Tuesday, September 28, 2010
71 කොටස
වට පිට බලන ගමන් මම හෙමින්ම වත්ත පහළට පා උනා. මොනා උණත් මේක ඇවිල්ලා මරණ දඬවමක් වගේ වැඩක්. තාරකා සියඹලා ගහ යටට වෙලා පොතක් බලනවා... දකිනකොටත් ආස හිතුණා... ඒත් එහෙම කියලා නැන්දලා එක එක ඒවා හිතන්න ඕනෙ නෑනෙ...මම වැටිලා තිබ්බ සියඹලා ගැටේකින් පොඩි ටාගට් ශොට් එකක් දැම්මා... තාරකා රවාගෙන මගෙ දිහා බැලුවා. රැව්වත් කම්බුල් වල ගැහෙනවාද මන්දා.... ටික වෙලාවකින් කට පුරෝලා හිනා උණා. ඕකනෙ කියන්නේ හඳුන්පොත හිටිනවා කියලා....
" මම හිතුවේ අද දවසෙම නිදාගෙන හෙට උදේටම ඇහැරෙයි කියලා..." තාරකා පොත වහලා හිටපු බංකුවෙන් පොඩ්ඩක් එහාට උණේ මටත් එතනින් වාඩි වෙන්න කියනවා වගේ. ඕවා ඉතිං ගෑනු මායම්. මම එතනට ගිහින් ඉඳගන්නේ නැතුව ටිකක් වෙලා තාරකා දිහා බලාගෙන හිටියා. කරන කියන ඔක්කොම අමතක වෙලා යනවා...
"තෙනුර.... පොඩි බඩ්ඩක් කියන්න තියනවා..." කෙල්ල ඇස් දෙකෙන් කතා කරලා බැරිම තැන කටින් කතා කලා. මරු සීන් එක මටත් දැං ඇස් වලින් කතා කරන ඒවා තේරෙන්න අරං අප්පා.... පව්නේ මම ගිහින් ලඟින් වාඩි උණා. කවුරු හරි දැක්කොත් නම් බඩුම තමයි සැකේ ඔප්පු වෙලා වෙන්දේසිත් වෙනවා... කමක් නෑ.... කියලත් හිතෙනවා. කොහොමත් ඔටුවා උණ එකේ මෙහෙම චාන්ස් එකක්වත් වැඩ කරන එක.
"මොකද්ද බඩ්ඩ...?"
" කුමාරි ඇන්ටිලාට මාව බරක් වේගෙන එනවා කියලා හිතෙනවා තෙනුර" මම කෙල්ල දිහා බැලුවා... එයා බිම බලාගෙනම ඉන්නවා.
"නැන්දා ඔයාට මොනා හරි කිව්වද?" මට මාර දුක හිතුණා....මේ කෙල්ලට කවුරු ඉන්නවටද දුක කියන්න.
" නොකිව්වාට ඒක මට තේරෙනවා...."
"මොනාද දැං තේරුණේ...?" මම ඇස් දෙකටම එඹිලා ඇහුවා......
"එයාලා මට මනමාලයෝ හොයනවා..." බුදු අම්මේ හිනාවක් ඛ්රේක් නැතුව ආවානේ....
"ඉතිං හොඳයිනේ..." මම එහෙම කිව්වේ නම් පැහැදීමකින් නෙවෙයි. ඒත් අර ආපු හිනාවෙන්ම කියලා දැම්මා. එතකොට එයාට වැඩේ මාට්ටු වෙන්නේ නෑනෙ.
"මම හිතුවා.... ඔයාටත් ඒක විහිළුවක් වෙයි කියලා..."
"විහිළු නෙවෙයි.... සිරාවටම තමයි හොඳයි කිව්වේ..."
" මමත් ආසයි කැම්පස් යන්න..." මට ආයෙ හිනා ආවා.
"ඉතිං කවුද එපා කිව්වේ..." තාරකා හිටපු තැනින් නැගිට්ටා
"ඔයා එනකන් මම හිටියා මගේ හිත කියන දේවල් කියන්න... බලාගෙන යනකොට ඔයාටත් මම විහිළුවක්"
" නෑ නෑ තාරකා... මම එහෙම කලේ ඔයා හිනස්සන්න....එනවාකෝ ඇවිල්ලා මෙතන වාඩි වෙනවකෝ..." මම කතා කරපු ගමන්ම තාරකා එතනට ආවේ නැතත් පස්සෙ ඇවිල්ලා එතනින් වාඩි උණා. ඇත්තටම මේකි පව් අප්පා.... එයා කාටත් වඩා අසරණයි.
" අංකල් කොළඹින් යෝජනාවක් අරං ඇවිල්ලා මට"
"ආරංචියි... හැබැයි මම මාමා ගෙනාවා කියලා නම් දන්නේ නෑ"
" මට වඩා අවුරුදු පහළොවක් විතර වැඩිමල් මිනිහෙක්" මගේ ඇස් දෙක නළලෙ පදිංචි උණා. මාමාලාගේ කෙස් සුදු ඩයි වත් කරලාද දන්නේ නෑ
"ඉතිං ලොකූට කතා කරන්න තිබ්බනේ..."
"ලොකූට ඉස්සර කතා කරපු කෙනෙක්ලු... ඒත් එයා ලොකූට කැමති වෙලා නෑ..."
"ඔයාට කොහොමද කැමති වෙලා තියෙන්නේ..."
"අංකල් මගේ ෆොටෝ එකක් පෙන්නලාලු" මාර සීන් එකනේ.. හරිම අසාදාරණයි.
" ඔයා අකමැතියි කියන්න...."තාරකා මගේ දිහා බැලුවේ මාර විදියට අවුල් වෙලා.....
"මම මෙහෙට බරක් වෙලා කියලා දැනගෙනත් මම කොහොමද එහෙම කියන්නේ.....මගේ අම්මා ලඟ ඉන්නවා වගේ මට කියන්න බෑනේ අකමැතියි කියලා"
"ඒක මාර කතාවක්නේ..... අර ලෙංචිනා වගේ තමුසේ හදන්නේ එක්ස්පයර් ඩයල් එකක් බැඳගන්නද?"
"මම වෙනුවෙන් කවුද ඉන්නේ තෙනුර කතා කරන්න..." මම පොඩ්ඩක් කල්පනා කලා..... නැන්දා දැං හිතාගෙන ඉන්න විදියටම හිටියොත් කිසිම අලාභයක් වෙන්නේ නෑ. මොකද නැන්දා ඕනෙ නම් තාත්තාට කියයි. මම ආයේ එහෙ යන්නේ නෑනේ.... අනික තාරකාගේ ප්රශ්නේ ඉවර වෙනවා.... එයාගේ ජීවිතේට එයා තීරණයක් ගන්න ඕනේ.... මට තව වෙන්න දෙයක් නෑ.... තාත්තා ගෙදරින් පල නොකියා පල කිව්වාට පස්සේ මට තව වෙන්න තියන දරුණුම දේ තම පණ කෙන්ද ගහගෙන යන එක. නිකම්ම ඕක යන්න නොදී මේ කෙල්ලට උදව්වක් කරලාම යන එක හොඳයි.
" මම යනවා තෙනුර...."මගේ පිට්ටු හිර උණ කට ඇරෙනෙකන් බලාගෙන ඉඳලා බැරි තැන තාරකා ආයෙත් නැගිට්ටා....
"ඔහොම ඉන්නවා... අපි ඔය සීන් එකට ප්ලෑන් එකක් ගහමුද?"
"ප්ලෑන්?" තාරකා මගේ දිහා බැලුවා...
"තමුසෙ හැසිරෙනවා අපි අතරෙ මොකක් හරි හුටපටයක් තියන විදියට" තාරකා ඇස් දෙකක් ලොකු කරගෙන මගෙ දිහා බැලුවා...
"එතකොට..."
"එතකොට තමුසෙට එයාලට බල කරන්න බෑනේ.... මොනා හරි අසාදරණයක් වෙනුවෙන් මට උණත් උපවාසයක් කරන්න පුළුවන්නේ.... තමුසේ හොඳට රඟපාන්නත් දන්නවානේ" තාරකා යන්තම් හිනා උණා
"ඒක ඔයාට අවුලක් වෙන්න පුලුවන් තෙනුර"
"මට කිසි අවුලක් නෑ... එකම දේ ඇනයක් වෙනවා... ඒත් ඔයාගේ කතන්දරේ ඊට වඩා ඇනයක්නේ..... මෙ දැං ඉඳලා රඟපෑම පටන් ගමු"
"මට රඟපාන්න දන්නේ නෑ" ඔන්න බබා වෙන්න යනවා... මටත් ඕව තේරෙන්නේ නෑ... කෝ ආසවකට රඟපෑමක්වත් මීට කලින් කරලා නෑනේ.. සිරාවට තියා. මෙයාටත් කියලා දෙන්න උණොත් වඩේ අම්බ කචල් වෙනවා. ඒත් අමාරුවක් වෙන එකකුත් නෑ. ඔලූවෙ කෙස් ගානට හින්දි කෑලි බලලා තියනවානේ....
"මේ මේ කිඩ්නිය පාවිච්චි කරලා රඟපානවා..... හින්දි කෑලි වල ගස් වටේ යන සිංදු අත ඇරලා ගත්තාම ඔය ඕනෙ තරම් තියෙන්නේ රඟපෑම් නම්..." තාරකා හයියෙන් හිනා උණා... ඔය ඉතින් මට ඔය හිනාව නිසා නම් හිනා වෙවී මැරෙන්න උණත් පුළුවන්. තාරකා ඔයා වෙනුවෙන් මම රඟපාන්න උණත් ලෑස්ති. ඒක නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. මැරෙන්න තප්පරේකට කලින් උණත් මම බොරුවට හරි තමුසෙට ලව් කලානේ කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් වෙයි. ඔහොම යන්කෝ....
"ඔයා නම් ගිය ආත්මේ මගේ සහෝදරයෙක්ද කොහෙද තෙනුර..." තාරකා සන්තෝසෙන් කියාගෙන ගියා. මදෑ මේ කියන විදියට ගිය ආත්මෙත් ඔටුවෙක් වෙලා ඉඳලා තියෙන්නේ... අනේ සාධු.... ඔහොම ගිහින් සංසාරේ කෙටි වෙලා යන්නෙ නැතෑ...
" සමරනායක අංකල් ගැන මොනා හරි හොයා ගන්න පුළුවන් උණාද ඔයාට"
"නැහැ.... ඒත් සමරනායක නිසා තමයි මම මෙච්චර ඉක්මනට මෙහෙ ආවේ...?"
" ඒ ඇයි?"
" ඔයාට ඔයාගෙ තාත්තාගේ මරණෙ ගැන මොනාද කියනවා කිව්ව එක්කෙනා මම හිතන්නේ මම දන්නවා..."
"අනේ කවුද තෙනුර ඒ..."
" හරියට ෂුවර් නැතුව කියන්න බෑ... ඒත් මම අනුමාන කරන කෙනා එයානම් අපිට ලේසි වැඩේ ගොඩ දා ගන්න" තාරකා ආයෙත් ඇවිල්ලා මගෙ ලඟින් වාඩි උණා...
" කවුද කියන්න තෙනුර ඒ"
"සමරනායකගේ ගෙදර වැඩ කරපු ගෑනියක් මට මුණ ගැහුණා.... මට හිතෙනවා එයා තමයි ඔයාට කෝල් කරන්න ඇත්තේ....?"
"ඔයා කියන්නේ සුමනා ගැනද තෙනුර?" කිරි අප්පේ...... මෙයා කොහොමද එයා ගැන දන්නේ.....? මම කෙකරගාල බිත්තරේ දානකොට මෙන්න මෙයා ඒකෙන් ඕම්බලට් හදලත් ඉවරයි..... අනේ මන්දා මේවාට තමයි මට ගහගෙන තවත් ගහගන්න හිතෙන්නේ.....
.
Subscribe to:
Post Comments (Atom)


9 comments:
අනේ හොඳ දුල් අක්කා වගේ දවල් එක කොටසයි, ඊලඟ කොටස රෑට දානවා නේද? සති දෙකක් අපිට තිබ්බ පාළුව මැකිලා යන්න ඔයා කතන්දරේ දාන speed එක වැඩි කළොත්නම් මරේ මරු!!!
මෙන්න මේක දවල්ම දාලා. අද රෑටත් කතාවෙන් කොටසක් ඕනේ...
@Murthi +1 :D
Thawa danna .. Lassanay .. ikmanata balanna one .. mega series ekak wage
ඊයෙ රෑ කෑමට එක කොටසක් කියවලා වැඩට ගියා, මේන්න බොලේ උදේ පාන්දර තව කොටසක්. ආයි මොනවද, ඇදලා ඇරියා හිස් බඩම, එක හුස්මට. පිං සිද්ධවෙච්චාවේ!
මොකො මෙ කලින්ම දාලා තියෙන්නෙ. එ කියන්නේ දෑනුත් එකක් දානවද?? එල....
එත් මේ මයිය බොරුවට ඈක්ටින් කියලා කෙල්ල දාගන්නද කොහෙදො මෙ යන්නේ. එල කොල්ලෙක් නේ. තාරකාටත් සුමනා දන්නවා කියන්නෙ සුමනාගෙන් වෑඩක් න කියන එකද????
කෝ තාම රෑට දාන කොටස දාල නෑ නේ.... ඉස්මනට :)
ela ela
hikzz ... anea manda ... thenuraya gana mara dukak danennea ... muu mechchara help karalath tharuka sahodara part eakak dammanea ... :/ ..
Tharuka E Thenurai 2ma Ugurata Hora Beth Bonava vagea,
/Pabalu/
Post a Comment