Sunday, June 20, 2010
18 කොටස
තාත්තා මගේ දිහා බලන් ඉන්නේ හිරෙන් පැනපු පොරක් ආයේ මාට්ටු උනාම ජේලර් බලන් ඉන්නවා වගේ මලෙන්. ලිහිණි කියන්නේ කවුද? ඇත්තම කියනවා නම් මාත් හරියටම ඒක දන්නෙ නෑ.
"ලි ලිහිණි කියන්නේ.... බුවාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තාත්තේ.." මට මොළෙ හෙල්ලිලාද කොහෙද ඔන්න ඔහෙ මොකද්දෝ එකක් කියවුණා. තාත්තා මගෙන් ඇස් දෙක අරං බුවා දිහා බැලුවා. කාලා වරෙන්කො බුවාගේ මුණ දැක්කාම මට බකස් ගාල හිනාව ආවා. ඌට චූ යන්න වගේ එන එක අමාරුවෙන් නවත්තගෙන මගේ දිහා බැලුවේ ' අනේ මාව බේරගනිං" කියනවා වගේ. මම බේරෙන්න ඕනෙ මුට කලිං හේතුව මේ ප්‍රශ්නේ ඇහුවේ මුගේ තාත්තා නෙවෙයිනේ.
"එතකොට තමුසෙලා ගුටි කෑවේ ඔය කෙල්ල නිසා...?" දැං ප්‍රශ්න අහන්නේ මගෙන් නෙවෙයි බුවාගෙන්. ඌ තාත්තා දිහා බලාගෙන ඉන්නේ දිව අමතක වෙලා බස් එකේ දාලා ආවා වගේ. මුගේ අර තිබ්බ ගිරා වොයිස් එකත් දැං නෑ. සිරාවටම මූට දැං දෙයියෝ බුදුන් එහෙම අහසෙ වැඩලා ඉන්නවා පෙනිලා ඉන්නේ.
"ඇත්තටම තාත්තේ ඒ කෙල්ලගෙ වරදක් නෑ. බුවා තාම ට්‍රයි විතරයි, ඒකෙ කෙලවරක් නෑ. ඊට පස්සෙ බුවා කිසිම කෙල්ලෙකුට ට්‍රයි කරන්නේ නෑ කියල මේ දැං මට අම්මපා කියලා පොරොන්දු උනා. " මම තාත්තා දිහා නොබලාම බිම බලගෙනම සහජයෙන් උරම උණු බොරු එක දිගටම කීමේ හැකියාව ප්‍රයොජනයට ගත්තා. තාත්තා අහු උනාද කියලවත් ඔලුව උස්සලා බලන්න ගියේ නෑ.
" ලිහිණි කිව්වා නේද නම?" තාත්තා පොඩ්ඩ වෙන්න කල්පනා කලා.
" නෑ නෑ අංකල් ලිහිණි නෙවෙයි.. මොකද්ද වෙන නමක් අපි එයාට ආදරේට කියන්නේ ලිහිණි කියලා" ටොලා පැනලා ආන්සර් එක දුන්නා. අනේ දෙයියනේ මටත් මම වගේම උන් ටිකක් මුණගස්සපු එක ගැන දෙයියන්ට උණත් මම සලකනවා මදි. තාත්තා පොඩ්ඩ වෙලාවක් ඉඳලා එතනින් පිට උනේ හීනියට කල්පනාවකුත් කරන ගමන්.
" උඹ නම් මර පොරක්නේ... ලිහිණි මගෙ කෙල්ල වෙන්නේ කොහොමද?" බුවා හුස්මක් පිට කරන ගමන් මගේ දිහා බැලුවේ අම්බානකට කිපිලා. දකිනකොට මතක් වෙන්නේ කුලප්පු උන පොර හරකෙක්ව.
" නැතුව ලිහිණි මගේ කෙල්ලද? උඹනේ අපි කට්ටියගෙන්ම ඒකිට පැණි හැලුවේ"
"ඒත් උඹ ගුටි කෑවේ වෙන කේස් එකකටනේ" මම මගේ හීනියට රිදෙන ඔලුව පොඩ්ඩක් අත ගගා ඇඳේ වාඩි උනා.
" තාත්තා ඇහුවෙ මම ගුටි කෑවේ ඇයි කියලා නෙවෙයිනේ... ලිහිණි කියන්නේ කවුද කියලානේ" මම එහෙම කියන ගමන් හීනියට මනෝ පාරකට සෙට් උනා. තාත්තා ලිහිණි ගැන හොයාගෙන වැඩේ අබ්ලික් කරයිද? ඒ අහිංසක කෙල්ල මේ කිසි දෙයක් දන්නේ නෑ. මේ හැමදේම උනේ අම්මා මගේ කලිසම එදා ලියුමත් එක්කම හේදුව නිසා, නැත්නම් මම කවදාවත් ඔය ලියුම මගේ අත් දෙකෙන්ම ගෙනත් අරූට දෙන්නේ නෑනෙ. ඉස්කෝලේ පොඩිම ළමයා හොයලා ඒක දීලා අරූට යවනවා මිසක්. ඔක්කොම දැං කණපිට යාගෙන එන්නේ
"දැං මොනාද උඹ කට කකුල් දෙකේ උලාගෙන කල්පනා කරන්නේ?"
"මම අපේ තාත්තාගේ හැටි දන්නවා ටොලා... එයා මේ හැමදෙයක්ම සෙන්ටිමෙන්ටල් කරයිද දන්නේ නෑ. අන්තිමට අර කෙල්ල සෑහෙන්න විඳියි. මේකට ඒකි පලි නෑ බං"
"උඹට මොකද්ද කියපං ඒකි ගැන තියන කැක්කුම?" බුවා තාම ඉන්නේ මල පැනලා
" මට ඇති කැක්කුමක් නෑ... ඒත් ඒකි උඹ අපි වගේ ෆුල් ෆන් එකෙ ඉන්න එකියක් නෙවෙයිනෙ බං, ඕක දුරදිග ගියොත් එයාගේ ජීවිතේට අපිටත් වග කියන්න වෙයි."
"මට පැණි පෙරනවා කිව්වාට මූනේ පෙරන්නේ බලපන්කො ටොලා මුගේ කතාව" බුවා ටොලා ලඟට ගියේ හිනා වෙවී.
"පෙරනවා නෙවෙයි බං තේරුම් ගනිං.... අපිට වඩා කෙල්ලෙක්ට මේ ප්‍රශ්නේ දැනෙනවා වැඩියි. මටත් නංගි කෙනෙක් ඉන්නවා." මම ටිකක් සැරෙන් බුවාට කිව්වේ සිරාවට ටික වෙන්න මල පැන්න නිසා
"දැං උඹට ඔය ඇවිත් තියෙන්න සහෝදර ප්‍රේමයක්............. මේ බලපං.. මෙතනිනුත් මට හිනා" බුවා මගේ පැත්තට උගේ පස්ස හැරෙව්වා. ටොලා හිනා වෙලා බුවාගේ පස්සට රත් වෙන්න පාරක් දුන්නා.
"උඹලා එක්ක කතා කරලා වැඩක් නෑ"
"හරි උඹ ඇත්ත සීන් එක කියපං අපි සප් එක දෙනවානෙ... නැත්නම් උඹේ තෙලට අපි නිරපරාදේ ගුටි කනවාද?" ටොලා මගේ ලඟින් ඉඳගත්තා.
"මට උදව් කරපං..."
" ඉතිං මොනාටද කියපං"
" ලිහිණිව මඟඅරින්න"
මගේ කතාවෙන් ටොලායිම බුවයි මූණට මූණ බලා ගත්තා, මගේ වචන ටිකෙන් හීනි වේදනාවක් දැනෙන්න ගත්තා මේ සැරේ නම් ඔලුවෙන් නෙවෙයි පපුවෙන්.
" උඹ ඒ කියන්නේ ඉකෝන් ක්ලාස් එන්නෙ නැද්ද?" බුවා දුක වොයිස් එකකින් මගෙන් ඇහුවා
"එනවා...."
"එතකොට එයාව හම්බ වෙයිනේ..."
" ඔව් මාව දකියි. ඒත් මම කවදාවත් එයා ඉස්සරහට යන්නෙ නෑ... ඒ මගෙ හිතේ තරහක් නිසා නෙවෙයි එයාගෙම හොඳට"
" එතකොට උඹ..."
"ප්‍රශ්න ඕනේ නෑ බුවා මට සප් එක දියං"
"හරි උඹ කියන ඕනේ දේකට.... උඹ දන්නවානේ අපි අපායට උණත් යන්න අවුලක් නෑ කියලා" බුවාගේ ටෝක් එකට මාව ෆුල් අවුල් වෙලා ගියා.
Subscribe to:
Post Comments (Atom)


8 comments:
කතාව ලස්සනයි. අද තමා මුලින්ම කියෙව්වේ. දිගටම ලියන්න. අපි එනවා කියවන්න. ජය!!!
හපොයි දෙයියනේ මේ කතාව මෙච්චර කල් හංගගෑන හිටියේ කොහෙද ??? කොටස් 18 ම එක හුස්මට කියෙව්වා. මීට කලින් සින්ඩියෙ දැකල නැහ මේක. මීට වඩා පිරිසක් බලන්න ඕනි නියම කතාවක්. මම ඔන්න මගේ බ්ලොග් එකෙත් ලින්ක් එක දාන්නම් මේකේ. ස්කෝලෙ කාලෙට ගියා නිකන්ම. ඉක්මනට දිගටම ලියන්න.
උපරිමයි කතාව නම්.
ජය.
මගේ බ්ලොග් එකෙත් දැම්ම ඔන්න ලින්ක් එක. මේ බ්ලොග් එක මීට වඩා පිරිසකට බලන්න සින්ඩි වලට එකතු කරා නම් හොදයි නේද....
shok kathawak meka nam.amme digatama kiyawagena giya...ikmanata liyanna.api digatama balanawa.ikmanata liyanna......
ඔන්න මමත් එක හුස්මට කියෙව්වා... ඇත්තටම මේක දැක්කේ නෑනේ මෙච්චර දවසක්... හරිම ලස්සනයි කථාව.. ඉක්මනින් ඊළග කොටසත් දාන්න..
වෙලාවක නිදහසේ ඔක්කෝම ටික කියවන්න ඕන . ..
ගොඩාක් ස්තුතීයි ඔක්කොමලාගෙම කමෙන්ට් වලට... ඔයාල බලන එකම මට ලොකු ශක්තියක්... හැමෝටම ජය
nidaganna hithenneth na appa.. maduruwo thala thala kiyawanawa... aiyoooooooooooooooooooooooooooooooooooooooooooo
Post a Comment