Wednesday, June 30, 2010
26 කොටස
මම හැරුණ පිංහාමි ස්ටයිල් එකට මට ඇහුණෙ හූ පාරක් එක්ක බක බක හිනාවක්. මේ පාරනම් මට අම්බානකට තද උනා.
" මොනාද අය්යේ කරන්නේ.." මම මලපැනලා අයියා දිහා බැලුවා.
"තමුසේ පැනි පෙරනකොට ඊරිසියා හිතුනා බං.... ඕක ඉවර කරලා වරෙංකෝ..." අයියා නංගිගේ කරට අත දාගෙන කුස්සිය පැත්තට යනවා මම දැක්කා. මගේ පපුව තාම පිටිමෝල වගේ.
"තෙනුර ඇයි?" යකෝ ෆෝන් එක තාම කනේනෙ. දැං ඉතිං අර මූඩ් එකට එන්න නම් මේ කපේට බෑ. ෂිඃ මූ නම් මගේ අයියා වෙන්න පුළුවන්ංද?
"නෑ නෑ කිසි අවුලක් නෑ... "
" ඔයා බය වෙලා වගේ කතා කරන්නේ ඇයි එහෙනම්" මේ කෙල්ලොන්ට නම් මොකුත් හංගගන්න බෑ. මම හිතුවා මේකා මගේ පෞරුෂය කෙලෙසයි කියලා. කොහෙද අර නිලා කූරට බයේ වෙව්ලපු මිනිහා ඉස්සරහා බාබකියු එකක් ගැහුවා වගේ වැඩක්නේ මට උනේ.
"එහෙම මොනාට බය වෙන්නද? මම හෙට ඉස්කෝලෙ ඇරිලා හොස්පිටල් එකට එන්නම්.... හැබැයි ඔයා වට පිටාව ක්ලියර් කරන්න ඕනෙ හරිද?" ලිහිණි හීනියට හිනා උනා වගේ. මරු අප්පා හිනාවත්. මට මැවිලා පෙනුනා.
"ඔයා බය වෙන්න එපා තාත්ති හෙට හැටන් යනවා... එයා එන්නේ නෑ. භානුක විතරයි ඉන්නේ. "
බඩුම තමයි. කොල්ලාගේ චාන්ස් එක. ඕකට තමයි දෙන දෙයියෝ කකුල් අතපය කඩලා හරි දෙනවා කිව්වේ.
" මම එන්නම්.... එහෙනම් අපි කැපෙන්නද?" මම ඇයෙත්ඇහුවේ හිනාව අහන්න ආසවෙන්
" අනේ ඔයා ෆෝන් එක තියන්නද යන්නේ..." මාර කතාවක්නේ මෙයා අහන්නේ.. මම එළි වෙනකන් මේක අල්ලන් ඉන්නද?
" මේකනේ ලිහිණි මේක මගේ ෆෝන් එකනම් ඔහෙ අල්ලන් ඉන්න තිබ්බා.. ඒත් මේක අපේ තාත්තා බිල ගෙවන ෆෝන් එකනේ ඒ නිසා තියන්න වෙනවා" මම තේරුම් කලා. තේරුම් ගත්තොත් හොඳයි.
" එහෙනම් හෙට එනවා නේද?"
" ආයෙත් අහලා... මම කිව්වොත් කිව්ව"
" එහෙනම් බායි" බායි නොකියා වෙන වචනයක් කියන්නකෝ අප්පා. හිත දඩ බඩාං ගාල කඩා වැටුනා.
" බායි.." මම ශෝක මුඩ් එකෙන් කිව්වා. මක්කොරන්නද..... ඩකස් ගාල සද්දෙකින් ෆෝන් එක තියනවා මට ඇහුනා. මම හිමින් සැරේ කාමරයට ගියේ ලොක්කයියා වටපිටාවේ ඉන්නවද බලන ගමන්.
"ඔහොම ඉන්නවා ඔහොම ඉන්නවා.... කොහෙද මේ ඌරු මීයා වගේ රිංගන්න යන්නේ?" මට නෙවෙයි මූටයි ඌරු මී ඉව තියෙන්නේ. බලපංකෝ මගේ පස්සෙන්මනේ මූ
" ඒ පාර මොකෝ..."
"උඹ හෙට කොහෙද යන්නේ..?" අයියා මගෙන් අහනකොට මම අතෙන් කට වහගෙන නංගි දිහා බලල එරෙව්වා.
" කෙල්ල බලන්න...." මම එහෙම කියලා කාමරේට ගියා
"උඹ දැං කිව්වේ එහෙම දෙයක් නෑ කියලා." අයියාත් කාන්දම වගේ මගේ පස්සෙන්මයි.
"නෑ කිව්වට ෂුවර් නෑනේ තමුසේලාට..."
"හරි හරි දැං ඔය බලන්න යන්නේ ලිහිණිවනේ..." අයියා කටට උත්තරේ දීලා ඇහුවා
"ඔව්.... "
"තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඕයි" අයියා මට කෑ ගැහුවා
"ලැජ්ජා තියනවානම් මොනා කරන්න බැරිද ලොක්කයියේ"
"තනියමද දැං යන්නේ?"
" නැතුව ඔයා කියන්නේ ගැන්සිය හොස්පිටල් එකට බස්සන්න කියලාද?"
"හොස්පිටල්...?"
" ලිහිණිට සනීප නෑ.."
"මොකද්ද වෙලා තියෙන්නේ?"
"මානසික පීඩනයක්ලු" මම දුකෙන් කිව්වේ.
"තමුසේ මේ ගුටි කන්නේ පිස්සියක් වෙනුවෙන්ද?" මට මූ මගේ අයියද කියලා හිතන්නවත් බෑ. මූ මගේ අයියා නොවෙන්න දෙනව හොම්බ කට සමතලා වෙන්න. මොකුත්ම නොකියා කට තද කරලා පියා ගෙන අහක බලා ගන්නවා ඇරෙන්න මට වෙනදෙයක් කරන්න බැරි උනා
Subscribe to:
Post Comments (Atom)


4 comments:
කොටස් දෙකම බැලුව අන්තිම. කොල්ල ලිහිනිට ලව් වගේ...
බායි නොකියා බුදුසරණයි වගේ කිව්ව නම් මේකගේ කටට හෙන ගහනවද.
कभी अलविदा कहने = කබි අල්විදා නා කෙහෙනා = Never say goodbye
මල්ලි මම මේ අත්දැකීමෙන් කියන්නෙ.. මේ නම් සෙට් වෙන්නෙ හොද හෝටලේකින් කන්න.... දැන්මම පන්සලට පනිවිඩයක් යවපන් පාන්ශුකූලෙට හාමුදුරුවො ටික සූදානම් කර ගන්න කියලා.....
Post a Comment