Monday, September 27, 2010
70 කොටස
මොනා කරන්න බැරි උණත් පස්ස නොබලා දුවන්න නම් පුළුවං දෙයියන්ගේ පිහිටෙන්.... ඒත් හදිස්සියේම මම හිට්ටේ ගෙදර උන් මතක් වෙලා බුවා නම් තාමත් දුවනවා.
" බුවා.... උන් අපි පස්සේ පන්නන්නේ නෑ මචං... ඔහොම හිටහං" බුවා දිව්ව වේගෙට ඛ්‍රේක් එක ගහගත්තේ තවත් කිලෝ මීටරයක් විතර දුවලා. දිවත් එලියට දාගෙන හති දාන ගමන් බුවා මගේ ලඟට ආවා.
" එත් අපි මෙහෙම ආව එක හොදයි"
"මචං ගෙදර උන්...?" මගේ පපුව කඩාගෙන ගියා.... මොන ඔරොප්පුව තිබ්බත් ගෙදර උන් මතක් වෙනකොට නම් වාවගන්න බෑ.
" මට ඒක එච්චර කිඩ්නියට දැනුනේ නෑ බං... උඹ කියනවා නම් අපි යූ ටර්න් එකක් දාල බලමුද?" මම ඔළුව වැනුවා මිසක් කතා කලේ නෑ. මම නිසා ගෙදර කාට හරි හීරීමක්වත් වෙලා තිබ්බොත් ඒක මට මාව මරනවාට වඩා අමාරුයි. අහක ඉන්න කෙල්ලෝ දෙන්නෙක් හින්දා මම කරන්නේ මගේ අහිංසක පවුලට හොන්ඩර ගානක වැරැද්දක්. වැඩි සද්ද බද්දයක් නැතුව අපි හිමින්ම ගේ පැත්තට ගෑටුවා... කළු පාට ජීප් එක අපේ ගෙදර මිදුලේ නවතලා තියනවා. එළියට වෙලා දැකලා පුරුදු ඩයල් එකක් ඉන්නවා.
"ඕයි බුවා.... අර ඉන්න හෝතම්බුවා මට දැකලා පුරුදුයි බං" බුවාත් ආයේ නෑ රබර් ඇහැ පුළුවන් තරම ඇදලා විසි කරලා ගත්තා....
"මචං ඒ අපිව අර ගෑනි එක්ක උඹලෑ ගෙදරට අරං ආපු මාතලී..." ඇත්තම නේන්නම් මේ අපිට වැඩ පෙන්නලා වෙට්ටු දාල ගෙදරට ගැස්සුව ට්‍රයිෂෝ අයියානේ.....
"ඌ මොකද බං මෙහෙ කරන්නේ...?" අපි සරුවට පාර නොපෙනෙන්නම වැවිලා තිබ්බ හබරල පඳුරට මුවා උණා..... ගෙදර මොන මල ගෙයක් වෙලාද දන්නේ නෑ....
"මම හිතනේ ඌව අල්ලගෙන අපි ගෑනිව අරන් ආව පොට් එක හොයගෙන මෙහෙ එන්න ඇත්තේ...?" බුවාගෙ කතාව හරි එහෙම තමයි වෙන්න ඇත්තේ... ගේ ඇතුලේ මොන මොන දේවල් වෙනවාද දන්නේ නෑ. මට කඩාගෙන ඇතුලට යන්න හිතුණට මෙතනින් එහා හෙල්ලෙන්නවත් ගටක් නෑ. නොදකිං යකෝ මගෙ පිරිමකම.
" අන්න බලපං කවුද එළියට බහිනවා....." කවුද බඩ තඩි කොට කැත බුවෙක් ගෙදරින් එළියට ආවා.
" බුවා ඔය සමරනයකයද දන්නේ නෑ..." මම එතනින් ඒ පැත්තට යන්න හදනකොටම බුවා මාව ඇදලා අරගත්තා.... ඒත් එක්කම තාත්තාත් ඒ පොර පිටිපස්සෙන්ම වාහනේ ලඟට ආවා. මොකක් නමුත් මොකක් හරි ලොකු දෙයක් වෙලා තියනවා. අඩුම ගානේ තාත්තාට තගක් දාන්න ඇති මාව ගෙනල්ලා ඌට භාර දෙන්න කියලා....මෙන්න බොලේ අර කාලකණ්ණියාට නගින්න තාත්තා දොරත් ඇරලා දුන්නා. මට දකිනකොටත් හිරිකිතයි.... චිකේ මට හරියට අරූගේ මූණ නොපෙනෙන හැටි. අර මාතලීත් දොළහකට විතර නැවිලා ගැරඬියා වගේ අර කළු වාහනේට රිංග ගත්තා.
"මයියා මොකද්ද බං ඒ සීන් එක...." මාවත් කලකිරිලා ගියා
"මටත් සිරාවටම කලකිරෙනවා බං..." ඒත් එක්කම අර කැබ් එක අපිව පාස් කරගෙන ගියෙත් අර ආව වේගෙන්ම තමයි
"උඹලෑ තාත්තාත් මේ ගේම් වලට සම්බන්ද ද බං"
"මම දන්නේ නෑ.... මම යන්න ගිය ගමන යනවා මචං.... " මම ඔළුවත් අල්ලගෙන ආපහු හැරුණා.....
"උඹ අමාරුවෙන් ඉන්නේ මයියා..."
"මට අමාරු නෑ... අපි යමු" මම ඉස්සර උණා..... මේ හැම දෙයක්ම මට එපා වෙලා ගියා. මමවත් බුවාත් ගොඩාක් වෙලා යනකන් කතා කලේ නෑ. නුවර ඉන්ටර්සිටියට නැගලා මම බුවා දිහා බැලුවා... වෙලාව හතරටත් ලඟයි.
"උඹ ලඟ සල්ලි කීයක් හරි තියනවා නේද මචං" මගේ ලඟ සත පහක් නෑ..... බුවා ලඟ කීයක් හරි තිබ්බොත් වාසනාවක්
"උඹලෑ තාත්තා රුපියල් තුන් දාහක් මගේ අතේ එව්වා උඹට දෙන්න කියලා..." බුවා සාක්කුවෙන් අරගෙන සල්ලි මට දික් කලා
"මට ඔය සල්ලි ඔනේ නෑ"
"එහෙම කියලා කෑගල්ලට යාගන්න බෑනේ බං.... දැනට ගනින්... පස්සෙ රිටර්න් කරපං" බුවාගේ කතාව ඇත්ත... කෑගල්ලට යන්න නම් සල්ලි ඕනේ.. ඒ උලව් සල්ලි ටික ඇරෙන්න මගේ අතේ පිච්චියක් නෑ.
අපි කෑගල්ලෙන් බැහලා නැන්දලෑ ගෙදරට එනකොට පාන්දර 6ට විතර ඇති.... ගේ ඇතුලෙන් පිරිත් සද්දයක් ඇහෙනවා. මම හිමින්ම දොරට තට්ටු කලා... බුවාත් වට පිටේ බැලුවා මිසක් මොකුත් කිව්වේ නෑ.... රෑ තිස්සෙ හරි හමන් නින්දක් නැති නිසා ඔළුවට පොල්ලකින් සංග්‍රහ කරලා වගේ.... දොරේ එක පළුවක් ඇරුණා.
"තෙනුර...." තාරකා ඇස් දෙක එලියට දාගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා....
"හරි මහන්සියි තාරකා... මම මොකුත් අහන්න කලින් මගෙ ඇඳට ඇවිදගෙන ගියා..... බුවා නම් කාමරේටවත් එන්නේ නැතුව සාලේ සැටියේ දොයිය බබා උනා. මම කාමරේට ගිහින් ආයෙත් හැරුණා...මට හිතුනේ වැරදිලා මම ඩයිනමයිට් එකේ කාමරේට ඇවිල්ලා කියලා. තාරකා මගේ පිටිපස්සෙන් ඇවිල්ලා........ ඒ බලලා මේ බලන්න කලින් කාමරේ අස්සට ගියා...
"මම ඔයාට ටක් ගාලා අස් කරලා දෙන්නම්...." තාරකා කාමරේ තිබ්බ එක එක ගෑනු බඩු පොදිය අරගෙන මගෙ ලඟට ආවා.... මම ඇවිල්ල තියෙන්නෙ හරි කාමරෙට.. මම නැති අතරේ තාරකා මේක පාවිච්චි කරන්න ඇති මට ඒක ගොනාට වගේ තේරුණා....
මම ඇඳට ගිහින් ඇල උණා... කොට්ටේ පුරාම දැනෙන්නේ සුවඳ... ඇයි හත්දෙයියනේ අර බස් එකෙන් බැහලා එනකන් තිබ්බ මාරාන්තික නිදි මතට මොකද උණේ..... මේ සුවඳ එක්ක මොන නිදිද....? මම තවත් අර කොට්ටේ තුරුල් කර ගත්තා.. සුවද කොහාටවත් යන්න නොදී.....කොයි වෙලාවෙ කොහොම නින්ද ගියාද මම දන්නේ නෑ.....
ඇස් දෙක ඇරලා බලනකොට හෙන ගහන්න අව්ව.. ඩයිනමයිට් එකේ කටහඬත් ඇහෙනවා කන පැලෙන්න... බදාගෙන හිටපු කොට්ටේ හෙමින් අත ඇරලා මම සාලේ පැත්තට ගියා...
"පොඩි අයියේ..... " ඩයිනමයිට් එක ඇවිල්ලා අතේ එල්ලුනා...
"බුවා කො...?" මම කොණ්ඩෙත් නිකමට අතින් හදා ගන්න ගමන් වට පිට බැලුවා....
"බුවා කියන්නේ අර පස්සත් උඩ දාගෙන සාලේ නිදාගෙන හිටපු එකාද?
"ඔව් ඌ තමා"
"කොළඹ ගියා..." ඩයිනමයිට් එකේ කතාවෙන් මම නැන්දා දිහා බැලුවා
"ඇත්තද නැන්දේ...?"
"ඔව් පුතේ.... නිදියලා නැගිටලා යන්න ඕනේ කියලා ගියා කෑම කටක් කන්න කිව්වට හිටියේ නෑ"
"ඌට ආපහු යන්න සල්ලි තියෙන්නත් නැතුව ඇති නැන්දේ..." මට ඌ ගැන දැණුනේ මාර දුකක්
" නෑ නෑ සල්ලි නැතුව මිරිස් මෝල වගේ ඇඹරෙනවා දැකලා තාරකා සල්ලි වගයක් දුන්නා." ඩයිනමයිඩ් එකේ කට නම් හොඳයි ලුණු දෙහි දාල සුද්දෙකුට කවන්න.....
"කෝ තාරකා....."
නැන්දා මගේ දිහා හොරෙන් බලාගෙන කුස්සියට ගියා... ඒ හොර බැල්ම නම් මට ඇල්ලුවේම නෑ
"තාරකා පාඩම් කරන්න වත්ත පහලට ගියා." ඩයිනමයිට් එක හිනා වේගෙන යන්න ගියා....මුන් ඔක්කොම මොනා හරි දිග කතාවක් කෙටි කරන්නයි යන්නේ...
"කෝ ලොකූ...?"
"බය වෙන්න එපා ලොකූ තාරකා එක්ක නෑ... තමුසේ යනවා" ඩයිනමයිට් එක ඔය හෙමින් කතා කරනවා ඇහුණාමයි. මේකි මොකද්ද යකෝ නොකියා කියන්න හදන්නේ.....
" මෙහෙ එනවා....." මම ඩයිනමයිට් එකට අඬගැහුවා. අනේ බලු කික්කි වගේ මෙන්න මේකි ආපි
"මොනාද මේ වෙන්නේ....?"
"තාරකාගෙන් අහගන්න..."
"තමුසෙ කියනවා..." ඩයිනමයිට් එක වටපිට බලලා මට ලං උණා
"තාරකාට කොළඹින් මඟුලක් කතා කරලා" මට හීන් දාඩිය දැම්මා
"ඉතිං..."
"ඉතිං තාරකා කිව්වා... ඔයාගෙන් අහලා උත්තරයක් දෙනවා කියලා" මාර සීන් එකක්නේ... ඒකට මං මොනා කරන්නද
" මගෙන් අහලා..."
"ඔව්.. දැං අම්මලා හිතන් ඉන්නේ ඔයයි තාරකයි අතරේ...." ඩයිනමයිට් එක මට දිවත් පෙන්නලා එතනින් යන්න ගියා. හත්වලාමයි.... මේ මොන හෙන ගෙඩියක්ද? මම හීනෙකින්වත් එහෙම හිතනවාද? හරි හරි හීනෙන් පේනවා තමයි ඒත් මම කියලා පේන්න ගන්නවා නෙවෙයිනේ.... කරවිල මදිවට එළබටු කිව්වාලු.. දැං මේ පැටලුම ලෙහා ගන්නේ කොහොමද? නීච වෙච්ච මගේ ග්‍රහයාට කකුල් දෙකෙන් හිට ගන්න අදහසක් ඇත්තෙම නැද්ද අම්මපා......
Subscribe to:
Post Comments (Atom)


7 comments:
මරු මරු... නැවතත් දිනකට එක බැගින් ඉදිරියටම යා!!!
ආ...නැන්දේ...කෝමැයී?? කෝ සිලි සිලි බැග් එකේ දාලා ගේන්න කියපු මගේ වලාකුල...??? නැන්දට මිස් වර්ල්ඩ් සිරි ලංකා කොම්පිටිසන් එකෙන් මොනාද හම්බුනේ??? අපි නම් තීවී එකේ දැක්කා නැන්දා "කැට්ස් වෝක්ස්" එක දාලා ඇවිදන් එනවා.නිකන් බාබිගල්ස් එක්කෙනා වගේ..හරි කියුට්ස් මෙයා...
දෑන් මොකද මෙ වෙන්නෙ??? මයියාගෙ තාත්තත් මෙකට සම්බන්දයිද..අනේ අම්මේ.. එකද අර රහස :(.
දෑන් මයියාට ලිහිණි විතරඉ ඉතුරුවෙන්නෙ. තාරකා මගුල කරගෙන යයි වගෙ. හ්ම්ම් බලමුකො???
ආව් අප්පා. ඔන්න මං කැමතිම හරිය. මයියෝ, කඩපං පුතා මල්.....
Niyamai.... Story eka ela kiri wage yanawa.
This is the 1st blog I read in the morning. Missed a lot for the last couple of weeks.
අපොයි ඒ පාර මොකද වෙන්න යන්නේ...
mala ... mea yaka mona nakathakin ipadilada manda ... peralagannema baldi .. hikzz
Post a Comment