Sunday, October 10, 2010
79 කොටස
අප්පටසිරි... මාව දාල වෑන් එක අශ්ව වේගෙන් යනවා නේද? මම අච්චර කියලත් මාමා යනවානේ ලෑල්ල්ට පාගලා... එක අතකින් මම එනකන් බලං ඉන්නාවාට වඩා ඉක්මන් කරපු එක හොදයි.එත් තාරකාට එහෙම දෙයක් උනේ මම නිසා කියලා දැන දැනත් මට යන්න බැරි වෙච්ච එක ගැන නම් අම්බානකට දුකයි. මම දුක් උණා කියලා කෙල්ලට සනීප වෙනවෑ... ඇත්තම කියනව නම් මම එක වචනෙක දෙයක්වත් නොකියා මොනාට මේ කෙල්ල මේ රෑ මගේ අර හඩු කබාය හෝඳන්න ගියාද? එක අතකට පැහිච්ච වැඩ කරන්න ගියාම ඔහොම දේවල් වෙන එක සාදාරණයි. හැබැමට මට හිතෙන විදියට මම තමයි මෙ හැම දේටම වග කියන්න ඕනේ
"මොකද මයියා මේ අවුල් වෙලා... මූණත් එක්ක කළු වෙලා..." ලොකූ මාව අතින් අල්ලලා ගේ ඇතුලට ගත්තා.... මම ඉතිං එච්චර සුදු එකෙක්යෑ කලූ වෙන්න...කමක් නෑ මෙයාට පේන විදියනේ... හතලිස් ඇදිරිය.
"එහෙම දෙයක් නෑ... මාමා මම එනකන් ඉන්නෙ නැතුව ගියානේ..." ඇත්තම කිව්වා............... කොල්ලාට ඇත්ත කියන්න නිර්මාණශීලි වෙන්න ඕනේ නෑනේ....
"තාරකා හිටියේ සෑහෙන්න වේදනාවක.... අනෙ කෙල්ලගේ දකුණූ අතමයි අල්ලන් අඬුවේ..... විභගෙටත් තව මාස කීයද?"
"ගේමක් නෑ ලොකූ එයාට අවුලක් නැතුව ඇති.... "
"මොනා කරන්න ලිඳ ලඟට ගියාද මන්දා... මේ මහ දවල්ටත් ලිස්සනවා එතන.... අනික තාරකා මාත් එක්කමයි ලිඳ ලඟ රෙදි ටික හේදුවේ... මම ඔයාගේ ෂර්ට් දෙක තුනකුත් හෝදලා අද වැලට දැම්මා....
"හවස...?"
"ඔව් මයියා... අපි හන්දියට ගිහින් ආවට පස්සේ.... අනේ මන්දා නරක වෙලාවක්ද කොහෙද?" නරක වෙලාව නම් අන්තිම නරක මට .... ඒත් ඒකට තාරකා මොනා කරන්නද?
"මම යනවා කාමරේට...."
" තමුසෙගේ අතට මොකද උනේ...?"
"මේකද?"
"ඔව්... මේක මේ පොඩි පහේ සීරීමක්...."
"සීරීමක්...?, මොනා වෙලාද?"
" අද ක්ලාස් ඇරිලා එනකොට...."
"ඉතිං..."
" මගේ මූනේ වාසනාව බේරෙනවා කියලා එකෙක් මාව හූරලා බැලුවා..."
"මොකා ... ඒ මොකටද?
"නෑ හූරලා එකම විදියේ සලකුණු තුනක මතු වෙයිද බලන්න.... "මම එහෙම කියාගෙන එතනින් මාරු උණා.... ලොකුත් ඉතිං අපේ නැන්දාගේ දුව වෙච්චි ලේසියකින් ගැල වෙන්නද?
තාරකාව ආපහු ගෙදර එක්ක එන්න පැය හතරක් විතර ගියා රෑ 11ට විතර වාහනේ ගෙදරට ආවා. මමත් නිදාගන්න ට්‍රයි කලාට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. එන්න එන්නම පරක්කු වෙද්දි හිතට දැණුනේ අමුතු දෙයක්... කියා ගන්න බැරි විදියට හිත ගැස්සිලා තිබුනා...වෑන් එකේ සද්දේ ඇහෙනකොට මම ඇඳෙන් පැනල ඒ පැත්තට දුවගෙන ගියා.... එච්චර කුතුහලයක් කිසිම දෙයක් වෙනුවෙන් මට මීට ඉස්සල්ල කිසිම දේකට තිබිලා නෑ. මම වෑන් එක ලඟට යනකොට නැන්දා තාරකාව වෑන් එකෙන් බැස්සුවා... කෙල්ල ගෙදර ඇවිල්ලා... මගේ හිත තනි අණ්ඩෙන් කස්තිරම අල්ලන්න පටන් ගත්තා.... ඒත්.... කෙල්ලගේ දකුණු අතටම ප්ලාස්ටරයක් දාලා... අප්පොච්චියේ අත කන්ඩෙම්ද? අනෙ දැං කෙල්ල විභාගේ ලියන්නේ කොහොමද? මගේ පපුව හෝස් ගාල ගියා.... තාරකා මලානික විදියට මගේ දිහා බලලා හින උණා... මට නම් හිතුනේ බෙරිහන් දීලා අඬන්න.... මේ කෙල්ල කැම්පස් යන්න මෙච්චර කැප වෙද්දි මෙහෙම දෙයක් උනේ ඇයි.
"අත...?" මම මාමා දිහා බැලුවා....
"ඔව් මාස තුනක් විතර යයි කිව්වා හරි යන්න..... සති හයකින් පෙන්නන්න කිව්වා...." මාමා එහෙම කියාගෙන ගේ ඇතුලට ගියා...
"විභාගේ...." මටත් මාර ප්‍රශ්න
"විභාගේ.... කොහොම හරි කරනවා..." තාරකා එයාගේ ප්ලාස්ටරේ දැම්ම අත අනිත් අතෙන් අත ගෑවා...
"ඔය කෙහෙල්මල් විභාග තියලා දැංවත් පිලිවලක් උණානම් හොඳයි..." නැන්දාත් එහෙම කියාගෙන ගෙට ගොඩ උනා...
"එහෙම කොහොමද නැන්දේ මම ආසයි තාරකා ඉගෙනගන්නවාට"
"ඔයා ආස වෙලා බෑනේ පුතේ.... කරන්න පුළුවං කමක් තියෙන්න එපෑ"
"එයාට විභාගේ කරන්න බැරි කමක් නෑනේ..." නැන්දා මගේ දිහා බලලා ඇතුලට ගියා.... තාරකා මා දිහා බලලා හිනා උණා... අනේ ඒත් මට නම් දැං මේ කෙල්ල දිහා බලලා හිනා වෙන්නවත් විදියක් නෑ. හිනාවක් වමාරලා තමයි ගන්න ඕනේ.... ඩයිනමයිට් එක තාරකාව කාමරේට එක්කන් ගියා... ලොකූ මා දිහා බලාගෙන හිටියා
"උඹට දුකයි නේද?" ටක්කෙටම දුකයි අප්පා... ආයේ ඒකෙ හොරයක් බොරුවක් වංචාවක් කුහක කමක් නෑ. මාරම මාර දුකයි
"දුකද අහනවා.... "
"උඹ තමයි තාරකාට ගැලපෙන්නේ මයියා..." මෙයා දන්න බම්බුව. මගේ ගැලපීම කෙසේ වෙතත් මගෙන් ගැලවුණේ නැත්නම් මගේ නීච වෙච්ච අර ග්‍රහයෝ මෙයාටත් ගේමක් දෙන්න පුළුවං. මොනා උණත් මේ මහා රෑ ගෑනු ළමයි පමණක් ඉන්න කාමරේකට හොම්බ දාන එක හැදිලා නැති කොල්ලෙකුට උණත් නව නින්ගිරියාවක් ඒ නිසා මම මගේ කාමරේට ගියා.... රෑ නින්ද නම් ගියේ නෑ.... නින්ද ගිය ගමන් දකින්නේ තාරකා ටිකිරි ලියා වගේ ලිඳ ලඟ වැටිලා ඉන්නවා.. කබර ගොයා වගේ මගේ ටී ෂර්ට් එක බලාගෙන ඉන්නවා. කොච්චර ලස්සන උණත් හීනේ අපරාදේ කියන්න බෑ උඩ ගිහින් ඇහැරෙනවා....
මම හෙට අර ගමන යන්නේ නෑ... සුමනා වගේද තාරකා... සුමනා නැත්නම් කරුණා උණත් හොයා ගන්න බැරියෑ ඒත් මේ කෙල්ල ගැන මම පොඩ්ඩක් බලන්න එපෑ.... මම සුමනා බලන්න ගිය අතරතුර මේ කෙල්ලව කොහෙ හරි ජේමිස් කෙනෙක්ට බන්දලා එහෙම දුන්නොත් ලෙඩේනේ.
යන්තම් ඉර එළිය වැටීගෙන එනකොට මගෙ කාමරේ දොරට තට්ටුවක් දානවා මට ඇහුණා. මම දොර ලඟට ගියා..... මේ පාන්දර මල පෙරේත දිශ්ටියක් වගේ ඇවිත් ඉන්නේ ඩයිනමයිට් එකනේ.
"තමුසේ ඔහොම උදේට එන්න එපා මට ණුලක් මතුරන්න වෙනවා බය වෙලා..."
"පොඩි අයියා ඊයෙ නිදාගෙන නම් නැති පාටයි"
"ඔව් ඔව් නින්ද යන්නේ නැති වෙන්න වැඩේමයි..." මේකිට හරකාට වගේ ඉව තියනවානේ අප්පා
"හරි හරි ඒවා මම දන්නේ නෑ.... ඒත් තාරකා නම් ඊයෙ නිදා ගත්තේ නෑ"
"ඒ මොකෝ මකුණොද?"
"එයාට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙලු" මලා ඒ පාර මොන මලගමක්ද දන්නේ නෑ.... එක පාරම හැම දෙයක්ම ලෝඩ් වෙන්න යනවාද මන්දා... දැං ඇත්තටම මේ කෙල්ලට මොනාද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ..... මට නම් හිතෙන්නේ මම ආයෙමත් ලෝක අමාරුවක වැටෙන්නයි යන්නේ... මේ පාර මෙහෙනුත් විසි උනෝතින් මට යන එන මං නම් චකබ්ලාස් වෙනවා... ඒක නම් මට මයියා වගේ විශ්වාසයි
Subscribe to:
Post Comments (Atom)


15 comments:
mama thamaaaa 1st!!!! ela story eka ah
දැන්වත් ඔය මෝඩයෝ දෙන්නගෙන් එක්කෙනෙක්ට අදරෙයි කියාගන්න බැරිද ??? :(
පව් තාරකා., අත ඔහොම තියන් විභාගෙ කොරන්නෙ කොහොමද?
පොඩ්ඩක් ඉවසලා ඕක හෙට හෝදල දාන්න තිබ්බනෙ.
හෙටත් කොටසක් දාන්න, පුලුවන් නම්.......... :)
අප්පේ ඒපාර මොකද මේ වෙන්නෙ??? අතක් කඩගෙනත් ලව්කිරිල්ල අත අරින්නෙ නෑනෙ මේ කෙල්ල. මොනවා කිව්වත් කොල්ලටත් දෑන් ටික ටික ලව් එක එනවා වගෙයි පෙන්නෙ. ඔක අත අරින්න එපා පුතො
නෝනේ, උඹ මේ දවස් වල මැරතන් එකක්වත් දුවනවාද? දැං කියන්න එපා, මුංට ලිව්වත් වැරදියි නොලිව්වත් වැරදියි කියලා.
දැන් නං කතාව නියමෙට යනවා. කියන තැනකට වඳිංඤ්ඤං බුදු නෝනේ. ආතල් එක නං කඩන්න එපා මයියට කියලා පිස්සු කෙලෝලා.
marinea ... adath mama tha koheda 1st comentuwa ... :D :D ... niyama kathawa dulhari ... maxxa ,,, :D x)
මම පුළුවං කමකට මෙහෙමෙ දිගටම දැම්මා නෙවෙයි. රෑ තිස්සෙ ටයිප් කරලා මේ දාන්නේ.... අමාරුවෙන් මෙහෙම කරන්නේ ඔයාලාගෙන් බැනුම් අහන්න බැරි ගින්දා..... මාව ඉතිං බේර ගන්න මයියාවත් නෑනේ.... බලන්න මෙච්චර දාලත් කියනවානෙ තව ටිකක් වැඩිපුර ලියන්න කියලා... කාට කියන්නද මේ දුක.... කවුද මාව බේර ගන්නේ....:'(
අනේ ඔක්කොටම තැන්ක් යූ.... ඔයාලාගේ කමෙන්ට් නිසා තමයි මට කරන්න අමාරු උණත් අමාරුවෙන් හරි මේක දිගටම ලිව්වේ.... ගොඩාක් ස්තූතියි
අනේ අම්මප මේ සිරිබිරිස් අයියටත් කට තියාගෙන ඉන්න බැහැනෙ....අර කෙල්ලව අවුස්සන එකමයි වැඩේ.....
දුල්,
හැමෝම කියනව වගේ දැන් තමයි කතාවෙ ගතිම හරිය....රහස් පරීක්ෂක කෑලි අඩු කරල මේ යන විදිය වඩා සාර්ථකයි...ඔහොම යං ...ඔහොම යං....
දුල්, කොහොම දැම්මත් අපි කියවනවා,
දවස ගානෙ කොටසක් දානව නම් හොදයි ඉතින්,
ඔයාට පුලුවන් විදිහට කතාව දාන්නකො :)
දුල් මෙතක් කතාව හොඳට ගලා ගෙන ආවා. පුලුවන් විදිහට ලියන්න. කිසිම හේතුවක් නිසා හදිස්සි වෙලා මේ තියන රසය හරි කතාවෙ ගලා ගෙන යෑම හරි වෙනස් කරන්න එපා. කොටස් සියයකට සීමා කරන එකත් හිතෙන් අහක් කර ගත්තොත් හොඳයි. කියවන්න පුලුවන් දෙයක් කොච්චර දිග උනත් ඒකෙ වරදක් නෑහෑ. මෙගා ටෙලියක් නොකර ඉවර කරන්න.
දෑන් කව්ද අප්පෙ මෙ දුල් ලමයට බෑන්නෙ?
අපි නම් ඉතින් ඉල්ලීම් ඉල්ලා සිටිය පමනයි.
Aney ikmanata thawa part ekak daana.
Api balaagena innawa.....
දුලෝ.... කොටස් 3ක් කියෙව්ව එක ගැම්මට... මේ වගේ දාන්න... සුදු දුලා නේ... හි හි.
මට නම් උපරිමෙන්ම මල අර මයිය එක්ක... ඇයි වදේ මේ කම්මුල් දෙකත් වල ගැහෙන තාරකා ඉද්දි... මූ නම් මහ මොන මයියෙක්ද මන්ද... ඒ අස්සෙ නැන්දල අමුතුම සීන් එකක්.... අනේ දුලෝ ඉක්මන කරමු... පින් අක්කෙ මේ කතාවට
හපෝයි ,මේ දැරිවි අපි හන්දා වෙන මහන්සියක්. ඔයෙ හිතටත් හරි නෑ, ඇයි හප්පොච්චියේ පිණිබාල සනීපයක් හදාගත්තොත් එහෙම. මං අහන්නෙ කාටදෑ කෙලවෙන්නෙ,? අපිටම නොවැ! ලඟ පාතකවත් හිටියා නං කලගුණ සලකන්න කියලා, කිරි කෝපි එකක්වත් හදලා දෙන්න තිබුනා .
කව්දෑ හැබෑටම ඔය අපේ නෝනෙට බනිනවයි කියන්නෙ? කලගුණ නැති ඈයො.
මම ඔය මයියා කොලුවාට නං උගේ අප්පුච්චා කරන්නැහේ ආදරේට කියන වචන දෙකතුනකින් සංගරහා කොලා නං තමා. එහෙම නැතිව මේ උණහපුලු පැටියාව හදාගන්නෙ කොහොමදෑ? මං කී දොහක් කීවද, දන්නා කියන කරුමාන්තයක් (මල් කැඩීම) කොරගෙන හිටු කියලා. කොහෙද මේකා හදන්නෙම "ජේමිස් බංඩාට" අඳින්න නොවැ.
ටිකිරි ලියා වගේ ලිඳ ලඟ වැටිලා ඉන්නවා.. කබර ගොයා වගේ මගේ ටී ෂර්ට් එක බලාගෙන ඉන්නවා...
බබා ඉත්තල ඉත්කොලේ ගිහින් ආවම බබාගේ තර්ත් එකත් කබල ගොයාවගේ තමා..හි.. හි.. හි.. හි... හි...ඔහොම යං නැන්දේ දිගතම...මයියා මොත්ත පැතියා..කැමති වෙන්නකෝ අල ටාලකාට...පවුනේ..
niyama kathawa akke mama asewen kiyawana digatama liyanna.....api balagena innawa.....
Post a Comment