Friday, June 25, 2010
23 කොටස
අහන ප්‍රශ්න වලට ගොළු භාෂාවෙන් උත්තර දීලා කොහොම හරි මම ඉස්පිරිතාලෙන් පැන ගත්තා. තල්මසා මාව ගෙදරටම ඇරලනවා කියලා වාහනේ නග්ග ගත්තා, ඇත්තම කිව්වොත් මට තාම බුල්ටෝ එකක තරම් වත් ඕකව ෂුවර් නෑ. වාහනේ නැවත්තලා මාව එම්බාම් කරයි කියලාත් මට හිතෙනවානෙ. මොකද මම අරූට කේලාම් කිව්වේ මූට විරුද්ධවනේ. මමත් ඉතිං ඉඳලා ඉඳලා වැඩක් කලෝත් නා ගන්නවා,
"උඹ මොනාද හිතන්නේ...? " තල්මසා මගේ දිහා බලලා ඇහුවා.
"මොනා හිතන්නද බං... මම මේ කල්පනා කලේ අපේ ගෙදර උන් පොලිසියේ පුවත් වලට දාලද දන්නේ නෑ"
"උඹ කොයිම වෙලාවකමවත් කියන්න එපා උඹව මෙහෙම අරං ආවේ මමයි කියලා."
"පිස්සුද බං, මට කරදරයක් නැති උන්ට මගෙන් කරදරයක් නෑ" මම එහෙම කිව්වට මට කරදරයක් කලත් උන්ට මගෙන් කරදරයක් නෑ. අලි භාෂාවෙන් රෙස්ලින් බලනවා, ඒත් අම්බානකට ගුටි කනවා ඇරෙන්න කාටවත් ගහන්න මට ගටක් තියනවාද, නෑ. අරු ගහනකන් වෙව්ල වෙව්ල දැං ගහයි දැං ගහයි කිය කියා බලන් ඉන්නවා මිසක්.
"හිරාන් උඹට මාත් එක්ක ඔරොප්පුවක් නැද්ද?" ඇසිය යුතු ප්‍රශ්නයක්ද කියලා නම් මම දන්නේ නෑ. ඔන්න ඔහේ ඇහුවා. දැං ඕක අහලා ඕකට පරණ ණයක් එහෙම මතක් උණොත් බඩුම තමයි. මමත් ඉතිං කවදා හරි මැරුම් කන්නේ මේ ගොන් කතාවක් නිසා තමයි.
"තමුසේ එක්ක ඔරොප්පු වෙලා මොනා කරන්නද? , උඹ එක්ක මට කිසි අවුලක් නෑ. ඒත් අර මෙවන් කාරයාගෙන් පරිස්සම් වෙයන්"
" ලිහිණි ඔය වගේ එකෙක්ට බොක්ක දුන්නේ මොනා හිතිලාද දන්නේ නෑ" මම ආයෙත් මෝඩ වගේ ප්‍රශ්නයක් ඇහුවා.
" අනේ මන්දා බං මටත් තේරෙන්නේ නෑ. ලිහිණි අහිංසක වැඩීයි. ඕනෙම හාල්පාරුවෙකුට අහු වෙනවා" මූ කියන්නේ බොක්කෙන්මයි. ලිහිණි කියන්නේ මේ ලොකේ එකෙක් ගැන දන්න කෙනෙක් නෙවෙයි. නැත්නම් මම වගේ හෝතඹුවෙක්ට සොරී කියන්න මෙච්චර කට්ට කයිද?
"මට උඹලෑ ගෙදරට යන පාර කියපං" මනෝ එක්ක පාරේ දෙපැත්තේ වැඩ කිඩ බලං හිටපු මගෙන් තල්මසා ඇහුවා.
" උඹ අපේ ගෙදර එන්න ඕනෙ නෑ. අනික දැං එහෙ මොන තත්වයක් තියෙයිද දන්නේ නෑ. අර ට්‍රයිෂෝ එක ගාවින් මාව දාපං" මම පැත්තක නවත්තලා නියපොතු කකා ඉන්න පොරක්ව පෙන්නුවා.
"උඹට අවුලක් නෑනේ.... " තල්මසා නැවැත්තුවා. මම බැහැලා අරකෙ නැංගා.
" අයියේ මාව පන්සල පාරට දානවාද?" මම එහෙම කියලමයි නැග්ගේ, මිනිහා ඉතිං සුපුරුදු ස්පීඩ් එකෙන් ගමන පටන් ගත්තා. ඒ අස්සේ මට ආයෙමත් ලිහිණිව මතක් උනා. ටිකක් දුර තියාම මම දැක්කෙ කලබලයක්, ජීප් එකකුත් තියනවා. තාත්තාගේ අමාත්‍යංශෙ වාහනෙ නෙවෙයි. මම මගින්ම බැහැලා කොර පිටම ගේ පැත්තට පා උනා.
"අර තාත්තේ මයියා.... ඔය එන්නේ...." අක්කා ඉස්සරහට දුවගෙන ආවා. මෙයා නිකං හැසිරෙන්නේ මාව පළවෙනි වතාවට දැක්කා වගේ.
"මොනාද ඕයි වෙලා තියෙන්නේ?" මම හිමින් සැරේ ඇහුවා.
"කොහෙද තමුසේ ගියේ...?" අක්කා මාව අතපත ගාන ගමන් අහන්න ගත්තා, එතකොට මම දැක්කා තාත්තා පොලිසියේ එකෙක් එක්ක එළියට බහිනවා. කිරි අප්පේ.... මම නැති වෙලා කියලා ඒ ටිකට පොලිසියටත් කියලාද?
" කොහෙද මී හරකෝ තමුසේ මක බෑ උනේ....?" තාත්තා පැන්න ගමන් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා. ඔන්න ආයෙත් ගුටි කන්නයි යන්නේ....
" තා තාත්තේ.... මට මට...." ඒ එක්කම සිකායි ටොලායි ගේ ඇතුලේ ඉදං එළියට ආවා. අම්මා කෑ ගහගෙන දුවගෙන ආවා.
" අනේ අතඅරින්න මගේ දරුවව... මොන තත්වෙකින් ඇවිල්ලද දන්නේ නෑ." අම්ම අඬන්න ගත්තා. තාත්තා මගේ කොලර් එක අත ඇරියා.
" කොහෙද ගියේ කියනවා... උලමා.. මෙතන කී දෙනක් බය උනාද?" තාත්තා තාමත් යක්ෂාවේශෙන් මගේ දිහා බලං ඉන්නවා.
" අයියෝ මයියාව ඇඳලා වාහනේට දා ගත්තේ මම" එකපාරටම කවුදෝ එහෙම එකක් කිව්වා. යකෝ සක්‍රයාගෙ අසනේ රත් වෙලාවත් මාව බේරගන්න ඇවිත්ද කියලා බලන්න මම ඒ පැත්ත හැරුණා.
"ලොකු පුතා...." අම්මා මාව අතෑරලා ලොකු අයියා ලඟට දිව්වා. මට හිතා ගන්න බෑ. මූ කොහෙන්ද පාත් උනේ, අනික වාහනේ මාව ඇඳලා දා ගත්ත කතාව මු දන්නේ කොහොමද? පොලිසියේ එකා තාත්තාට මොනාද කියලා යන්න ගියා. ඔක්කොමලා අයියා වටේට රොක් උනා. මම සිකයි ටොලයි දිහා බැලුවා.
"උඹව වාහනේට ඇඳලා දා ගත්තේ උඹේ අයියාද?" සිකා සැකෙන් මගෙ දිහා බැලුවා. මට කියා ගන්න අතක් නෑ. මගේ දිව උළුක් වෙලා. ඔළුවත් රිදෙනවා. මම මොකුත් නොකියා කාමරේට පා උනා.
Subscribe to:
Post Comments (Atom)


9 comments:
this is one of the best stories in blogs i'm dying to read.
@ milan
මී ටූ.
මගෙත් ආසම කතාවක්. ඉක්මනට දාන එකනම් හුඟක් හොඳයි. කොහොමද මෙච්චර හොඳට කොල්ලො ගැන දන්නෙ.... ??? හි හි
well done...
hehe... lassanama lassanai... puluvan tharam ikmanata danna anith kotasath :D :D
hmmm. Dulani.. oyage kathawa harima lassani...Sujeewa Prasanna Paradai... digatama update karanna ..Great Work.. I SALUTE TO YOU..!!!
aththamai kohmada kollo gena mechchara lassanata liyanne..kathawa gena kiyanna wachana ne akki!!!!!!!!!SUPERB.Danushkath hari Sujeewa paradai..mehma katha 1ma 1k kiewwa pothaka,nama nam mathaka ne,akath mechchara gathi ne.Keep it up.digatama liyanna.Well done akki..
මට මේක කියවද්දි මතක් වෙන්නෙත් මම ඉස්සරම කියවපු පොතක්..කියවලා පැය ගානක් යනකම් ඇඬුවත් එක්ක.... හීහ්හී....
ඔය ඇනොනිමසුත් කියනවා ඇත්තෙ ඒ පොත ගැනද මන්දා...''සුලඟ වගේ ඇවිදින්''
අද තමයි මේ බ්ලොග් එක කියවන්න ලැබුනේ.... එක දිගට මේ වෙනකන් කියෙව්වා
හෙට උදේටත් එලිවෙලා.....මේක කියවන්නේ නැතුව නිදාගන්න හිතෙන්නේත් නෑ.:)
Post a Comment