Monday, June 28, 2010
25 කොටස
" තෙනුර ඔයා ඉන්නවාද?" මම ඉන්න තැන පවා අමතක වෙලා ඉන්න වෙලාවක ලිහිණි මගෙන් ඇහුවා.
"ඉන්නවා ඉන්නවා...." මම පුරුෂ මොකද්ද එක ඉස්සරහාට දාලා කතා කලා.
" ඔයාට කරදරයක් උනේ නෑනෙ" මොන කරදරයක්ද සුදො මේ ඉන්නෙ කොල්ලා ෆුල් ආතල් එකේ. දැං කොල්ලාටත් කෙල්ලෝ කතා කරනවා කිව්වාම සෙල්ලංද?
"මට මොන කරදරයක්ද?" මම වටපිටාව බැලුවා. නංගි පැත්තකට වෙලා කට අතුලේ දාගෙන හිනා වෙනවා. ෂිඃ මේකිට මීටර් ඇති මම තලපතා වගේ වෙව්ලපු වෙව්ලිල්ල.
" හිරාන් එක්ක ඔයාව ගෙදර යැව්වයි කියලා භානුක කිව්වාම මට තරහත් ගියා. හිරාන් වගේ සර්පයෙක් එක්ක ඔයාව ආයේ යැව්ව එක ගැන"
"මාව කිසි අවුලක් අන්තරාවක් නැතුව ඌ ගෙදරටම බැස්සුවා. ඔයා ඒ ගැන මොනාට හිතනවාද?"
"එහෙනම් කමක් නෑ... මම එහෙනම් ෆෝන් එක තියන්නද?" අනේ එපා කියන්න හිතුනා ඒත් නිකං ආයේ ඉල්ලන් සීනි නැතුව තේ මොකටද? මම මොකුත් කිව්වේ නෑ.
" හෙටත් මාව බලන්න එනවා නේද?" ඔය ඉතිං ඔහොම ප්‍රශ්න අහුවාම මම කොර වෙනවනේ බබා... දැං මොකද කරන්නේ
"හෙටනම් බැරි වෙයි වගේ ලිහිණි.... " මම නම කිව්වේ පොඩ්ඩක් වටපිට බලන ගමන්. ඇන්ටනාව දාගෙන මගේ දිහා නංගි බලාගෙන ඉන්නව ඇරෙන්න ලඟ පාතක කූඹියෙක්වත් නෑ
"අනේ ඇයි ඒ..?"
"මෙහෙමනේ..... අදත් පරක්කු උන නිසා ගෙදරින් බර බරේ... ගුටි කාපු නිසා මම ගැන වැඩියෙන් හොයනවා" මම ඔන්න ඔහේ ඇත්තම කියලා දැම්මා.
" ඔයාට මම නිසා ඔක්කොම කරදර"
"කරදර මොනාද? ඕවා සාමන්‍ය දේවල් තමයි."
"තෙනුර මට ආසයි ඔයා එක්ක කතා කර කර ඉන්න... ඔයා කතා කරනවා අනිත් අයට වඩා සෑහෙන්න වෙනස්. කියන දේවල් වලට හිත හිතා හිනා වෙන්න පුළුවන්, ඒකයි එන්න කිව්වේ" අනේ දෙයියනේ මේකිට මම ජෝකර් වෙච්චි. මක් කොරන්නද ඕක ලබා උපන් හැටි තමා.
" මට හිනා වෙන්න ඕනෙ තෙනුර" ඕක ඉතිං අහන්නත් දෙයක්ද, ඕක පිස්සෙක්ගේ ස්වභාවය තමයි. චික් චික් මම මේ මොනාද හිතන්නේ. එහෙම හිතන එක සම්පූරණ වැරදියි.
" ඔයා හිතනව ඇති මට පිස්සු කියලා" මෙයා කොහොමද මම හිතපු එක දන්නේ... මම මේ දැං ඒක හිතලා ඉල්ලා අස් කරගත්තානේ. අනේ මන්දා මොකෙක් හරි මම හිතන දේවල් මෙයාට ගිහින් කියනවා.
"මම ඔයා ගැන එහෙම හිතනවද? " මම බොරු හිනාවක් දැම්මා.
"එහෙනම් මම හැමදාම ඔයාට මේ නම්බර් එකට කෝල් කරන්නද?" හුටා.... මේකට කෝල් කරල කාට හරි මාට්ටු උණොත් කොල්ලට එල්ලුම් ගස් යන්න තමයි වෙන්නේ. ඒක හරි යන වැඩක් නෙවෙයි. අනේ ඇයි මෙහෙම ප්‍රශ්න අහිංසක මටම එන්නේ.
"නෑ නෑ එහෙම කරන්න ඕනේ නෑ... මම හෙට එන්නම්කෝ" මම එහෙම කිව්වේ මගේ ගැලවීම තකා. එතකොට එයත් හිනා වෙවී නිදා ගනී මටත් හොඳ රෙස්ලිං හීන දෙකක් තුනක් බල බලා දොයිය ගන්න පුළුවංනේ.
" හෙට කොහෙටද එන්නම් කිව්වේ?" මාව ෆුල් අනාථ උනා. වොයිස් බොක්ස් එක ගහලා ගියා වගේ දැනුනා. කටහඬ එළියට එන්නේ නෑ. සර්වාංගයම ඇනකොන්ඩා දැකලා වගේ ගැහෙන්න ගත්තා. කිරි අප්පේ මම මේ ලොකේ බයම කටහඬ මේක වෙච්චි. මම මොනා කියන්නද? කොල්ලාගේ පැනි කතා ඔක්කොම ඉවරයි. මම හිමින් සැරේ පිටිපස්ස හැරුනේ අනේ බුදු තාත්තේ මම අහිංසකයි කියනවා වගේ...
Subscribe to:
Post Comments (Atom)


7 comments:
අපොයි.... ඉවරයි වගේ කොල්ලා
බඩු මාට්ටු
haaa.. hhaaaaaaaa.......
බුවා ඉල්ලං කයි වගේ
අනේ අහිංසකයා.මේකා ඉල්ලගෙන නෙවෙයි ඇදගෙන නාන්නේ
මලා......... hakazzzzzzzzzzzz
shik ..
ඈයි මෙ හෑම තාත්තම කොල්ලොන්ට case එක දාන්නෙ ...
Post a Comment