Tuesday, June 22, 2010
20 කොටස
තල්මසාගේ මූණෙ කටේ ලේ කඳුළක් නෑ. පරණ මෝඩකං හායි කියනවා වගේ මට දැනෙන්නේ. දාඩියත් පිට දිගේ දාගෙන එන්නේ. කරන දෙයක් ඉක්මනට කරපං තල්මසෝ.... උඹ ඔහොම ඉන්නකොට මට තව ටිකක් වෙලා යද්දි මෙතන කලන්තේ දානවා හාර්ට් එක දඩිබිඩි ගාලා වැඩ කරලා ඕවර් හීට් වෙලා.
"අද උඹ ක්ලාස් එනවාද?" තල්මසා එකපාරටම මාව කොර වෙන ප්‍රශ්නයක් ඇහුවා. මම හීනෙකින්වත් මෙහෙම ප්‍රශ්නයක් බලාපොරොත්තු උනාද. අඩුම තරමෙ ප්ලූටෝ දකින්න තමයි මම හිතාගෙන හිටියේ.
"ම මම මොන ක්ලාස්ද?" චාටර්... කතා කරගන්න බෑ. ෂිඃ විතරක්.... අර ඉපදෙනකොට තිබුණයි කිව්ව පිරිමිකම. ඒක එන්න එන්න නැති වෙනවා.
"ඉකෝන්..." තල්මසා මම ඉඳගෙන හිටපු පොට් එකේ වාඩි උනා. ඒ කියන්නේ මූ මට ගහන්නේ නෑ. මම මොනාද හිතුවේ.
" ක්ලාස් එන එක තාම හිතුවේ නෑ..."
"උඹ කතා කරන්නේ, මාත් එක්ක නිකං වලියට වගේනේ" තල්මසා මාර නෝමල් කතා කරනවා. බලාගෙන යනකොට මමයි ඇදේට කතා කරලා තියෙන්නේ. ඕව ඔක්කොම වෙන්න බය වැඩි උනාම
"එහෙම දෙයක් නෑ"
"ලිහිණි උඹට උන හැම දෙයක්ම දැනගෙන.. එයාට උඹව හම්බ වෙන්න ඕනෙ කිව්වා. උඹ අද ක්ලාස් එනවානම් මම කෙල්ලව ගෙදරින් පන්නගෙන එන්න ඕනෙ මොනා හරි කියලා" තල්මසාගේ ආත භූත නැති කතාව අහලා මාව එම්බාම් උනා. කියාගන්න වචන නෑ. මූ මෙහෙම කියලා අන්තිමට ආයෙත් කට්ටියක් එක්ක නෙලන්න හදනවාද දන්නේ නෑ. මට හිතෙන්නෙම මූ හදන්නේ මගේ හොඳට තියන අතත් කඩලා දාන්න කියලා.
" එකක් කියන්නම් මචං.... උඹේ ලිහිණිට කියපං... මේ කරපු හරිය හොඳටම ඇති කියලා. ආයේ තව ඕනේ නෑ. අනික මගේ කිසිම කැමත්තක් නෑ එයාව ආයේ හම්බ වෙන්න. " මම ඔන්න ඔහේ එහෙම කියලා දැම්මා.
ආත්ම ආරක්ෂාවට වෙන එකක් හිතට ආවෙත් නෑ. අම්මෝ කෙල්ලෝ නම් ආයේ අරහං. අර සිකා කියනවා වගේ කොල්ලො පිස්සො වෙන්නේ කෙල්ලො නිසා. පිස්සු විතර නම් කමක් නෑ අංග විකලත් වෙනවා. පෙන්නෙ නැද්ද මම ම ඉන්නේ උදාහරණෙට.
"ලිහිණි කියන්නේ සාමන්‍ය කෙල්ලෙක් නෙවෙයි උඹ ඒක දන්නේ නැතුව ඇති" මේං මූ ඒ පාර අරයාගෙ උප්පැන්නේ දිග අරිනවා. අම්මපා මම නෙවෙයි පණිවිඩකාරයා.
"ලිහිණි කියන්නේ එංගලන්තේ චාල්ස්ගේ දුව උණත් මට කමක් නෑ. ආයේ නම් දෑහැට දකින්න නම් සලස්සන්න එපා. මට උඹත් එක්ක අවුලක් නෑ. එයත් එක්ක අවුලකුත් නෑ. ඒත් මම කැමතී මගෙ පාඩුවේ ඉන්න. "
"උඹේ කැමැත්තක්..." තල්මසා නැගිට්ටා. ඌ නැගිට්ටට පස්සේ මට පොඩි මෙව්වා එකකුත් ආවා. ලිහිණිව ආයේ දකින්න චාන්ස් එකක්... නෑ නෑ... මමත් දැං අර මාරන්තික උපවාස කරන උන් රෑට හොරෙන් බනිස් කනවා වගේ වැඩක් කරන්න යන්නේ. ඒත් ..... මම දෙලොවෙන් එක ලොවක වත් නැති අනාථනාථ තත්වයකට පත් උනා. තල්මසා යන්න ගියා. අනේ මන්දා අපරාදේ චාන්ස් එක. ඒත් ඒ වගේ ද මේ අතපය. දැනටත් ඇටකටු සමතලා වෙලා තියෙන්නේ. ඒත් මම ක්ලාස් නම් යනවා කියලා තීරණය කළා.
අපේ ගැන්සිය ආවට පස්සේ වඳින්න ඕනෙ හැමතැනටම වැඳලා මම ක්ලාස් යන්න සෙට් කරගත්තා. හීනෙන්වත් තල්මසාගේ සීන් එක උන්ට කිව්වේ නෑ. මොකද ඒක දැන ගත්තානම් තල්මසාට කලින් බුවා මාව මස් කරනවා. කොහොම හරි හවස අපි ක්ලාස් ගියා. ඒක පාලුවට ගිහින්, තල්මසාත් පේන්න හිටියේ නෑ. මම එදා ලිහිණි ඉඳගෙන හිටපු පොට් එක දිහා බලල හයියෙන් හීල්ලුවා.
"මයියා.... උඹ එකපාරටම ක්ලාස් එකට එමු කියලා අඬන්න ගත්තේ ඇයි?" සිකා ෂේප් එකේ ඇහුවා.
" නිකං... දැං සති ගානකින් ක්ලාස් ආවේ නෑනෙ බං" මම හොරෙන්ම උත්තර දුන්නා
" උඹ කෙල්ල එයි කියලා හිතුවා නේද" සිකාට බොරු කරන්න බෑ. ඌත් කෙල්ලෙක් නිසා හොටු පෙරුවානේ කාලයක්.
" ඔව් එහෙම තමයි" මම ඇත්තම කියලා දැම්මා. සිකා ඒ කතාවෙන් කට වහා ගත්තා. ක්ලාස් ආව මෝඩකම කියලා හිතුනා, පැය දෙකක්ම කිසි ආතල් එකක් නෑ. අනේ මන්දා මටත් උන වැඩක්.
"ඕයි මයියා... උඹ දැං ගෙදර යන්නේ කොහොමද?" බුවා බස් එක ගන්න පාර අයිනට ඇවිල්ලා ඇහුවා.
" රෝද තුනක එන්න කියලා තාත්තාගෙන් සල්ලි හම්බ උනා බං" අතයි කකුලයි අවුල් නිසා තාත්තා මට මොකක් හරි වාහනේක එන්න කියලා කට පාඩම් කෙරෙව්වා. සල්ලි වගේකුත් දුන්නා. ෂිකේ මටත් උන නව නිංගිරියාවක්.
බුවායි ජබ්බයි වෙනදා වගේම පාර එහා පැත්තට පැනලා බස් එකක නැංගා. සිකා මගෙ ලඟට සෙට් උනා
"මම උඹව වාහනේක නග්ගලාම යන්නද?" ඒ පාර මු අහන එක බලපල්ලාකෝ. හරියට මට බබා හම්බ වුනා වගේනේ.
"නෑ නෑ උඹල යන තූත්තුකුඩියක පලයල්ලා.. යකෝ ...මට වාහනයක් නතර කර ගන්න පුළුවං..". මම එතනින් ගිය එකකට අත ඇල්ලුවා.. කොහෙද ඌ බලන්නෙවත් නැතුව ගියානේ. සිකාට මගේ හිතේ තිබ්බ අසහනය තේරිලාද කොහෙද පොඩ්ඩක් ටොලාත් එක්කම එහාට ගියා.
ආයෙත් එකක් එනවා. ඒත් නවත්තන්නේ නෑනෙ. ඇත්තමයි ඔන්න මට මල පැනගෙන එන්නේ. සිකයි ටොලයි පොඩ්ඩක් ඈතට ගිහින් කිණ්ඩියට හිනා වෙනවා මම දැක්කා. මට දැං කිණ්ඩියත් එක්ක මල පැන්නා.
එක පාරටම මගේ ඉස්සරහින් රතු පාට වාහනයක් නැවැත්තුවා. වාහනේ පිටිපස්සේ දොර ඇරලා මාව ඇතුලට ඇදලා ගත්තා. දඟලන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා කොහෙද අතයි කකුලයි අවුල් නිසා මොකුත් කර ගන්න බැරි උනා. මාව ඇතුලට අරං දොර වහන්නත් කලිං වාහනේ රේස් කරලා පාරට දැම්මා. හිතා ගන්න බෑ මොනා වෙනවද කියලා මගේ කැඩුණ අත අම්බානකට රිදෙන්න ගත්තා ඒගමන් ඔලුව හිරිවැටීගෙන ආවේ ඉවසගන්න බැරි වේදනවත් එක්ක. තප්පරයකින් මගේ පේන තෙක්මානයම කළු වෙලා ගියා.
Subscribe to:
Post Comments (Atom)


5 comments:
නියමයි.... දිගටම ලියන්න.. අපි කියවනවා... තව පොඩ්ඩක් සිරා කලා නම් මරු.... බොලද පැත්ත පොඩ්ඩක් අඩු කරන්න..
හ්ම්ම්ම්...
මොකද උනේ?
ඒ පාර මොකක්ද වෙන්න යන්නේ.....
මම නම් කැමතියි ලියන විදියට... මොනව කිව්වත් කරත් ස්කෝලෙ කාලේ අපි කරන වැඩ හුඟක් බොල්ඳයි තමා. මේ විදියට මම නම් කැමතියි
maxxa ...,machan keep it up bro.
Post a Comment