Tuesday, September 7, 2010
67 කොටස
සිකුරා කෙසේ වෙතත් හෙනහුරා නම් මදි නොකියන්න ලබලා... ලිහිණියි තාරකායි මදිවට දැං සිරියාවතී කෙනෙකුත් ඉන්නවා... එහෙන් නංගි තව පැත්තකින් අක්කා... ඔක්කමත් හරි අර කසුන් කාරයා... මුන් ඔක්කොගෙම ප්රනශ්න සෙන්ටිමෙන්ටල් වෙනකොට මට අංගොඩ පැත්තෙන් බඩු බනිස් වෙයිද දන්නේ නෑ...
“මයියා මොකද බං කරන්නේ... ඕක හරවගෙන ගිහින් අපි ඇන්ටිව උස්සමුද?” බුවා කතාව නැවැත්තුවේ මගේ සියඹලා මූණ දැකලා වෙන්න ඇති.
“උඹට ඒ පාර හැම එකාවම උස්සන්න ඕනේද...? මට එයාව උස්සන්න කිසි උවමනාවක් නෑ. ඒත් උඹ හිතන්නේ ලහිරුවා මොකට වෙන්න ඇතිද මෙයාව හිර කරගෙන ඉන්නේ...?”
පිස්සු ඩයල් එකක්ද දන්නෙත් නෑනේ මයියා. මොලේ කරවෙන්න කලින් අපි යමං ගෙදර....” ඇත්තම නේන්නම් අපි මේ පට්ට අව්වේ ඉදං බයිලා ගහනවා.
අපි දෙන්නා ෂේප් එකේ අපේ ගෙදරට ගොඩ වුණා. අම්මා වහලා තිබුණ කෑම ටිකත් ඉවර කරලා කාමරයට වෙලා අද ඔක්කොම සීන් ගැන කල්පනා කලා...
“පොඩි අයියේ.... අද දෙපාරක්ම තාරකා කතා කලා...” නංගි කාමරේට එන්නෙවත් නැතුව කියාගෙන ගියා. බුවා මගේ දිහා බැලුවා.
“ඒ පාර තව බාල්සියක්ද දන්නේ නෑ...”
අනේ මන්දා බුවා... අත තියෙන හැම වැඩක්ම ෆෘට් සැලඩ් වෙනවා බං... කෝකටත් ඒ කෙල්ලට කෝල් එකක් ගමු.” අයේ දෙපාරක් නොහිතම මම කොල් එකක් ගත්තා තාරකාට... ඩයිනමයිට් එක එහා පැත්තෙන් කන පැලෙන්න හෙලෝ පාරක් දුන්නා.....
“හෙලෝ... යකෝ... ටෙලිෆෝන් එකෙන්වත් කනට හරියන ගානට කතා කරපන්කෝ...” මගේ කන කීන් ගෑවුනා අරයගේ හෙලෝ එකට.
“ආ... නපුරා... තමුසේ කවදද එන්නේ...?”
“තමුසේ චුත උණ දවසට...” ඩයිනමයිට් එක හිනාවෙන්න අරගත්තා...
“පොඩි අයියේ පාළුයි බං තමුසේ නැතුව රණ්ඩුවක්වත් අල්ලන්න කෙනෙක් නෑ.”
“තමුසේ විභාගේ කරනවකෝ... මම එන්නං...තාරකා එහෙම ඉන්නවද ලඟ පාත”
“ආ... ආ... දැං කොළඹට වෙලත් තාරකා ගැනද හිත්න්නේ?” ඕකනේ කරන්න බැරි. දැන් ඉතින් මේ බයිලා වලට තාල තියහල්ලකෝ...
“ඔව් ඔව් පැත්තකට වෙලා හිතන්නම වැඩේ... දෙනවකෝ එයාට...”
“ඉන්න එපෑ දෙන්න...” තාරකා මේ ටිකට කොහේ ගිහින්ද?
“කොහෙද ගියේ...?” ඩයිනමයිට් එක කොරවක්කා වගේ හිනා වෙන්න පටන් ගත්තා...
“ඇයි දැන් තමුසෙට එයා යන තැනත් කියලා යන්න ඕනේද?”
මේ බණ නැතුව කියනවා කොහෙද එයා ගියේ කියලා...”
“අත්තම්මා බලන්න...” මාව රත් වෙලා ගියා. ඇයි හත්වලාමේ මම මේ කටුස්සිට කිව්වා නේද යන්න එපා කියලා... මට කතා කරන්නත් අමතක උණා...
“දැන්ද ගියේ...?”
“දැන් පැයක් විතර ඇති... ඇයි පොඩි අයියා කලබල වෙලා වගේ...” මම ඩයිනමයිට් එක ඒ ප්ර ශ්නේ අහනවත් එක්කම ෆෝන් එක තිබ්බා.
“මොකෝ බං... පිනෝකියො වගේ නහය දික් වෙලා...”
“කියන දෙයක් අහන්නේ නෑනේ බං...” මට මල පැනලා... මම මොනතරම් ශුද්ධ සිංහලෙන්ද කිව්වේ යන්න එපා කියලා. ඕනේ දෙයක් වෙත්දෙන් මම ලිහිණි ගැන විතරක් බලා ගන්නවා.
“ඉතිං මොකක්ද දැං උඹේ හදිසි පිපිරීමට හේතුව...”
“තාරකා කොළඹ ඇවිල්ලා... සමරනායකයා තාරකාව පෙන්නලා ප්රායෝජන ගන්න බැරි නෑ. අනික තාරකාගේ ජීවිතේ උනත් පට්ට අනතුරේ.”
“උඹ කියන එක මට තේරෙනවා... අපි දැං සමරනායකගේ ඔෆිස් එක පැත්තේ යමු බලන්න...” බුවාගේ කතාව හරි... සමරනායකයා දැන් තාරකාව අරං එන්නේ එයාගේ ඔෆිස් එකටනේ... ඒත් මට තාරකා නිසා පෙට්රගල් පුච්ච ගන්න උවමනාවක් නෑ. කියනදේ අහන්නේ නැත්නම් ඕනේ දෙයක් වෙද්දෙන්
“මොනාද ආයේ කල්පනාව... වරෙං යං...” බුවා මාව ඇදගෙන නොයන්න මම යන්නේ නෑ...
“තාරකා ලොකු අවුලකට පැටෙලනවා බුවා මම ඒක හොඳටම දන්නවා...”
“අපි ඉන්නවනේ බං... එහෙම වෙන්නේ නෑ...”
මම දඩුමොණරේ තඩලගෙන පවනට පාගලා ගිහින් සමරනායකයගේ ඔෆිස් එක ලඟ බේරෙට පස්ස හරෝලා බලං හිටියා....
හවස හයත් පහු උණා. තාම කවුරුත් ආවේ නෑ... දැන්නම් මට සිරාවටම හිතෙනවා තාරකාට මොකක් හරි අවුලක් කියලා...
“බුවා කෙල්ල තාම නෑනේ...”
“ඒක තමයි මයියා....”
“මට නම් බයෙත් බෑ... තාරකාට මොකක් හරි කරදරයක්ද?”
“අපි තව ටික වෙලාවක් බලමු බං...”
අර බිල්ඩිමේ ඔක්කොම ගිහින්ද කොහෙද, සික්කත් හොඳට දිග ඇදිලා නින්දකට වගේ සෙට් උණා... වෙලාව අටත් පහුවෙලා....
“තාරකා...” මට නිකමට වගේ කිය වුණා. ඒත් එක්කම කළු වීදුරු තියෙන වෑන් එකත් භූත බිල්ඩිමට ඇතුල් කලා...
“මයියා... ඇතුලෙනම් තුන් හතර දෙනෙක් ඉන්නවා වගේ...” බුවායි මමයි හිමින්ම භූත බිල්ඩිමේ බිත්තියට හේත්තුවක් දාලා, සික්කටත් නොපෙනෙන්න ඒ පැත්තට පොඩි සක්මනක් දැම්මා... වාහනේ දොර අරිනවත් එක්කම සික්කාත් ඒ පැත්තට දුවගෙන ගියා....
“බොස් කට තද කරලා බැන්දට තවම කෑ ගහනවා...” සමරනායකයද කොහෙද ඉස්සරහ දොරෙන් බැස්සා...
“දැම්මම එළියට ගන්න එපා... ඔය ගෑනිව ඔහොමම තියලා උඹලා වරෙල්ලා... තව ටිකක් රෑ වුණාමම ඇතුලට ගමු.” සමරනායකයා ඇතුලට ගියා. උගේ කතාවේ හැටියටනම් වාහනේ ඇතුලේ ගෑණියෙක් ඉන්නවා... ඒ තාරකාද...? මගේ ඔළුව ගිණි ඇවිලෙන්න පටන් ගත්තා... මුන් තාරකාට මොනවා හරි කරලද? අනේ ඒ අහිංසක කෙල්ල මේ නරුමයාට මොනවා කලාටද? මගේ හිත ඉකිගහන්න පටන් ගත්තා.
“මයියා... උඹ හොඳටම අවුල් වෙලා බං...”
“ඔය වාහනේ ඇතුලේ ඉන්නේ තාරකාද දන්නේ නෑ බං...” මගේ වොයිස් එක බැටරි බැස්ස දහඅට වැනි සියවසේ වයර්ලස් එකක් වගේ
“අර ගල් මූසලයා එහාට මෙහාට වෙනකං ඉඳලා අපි පොඩ්ඩක් ලං වෙලා බලමු මයියා”
“මට මොකක්දෝ ගැස්මක් තියෙනවා බුවා... තාරකා කරදරේක...”
“බබා හම්බ වෙන්න කලින් ඌට කලිසම් මහලා වැඩක් නෑ බං... පොඩ්ඩක් අඩන්නේ නැතුව හිටපං... උඹ ඔහොම හිටපං... මම පාරෙන් ඇවිල්ලා අර ගෝරිල්ලාව කතාවට අල්ල ගන්නං... උඹ ඇතුලේ ඉන්න කෙනාව පන්නපං....” මම ඔළුව වැනුවා... බුවා හෙමින්ම පාර පැත්තට මාරු උණා... වෑන් එක ලඟ ඉන්න කළු තඩියා වටපිට බලන්නේ හරියට නිකං වරෙන් ගේමට කියනවා වගේ. බුවා පාර අයින දිගේ අරෑ ඉන්න පැත්තට ආවා.
“අයියේ... අනේ අයියේ... පොඩි උදව්වක්....” බුවා අරූට කතා කලා...
“ඇයි මල්ලි මොකක්ද සීන් එක...” බුවා වටපිට බැලුවා... මාත් වටපිට බැලුවා තව කවුරුහරි එකෙක් ඉන්නවද කියලා.
“මගේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියානේ...”
“ඒ මොකද?” අරූනම් පුත්තලම් බූරුවෙක්.
“අනේ පොඩ්ඩක් උදව් කරන්නකෝ... අපේ අම්මත් ගෙදර අසනීපෙන්. මට ඉක්මනට ගෙදර යන්නත් ඕනේ...” තඩියා වටපිට බලලා බුවා එක්ක මගේ බයිසිකලේ පැත්තට ගියා. බුවා යන ගමන් මගේ පැත්තට යන්තන් හැරිලා ඇහැක් ගැහුවා. මගේ පපුව ඇවිල්ලා බ්ලෙන්ඩරයක් වගේ. මම වට පිට බලන ගමන් හෙමින් සැරේ වාහනේ දොර ඇරියා. තඩියා නැවීගෙන මගේ බයිසිකලේ සර්චින්. මම තව ටිකක් වටේට රබර් ඇහැ දාලා ඇතුලේ ඉන්න කෙනා දිහා බැලුවා.
හත්වලාමයි... මේ කවුද මේ... මාව කැරකිලා ගිහිං තවත් කැරකුණා...
Subscribe to:
Post Comments (Atom)

9 comments:
67 දාලෝ....අද බබා එක....
ඒ පාර නං සුවර් එකටම ලිහිණිගෙ අම්මා..
ඔන්න මුලින්ම මමයි ආවේ
පිස්සු හැදෙන සඳ. මොනාද අප්පා මේ වෙන්න යන්නේ??? දැන්නම් මගෙ ඔලුවත් නිකන් කැරකෙනවා වගේ ....
ඉතිං හෙට වෙනකල් බලන් හිටපන්කෝ ඒ කවුද කියලා දැන ගන්ඩ...
අයියෝ.. අයියෝ ... දුල්...
බුදු අම්මො.... කවුද අප්පෙ ඒ???? තාරකා නම් වෙන්න බෑ.. අර කලින් දෑක්ක ගෑනු කෙනා වෙන්න ඈති??? කොහෙන් කෙලවර වෙයි ද කියල හිතාගන්න බෑ
මයියා නම් පව් අප්ප... ප්‍රශ්න කියල ඌට ඉවරයක් නැහ නොවැ.... මෙ ඉතින් කෝ අනික් කොටස... අය්යෝ... අදම දාමු නේ
plzz... anik eka adama danna... mehema paatakayan stress wenna hoda na... :D he he heeee...
මාරක වැලක්නේ අප්පා ...
Post a Comment