මගේ ඔළුව මල ගෙයක් වගේ.... දැන් මොකක්ද මේ හිකනලාට දෙන උත්තරේ.... බුවා මගේ කනට ලං උණා....
“හා කියපං....”
“පිස්සුද බං... මං කොහොමද ලිහිණිව කිඩ්නැප් කරන්න උදව් කරන්නේ...?” බුවා බයිලා ගහනවා. ඇත්තටම මුට මොලේ කන් දෙකේවත් නැද්ද? බුවා මාවත් ඇදගෙන පැත්තකට ගියා.
“මේ ඕයි... ලිහිණිව පන්න ගන්නවා කියන්නේ එයාව අම්මට බාර දීලා ලස්සකට වැඩේ ගොඩ දාගන්න පුළුවන්.”
“ඒත් අපි කොහොමද මූව විශ්වාස කරන්නේ.....”
“ඌට ලිහිණිව පන්නගෙන උඹලෑ ගෙදර ගේන්න කියපන්.” ඔය කිව්වේ... මූට අන්දකයිප්පු කැවිලද දන්නේ නෑ. තාත්තා මාව දරු කමිනුත් දොට්ට දායි....
“උඹට අන්දකයිප්පුද බං...?”
“ඊට වඩා හොඳ තැනක් සෙට් කරමු එහෙනම්.... මේක හොඳ චාන්ස් එක.... උඹ කියන විදිහට ජයවීරයා එක්ක කෙල්ල ඉන්න එකත් නුවණට හුරු නෑ බං”
“ඒත් ලිහිණිව උස්සන්න උදව් වෙන්න මට බෑ... මට එච්චර චා වෙන්න බෑ බං”
“එළු ආත්මයක් වගේ බෑ බෑ ගාන්න එපා බං... හරි හරි උඹ කටවහගෙන හිටපන් මම වැඩේ නියමෙට දෙන්නං”
“නෑ නෑ මචං කීයටවත් ලිහිණිට අත තියන්න දෙන්න බෑ... අපි මූව පොලීසියට අල්ලලා දෙමු.”
“උඹට පිස්සුද බං... පොලීසියට කියලා වැඩේ නා ගන්නේ නැතුව මූට උදව් කරමු...”
“මූට උදව් කරන්න ගිහිං ලිහිණිට ප්රටශ්නයක් උණොත්....”
“වෙන්නැති වෙන්න මම වග බලාගන්නවා. උඹ ඔහොම හිටපංකෝ” බුවා කසුන් පැත්තට හැරුණා. කසුන්කාරයත් කට ඇරං හිටියේ අපේ උත්තරේ මොකක් වෙයිද කියලා. බුවා කොච්චර කපිරිඤ්ඤා නැටුවත් මට හිතාගන්න බෑ දැන් මූ කරන්න යන දේ ගැන. මෙච්චර කාලයක් රහ බැලුවේ නැත්තේ බැටන් පොල්ලේ විතරයි. මට හිතෙන්නේ ඒකේ රහත් වැඩිකල් යන්න කලින් දැනගන්න පුළුවන්වෙයි වගේ.
“හරි කසුන් අයියා... උඹ අපිට ඇත්තම කිව්වනේ. අපි කෙල්ලව උස්සන්න සප් එක දෙන්නම්. හැබැයි එක පොරොන්දුවක් පිට.”
“ඒ මොකක්ද...? ” කසුන්කාරයා අපි දෙන්නා දිහා රබර් ඇහැ දාන ගමන් ඇහුවා.
“කෙල්ලගේ අම්මගේ විස්තර අපිට ඕනේ... අනික කෙල්ල නවතින්න ඕනේ අම්මා ලඟ...”
“ඒකේ අවුලක් නෑ.... මටත් ඕනේ කමක් නෑ කෙල්ලට රිද්දන්න. ජයවීරයව එල්ලුම් ගහට දක්කන්න විතරයි මට ඕනේ...” කසුන්කාරයා ඒතරම්ම නරක පොරක් නෙමේ වගේ... ඒත් මේ කෙල්ලව උස්සනවා කියන එක නම් එසේ මෙසේ ගේමක් නෙමේ...
“මගේ ලඟ ප්ලෑනක් තියෙනවා මල්ලී...”
“ඒ මොකක්ද?”
“මල්ලිට කෙල්ලව පන්න ගන්න පුළුවන් නම් මම දන්නවා නියම පොට් එකක්. ජයවීරයා තියා මහ බ්රඑහ්මයාවත් හිත්නේ නෑ කෙල්ල එතන ඉදී කියලා..... මාර ප්ලෑන් එක... දෙක වසරේ පොඩි එකෙක්වත් මේකට ප්ලෑන් එකක් කියනවද? මටම තමා ගේම් එක ගහන්න වෙන්නේ.
“හැබැයි ලිහිණිව ගේන්න කලින් මට ඔය කියන තැන බලන්න ඕනේ... අනික ලිහිණිටයි අම්මටයි එතන ආරක්ෂාබව හොඳද කියලත් මට දැන ගන්න ඕනේ.” කසුන්කාරයා කට ඇල කරලා හිනා උණා.
“නෑ නෑ කිව්වට ඔය කෙල්ල මල්ලිගේ කෑල්ලද මන්දා...” බුවාට බකස් ගාලා හිනා ගියා. යකෝ ඕකේ මොනවද ඔච්චර හිනා යන්න තියෙන්නේ. අනේ මන්ද මුගේ කටට හිනාව ඕනේ වෙලාවට එන්නෙත් නෑ. ඕනේ වෙලාවට යන්නෙත් නෑ. දෙකම එකදත් මන්දා.
“එහෙම සීන් එකක් නෙමේ. ඒත් ලිහිණි මගේ හොඳම යාළුවෙක්... මම කැමති නෑ එයාට කරදරයක් වෙනවට.” කසුන්කාරයයි බුවයි දෙන්නා ඒ පාර මූණට මූණ බලාගෙන හිනා වෙනවා. දැං මම මොකක් හරි විහිළුවක් කරාද මුංට හිනා වෙන්න? මට හිතෙන්නේ මෙතන මං විහිළුවක් වෙලා වගේ. මම බුවාව ඇදලා දාලා බයිසිකලේ වාඩි උණා. මල උණත් ආයේ ඇහිල්ලක් බැලිල්ලක් නැතිව අසූහාරදාහටම පනිනවා මේවට.
“මේ මල්ලි... තරහා ගන්න දෙයක් නෑ. අපිට තේරෙනවා උඹ කියන දේ... ඔය කෙල්ලට කිසි කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ. හෙට පුළුවන්නම් ප්ලෑන කතා කරගමු.” එතකොට මූ කලින් කිව්වේ මුගේ ප්ලෑන නෙමේද... මොනව කරන්නත් මට තව තියෙන්නෙ සතියයි.
“මේ හැම දෙයක් ගැනම මට හිතන්න ඕනේ... හෙට මේ වෙලාවෙට මෙතනනදිම මම කසුන් අයියව හම්බ වෙන්නම්... හැබැයි එතකන් ලිහිණිට මුකුත්ම වෙන්න බෑ.” කසුන්කාරයා අයෙමත් හිනා උණා.
“හරි හෙට කතා කරමු.” මම කියන්නත් කලින් බුවා බයිසිකලේට නැංගා. මට මූත් එක්කයි දැං මල...
“මොකද බං රතු වෙලා.” මූ ලැජ්ජා නැතුව තවත් කියවනවනේ. අම්මපා මට මේ වෙලාවට තමයි කට කනපිට හැරෙන්න දෙන්න හිතෙන්නේ....
“රතු වෙලා... තෝ මොකද අර හාල්පාරුවෙක් එක්ක එකතු වෙලා හිනා උණේ...?”
“යකෝ පන තියෙන පඹයෙකුට උනත් පේනවා උඹේ ඇගෙන් විහිදෙන පෙම් රැස්... ඔබ ලිහිණිට ලව්. මේ අවස්ථාවේදී මම කියන්න කැමතී ඒක ඔබේ කතාවෙන් තවදුරටත් ප්ර සිද්ධියට පත් වෙන බව....”
“මම ලිහිණිට ලව් නෑ බං... ඒත් මටත් අක්කෙකුයි නංගියෙකුයි ඉන්නවා.... මලා... බුවා... අක්කාගේ පොඩි සීන් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒකත් බලාගෙන එමුද?” මට හදිස්සියෙම අක්කගේ සීන් එක මතක් වුණා.
“මොකක්ද ඒ සීන් එක?” මම බුවාට ඔක්කොම පැහැදිලි කලා... ඌටත් වැඩේට අන්දොස්... අපි දෙන්නා මස්සිනාගේ ගෙවල් පැත්තට දඩුමොනරේ පා වුණා. පොරට එච්චර සම්තින් එකක්නම් නැති පාටයි. හැබැයි පොට් එකනම් මරු. කොහොමත් අපේ ලොකු සහෝදරීට පොඩි ගෙයක් තමා අයිඩියල්... මොකද අපේ ගෙදර හුණ්ඩුවේ සාලේ උනත් මෙයා අතු ගාන්න ගත්තම පැය හතරක් විතර අතුගානවා. පත ගෙයක් එහෙම හම්බ උනොත් ගේ අතු ගාලා ඉවර කරන්න වෙන්නේ ජීවිතේ සැදෑ සමයෙදි තමයි.
“කවුද?” ලස්සන කෑල්ලක් මිදුලට ආවා. බුවාට ඉවසුමක් නැති උණා තත්පරයක් ගත වෙන්නත් කලින්...
“හැසිරියන්.... යකෝ මේ මගේ මස්සිනාගේ ගෙදර.....
ලහිරු අයියා ඉන්නවද?” බුවාටත් වෝනින් එක දාලා මම කෙල්ල පැත්තට හැරුණා.
“අයියා නං ගෙදර නෑ... වැඩට ගිහින්....” ඇයි හත් දෙයියනේ අක්කා කිව්වනේ මිනිහා ගෙදර කියලා. ඒත් එක්කම ගෙයින් එලියට ආවේ අහිංසක මූණක් තියෙන ගෑනු කෙනෙක්... දැක්කම මටත් ආස හිතුණා... සීදේවි මූණ... අපේ අම්මා හිටියානම් කියයි පිං පාටයි කියලා.
“ඔයා ඇයි එලියට ආවේ...? යමු.. යමු.. ගෙට...” අර කෙල්ල අර ගෑනු කෙනාව ගේ ඇතුලට දාලා දොර වැහුවා. අනේ අම්මේ දැං හැදෙන කෙල්ලෝ අම්මට සලකන හැටි... ඒ අතින් අපේ නංගිලා අම්මලා මොන තරම් හොඳද?
“අයියව මට හම්බ වෙන්න පුළුවන් කොහෙදිද?” මම කෙල්ල දිහා බැලුවා.
“හවස එන්නකෝ...” අර කෙල්ල හිටියේ කලබලේ. මම පැඩල් එක උඩ පැනලා පෑගුවා... ඒක දැකලා අර කෙල්ල ගේ ඇතුලට ගිහිල්ලා දොර වහ ගත්තා.
“මයියා... අර ගෑනි අන්න අතන කොළ කෑල්ලක් දාලා ගියා. හරියට නිකං අපිට ගන්න කියලා වගේ” බුවාගේ කතාවෙන් මම ඒ පැත්ත බැලුවා. ඇත්තම නේන්නම් අපි බයික් එකෙන්ම එතනට ගිහින් කොලෙත් අහුලගෙන එතනින් මාරු උණා.
“මචං අර නාකි ගෑනි උඹට ලව්ද දන්නේ නෑ.” බුවා හිනා වෙන්න ගත්තා.
“ඕක ඇරලා කියවපං බං...” බුවාට මම කිව්වා... මට ඒ ගෑණු කෙනා දැක්ක වෙලාවෙ ඉඳලා දැනුණේ අමුතු මෙව්වා එකක්.
“මට උදව් කරන්න... මෙහේ හිරවෙලා ඉන්නේ....” බුවා අර කොලේ කියෙව්වා. මම පැත්තකට කරලා දඩු මොණරේ නැවැත්තුවා... නැවැත්තුවා නෙමේ නැවතුණා.
“ඒ මනුස්සයා ලොකු ප්රටශ්නෙක. මට ඒක දැනුනා බුවා...”
“මචං මට පේන විදිහට උඹට සිකුරා ලබලා තියෙන්නේ වැරදි පැත්තෙන්” බුවා ආයිත් හයියෙන් හිනා වෙන්න ගත්තා.


11 comments:
ඇති යන්තම් 66 දාලා... :)
අපොයි ඒ ලිහිණිගෙ අම්මා.........
ඒ වගේ චාන්ස් එක අඩුවෙන් වෙන ඒව, සිද්ධ වෙනවා වැඩිද මන්දා.:)
ගාණට වෙලාවට නැන්දා වැඩේ සෙට් කරලා...ඔපිත් ගිහින් ඇවිත් කාලා වාඩිවෙන කොටම එන්නේ මේ පැත්තට...එල එල ඔහොම යමූ නැන්දේ...ලහිරු හාදයාගේ ගෙදර ඉන්නේ ලිහිණිගේ හරි තාරකාගේ හරි අම්මාවත්ද? බබා බලා සිටී...
දැන් නම් කතාව රහස් පරීක්ෂක කතාවක් වෙලා..... ලස්සනයි අක්කේ.සතියකට පස්සේ තමා කතාවේ ඉතුරු ටික කියවන්න වේලාවක් හම්බුනේ....
කිව්වට තරහා වෙන්න එපා, නොනෝ. දැන් නම් මේ අහඹු සිදුවීම් වෙනවා වැඩියි වගේ. ටිකක් මයියට මහන්සිවෙලාම හොයා ගන්න දුන්නොත් නරකද?
මටත් බුදු ෂුවර් අර කොල කෑල්ල දැම්මෙ නම් ලිහිණිගෙ අම්මම තමා. හෆොයි... 67 එනකම් දැන් ඉතින් හිටපල්ලකෝ හෙට වෙනකම්. ඕකට තමා මට මළ පනින්නේ :)
අනෙ අම්මො, ඒ පාර මේ මොකද? අර නෑන්දා කවුද??? අනිවා ඔක ළිහිණි හරි,තාරකා ගෙ හරි කවුරු හරි තමයි. එල කථාව නෙ දෑන් :)
අම්මප.. නිකන් කරකෝල අතඅරින කතානේ දුල්හරීත් දාන්නේ...
අනේ මන්දා මටනම්ම් හිතාගන්න බෑ මොනව වෙන්න යනවාද කියලා
අර කිව්වත් වගේ අහබු සිදුවීම් නම් වැඩියි වගේ.... මයියගෙ අක්කගේ ගෙ boyfriend ගෙ ගෙදර කොහොමද ලිහිනිගෙ හරි තාරකගෙ හරි අම්මා ආවේ..... ඒක නම් අමුතුම සිදුවීමක් කියලයි මට නම් හිතෙන්නේ....
කොහොම වුනත් දුල් අක්කේ අපි කථාව හැමදාම කියවනවා..... good luck හොදේ....
66 දාලා.. ඇති යන්තම්... ම්ම් ඒ ගෑනු කෙනා.... ??
ලිහිණි ගෙ අම්ම උනොත්... අනේ දුලෝ.. ඒක නම් පොඩ්ඩක් අවුල්.. කමක් නැහ බලමුකො....
Post a Comment