Saturday, October 9, 2010
78 කොටස
කවදාවත් පාවිච්චි කරන්න සෙට් වෙච්ච නැති කිඩ්නිය මට විහිළුවට වගේ පාවිච්චි කරන්න හිතුණා....බොරුවක් හදා ගන්නත් අම්බානක වෙලාවක් යනවා. මොකද ඒකෙත් අර අවස්ථා සම්බන්දය ගැලපෙන්න ඕනෙනේ... ඔන්න ඔහෙ කමක් නෑ. මට හිතට එන නිර්මාණශීලි අදහස් පෙන්නන්න වෙලාවක් කලාවක් නැතුවනේ හිටියේ....
"මචං උඹලා යන වෙලාවක් කියපං මම සෙට් වෙන්නම්.... මොකද මම හෙට අපේ සර්ලෑ ගෙදර යන්න ඉන්නේ...." අශාන් කල්පනා කලා, බොරුව කොච්චර නිර්මාණශීලිද කියලා කිව්වොත් තව ප්‍රශනයක් අහුවත් මටත් ඌගෙන් අහන්න වෙන්නේ වැහි දිය මහා බිම තෙමුවාට බිම තෙමන්නේ වැහි විතරද කියලා තමයි. එතකොට ඌ කියයි මචං උඹත් ඔය තෙමන්නේ කියලා.
"හරි හෙට මම 10ට විතර සර්ලෑ ගෙදරට එන්නම්...." ඔය කැවුණේ... මී පාසනම්... යකෝ මූ සර්ලෑ ගෙදරත් දන්නවාද? ඇයි බං උඹ ඒකත් දන්නේ.....දැං ඉතිං මුල ඉදම්ම චාටරේ ඔතාගෙනම යන එකයි තියෙන්නේ
"දහයට යනවා නම් මම එන්නම් උඹලා කියන තැනකට සර්ලෑ ගෙදර යන්න වෙලාවක් නෑනේ...." අනේ මන්දා මේ පාරවත් මගේ ගැටේ හරියට වැටෙයිද කියලා
"හරි උඹ එහෙනම් මෙතෙන්ට වරෙන්කෝ....." ඇති යන්තං උණ හපුළුවා මොකක් හරි පිලිවෙක් තියන දෙයක් කලා. මම ඔළුව වැනුවා...තව මොකුත් කිව්වේ නෑ..... මොකද ආයේ මොකක් හරි මිස් වෙලා වැඩේ අබ්ලික් උණොත් ... මට මගේ කට ආයේ එක සතේකට ෂුවර් නෑ.
රගර් පාරක් ගහන්න ගිහින් අර කිව්ව පිට්ටනියේ කකුල් අතපය ලෙලි ගියා... ඒත් මම ඇරියේ නෑ ගෝල් දෙකක්ම සෙට් කලා. වැඩ පෙන්නන්න තිබ්බ කොහෙද පහසුකම් නෑනේ....පලවෙනි පාර ලෙලි ගිහින් දෙවනි පාර එතනම වදිලා පදාසෙම ගැලවිලා යනකොට කොහොමද ආතල් එක. ඇයි යකෝ මුන්ගේ පිට්ටනියේ හැම දේම තියනවා නැත්තේ..... තණකොල විතරයි. තණකොල තියනවා ඒවා තියෙන්නේ පිට්ටනිය වටේ මායිම පේන්න . පොඩ්ඩ වෙන්න ලේ හෙල්ලුණා.. ඒත් මේවා අවුලක් නෑ... මම ඇවිල්ලා එක අතකින් ටාසන් ක්‍රියා කරපු එකෙක්.... ගෙදර එනකොට රෑ වෙලා... හැමදාම වගෙ සාම කාමි.... මම අර ඇටිකෙහෙල් හිරවෙච්ච උගුඩුවා වගේ කාමරේට පාඋණා... ඒත් අම්මපා මගේ වෙලාව කියන්නේ මම කාමරේට හැරෙනකොටම තාරකාට මාට්ටු.... මගෙ ඇඟ පුරා තිබ්බ ලේ දැකලා ගෑනිට කෑ ගැහෙන්න වගේ ආවා, මම කටට ඇඟිල්ල තියලා නැවත්තුවා. මගේ වෙලාවට තාරකා දැක්කේ ඩයිනමයිට් එක එහෙම දැක්කා නම් මාව කම්මුතු කරනවා. එහෙනම් එහා ගෙදර උන් එනවා මට බේත් දාන්න අම්මපා... මම අමාරුවෙන් ෂර්ට් එක ගලවලා දාලා තුවල අත අල්ල ගත්තා.... හිතුවට වඩා වැඩේ අවුල්ද මන්දා..... එක පාරටම කාමරේට කඩාගෙන තාරකා ආවා. යකෝ හදිච්ච පිරිමි ළමයෙක් ඉන්න කාමරේකට මෙහෙම එනවාද? විලි ලැජ්ජාවේ බෑ. ඇඟේ ෂර්ට් එකක්වත් නෑ..... කෙල්ලගේ අතේ පුංචි බේසමකුයි බේත් පෙට්ටියයි... මෙයා මේ කඩි කාලා වගේ දුවගෙන ආවේ මට බේත් දාන්නද?
"මේ මොනාද තෙනුර ඔයා කර ගන්නේ..." ලෙලිගිය අත එයා කරකවලා බලලා ඇහුවා...
"මම හිතලා කරගත්ත ඒවා නෙවෙයි හලෝ".
"මොනා කරන්න ගිහින්ද?" තාරකා පුළුං කෑල්ලකට වතුර ටිකක් අරං අතේ තිබ්බා.. මට තරු විසි උණා....
"ඌයි...."
"ඌයි තමයි... හොඳටම තුවාල වෙලා"
"රිදෙනවා ඕයි..."
"කොච්චි මිරිස් ගාන්න ඕනේ.... එක තැනක එක විදියකට ඉන්න බැරුවාට"
"මේ මේ... ඇති ඇති..." අම්බානකට දැවිල්ලයි. අර හනුමාගේ නැට්ට ගිනි තියලා වගේ දැවිල්ලට දුවන්නමයි හිතෙන්නේ...
"හැති නෙවෙයි.... තුවාලේ ඇතුලෙත් මඩ.... පොඩි ළමයෙක් වගේ දඟලන්න එපා" මට පොඩි ළමයි නෙවෙයි තාත්තලා මතක් වෙන්නේ.... මම දඟලද්දිම තාරකා තුවාල සුද්ද කරලා බේත් දැම්මා. සනීප නෑ දැවිල්ලයි... ඒත් කැක්කුම අඩු උනා...කකුලටත් බේත් දැම්මා.. ඒක නම් එච්චර ආභාදයක් නෑ මොකද ඩෙනිම් කටුව තිබ්බ නිසා ලෙල්ල හොඳට ගියේ නෑ....
"මොනා කරන්න ගිහිංද මේවා උණේ..?"
"සෙල්ලම් කලා..."
"කාත් එක්කද?"
"තනියම"
"පිස්සුද?"
"ටිකක් වගේ...." තාරකා බේත් පෙට්ටිය අරං නැගිට්ටා....
"මීට පස්සෙ පිස්සු වැඩ කරන්න එපා..." බලාපලකෝ මාව සින්නක්කරේටම දීලා වගේ නේ මෙයාගේ කතාව
"හරි හරි.... බේත් දැම්මාට එන ආත්මේ පුළුං කෑල්ලක් හරි ඩෙටෝල් බෝතලයක් හරි වෙලා ඉපදේවා..." මගේ කතාවට තාරකාට බකස් ගාලා හිනා ගියා....
"එහෙනම් ඔයත් තුවාලයක්ම වෙලා ඉපදේවා..." ඇනේට වඩා නම් තුවාලේ හොඳයි.
"ඒ මොකද?"
"තුවාලෙටනේ පුළුං ඩෙටෝල් ඕනෙ වෙන්නේ..." එහෙම කියාගෙන තාරකා කාමරෙන් එළියට ගියා. බේත් දැම්ම දණිස්සෙන් උඩට රෝල් කරපු ඩෙනිම කකුල සීරුවෙන් පල්ලෙහාට දාගෙන මම ඇඳේ හාන්සි උනා.... හෙට මම මොකද කරන්නේ ...? මම යනවාද නැද්ද... ඒත් ගියොත් සීන් එක ලේසි වෙනවා... පලාත සෙට් උණාම මට තනියම හරි යන්න පුළුවං ගේමක් නැතුව. අනික භානුකයාගේ සීන් එක මට අළුත්.... මට හිතෙනවා එතනත් මොකක් හරි සම්බන්දයක් තියනවා කියලා මේකට.... ලිහිණිට නැතත් තාරකාට හරි. අනේ මන්දා මේවා හිතනකොට මගේ මොලෙත් කචල් වෙනවා.
"පොඩි අයියේ.... අනේ පොඩි අයියේ........" ඩයිනමයිට් එක නේද අර කෑ ගහන්නේ....
"ඇයි.....?" මම ඇඟේ අමාරු පැත්තකින් තියලා ඒ පැත්තට දුවගෙන ගියා.....කට්ටිය ඔක්කොම කුස්සිය පැත්තේ ඉඳං ලොකු අවුලක්
"මොකද මේ....." මම කට්ටිය එහාට මෙහාට කරලා බැලුවා. මාමා තාරකාව පොඩි එකෙක්ව වගේ හරහාට වඩාගෙන....මම ටක් ගාලා ඒ පැත්තට පැන්නා.
"මොකද වෙලා තියෙන්නේ මෙයාට...." මට මාර අවුල්... මේ මොනා වෙලාද මේ යසට හිටපු කෙල්ල... තාරකා කෙඳිරිත් ගානවා...
"කොච්චර කියලා තියනවාද කළුවර වැටුණාම රෙදි හෝදන්න ලිඳ ලඟට යන්න එපා කියලා... දැං කරදර මදිවට කරදර..." නැන්දා හෝ ගාල බනිනවා..... මම මාමාත් එක්කම තාරකාව වෑන් එක ලඟට ගෙනිච්චා...
"මාමේ පොඩ්ඩක් ඉන්න මම ඇඳුමක් දාගෙන එන්නම්..." මම කාමරේට දුවලා ඇඳගෙන ගිය ටී ෂර්ට් එක හෙව්වා.. ඒ ටිකට ඒක චුත වෙලා... පස්සේ තිබ්බ ඇඳුමක් දාගෙන මම වෑන් එක ලඟට යන්න ලෑස්ති උණා...
"අනේ පොඩි අයියේ.... ඔයාගෙද මේක" ඩයිනමයිට් එක මගෙන් අහගෙන ඇතුලට ආවා.
"ඔව්නේ ඕක තමයි හෙව්වේ... දැං ඉන්න විදියක නෑ මම යනවා..."
"තාරකා අක්කා ලිඳ ලඟ වැටුනේ මෙන්න මේක හෝදන්න ගිහින් කියලා විතරක් මතක තියා ගෙන යන්න" ඩයිනමයිට් එකේ කතාවට මගේ වේගේ මන්ද ගාමි උණා...
"මොකා............" හත්දෙයියනේ... මේ කෙල්ල මගේ ඇඳුම හෝදන්න ගිහින්ද වැටිලා තියෙන්නේ... ඒක තව පොඩ්ඩෙන් මිස් උණානම් ලිඳ ඇතුලේ.... මම මේ තරම් පව්කාරයෙක්ද අප්පා... මම වැඩි වෙලා කල්පනා නොකරම අඩියට දෙකට වෑන් එක පැත්තට දිව්වා... ඒත් හඳුන්පොතේ භාගෙකට අංශභාගේ හැදීගෙන එනවා වගේ මට දැනෙන්න ගත්තා......
Subscribe to:
Post Comments (Atom)


10 comments:
apoy thareka pawu ane,, ilange kotasa enekan balan innewa :D
GLimmer Girl
Onna ada mama thamai issellama comment kale
:)
Niyama kathaawa. Hamadaama balaagena inne athuth part eka daanakam.
"One part per day, keeps the doctor away"
hik... hik...
තාරකාට යකෙක් ගහලද ?
පව් අයියෝ......
"තුවාලෙටනේ පුළුං ඩෙටෝල් ඕනෙ වෙන්නේ..."
Hehe .. onna boruwa aththak wenna yanne .. :D
hurrahh ... ada palaweni comentuwa magenda manda .. :D :D ... magea kidniyata meter wena widihata .. tharakai lihinie twinsla wenna ona ... hikzz ... matath dan yamak kamak therenawa ... :D
එල එල.. දැන් වත් මූට හිතෙයිද කියලා බලමු.....
හෑ...මේ මොකද බොලේ එක දිගටම පෝස්ට් දාන්නෙ? සතිඅග නිවාඩුවට මොකද වුනේ? හැබැයි නොනෝ, එකදිගටම ලියලා අසනීප නිවාඩු ඉල්ලනවා එහෙම නෙවෙයි.
දෑන් මේ මොකද උනේ. මේ කෙල්ලගෙත් වෑඩ.තාරකා නම් බොක්කෙන්ම ලව් වගෙ නේ පෙන්නේ. හ්ම් හ්ම්.. මයියගෙත් වාසනව.
දුවපන් කොල්ලො උබට තාරකා වගෙ එකක් දිව්ය ලොකෙ හෙව්වත් හම්බවෙන්නෙ නෑති වෙයි.
මරු මරු ,
ටිකක් ඉක්මනට ලිව්වොත් නේද හොද?
Thawa tikak digata liyanna ko appaa
Post a Comment