Wednesday, June 23, 2010
21 කොටස
ඇස් දෙක ඇරෙනකොටත් මම හිටියේ වාහනේ ඇතුලේ කියලා දැක්ක ගමන් අඳුන ගත්තා. අතපය බැඳලත් නෑ. ඒ කියන්නේ මාව පැහැරගෙන යනවා නෙවෙයි මම වටපිට බැලුවා.
" මචං උඹට අවුලක් නෑ නේද?" මට චාමර සල සල හිටිය පොර දිහා මම බැලුවා.
" භානුක උඹ?" මට ඉබේටම කියවුණා. මේ හාල්පාරුවද මාව මේ හැදලා වාහනේට දාගත්තේ. මම වාහනේ එළවන පයිලට් දිහා බැලුවා. අම්මාටසිරි මේ තල්මසානේ. මට නිකං ෆුල් හොල්මන්.
"උඹව මෙහෙම ඇදගෙන දාගත්තට සොරි වෙන්න ඕනේ..... අපිට කරන්න දෙයක් තිබ්බේ නෑ හිරා ට ක්ලාස් එකේ අයට මාට්ටු වෙන්න බෑ කිව්ව ඒකයි. භානුකයා ඇද ඇද ලතාවකට කියලා දැම්මා. අම්මපා මූව මගේ මස්සිනා කරගන්න දෙසරයක් හිතන්න වෙනවා. ඒවා පසුවට දැං මාව මේ දාගත්තේ මොන උලව්වකටද?
"උඹලා මට ලිෆ්ට් එකක් දෙනවා වෙන්න බෑනේ" මම අන්ත චොරම චොර මෝඩයෙක් විදියට ප්‍රශ්නේ ඇහුවේ.
"මචං.... උඹ අපිත් එක්ක හොස්පිටල් යන්න ඕනේ" භානුකයා ආයේ කතා කලා. මට ඉහෙන් බහින ලෙඩක් නෑ. මුන් මාව ෆුල් චෙක් අප් එකක් දාලා කැඩුණු තැන් හදල හොඳට තියන තැන් කඩන්න ගහපු ප්ලානක්ද දන්නේත් නෑ.ඒත් මේ යකාට මගේ නංගි ඕනෙ නම් ඌ මට එහෙම දෙයක් කරයිද?
"මම මොකටද හොස්පිටල් යන්නේ...?"
" ලිහිණිව බලන්න" භානුක කජු මූඩ් එකකින් කතා කලා.
" මේ මේ.... මාව දෙයියන්ගේ නාමෙට ඔය කොහෙන් හරි හලලා පල, මම උඹට එක සැරේකුත් කිව්වා හිරාන්..? "මම ඔන්න ආපු මල ඔක්කොම එක්ක කතාව පටන් ගත්තා.
" විනාඩි පහකට.... " භානුක අත් දෙක එකතු කරලා දැං වඳියි දැං වඳියි වගේ කතා කලේ.
"මොකද්ද අයිසේ මේ හරුපේ.... තමුසේගේ අක්කා හරි නංගි හරි මොකා හරි මට වැඩක් නෑ, මට ආයේ මගේ බොඩි පාට්ස් රිපයර් කරන්න බෑ. ඒ නිසා කරුණාකරලා හොඳ හිතින් මාව කොහෙන් හරි හලලා පලයල්ලා" මගෙ කතාවෙන් තල්මසා ක්‍රීස්ස්ස්ස්ස් ගාලා ඛ්‍රේක් එකක් ගැහුවා. ඇයි හත් ඉලව්වේ මම ඒ තරම් තදින් කිවද මොනා හරි.
"එකක් මතක තියාගන්නවා. අපිට තමුසෙව බලෙන් ගෙනියන්න ඕනේ නෑ. අපි හිතුවේ තමුසේ මනුස්සයෙක් කියලා. බලන් යනකොට කකුල් හතරෙ උන්ට තමුසෙට වඩා මනුස්සකම් තේරෙනවා. මේ ටික හරි කලේ අර අහිංසක කෙල්ල නිසා. භානුක උඹ ඕනෙ දෙයක් කර ගනිං මම තව අඩියක්වත් මෙතනින් හෙල්ලෙන්නේ නෑ." මේ මොන හතර බීරි කතාවද්ද? මට මනුස්සකම් නෑලු. ඇයි හත්දෙයියනේ මනුස්සකමට ගුටි කෑවා මදිද? මම වාහනේ දොර අරින්න හදනකොටම භානුක මාව තදින් අල්ලගත්තා.
" උඹට මම ඇත්තම කියන්නම්.... ඉතිං ඔහොම හිටපං" භානුක මාව නැවැත්තුවේ අර කොන්දොස්තරගේ කකුල් දෙක අල්ලලා වැඳලා බස් එක නවත්තගත්තා වගේ. මට බහින්නමයි හිත.
"ලිහිණි කියන්නේ මේ පැත්තෙම ඉන්න හොඳම සල්ලි කාරයගෙ දුව. මගේ නිවුන් සහෝදරී. උඹ ඒක දන්නවානේ." මට ඕවා මොකටද? මම ඇවිල්ලා මුන්ගේ තාත්තාව මංකොල්ලා කන්නද? මට ගානක් තිබ්බේ නෑ. ඕනෙ කමකුත් තිබ්බේ නෑ.
"මේ මචං උඹලෑ තාත්තාට තියන ඒවායි නැති ඒවායි මට වැඩක් තියනවාද?"
"මම උඹට කිව්වා නේද භානුක ඕකාට කියලා වැඩක් නෑ කියලා" තල්මසා ආයේ තල්මස් ස්ටයිල් එකෙන්ම ඇඟට ගොඩ උනා.
" ලිහිණි මෙවන් එක්ක පලහිලව්වක් නිසා ගෙදරින් සෑහෙන්න බැට කෑවා, තාත්තාගෙන් ගුටි කෑවා. දැං එයාව තාත්තාට කැමති කෙනෙක්ට බන්ඳලා දෙන්න යන්නේ..." දැං මුන්ට ඕනේ මාව බෙස්මන්ට ගන්නද? මට තාම කිසි දෙයක් පැහැදිලි නෑ.
" දැං උඹලා මාව ගෙනියන්නේ මොන කෙහෙල්මලකටද කියනවා"
" ලිහිණි මානසික පීඩනෙකින් ඉන්නේ... වෙලාවකට මොළේ අවුල් වෙනවා, කියන කරන කිසි දෙයක් එයා දන්නේ නෑ. ඒත් ඒක තාත්තාට තේරෙන්නේ නෑ."
මගෙ පපුව සුනාමියට අහු උනා වගේ උනා. ඇඟ ඔක්කොම අප්සෙට් ගියා ලාවට ඔලුවේ කැක්කුමත් ආවා. අර අහිංසක කෙල්ලට පිස්සු හැදිලා. උපන් ගෙයිම පිස්සි නම් කමක් නෑ. ඒත් හොඳට හිටපු කෙල්ලෙක්ට පිස්සු හැදුණා කිව්වාම බොක්කටම දැනෙනවා
"මට මොනාද කරන්න පුලූවං"
"මචං අපි හදන්නේ එයාව පුලුවං තරම් සතුටින් තියන්න. එයාව සනීප කරගන්න පුලුවං එහෙම විතරයි"
භානුක කියන්න යන දේ මට පැහැදිලියි. ලිහිණිට ඕනෙ මට සොරි කියන්න, ඒත් මේක මෙවන්ට හරි මුන්ගෙ තාත්තාට හරි අහු උනොත් මට සොරි වෙනවා ඒක නම් බුදු ෂුවර්.
"හරි උඹලා කියන නිසා මම එන්නම් හැබැයි මේ අන්තිම සැරේ..., මං ගැන අපේ ගෙදර උන් බිත්තර තම්බනවා ඇති. කරන දෙයක් ඉක්මන් කරලා. " මම මුන්ගේ කීමට එකඟ උනා, මමත් නංගියෙක් ඉන්න එකෙක් වෙච්චි. ඒකි වෙනුවෙන් මටත් මෙහෙම කරන්න උණොත් අම්මපා කකුල් අතපය නැති කරලා හරි මම ඒක කරනවානේ. ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා මම හිත හදා ගත්තා. අතනම් ෆුල් අවුල් ආත භූත නැති වෙන්න රිදෙනවා.
" ලිහිණිගෙ හිත රිද්දන්න එපා මචං" භානුක ආයේ හොටු පෙරන්න ගත්තා.
" නෑ නෑ..."
"තව දෙයක් , උඹට ආයේ එයා බලන්න එන්න බැරි නම් එකපාරට බෑ නොකියා වෙන මොනා හරි පානියක් දාපං" තල්මසාත් මට බණ කියන්න ගත්තා.
" හොස්පිටල් එකට වාහනේ ඇතුල් කරනකොටම තල්මසා ටික වෙන්න බය උනා
" භානුක අංකල් ..." තල්මසා වෙව්ලන්න ගත්තා. නොදකින් අනෝල්ඩ් වගේ ඇඟක් තියාගෙන මෙහෙම වෙව්ලනකොට හිරිකිතේ බෑ
Subscribe to:
Post Comments (Atom)


8 comments:
කොල්ලගෙ ඉතුරු පාර්ට්ස් ටිකත් වෙන්දේසි වෙන වැඩක් ද ?? ඉක්මනට ලියන්න මේ වගේ... නියම කතාව
ela ela keep it up bro ............
ෂික්... මේක කොහොමද මෙච්චර දවසක් මට මිස්වෙලා තිබ්බේ. එක හුස්මට 21ම කියවල දැම්මා. 22ත් එනකම් ඔන්න බලන් ඉන්නව හොදේ. ඉක්මනට දාන්න. ජයෙන් ජය!
කොහෙද බං මෙච්චර දවස් මේ කතාව හංගගෙන හිටියේ,,,,ඔක්කොම ටික එක හුස්මට කියවලා දැම්මා....ඉකමන්ට ඉතුරු ටික ලියහන් හොඳේ.....:)
කලින් කිවුවා වගේ හරිම ලස්සන කතාවක්. දිගටම ලියන්න. ආසාවෙන් කියවන්න පුලුවන්....
අද තමයි ඔක්කොම කියෙව්වෙ. දිගටම ලියපන්.
ගොඩාක් ස්තූතියි ඔයාලාගේ වචන වලට. මට පුළුවන් හැම වෙලාවෙම මම අප්ඩේට් කරන්නම්`
ela kathawa, keep continue macho
Post a Comment