Wednesday, September 1, 2010
63 කොටස
අවුරුදු 3ක් හිරේ ලැගපු ගංජා කාරයෙක්ව CID එකට ගන්න තරම් කචල් එකක් CID එකට තියෙනවද අප්පා. ඒ මදිවට මූ CID පට්ටම ගහගෙන ලිහිණිගේ පස්සෙන් යනවා. මේක සෑහෙන අවුලක්... ඒත් මූ ලිහිණිගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කසුන් බුවා කාගේ හරි අතකොළුවක්ද? එහෙමනම් ලිහිණි ඉන්නේ මරු වැලක. මට රට පැටලිලා ඉන්නේ. මේවා මගේ ප්‍රශ්නත් නොවුනට නිදාගන්නත් බෑ. ආයේ කල්පනා කරගෙන කරගෙන යනකොට මගේ උරිස්සට අතක් වැටුණා. මාව උඩ විසිවුණේ අර කාලෙකට කලින් කොස් කොලේ ඇඟට වැටුණු හාවා වගේ.
"තමුසේ මොනාද ඔය තරම් හිතන්නේ?" කිරි අප්පේ මේ තාත්තානේ... අපේ ආච්චි උනත් හිතන්න නැතුව ඇති එයාගේ පුතාට මේ ලෝකේ මෙච්චර බය එකෙක් ඉඳියි කියලා.
"තා.... තාත්තේ මේ.... මම...." කොහෙද වචන දැං වමනේ කලත් එන්නේ නෑ. මම අර පිස්සු හැදුණු පොකිරිස්සෙක් වගේ දඟලනවා මටම දැනෙනවා.
"හරි හරි වාඩි වෙනවා" තාත්තා මාව එතනම ඉන්දවලා එයත් මගේ මේසේ පුටුව ඇදලා වාඩි උණා. හරි දැන් නඩු අහන්නයි යන්නේ... පැමිණිල්ලයි විත්තියයි මම. තාත්තා තමයි නඩුකාරයයි, ජූරියයි. නඩුව නියමෙට යයි. කොහෙන් ගියත් මම තමයි ඔටුවා.
"දැන් කියනවා තමුසෙට තියෙන ප්‍රශ්නේ..." ඔය මම කිව්වේ.. මට ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මට තියෙන්නේ අනුන්ගේ රෙදි හෝදන්න දාන්න යන සබන් කුඩ මොකක්ද කියන එක තමයි ඉතින්.
"ම... මට මො.. මොන පුශ්නද තාත්තේ... ? "
"බොරු බයිලා නැතිව කියනවා මොකක්ද කියලා"
ඇත්තටම මම දැන් මොනවද කියන්නේ, මම ඉතින් වැලගෙඩිය ගිල්ල උගුඩුවා වගේ අහසයි පොළවයි එකට තියලා මූට්ටු කරන්න කල්පනා කරනවනේ. මට මේවා අදාලත් නෑ. දැන් තාත්තා අහන ප්‍රශ්න වලට උත්තර දීපන්කෝ. ඒකත් දිව වෙව්ලන්නේ නැතුව.
"මට ප්‍රශ්න නෑ තාත්තේ...." තාත්තා කට කොනකට කරලා හිනා උණා.
"අයියාගේ මුලදි පටන් ගත්ත පලහිලව්ව උණත් ඌ මුලින්ම කිව්වේ මට...." දැන් තාත්තා ඒකටත් එක දාගත්තයි කියමුකො. මම මොනා කරන්නද අයියා වගේද මම... මම මොකුත් නොකියා පනාව දැම්මා...
"තමුසෙට තියෙන්නේ කෙල්ලෙක්ගේ හුට පටයක්ද?" ඔය ඉතින් ආයේ ප්‍රශ්න වටය. මට ඉතින් එක කෙල්ලෙක්ගේ හුටපටයක්නම් බැරියෑ... මෙතන තියෙන්නේ කී දෙනෙක්ගේ හුටපටයක්ද? මෙතන හුට.. පත ලොරියයි.
"කෙල්ලෝ කියන්නේ මේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ තමයි තාත්තේ..." හිතලා හිතලා උත්තරයක් දුන්නා. තාත්තගේ වයරින් පොඩ්ඩක් මාරු වෙලා වගේ. අද හරිම සතුටුයි කියන්න... යකා මාර්ක් එක වැදිලා නෑ. මෙන්න තාත්තා හිනා වෙනවා. අම්මපා මට හිතුණ පුදුමේ හැටියට කටට හිනාවක්වත් එන්නේ නෑ.
"ඒක ඇත්ත.. තමුසෙට කියන්න මම තමුසෙලාගේ අම්මට අහුවෙන්න කලින් දෙකක් කර ගැහුවා..." තාත්තා අද කොක්ටේල් එකක්වත් ගහලා ඇවිල්ලද මන්දා. මේකනම් ඉතිහාසේ රන් අකුරෙන් ටයිප් වෙන්න තියෙන වැඩක්... මෙයා අදනම් ෂුවර් එකට හාඩ් ඩිස්ක් එක වෙනස් කරලා ඇවිල්ලා... ආතල් නැත්තෙත් නෑ.
"දෙන්නෙක් එකපාර....?" මම ගොන් හිනාවක් දැම්මා 'උම්බෑ' කියලා.
"දෙකම එකට කලානම් මම අද ජීවත් වෙයිද ඕයි?" ඒකත් ඇත්ත... මෙයාට එහෙම හැකියාවක් තියෙනවානම් තව බැරියෑ.
"දැන් කෝ ඒ දෙන්නා...?" අර ඉබ්බා වතුරට දැම්ම ගමන් ඇන්නාවේ කිව්වා කියනවනේ.
"කවුරු දන්නවද ඕයි... ඒක නෙමේ දැන් තමුසෙට තියෙන්නේ ලිහිණිද තාරකාද කියන ප්‍රශ්නෙද?" ඇයි හත් දෙයියනේ මේ පාර දැම්ම ඔපරේටින් සිස්ටම් එකේ පරචිත්ත විකාරෙත් තියෙනවද දන්නේ නෑ... තාත්තගේ ඔළුවේ වයර් නම් සුද්ද වෙලා. ඒත් දැන් හිතෙනවා අර තිබ්බ තාර තිබ්බානම් හොඳයි කියලා. මෙයා ඇත්තටම කොහොදම දන්නේ ලිහිණි ගැනයි තාරකා ගැනයි.
"ලිහිණි.. තාරකා..?" මට හැබැයි ඔය ප්‍රශ්නේ ආවේ නෑනේ අප්පා.
"තමුසේ අඩු කැඩෙන්න ගුටිකෑවේ ලිහිණි නිසානේ" නෑ කියන්නත් බෑ. තාත්තා සක්‍රයාව ආශ්‍රය කරනවා කියලා මම දන්නේ නෑනේ.
"ඔව්...."
"ඔන්න ඔහොම පිරිමියෙක් වගේ කතා කරනවා"
"තාත්තගේ ඇමති පුතා කසාද බඳින්නේ කවදද?" මට කාලයක් තිස්සේ අහන්න ඕන කලේ ඔන්න ඕක. ඒත් යක්‍ෂයාගේ පුතා වගේ ඉන්නකොට ඕවා කොහොම අහන්නද?
"ඇමතිතුමාගේ පුතා ඔය පිස්සිව කරගහන්නේ නෑ"
"පිස්සි?" තාත්තා උනත් කමක් නෑ මට මල පනිනවා...
"තමුසෙට පිස්සියෝ අදුරන්න බැරි උණාට රටේ ලෝකේ අනිත් උන්ට පුළුවං... තමුසේ ඔය පිස්සිව අමතක කරලා අර තාරකාව සෙට් කර ගන්නවා" මෙයා මාරයිනේ... මෙච්චරකල් කොහෙද තාත්තේ හිටියේ...? ඒ උණාට ලිහිණි ප්‍රශ්නෙක මට ඒක මඟ අරින්න බෑ.
"තාත්තේ මට කාවවත් සෙට් කර ගන්න ඕනේ නෑ..." මම ඇත්තම කිව්වා..
"ජයවීර කියන්නේ සර්පයෙක් පුතේ... අපිට උඹව වටිනවා..." තාත්තට අද මොකද වෙලා තියෙන්නේ? මට හිතාගන්න බෑ.... කතා කරන්නේ බොක්කෙන්මයි. මෙහෙම කවදාවත් මට තාත්තා කතා කරලා නෑ.
"මට ජයවීර එක්ක ගණුදෙනුවක් නෑ."
"තමුසෙ සෙල්ලම් කරන්නේ ඒකගේ දුවත් එක්ක" මම ලිහිණි එක්ක සෙල්ලම් කරන්නේ නෑ. ඒක මම කොහොම මෙයාට තේරුම් කරන්නද?
"මට ලිහිණි එක්ක සෙල්ලම් කරන්න ඕනේ නෑ. එයාට සනීප වෙන්න මට උදව් කරන්න විතරයි ඕනේ..." තාත්තා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා.
"තමුසෙට අවුලක් වෙන්න මට ඉඩ දෙන්න බෑ." මට අවුලක් නෑ බුදු තාත්තේ.
"එහෙම අවුලක් වෙන්නේ නෑ... මම පොඩි එකෙක් වගේ ඇන ගන්නේ නෑ... මට එයාට උදව් කරන්න ඉඩ දෙන්න" ඇත්තමයි ඒක කියවුනේ බොක්කෙන්මයි.
"තමුසෙව පොඩි එකෙක් වගේ ගෙදර හිර කර ගන්න මම කැමති නෑ... තමුසේ යන තැනක අර අයියාගේ බයික් එක අරගෙන යනවා... හැබැයි කිසිම දෙයක් හිතේ තදකරගෙන ඉන්න හදන්න එපා..." තාත්තා ඒ ටික කිව්වේ ෆුල් අදෝනා වොයිස් එකකින්.
"මම කල්පනාවෙන් ඉන්නේ තාත්තේ..."
"ඔය ජයවීරලා, සමරනායකලා එක්කලා වැඩකරද්දී පරිස්සම් වෙනවා..." තිබ්බටු වගේද එළබටු කිව්වලු. ඇයි හත්දෙයියනේ මෙයා සමරනායක ගැන කොහොමද දන්නේ...?
"සමරනායක....?" මම මෝහිනීගේ රෙද්ද අල්ල ගත්තා වගේ අබ්ලික් උනා.
"තමුසෙව එදා වාහනේ දාගෙන ගියේ සමරනායක. උගේ පුතාව ජයවීරගේ පිස්සු දුවට සෙට් කරන්නයි උගේ හිතේ තියෙන්නේ... තමුසේ එතන බංකරයක් වෙන නිසා තමුසෙව කපලා දැම්මා..."
"තාත්තා කොහොමද දන්නේ...?"
"පුතේ මම අවුරුදු විසිපහක් වැඩකලේ ඇමතිට... ඔය වගේ දෙවල් හොයන එක මට ලොකු වැඩක් නෙවෙයි"
"සමරනායකයි ජයවීරයි කියන්නේ යාළුවොද ඒ කියන්නේ...?"
"නෑ උන් ජන්මාන්තර හතුරෝ" මම තවත් අවුල් උනා. මේ මොන හරුපයක්ද? මට නිකං හැමදේම මලගෙයක් වෙලා දැං තියෙන්නේ...? තවත් හිතන්න දෙවල් තියනවා. ඇත්තම කියනවනම් දැන්නම් මට තාත්තා ගැන බයයි නෙමේ, ආඩම්බරයි....
Subscribe to:
Post Comments (Atom)


9 comments:
හෆෝ.... මේක එන්න එන්නම අවුල් වෙනවනේ??? කමක් නෑ. අලුත් කොටස දානකම් බලාගෙන ඉන්නවා...
මෙහෙම තාත්තෙක් ගැන ඇහුවමයි.... :0
නියම තාත්තෙක් නේ. අනේ අපිට කොහෙද මෙහෙම තාත්තලා. මයියා ලකි පොරක් නේ. එත් මේ තාත්තා කියන්නෙ මොකද්ද?? අරුන් දෙන්නා හතුරො නම් මොනවටද ළිහිණිව බන්දන්න හදන්නෙ?? අනේ අපොයි තව අවුලක්.
අනෙ හොද තාත්තා වගෙ ඉතිරි ටිකත් මයියට කියල යන්නකො. නෑත්තන් අපෙ දුලා අක්කට කිව්වත් කමක් නෑහෑ.මොකො එයා නේ අපිට කියන්නෙ :)
MI Deer නැන්දේ,
අනේ නැන්දේ බබාගේ ඔලුව කතල් වීගෙන එනවා...හලී මාංජලිකයි..සරමනායකයි, ජයවීලයි, මයියයි, ගංජා කසුනුයි, තාරකයි, ලිහිණි, සිකයි, භානුකයි,.. ඊ.ටී.සී...හෆොයි දැන් එත කොත මයියගේ තාත්තා මෙවන් ද බුවා ද සරමනායක ද ?? තාරකාගේ ආච්චි අම්මා හිටපු ළමා නිවාසෙන් පොඩි ඩයිනමයිට් එක පැනලා ඇවිත් කඩේට දුවන්නේ මයියාගේ අක්කට බොත්තම් ගේන්නද?
ඉතුලු කොතතත් දෙන්නකො නැන්දේ බබාටත් ලිහිණිත් එක්කලම යත හැකි "ගොංඅඩ්".
බබා ඊස් කොන්ෆියුස්ඩ් කිව්වලු..නැන්දා ලියනවා එලටම ආයෙ බබාගේ කුඩා මොලේන් පොරි හැලෙන්න...
පිස්සු පීකුදු කිව්වළු...
නයි මුගටි විවාහයකට පොරොන්දම් බැලීමක් වගෙයි...
අහක ඉන්න කටුසු මයියත් ඔළුව ඔබන්න ගිහින් පාට මාරු වෙනකල් කනවා....
පව් හලෝ අසරණ මයියා....
නිකමටවත් දුකක් හිතෙන්නේ නැද්ද අහිංසක ඔටු පැටියෙක් වගේ ඉන්න මයියට මෙච්චර ගුස්ති දෙන්ඩ.....
ඔහොම යමු දුල්..... එල.. එල...
පහුගිය කොටස් දෙකේ, හරියටම මොකක්ද කියන්න බැරි වුනත්, මොකක් නමුත් අවුලක් තිබුණා වගේ දැනුනා. අද කොටස OK, ආපහු පරණ මයියම තමා, ආපහු ට්‍රැක් එකට ආවා.
Appata siri! story eka nagala yanawane. ela! ela!!
waiting for the next part.
ඔය මම කිව්වේ.. මට ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මට තියෙන්නේ අනුන්ගේ රෙදි හෝදන්න දාන්න යන සබන් කුඩ මොකක්ද කියන එක තමයි ඉතින්...
he he heee.. mata thiyena prob ekamai.. :D
oya nam niyameta liyanawa dul akke..
mara interesting.maiyage thaththa nam maru
ithiri tikath ikmanata liyanna akke.
Nasha
Post a Comment