඹ ආව ගමන් වැඩේට බහින්න ලේසියි...."
" ආයේ අහලා..... අනිවා.. එහෙනම් අපි කැප්පෙන්නම්.... උඹේ පැත්ත අවුලක් නෑනේ...."
"අවුලක් නම් නෑ...."
"විභාගෙත් ලඟයි යකෝ... මට මේ ඊයේ පෙරෙදා අර අල් තාප්පෙ නැගලා අම්බානකට කෑවා වගේ මතක"
" මට ඒ දවස් හීන වගේ මචං... කොහෙවත් යන අනුන්ගේ ප්‍රශ්නෙකට චාටර් වෙන්න මම මේ මූකලානේ ඒ කාලේ ගැන හිත හිත පව් ගෙවනවා"
"උඹ වාසනාවන්තයි මචං උඹට ඔය මූකලානේ කන්න බොන්න දෙන්නවත් කවුරු හරි ඉන්නවා... අපිට එහෙම උණානම් මූකලනේ තියා පෙට්ටි කාමරයක්වත් නෑ බං.... මම දැං කැපෙන්නම්"
"හරි එහෙනම් පරිස්සමෙන් හිටහල්ලා..."
"අප්පටසිරි ලාමක වචන... කවුද තාරකාද ඉගැන්නුවේ..." චාටර්නේ මම මොකට මේ හෝතඹුවට පරිස්සම් වෙන්න කිව්වද මන්දා
"ඒකට තමයි කියන්නේ මචං දේසේ හැටියට තමයි වාසේ කියලා" බුවා හිනා වෙලා ෆොන් එක තිබ්බා.... මටත් වචන තාරකාගෙන් බෝවේගෙන එනවාද කොහෙද.
ටිකක් දවල් වෙනකන් පොඩි ඇලට් එකක් එහෙම දාලා මම නැගිටලා පොඩ්ඩක් එළියට ආවා.... නැන්දා මොනාදෝ තනියම කියව කියව කුස්සියේ වැඩ..... ඩයිනමයිට් එක කන පැලෙන්න තාරකා එක්කද කොහෙද කතාවක් , ලොකූ ඉස්සරහා කාමරේ..... මාමානම් පේන්න නෑ...මම ලොකූ ඉන්න පැත්තට ගියා..... ලොකූ ඔහේ පාර දිහා බලාගෙන මනෝ පාරක්.
"ලොකූ ප්ලේන්ටියක් වගේ තිබ්බානම් මරු..." මම එතනින් වාඩි උණා.... අප්පටසිරි මෙන්න ලොකූගෙ ඇස් වල කඳුළු.....
"ලොකූ අඬනවාද?" දඩිබිඩි ගාලා ලොකූ කඳුළු පිහගෙන නැගිට්ටා.....
"මම උඹට ප්ලෙන්ටියක් හදාගෙන එන්නම්...." මම ලොකූගේ අතින් අල්ලලා වාඩි කරව ගත්තා... මම මෙයා අඬනවා මේ දැක්කාමයි....
"මොකද්ද අඩන්න සීන් එක...?"
"මොකුත් නෑ මයියා....." හිනා වෙන්න ෆුල් ට්‍රයි
" කියන්න අකමැති නම් අවුලක් නෑ" ලොකූ හෝස් ගාලා ආයේ ඇඬන්න පන්න ගත්තා... අනේ මන්දා කෙල්ලොන්ට මගේ මූණත් තහඩුව දැක්කාම පෙර ආත්මේ උණත් වමාරන්න හිතෙනවාද කියලා
"අම්මලා මාව තේරුම් ගන්නේ නෑ මයියා...."
" මොනාද?"
" එහා වත්තේ ...." ලොකූ ඇස් වල කඳුළු පිහගෙන මා දිහා බැලුවා
"ඉතිං"
" හසංක..... අර මොටර් බයිසිකලයක් තියෙන්නේ......" අර ආඩම්බර හාදයා... ඕකා පාරෙදි දැක්කත් හිනා වෙන්නෙ නෑ... මමත් යන්නේ නෑ හිනාවට... කොටළුවා.... දැං මොකද්ද දන්නේ නෑ මෙයාට කලේ ... ඕකා මොනා හරි කෝචොක් එකක් එහෙම දාලා තිබ්බොත් මම පෙන්නනවා ඌට මගෙ වැඩ... ඌ දන්නේ නෑ දත් නැතුව බත් කනකොට දැනෙන රහා..... මොනා ඔහොම හිතුණත් දෙයියනේ කියලා කන පුරා බඳෝයි ගාලා වැදෙනකොට දැනෙන ආතල් එක තරම් ආතල් එකක් කොහෙද මට දැනිලා
"මොනාද ඌ ඔයාට කලේ....?"
"මොකුත් නෑ.... මම ඉස්සර ඉදංම එයාට.... කැමතියි මයියා..." හත් ඉලව්වයි මේකත් හාට් කේස් එකක් නේ.... යකෝ අපි වගේ අතුරු අන්තරාවක් නැතුව ජීවත් වෙන්න මේ ගෑනු ජාතියට බැරි හැටි. මොනා නැති උණත් හිතෙන් හරි එහෙම දෙයක් පටලවගෙන දුකම විඳිනවා....
"කියන්න එපෑ... මොකද කියන්නේ සෙට් කරලා දෙන්නද?"
"ඒක හරි යන්නේ නෑ මයියා... අම්මලා කැමති නෑ..."
"හරි කතාවක්නෙ.... ජීවත් වෙන්නේ අම්මලාද?"
"ඒත් අපේ පවුලට හරි යන්නේ නෑලු...."
"ඒ කියන්නේ එයාලා වැරදි පවුලක්ද?"
" උඹට තේරෙන්නේ නෑ මයියා... උඹ තාම පොඩි එකා..." ඕකනේ අවුල.... අන්තිමට මාව තොත්ත බබා අංක එක කරලා නවත්තන්නේ.. වැඩේ නම් අන්තිම කැතයි.තත්වෙ බේරගන්න ඕනේ හින්දාම මම ආයේ උදව් කරන්න හිතා ගත්තා
"මම තොත්ත බබෙක් නෙවෙයි ලොකූ මොකද්ද කාරණේ කියන්න.... සපෝට් එකක් අවශ්‍ය නම් ගොඩ දාල දෙන්නම්..."
"අකමැති වෙන්න හේතුව.... හසංකගෙ තාත්තා ඉස්සර කරත්ත කාරයෙක්ලු, එතකොට දැං හසංක කරන්නේ මොන රස්සාවක්ද කියලා කවුරුත් දන්නේ නෑ... වෙලාවකට එයා කොළඹ ඉන්නවාලු තව වෙලාවකට ගමේ.. මේ ලඟදි අපේ වත්තට පැනලා මේ පැත්තේ ඉදං දුවනවා තාත්තා දැකලා තියනවා... මට හිතෙන්නේ එයා එදා එන්න ඇත්තේ මාව බලන්න" පිස්සු හැදෙන සීන් එකක්නේ.....හසංකයා මොකද්ද කරන රස්සාව...ඇත්තටම ඒක හොයා ගත්තානම් ලොකූව ගොඩ දාන්න තිබ්බා.....තාත්තා කරත්ත සීන් එක නම් ඒක ඩිලීට් කරලා දාන තිබ්බා මේ පොර හොද ජොබක ඉන්නවානම්.....
"ඔයා බය වෙන්න එපා ලොකූ අපිට මොකක් හරි කරන්න පුළුවං...."
" මොනා කරන්නද?"
"ඔයා පන්නලා එහා වත්තේ කුමාරිහාමි කරන්න බැරියෑ....."
"අපෝ එපා මයියා....."
"ඇයි ඒ....?"
" මම දන්නේ නෑ එයාත් මට කැමතිද කියලා....." කිරි අප්පොච්චියේ........ මේ මොන අවනඩුවක්ද? යෝජනාවේ ඉදලා සම්මත වෙනකම්ම බර මටද? ඒ කියන්නේ තවත් ගෑනු ප්‍රශ්නයක්..... මේ ප්‍රශ්නවලට යට උණාම මම හැලපයක් වෙලා තමයි නවතින්නේ.... අනේ බුදු අම්මේ මම මෙහෙම ගිහින් කොහොම වෙයිද දන්නේ නෑ......
Subscribe to:
Post Comments (Atom)


10 comments:
ඔන්න ආයේ පාරක් අනුන්ගේ මගුලක් කරේ ගහ ගන්න හදනවා .. මේ මයියට තේරෙන්නේ නැනේ ඇත්තටම .. :(
යේ...යේ...යේ...නැන්දේ ඔහොම යං...
අෆ්ෆා....කතාව මලුවවට නැගලා යනවා නොවැ....මොනා නැත්තත් මයියා නම් මරු චරිතේ... :)ගොඩ දවසකට පස්සේ ඔන්න මාත් දානවා කමෙන්ට් 1...දුල් අක්කේ හැමදා මේක කියෙව්වට කමෙන්ට් නොදැම්මට තලහා වෙන්න එපා හොඳේ,,, :)
ela ela go ahead..
මයියො උඹට ගෑනු අපලයි බන්, මට වගේම තමයි. අත් ගැහුවොත් ප්‍රස්නයක්. ඔය තියන කේස් දෙක බේර ගෙන හිටහන්කො.
ෆුල් ඩම දාල ඉක්මනට ලියමුකෝ.
නියම කතාව. දිගටම ලියන්න.
නියම කතාව. දිගටම ලියන්න
niyamaiiiiiiiiii... :D
sure eakata ... oya pora spy case eakakata dapu porak .. :D
මයියට කෙල්ලොන්ගෙන් දිගටම අපලයි නෙ.
Post a Comment