Thursday, September 30, 2010
73 කොටස
හැම කළු වළාකුලක්ම වටේ රිදී රේකාවක්ලු... මම ඕක හොයන්න කියලා මොන තරම් දැඟලුවද? කොහෙද කවදාවත් මට කළු වළාකුලක් හම්බ උණායෑ... තාමත් හොයනවා... අපේ නිදන් හොරු දන්නවානම් එහෙම කළු වළාකුලු තියන තැන මෙලහාට ඒවත් මංකොල්ලා කලා රිදී හොයන්න... අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ සමරනායත් කරන්නේ.... මගේ හිතට මෙහෙම අදහසක් එන්න ගත්තේ හීනෙන් වගේ.... සමරනායකයාගේ ගෙදර වැඩ කරපු ගෑනිව හිර කරන්න තරම් ලොකු රහසක් ඒ ගෑනි දැනගෙන ඉන්න ඕනේ ඒ කියන්නේ තාරකාගේ තාත්තාව ස්වර්ගෙට යවන්න සමරනායකයාත් සම්බන්දයි....
"පොඩි අයියේ ඇහැරෙනවාකෝ..." ඩයිනමයිට් එක කතා කරනවා
"මොකද වදේ.... " මම ගිහින් දොර ඇරියා
" තාරකා අක්කා පඩම් කරනවාලු ඔයාටත් එන්න කිව්වා...."
"පාඩම්..." මම හීනෙකින්වත් කරන්න හිතන දෙයක්ද ඒක
" එයාට කරගන්න කියනවා අයිසේ..." මම කාමරේ දොර වහලා ආයේ ඇඳට ආවා... එයා මාර ඩයල් එකක්නෙ එයා පාඩම් කරනවා කියලා මටත් පාඩම් කරන්නලු.... මම නම් කරයි පාඩම්... ආයෙත් දොරට තට්ටුවක්... මේක මාර ඇනයක් උණානේ.... මම මල ටිකක් ආවේශ කරගෙන දොර ඇරියා... තාරකා දොර ලඟ. ආවේශෙ වාශ්ප උණා...
"පාඩම් කරමු"
"මේ වෙලාවේ මොන පාඩම්ද සිරිපාල... තමුසේ කරනවා "
"මට බෑ තනියම කරන්න... ඔයත් එන්නකෝ..." ඈ යකෝ මොන රටේද ජෝඩු දාලා විභාගේ දාගත්තේ...
"ඒක හරි වැඩක්නේ..... මීට කලින් පාඩම් කලේ මාත් එක්කද" පාඩම් කරනවා කියලා ඔය පොතක් දිහා බලාගෙන නිදාගන්න බැරියෑ... බැරිවෙලා හරි ප්‍රශ්නයක් ඇහුවොත් කියාගන්න දෙයක් නැති වෙනවානේ... ඒක කචල්
" දැං වෙනස්නේ... කුමාරි ඇන්ටි අහනවා ඔයාට අඬගහගන්නේ නැද්ද කියලා"
"ඒ මොකටද හේනක් කොටන්නද"
"නැහැ අනේ අපේ රඟපෑම..." හත් ඉලව්වයි... එහෙම එකකුත් තියනවානේ අප්පා... චාටර් අයියෝ... දැං ඒ කියන්නේ අද ඉදං සත්‍ය ප්‍රේමයේ ඇක්ටින් සමයම වෙනුවෙන් පාන්දර නැගිටලා පාඩම් කරපල්ලාකෝ, මම ඔහොමමයි... සෙල්ලම කරලා නාගත්තමයි අහන්නේ තරඟ කොන්දේසි මොනාද කියලා...
"ඉතිං ඒකේ හැටියට එකට පාඩම් කරන්නත් ඕනෙද?" මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අප්පා
තාරකා හිනා උණා... එයාට මල් හිනා මට තමයි අමු පරිප්පු..
"අපි දෙන්නා එකට ගැවසෙනකොට හොඳයිනේ තෙනුර"
" අපි දෙන්නාට එකට ගැවසෙන්න මීට වඩා හොඳ තැනක් වෙලාවක් කලාවක් ඇත්තෙම නැද්ද?" තාරකා ටිකක් අප්සෙට් ගිහින් ආපහු හැරුණා...
" ඉතිං මූණ එල්ල ගත්තේ...?"තාරකා මගේ දිහා බැලුවා
"අනේ නෑ.... ඒත් මම ආසයි ඔයාත් කැම්පස් එනවානම්" එහෙම කියාගෙන තාරකා යන්න ගියා..... මම ටිකක් කල්පනා කලා... මේක මාර ඇම්මක් තමයි.... මොනා හරි උණාම පව් කියලාමනේ හිතෙන්නේ.... කවදාහරි දවසක කාගෙන් හරි පින් අනුමෝදම් වෙනකොට තමයි සනීප වෙන්නේ.... ඔන්න ඔහෙ ඕනෙ එකක් කියලා මම මේසෙ උඩ තුනට හතරට නවලා තිබ්බ පොතත් අරගෙන සාලෙට ගියා.... තාරකා සාලේ මේසෙ උඩ පාඩම් කරනවා.... කුස්සිය පැත්තෙන් පිරිත් ඇහෙනවා.... ඩයිනමයිට් එක කාමරේ එෆ් එම් එකක් දාගෙන සිංදුවක් බෙරිහං දෙනවා.... ඉස්සරහා කාමරේ මැෂිම වැඩ කරනවා.... මාමාගේ විසිල් පාරකුත් ලාවට වගේ ඇහෙනවා..... ඇත්තම කියනවා නම් ඕව ඔක්කොම ඇහුණේ දැක්කේ අදම තමයි... අනිත් දවස් වලට මම නැගිටිනකොට මෙයාලා සීසීකඩ වෙලා.... මම ගිහින් තාරකා ලඟ වාඩි උණා... තාරකා මගේ දිහා බලලා හිනා උණා.. අර කම්බුලේ වල දැක්කාම නිදිමතට හෙන ගහලා ගියා....
" මොනාද පාඩම් කරන්නේ....?"
"අපි ගානක් හදමුද?" මම ඔළුව වැනුවා.. හැබැයි ඇත්තම සීන් එක ගානේ වර්ගඵලයවත් මම දන්නේ නැති එක
"අපි 2003 පාස් පේපර් එකේ ගාන හදමු"
"තාරකා.. ඔයා හදන්න මම ඒක බලාගෙන හදන්නම්" වැඩිය නෝණ්ඩි නැතුව ශේප් එකේ කියලා දැම්මා...
"ඔයාට තේරෙන්නේ නැද්ද?" මම විලි ලැජ්ජාව උගස් තියලා ආවා වගේ ඔළුව වැණුවා
"මම කියලා දෙන්නම්..... " මම හිතුවාට වඩා තාරකා ටිකක් වෙනස්... මම ඇත්තටම හිතුවේ මම වගේ ඇට ගෙම්බෙක්ට අවුරුදු දෙකකටත් ලං වෙනකන් ඉගෙන ගත්ත ඒවා දන්නේ නෑ කිව්වම හිනා වෙයි කියලා.. ඒත් චූටි ටීචර් කෙනෙක් වගේ මට එයා කියලා දෙනවා.. එයාට ඇත්තටම ඕනේ මම කැම්පස් යනවා බලන්න මම හිතන්නේ.... ඔන්න ඔහෙ හොඳට අහගෙන ඉඳලා නෝණ්ඩි නැතුව ඊට පස්සෙ ගාන හදනවා....
මම හිතුවාට වඩා ලස්සනට මට ගාන හදාගන්න පුලූවන් උණා... දවල් වෙනකන්ම අපි පාඩම් කලා.... යකෝ එකක් පුළුවන් උණා කියන්නේ අනිත් ඒවත් කිරි ටොයියානේ.... එළ එළ... මම හිතන්න කලින් ගනන් ටික හැදෙනවා.... ටෙලිෆෝන් එක ගන්ටාරේ වගේ වදන්න පටන් ගත්තා.. තාරකා ගිහින් හලෝ පාරක් දැම්මා.
"තෙනුර ඔයාට කෝල්?" තාරකා ෆෝන් එක මට දික් කලා.... මම එතනට ගිහින් හලෝ පාරක් දැම්මා
"හලෝ..."
"මයියා... අරංචියක්" එහා පැත්තෙන් කතා කරන්නේ බුවාද කොහෙද?
"මොකදද බං"
"එදා උඹලෑ ගෙදර ආව අර පිට සක්වල පොර"
"ඉතිං?"
"ඌ සමරනායක නෙවෙයි බං"
"එහෙනම් කවුද?"
" ඒ ඇමතියාගේ ලේඛම්ලු"
" ඌ මොනාද ඒ රෑ තාත්තා එක්ක කලේ..."
"ඒක නම් දන්නේ නෑ බං... අර අපිව අරං ආව මාතලී අයියා කිව්ව විදියට ලේඛම් කාරයා එහෙට ඇවිල්ලා තියෙන්නේ අර ගෑනිව අරං යන්න"
"මොකා... ඒ මොකටද බං ඒ?"
"ඒක දන්නේ උඹේ තාත්තා තමයි.... මොනා උණත් ඔය ගෑනි ඇවිල්ලා සෑහෙන කට්ටියක් පස්සෙ පන්නන එකියක්"
"හ්ම්ම්ම්ම්...." මටත් ඒක නම් තේරෙනවා
"තව එකක්..... ලිහිණි නම් කිසි අවුලක නෑ.. හැබැයි ලිහිණිගේ තාත්තා නම් මේ සැරේ ඡන්දේට ඉල්ලනවා කියලා මෙහෙ හැමතැනම පෝස්ටර් ගහලා නම් තියනවා..."
"ලිහිණි ගැන බලාගනින් බුවා..."
"හරි හරි මම තිතට ඒක කරන්නම්... උඹ අර ගෑනිව හොයා ගන්න බලපං"
"කොහෙන් හොයන්නද බං..."
"ගෑනිගේ ගම බදුල්ලේ.... පොඩි රබර් ඇහැක් දාල බලපං..."
"හරි..." බුවා ෆෝන් එක තිබ්බා.... මම ටිකක් කල්පනා කලා... ඇමතියා ඇයි ඒ ගෑනිව හොයන්නේ..? ඒකත් ප්‍රශ්නයක්නේ... මේවා කොහෙන් පැටලුම ලිහිලා ඉවර වෙයිද මන්දා....
Subscribe to:
Post Comments (Atom)


17 comments:
හුරේ.......... අද මම පලවෙනියා........ (එහෙම හිතනවා.... :D)
දිගටම ලියන්න හොදේ......... good luck සුදු අක්කියෝ......
"මම ලියන ඒවා මෙලෝ රහක් නැති වේගෙන එනවා වගේ මට දැනෙනවා.... ඒකනෙ කමෙන්ට් 4කට අද සීමා වෙලා තියෙන්නේ.... හැමදාම පෝස්ට් දාන එකත් දැං කුකුළාගේ කරමලේ වගේ වෙලා... හොඳම වැඩේ සතියට එක පාරක් පෝස්ට් කරන එක මම..."
මොකක්ද කිව්වේ...? ඔන්න ඉතිං දුල්හාරිත් වැඩ වරද්ද ගන්නයි හදන්නේ...
ඒක නෙමේ.. රට ගිහිං එනකොට ගෙනාපු ටොපී, චොකලට් එහෙම කෝ..?
චුට්ටක් පරක්කුයි...බබටත් ආසයි ජොඩු දාලා පාඩම් කරන්න...දිගටම යමෝ...
Jaya wewa!! Kathaawa maruwata yanawa.
Aney 2 parts per day oona.
:)
හි හී මයියා ජෝඩු දාලා පාඩම් කරන්න ආස නැතුවම ඇති
Mamath try karapu kale mathak wenawa .. Kellawa da gaththata passe ehema athal ekak na ... hehe .. e kale nam maru ..
mara lassani akka.. oya lassnata liyanava.. mama adamai kiuweuwe.. mula indala eka husmata serama kiyewuwa.. harima lassanani.. saththaii..............
he he shoy shoy mayya ekek apith padam karanewa wage meke kiyawanewa :D
Glimmer Girl
සමාවෙන්න ඕන කමෙන්ට් දැම්මේ නෑ කියෙව්වට පහුගිය දිගටම......
කතාව ඉක්මනට දාන එක ගැන නම් සතුටුයි........
අනේ අක්කේ, කතාව දිනපතා ඕනේ,,,,,,,,,,,,
කමෙන්ට් නොදැම්මට අපි කියවනවා, හැම දාම, ඔන්න අද ඉඳන් හැමදාම මොනවා හරි කියලාම යන්නම්කො, දිගටම ලියන්න, හොඳේ......
මගෙ අද නිවාඩු දවස... ඔයාලා නිසා ලංකාවට ගොඩ බැස්ස දවසේ ඉදං මේක කෙටුවානේ.... ඉතිං දැං අද පොඩි නිවාඩුවක් ගමු හරිද? තරහා වෙන්න එපා....
GRRRRR......RRRRR
ayyooooo.... harima asawen balan hitiye
niyamie .. eath mata therennea naththea maiya mokatada tharaka iddi lihini gana hithannea kiyala .. anea manda .. :/
අනේ මේ මයියට බැහැනෙ දැන්වත් ඔය රහස් පරීක්ෂක වැඩ නවත්තල, තාරකා එක්ක පොඩි චරිතයක් රගපාගෙන ඉන්න.....කන්නමයි ආසාව....
කෝ අනේ අද කොටස..............? :(
apoy thama 74th part eke dala na ne,, dull akki ayemath kohewath giyawathda?? :^) ane ikmante danneko anik kalle.. plsssssssssss
Glimmer Girl
Post a Comment