Sunday, June 27, 2010
24 කොටස
මගේ හිත යකාගේ ෆුට් බෝල් කෝට් එක වගේ. එහෙන් බෝල පාස් වෙනවා මෙහෙන් බෝල පාස් වෙනවා. ඒ හැම දේම අස්සේ ලිහිණිවත් මතක් වෙනවා. මටම තේරෙන්නේ නෑ මට මොනා වෙලාද කියලා. ඔහේ කාමරේට වෙලා සීලිමේ මකුළු දැල් ගණන් කර කර හිටපු මම එක පාරටම දොර දිහා බැලුවේ අඩි සද්දයක් ඇහුණ නිසා. ලොක්කයියා මගේ කාමරේට ඇවිල්ලා දොරත් වැහුවා. ඒ පාර මොකද්ද වෙන්න යන්නේ.
"තමුසේ මට ඇත්ත කියනව මයියා..." ලොක්කයියා මගේ ඇඳ උඩින් පස්ස තිබ්බේ මගේ දිහා සී අයි ඩී බැල්මක් දාන ගමන්. දැං නම් නෝ චාන්ස් මූට ඔක්කොම කියන්න වෙනවා.
"මොනාද?"
" තමුසේ මොකද්ද මේ පැටලිලා ඉන්න හුටපටේ?"
මේක හුටපටයක් විතරක් නෙවෙයි මා දැලක්, දඟලන්න දඟලන්න තව පැටලෙනවා. කොහෙන් නවතීද දන්නේ නෑ.
"ලොක්කයියේ... තමුසේ මට අම්මපා කියලා පොරොන්දු වෙයන් මට සපෝට් එක දෙනවා කියලා" මමත් බොක්කෙන්ම ගේමට බැස්සා. මේක ඇවිල්ලා සහෝදරයෙක් සහොදරයෙක්ගෙන් ඉල්ලන මෙව්ව එකකනේ.
"හරි හරි කියපංකො..." ඔය බලන්නකෝ මට ඉතිං මූ අම්මපා කිව්වේ නෑ නේ. ඉතිං මම කොහොමද මූව විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම මූට තියෙන්නේත් මගේ ජාන නේ. ඔන්න ඔහෙ කමක් නෑ මම කතාව මුල ඉඳංම වැමෑරුවා. බොරුවක් ඇත්ත වගේ කියන එක මොන තරම් ලේසිද? ඒත් ඇත්තක් කියන්න ගියාම කොමා තිත් එහෙම මොකුත් නැතුව කියවෙන්නේ. ලොක්කයියත් ඔක්කොම අහගෙන ඉඳලා කල්පනා කලා.
"දැං තමුසේ කියන විදියට තමුසේ ඒ කෙල්ලත් එක්ක මොකුත් හුටපටයක් නෑ. තමුසෙට ඕනෙත් ගැලවෙන්න... එහෙම නේද?"
අහන්නේම අදාල නැති මල උලව් තමයි, අම්මපා මම හීනෙකින්වත් එහෙම දෙයක් මූට කිව්වේ නෑ. ඒත් ලිහිණි කියන්නේ මම ටිකක් වැඩියෙන් හිතපු කෑල්ලක්. මට කියලා කෙල්ලෝ කීදෙනෙක් වැටෙන්න ගිහින් මිස් වෙලා තියනවාද?, ඒත් ලිහිණි ඒ හැම අයිටම් එකකටම වඩා වෙනස්. ඒක මූට තේරුම් කරන්නෙ කොහොමද?
"ලොක්කයියේ.... ඔය ප්‍රශ්නේට උත්තරේ මමවත් දන්නේ නෑ බං, බොක්කෙන්මයි කියන්නේ.. ඔය කෙල්ල ගැන මට මාර දුකක් තියෙන්නේ" මම කිව්ව දේ කෝකටත් හොඳයි මම හිතන්නේ...
" කෙල්ලෙක්ට අනුකම්පා කරන එකනම් එච්චර හොඳ ලකුණක් නෙවෙයි පුතෝ..." ලොක්කයියා කල්පනා කරන්න ගත්තා.
" තමුසේ මට අනුකම්පා කරලා පොලව පැලෙන බොරුවක් කියලා තාත්තාගෙන් බේර ගත්තා. මටත් තියෙන්නේ එයා ගැන එහෙම සීන් එකක්. "
"උඹයි මමයි කියන්නේ එක බඩවැල කඩාගෙන ඇවිත් එකට වැටිලා තම්බල දෙන දෙයක් කාපු උන්, ඒත් මේ කෙල්ල උඹ කියන විදියට මහ අමාරුකාරියක්, මම එහෙම කිව්වේ ඒකි වටේ ඉන්න එවුන් ගැන හිතලා. බලපං උන් තමුසේගෙ අත පය බෝංචි කඩනවා වගේ කඩලා දැම්මානේ"
"ඒක මගේ උපන් ගෙයි ගොන් කම, ඒකට ඒ අහිංසක කෙල්ල පලි නෑ ලොක්කයියා."
"උඹේ ඔය කතා නම් මට වැඩිය අල්ලන්නේ නෑ. මොනා උණත් මමත් අයේ යන්නේ නෑ. මෙහෙ මොකක් හරි ජොබක් සෙට් කර ගන්නවා. උඹට ඕනේ දෙයක් කියපං පුළුවන් ප්‍රමාණෙන් සලකලා බලන්නම්" අයියා එතනින් නැගිට්ටා.
" මට එකක් කියනවා තමුසේ කොහොමද දන්නේ මාව ඇදලා වාහනේට දාගත්තා කියලා"
"තමුසෙව දැකලා මම කැබ් එකට එතන නවත්තන්න කියනකොටම තමයි අර වාහනේ උන් තමුසෙව ඇතුලට දා ගත්තේ... මම ඒ වාහනේ ෆොලෝ කලා. ඒක හොස්පිටල් එකකට ගියාම මම සෑහෙන්න බය උනා. මම දිගටම උඹේ පිටිපස්සෙන්ම හිටියා, ඒත් උඹ ඒකෙ උන් එක්ක බැහැල හොස්පිටල් එක ඇතුලට යනකොට මට දැණුනා ගමන නෝමල් කියලා. අන්තිමට තමුසේ වාහනේට ඇවිත් පන්සල පාර ලඟින් බහිනවත් මම දැක්කා."
" ඇයි මට කතා නොකලේ..."
"මම තමුසෙට කතා කලා නම් තමුසෙව අතනදි බේර ගන්නේ කවුද?"
"මොනා උණත් හැම දේටම තෑන්ක්ස්" මම අමාරුවෙන් නැගිටලා අයියාව පොඩ්ඩවෙන්න බදා ගත්තා.
"ඕව සුළු දේවල් බං... උඹව අමාරුවේ වැටෙනවා මට බලං ඉන්න බෑ... ඕනෙ දේකට මම ඉන්නවා එක දෙයක්, තමුසෙ කරන හැම දෙයක්ම මට වාර්තා කරන්නත් ඕනේ..." ලොක්කයියා කාමරෙන් පිට උනා. ඕකනේ කාල ඉන්න බැරි. ඔය වාර්තාකරණට මල ඇනයක්. මම ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට නංගි බෙරිහන් දෙනවා ඇහුණා.
" පොඩි අයියේ කෝල් එකක්....." කිරි අප්පගේ අපච්චියේ.. මට කවුද කෝල් දෙන්න ඉන්නේ, මම ඉතිං කොර පිටම එතනට ගියා. නංගිගේ මූනෙ තිබ්බ පැණි පාට දැක්කම ඇත්ත වශයෙන්ම හොම්බ කට සමතලා වෙන්න දෙන්න හිතෙනවා. මම රිසිවරය අතට අරං හලො පාරක් දුන්නා
" හලෝ..."
" තෙනුර මම ලිහිණි...." ඔය ඉතිං ආයෙත් සර්වාංගයම පණ නැති උනා. ඒ කටහඬ ඇහිලා උණ සන්නිපාතය හැදිලා වගේ කටහඬත් වෙව්ලන්න ගත්තා. ඇත්තම කියනවා නම් දැං මම පිරිමියෙක්ද කියලත් මට ෂුවර් නෑ.
Subscribe to:
Post Comments (Atom)


9 comments:
meke ithiri tikath ikmanata danna... mama hamadama meka balanawa,mara kathawa.hodata liyanwa.... digatama liyanna
Nasha
සිරාවටම යනව මචන්.. ඔහොමම කරගෙන පලයන්... ජය වේවා...
අයියෝ ඔයා අපේ ඉවසීම මනිනවද? අයි මේ දවස් දෙකේ දැම්මේ නැත්තේ? :( ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.. all da best..
meka sira kathawak da kollo?
kathava nam mal 7 yi...ane manda 7 ta vedida koheda...Ahinsaka Thenura..
ගොඩාක් ස්තූතියි පබලු
මම දවස් වල විභාගෙට වැඩ ගයනි ඒකයි අප්ඩේට් කරන්න වෙලාවක් නැති උනේ සමා වෙන්න
අනිත් හැමෝම ඔයාලගෙ වචන වලින් මාව සෑහෙන්න දිරි ගන්වනවා ස්තූතීයි
හැමදාමත් වගේ උපරිමයි. දිගටම දාන්න... අපි බලන් ඉන්නවා.
දිගටම ලියන්න
අඩේ අද තමා මම මේක හරියටම බලලා කියෙව්වේ , පට්ට කතාව අක්කේ , දිගටම ලියන්න , ජය !!!
Post a Comment