Monday, October 25, 2010
83 කොටස
ලණු උණත් වැඩි පුර කෑවාම අපස්මාරය හැදෙනවාලු.... ඔය අශාන් කාරයාගෙ කතාවත් ලණුවක්ද කියලා සැකයක් තියනවා.... අළුතෙන් හොම්බ දැම්ම හසංකයා ගැන මට එච්චර පැහැදීමක් නම් නෑ... ඒත් හත් දෙයියනේ අපේ ලොකු ඩයිනමයිට් එක බෝරේ දාන්න කැමති මූටනේ... උගේ පවද පිනද නම් මට තේරුමක් නෑ හැබැයි මගේ නම් අන්තිම නරක දසාවක් කියලා නම් බුදු ෂුවර්... මම එහෙම කලපනා කර කරම අශාන් කාරයාව බයි පාස් කරගෙන ආයෙ ගෙබි ආත්මයක් වගේ ගෙවල් පැත්තට හැරුණා. ටික දුරයි යන්න හම්බ උණේ.... ඉස්සරහාට මෙන්න ඩයිනමයිට් එක දුවගෙන එනවා.....
"කොහෙද ඕයි මේ බෙල්ල කඩාගෙන දුවන්නේ.....?" ඩයිනමයිට් එක බැල්ලියක් වගේ හති දානවා දිවත් එළියේ දාගෙන....
"අම්මයි අක්කයි මෙතනින් ගියානේද?"
"දැං...?" මේකිට පිස්සු ඉස්මෝල්ලේවත් ගිහිල්ලද?
"දැං නෙවෙයි ඕයි දැං ටිකක් වෙලා....... "
"එහෙම කියනවාකෝ..... තමුසේ හිතුවද මම ට්‍රැෆික් පොලිසිය කියලා... මේ පාරෙන් හැරෙන වාහන මතක තියාගන්න....."
" මේ මට ඕවා වැඩක් නෑ අම්මයි අක්කයි ගියා ශ්‍රියා නැන්දලෑ ගෙදර දානෙට ... මම ටක් ගාල අරයා හම්බ වෙලා එනවා... අනේ පොඩි අයියේ තාරකා විතරයි ගෙදර...." ඉතිං මට මෙයා මොනාද කරන්න කියන්නේ....
"ඉතිං..."
" ඉතිං කියන්නේ ඒ පැත්තට යනවකෝ මම පැය හාගෙන් එනවා.... "
" මේක මාර සෙල්ලමක් උණානේ..... "
"අනේ මගේ හොඳ අයියානේ...." බුදු අප්පොච්චියේ මේ කෙල්ලොන්ට බටර් එක ගාන්න පුලුවං පාන් පෙත්ත පෙඟෙන්නම..... අපිත් ඉතිං පොරවල් වගේ හිටියාට මේ මායම් වලට මදි නොකියන්න අහු වෙනවා.... මොනා කරන්නද සම්ප්‍රදාය වෙනස් කරන්න බෑනේ..... දැං අනිත් එක්කෙනාගේ තනියට ගෙදර ගියා කියමුකෝ... එය දෙන්නේ බටර් විතරක් නෙවෙයි ජෑමුත් ගහල පෙත්ත පෙගෙන්නම.... ඉතිං ගිලපංකෝ.... මම මොකුත් නොකියා ගේ පැත්තට හැරුණා....
" ඔයා නම් ගොඩාක් හොඳයි පොඩි අයියේ..."
"යනවා යනවා... යන තැනක ගිහින් එනවා... පැල වෙන්නේ නැතුව" ඩයිනමයිට් එක මට දිවත් එළියට දාල ඇද අරගෙන යන්න ගියා... මම ගේ පැත්තට හිමින් සැරේ පා උණා.... ඉස්සරහා දොර වහලා තිබ්බ නිසා මම පිටිපස්ස දොරෙන් ඇතුල් උණා.... ගෙ ඇතුල මාර පාළුයි. මම ඩයිනමයිට් එකේ කාමරේට එඹුණා.... තාරකා එතන නෑ..... වැඩිය ගෑනු ලමයින්ගේ කාමර අස්සේ හොම්බ දාන එක හැදිච්ච කමට අවුලක්නේ.... මම මගේ කාමරේට ගිය දඩාං ගාල දොර ඇරගෙන.....
"තාරකා.................." මම ගල් උණා.... මෙයා මොනාද මගේ කාමරේ කරන්නේ...?
" කෝ ඔයාගේ ඉකෝන් පොත....." මලා... ඔය එක පොතක වත් මම හරියට මොකවත් ලියාගෙන තියන එකක්යෑ
"ඉකෝන් පොතක් කියලා නෑ ඔක්කොම එකටනේ මම ලියන්නේ,, ඔයාට මොකටද?" තාරකා මගේ දිහා බලාගෙන හිටියා.....
" නැහැ.... මම බැලුවේ ඊයේ මම අඬලා අඬලා ලියා ගන්න බැරි උණ ඒවා ඔයාගෙන් බලාගෙන ලියා ගන්න....."
" තාරකා.... මම ඔයාට ඇත්තම කියන්නද?"
" මොකද්ද තෙනුර....."
" මම කිසි දවසක කිසිම නෝට් එකක් ලියලා නෑ"
"ඔයා හිතන්නේ මම ඒක දන්නේ නෑ කියලාද?" තාරකා හිනා වෙලා මම ඔක්කොම ලියන එකම පොත අරගෙන මගේ කාමරෙන් එළියට ගියා..... වස නොණ්ඩිය
" ඕක මට දෙන්න තාරකා.... මාව විහිළුවක් කර ගන්න එපා..." මට තද වේගෙන ආවා
" ඔයා ලෝකෙට ලොකු විහිළුවක් වෙන්න නැතුව බේර ගන්නයි මට ඕනේ..... ඔයා මාත් එක්ක මේ දවස් ටික පාඩම් කරන්න ඕනේ....."
" මට ඔය පාඩම් අල්ලන්නේ නෑ... |ඒත් ඔයාට උදව්වක් කරන්න පුළුවං දෙයක් කරන්නම් දැං මගේ පොත දෙන්න"
"නැහැ..... පාඩම් කරන්නම ඕනේ....."
" මොකද්ද ඔයාට තියන ප්‍රශ්ණේ..... මගේ වැඩ වලට බකට් දාන්න හදන්න එපා..."
" මම බකට් දැම්මේ නෑ"
"එහෙනම් ඔය පොත දෙනවා...." තාරකා හිනා වෙලා ගිහිල්ලා ඇදේ වාඩි උණා
"මේ පොතට මොකද්ද මෙච්චර තියන ආදරේ...... " තාරකා පොත පෙරලන්න ලෑස්ති උණා. පොත පෙරළුවොත් මට වහ කන්න වෙනවා. මම පැන්න ගමන් පොත උදුර ගත්තා
"අනේ ආ........ව්" එක පාරටම තාරකා අත අල්ල ගත්තා... අප්පට සිරි මෙයා ලෙඩා දුකා කියලා අමතක උණානේ.... පෑරුණාද මන්දා..... තාරකා අත බදාගෙන අඬන්න ගත්තා....
" සොරි......"නිකන්ම මට ඒක කියවුණා....
"රිද්දලා කොහොමත් ඔයාට පුළුවං සොරි කියන්න තමයි...."
" මම හිතලා රිද්දුවේ නෑනේ"
" හිතලා වැඩ කරනවානම් රිදෙන්නේ නෑ තමයි"
"ඔයාට මොකද වෙලා තියෙන්නේ...උදේට හොඳට ඉන්නවා දවල් වෙනකොට යකා මාක්.... මම මොනා කලාටද" මටත් තරහා යන එක සාදාරණයි මම හිතන්නේ....
" මම මේ හැමදෙයක්ම කරන්න හැදුවේ ඔයාගේ හොඳට... ඒත් ඔයයි නපුරු වෙන්නේ..."
"ඔව් මම නපුරුයි..... කතාව ඉවරයි..... "මම ආපහු හැරුණා... යකෝ මේක කෙල්ලන්ට ගිය රට... අනේ ඇත්තමයි මීට පස්සේ නම් කිසිම කෙල්ලෙක්ට අනුකම්පා නම් කරන්නේ නෑ මලත්....මම එහෙමම ඇවිල්ලා ඇදේ හාන්සි උණා........... මේ පොත පිටිපස්සේ තියන ඒවා එයා දැක්කා නම් එහෙම ..... මම පොත දිග ඇරලා බැලුවා.....
සඳටත් හොරෙන්
හිරුටත් හොරෙන්
කාටත් හොරෙන්
මම එන්නද ඔබේ තුරුලට
ඇස් දෙක පියා ගෙන හිටියාම
ඔබේ උණුසුම වැඩි කමට
කල්පාන්තය කෙලවර
වෙනවා වගේ දැනේවි.
මෙතෙක් නිදි වැරුණු ඇස් දෙකට
නින්ද ඇවිදින් තට්ටු කරාවි'
මේ කවිය මේ කාමරේ බිත්තියේ ලියලා තිබුණ එකක්...... ඒත් මගේ හිතට ඒක මාර විදියට තට්ටු කලා.... කවදාවත් කවියක් ඇහැටවත් දැකලා නැති මට මේක මෙච්චර ලං උණේ ඇයි කියලා මම දන්නේ නෑ.... මම මේ වචන ටිකට ගොඩාක් ආසයි. මගේ ඇස් දෙකටත් නින්ද ඇවිල්ල තට්ටු කරනවා නම්..... දඩාං ගාල වලං පෙරලෙන සද්දක් ඇහුණා.... මාව උඩ විසි වෙලා බිම වැටුණා..... හත්වලාමයි.. හොර බැළලියක්වත් අපේ කෑම පෙරළගෙන කනවාද? මම ඒ පැත්තට ගියා.... ඒත් තාරකා මේසේ උඩ ඉඳගෙන අමාරුවෙන් වමතින් හැන්ඳක් අරං බත් කන්න ලෑස්ති වෙනවා.... ඇස් වලත් කඳුළු... පව් කියලාත් හිතෙනවා....
" ඔහොම කන්න බෑනේ...." මට එහෙම කියවුණා
" මට පුළුවං....." හැන්දට දාගන්න බත් ටික කට ලඟට ගෙනකොට හැලිලා.... දෙපාරක් තුන්පාරක්ම එහෙම කරල හැන්දත් එක්ක පොලේ ගහලා දාලා හයියෙන් ඉකි ගන්න පටන් ගත්තා.... මගේ හදුන්පොත ඇවිලිලා ගියා.... මේ කෙල්ල මොන තරම් අසරණද? මම මේසේ ලඟින් වාඩි උනා....
"මේකලා එනකන් ඉන්න බැරි වෙයිද තාරකා....." තාරකා ඇස් වල කඳුළු පුරෝගෙන මා දිහා බැලුවා.....
" මට බඩගිනි නෑ... මට කවුරුත් එනකන් ඉන්න ඕනේ නෑ" තාරකා එතනින් නැගිට්ටා. ඒ යන වේගේ මම නවත්තන්න ගියේ නෑ... ඒකට බැරි වෙලා හරි අත දාලා නවත්තගන්න හැදුවා නම් මට යන්න වෙන්නේ ඇක්සිඩන්ට් වෝඩ් එකට තමයි. ට්ක වෙලාවක් ඇරලා මම බත් පිඟානත් අරං කාමරේට ගියා... තාරකා කොට්ටෙට මූණ තද කරගෙ අඬනවා....
" තාරකා.................."
" මට කතා කරන්න ඕනේ නෑ........." බලාපල්ලාකෝ මෙයාගේ තියන ආඩම්බරේ.... මේ වෙලවාට තමයි හිතෙන්නේ බත් පිඟාන ඔලුවේ හලන්න.... ඒත් අසරණ උණාම මල පනිනවා නම් තමයි... මට වෙලා තියෙනවානේ
"කතා නොකලාට අවුලක් නෑ... කට ඇරියානම් හරි" තාරකා මාදිහා බැලුවා... මම පොඩි සයිඩ් එකට හිනාවක් දාල ගිහින් එයාගේ පොත් මේසේ පුටුව ඇදලා ලඟින් වාඩි උණා.
"මට බඩගිනි නෑ"
" මේ මේ බයිලා නැතුව කට අරිනවා.... ඩයිනමයිට් එක එහෙම ආවොත් මගේ පටි පාස්සන්න වෙනවා"
" මට කාටවත් කරදරයක් වෙන්න ඕනේ නෑ..."
" කට වහගෙන ඉන්නවා..."තාරකා හිනා උණා.... මේ කෙල්ලට පිස්සු මාන්දමද මන්දා..... දැං පොර කිකිළි වගේ මාත් එක්ක එල්ලි එල්ලි ඉදලා දැං ආයේ හිනා වෙන්න ගත්තා
"කට වහගෙන කොහොමද තෙනුර කට අරින්නේ...?" ඇත්තම නේන්නම්.... සක්‍රයාගෙන් ඉල්ලන හිටපු එකක්නේ මෙයාගෙන් ඉල්ලලා තියෙන්නේ ... මටත් ටික වෙන්න හිනා ගියා.....
"හරි කතා නොකර කර අරිනවා....." තාරකා කට ඇරියා.... මම බත් කටක් අනලා කටට දැම්මා..... කවදාවත් මේවා කරන්න හිතාගෙන හිටපුවා නම් නෙවෙයි.... ඒත් තමන්ගේ හිතට ලහම කෙනෙක් වෙනුවෙන් ඕනේම දහජරා වැඩක් කරන්න පුළුවන් පපුවක් කොල්ලාට තියන බව නම් මම දන්නවා.
" මට සමා වෙන්න තෙනුර...."
" ඒ මොකටද?"
" ඔයාට මම නපුරුයි කිව්වානේ"
" ඒක ඉතිං මට ගොඩාක් අය ගොඩාක් වෙලාවට කියන දෙයක්..... ඒකේ අවුලක් නෑ"
"ඔයා නපුරු නෑ" තාරකා හිනා උනේ තවත් කටක් මගෙන් කන ගමන්
" මම ඒක දන්නේ නෑ.... "
" ඔයාගෙ හිත ගොඩාක් හොඳයි" දැං මේ යන්නේ තව බටර් පාරක්ද මන්දා
" ඒක හොඳ දෙයක් නෙවෙයි "
" ඇයි......"
" හිත හොඳ වැඩි උණාම හැමදාම බඩ වෙනවාලු" තාරකා හිනා වෙන්න ගත්තා..... ඒ හිනාවටනම් මම පැලෙන්න ආසයි
" ඉක්මනට කනවා ඕයි...." හිනාව නැවතෙන පාටක් නැති නිසා මම කෑ ගැහුවා
" නෑ නෑ ඉක්මන් වෙන්න ඕනේ කමක් නෑ... ඔහොමම කන්න...... හදිස්සි උණොත් හිර වෙන්න පුළුවංනේ" අප්පටසිරි... ඩයිනමයිට් එක නේද... ලෝක නෝණ්ඩිය..... දැං ඉතිං මට වෙන්නේ පුටුවෙන් බිමට පැනලා හරි සිය දිවි නසා ගන්න.......
Subscribe to:
Post Comments (Atom)


18 comments:
ආවා ආවා ආවා..... බලාගෙන ගියාම පොරොන්දු ඒ විදිහටම ඉෂ්ඪ කරනවානේ? නරකද ඡන්දේ ඉල්ලුවොත්? LOL :D
අම්මෝ ඇති යන්තං...
අද කථාව දාලා....
හැමදාම ඇවිත් හැරිලා ගිහින් මේ පැත්තෙ එන එකත් එපා වෙලා හිටියෙ.
ස්තූතියි අද කථාව දැම්මට
එල නැන්දේ එල...
Ammmoo kiyala wedak nee onna ada kathawa dalaaaa.mamath mee dawas tikee ewilla aii herila giyaaa kathawa nethi hindaaa.....niyamai akkkee.....annee kathawa danna parakku karanna epaaaaa,,, api balagena innawa...
<<>>
අම්මෝ ඇති යන්තන් ආවා. තව දවස් 2-3ක් ගියානම් කතාව මුල ඉදන් කියවන්න වෙනවා ඉක්මනට. ඊලග කෑල්ලත් ඉක්මනට දාමු.
Ammo! athi yaanthan kathaawa daala.
Dan nam story eke aadare waahenawa
:)
බොහොම ස්තූතියි. විබාග කටයුතු සහ සෞක්‍ය තත්වය හොඳ යෑයි සිතමි.
ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම දාමු නේද?.
ELA KIRIYOOOOOOOO
Kooooooo ithin thama nane 84. dan re 11.50 :(
Me wade mehemanam karanna be..
mala .. amiyata uneath ara katada wechcha wadea ... thank you wewa ... kathawa dammata ... obata jaya saha sathuta ... :D
man me kathawama 1 husmata kiewwa,83kma,ath kathawa iwara ne,,dan nam dukai ane ikmanta liyannako..1 digata kiyawanawa wageda dawasa gane balan inna1.....ane digatama liyanna..harima lassanai,,ara ABEETHA aiya kiwwa wage api pothak gahamuko...well done akki!
man eye idan kiawanne,danui iwara une!
eyeth comment kala 23episode 1ta.
Man Esha
කතාවයි කොමෙට්ස් ටිකයි ඔක්කොම කියෙව්ව අන්තිම 3නේම. පිස්ස මේ අවකාශෙ පැත්තෙ ආවෙ අද හුඟ දවසකින්.
කතාව ගැන නම් කුමන කතා ද.. ඒක ඉතින් උපරිමයි..
දුලෝ දැන් සනීපද ?? කතාව නොදැම්මට කමක් නැහ.. සතියකට පාරක් දාල හරි විභාගෙ වැඩ ටික ගොඩ දා ගන්න. සුබ පතනවා...
අපි ඉතින් හැමදාම ඉන්නවා ඔයත් එක්ක.
අනේ අම්මේ ඔන්න කථාව දාලා. මම අදයි දෑක්කෙ.
මයියාටත් එල වෑඩෙනෙ උනෙ දෑන්, දෑන් ඉතින් ඩයිනමයිට් එක කියන ඔනෙම දෙයක් කරන්න වෙනවා.
Me wadenam hari yanne ne.... action ekak gannama wenawa..
ai yako, dawasak dammoth sathiyak niwadu... :(
podi wihiluwak kale.. makak ne kamak ne.. exam eaka hodata kara ganna.. mokadda exam eka? montisori vibhageda?
ඔය තියෙන්නෙ, ලස්සනට ලියලා. මගේ කලින් කොමෙන්‍ටුව ඉල්ලා අස්කරගන්නවා. අවුලක් නෑ, පාඩම් අතපසු කරගන්නෙ නැතුව, ඉඩ තියෙන වෙලාවට ලියන්න. අපි නං , හැමදාම පුරුද්දට වගේ ඇවිත් යනවා.
mona mugulak da ?? 84 Ko...
danna berinam nawathwana wako....
mona tharam asawenda meke balanna enne ..
ඇනෝ-මවුස්, කට,කට. ඔහොමද, වැදගත් ගෑණු දැරිවියකට කතාකරන්නෙ. මල පනිනවා නං තමා, ඒත් මොනවා කොරන්නද මීයෝ, මේ නෝනෙ කරන්නෙ සමාජ සේවයක්නෙ.
Post a Comment