"
තාරකා..... මම කිව්වා ඔයාට එන්න එපා කියලා" මට ඒක කියලා වැඩි වෙලාවක් ඉන්න හම්බ උනේ නෑ තාරකා අඩාගෙන ආයේ ගේ ඇතුලට ගියා. මට දැණුනේ කියන්න බැරි තරම් දුකක්. මම හසංකය ළඟින් ඈත් වෙලා රෝද පුටුව තාරකා යන පැත්තට කැරකෙව්ව ඒත් මට එයා යන ඉක්මනට අල්ල ගන්න යන්න බෑ එයා මෙලහටත් කාමරේට දුවලා කොට්ටෙත් බදාගෙන අඬනවා ඇති. හසන්ත නැගිට්ටා.....
"මල්ලි මම යන්නම්..... මම මේ ප්‍රශ්න ඇති කරන්න ආව ගමනක් නෙවෙයි..... ඒත් තාරකා.... මට සමා වෙන්න මල්ලි" ඔක්කොම කිරිමැටි කිඹුලා වගේ ඇද බාලා දැං ලුණු මදි කියන්න එනවා... මට ඇත්තටම මූත් එක්ක නප්පියට තද වෙලා ඉන්නේ..... මම ඌට මොකුත් නොකියා ඒ පැත්තට ගියා මම මගේ කාමරේ පාස් කරගෙන නංගිගේ කාමරේ පැත්තට ආවා. ඒ වෙනකොටත් නංගි කාමරේට ගිහින් තාරකාගේ ඔලුව අත ගගා හිටියා. මට එතනට යන්න මොකද්ද වගේ මට හිතෙන්නේ මමයි මේකට වැරදි කියලා. ඒත් මගේ ඇති වරදකුත් නෑ. මේ දවස් වල මට හිතෙන්නේම කිසිම අදාලත්වයක් නැති හරුප. මම සාලේ පැත්තට එනකොට හසංකයත් ගිහින් මම ඔන්න ඔහේ ටෙලිෆෝන් එක අතට අරං බුවාගේ නම්බරේ එඹුවා......
"හලෝ" එහා පැත්තෙන් කන පැලෙන්න හලෝ පාරක් ඇහුණා. මම හිතන්නේ ඩයිනමයිට් එක මීට ටිකක් හිමින් කතා කරනවා
"හලෝ රුවන් ඉන්නවාද?" මම සුපුරුදු ලා වොයිස් එකෙන් ඇහුවා
"කව්ද ඔය කතා කරන්නේ...?" අම්මාට සිරි මම හිතන්නේ මට ඒක ෆෝන් එකෙන් නෙවෙයි එළියෙන් ඇහුනේ ඒ තරං හයියකින් කතා කලේ......
"තෙනුර"
" රුවන් ගෙදර නෑ... ක්ලාස් ගියා" මට ඇහුනේ මාර නිවුස් එකක්නේ අපේ බුවා දැං ක්ලාස් යනවාද මම එහෙමම ෆෝන් එක තිබ්බා...... තව කතා කලා නම් කනක එක බෙරයක පලුව ඩැමේජ් වෙනවා.....
මම ආයෙත් කතා කලේ තල්මසාට ඌගෙ ෆෝන් එක සෑහෙන වෙලාවක් රින්ග් උනා ඒත් මේකගේ කිසි අන්සර් එකක් නෑ. අන්තිමටම මම භනුකයාට කතා කලා ඌ අන්සර් කළා
"ඇයි මචං..." ඌ ෆෝන් එක ගත්තේ එහෙමයි.
"භනුක... මට ලිහිණිව හම්බ වෙන්න ඕනේ........."
"උඹට පිස්සුද බං...මෙ දවස් වල ලිහිණිව පොලිසියෙන් සෑහෙන්න හොයනවා"
"මට පොලිසිය වැඩක් නෑ මට කොහොම හරි ලිහිණිව හම්බ වෙන්න ඕනේ..." ලිහිණිව පොලිසියෙන් හොයනව කියන එක මට අලුත් දෙයක් නෙවෙයි ඒත් මට දැං ලිහිණිව හම්බ වෙන්න ඕනෙ......
" තෙනුර මේකෙන් උඹේ ජීවිතෙත් අමාරුවෙ දාගන්න යන්නේ .... තාත්තා දැනගත්තොත් ඔයා මේකට සම්බන්දයි කියල ඔයාට නිකන් ඉන්න දෙන එකක් නෑ....."
"මට මම ගැන වැඩක් නෑ භනුක මට ඕනේ දැං ලිහිණිව හම්බ වෙන්න....." භානුකයා ටික වෙලාවක් සද්ද නැතුව හිටියා.....
" හරි මම තව පැය භාගෙකින් එන්නම්...... ලෑස්ති වෙලා හිටපං....." භානුකයා මම තියන්නත් කලින් ෆෝන් එක තිබ්බා. මම කාමරේට ගියේ හිතට මා ගලක් වගේ දුක දිග ඇරෙද්දි..... මම ඇඳට ගොඩ වෙන්නෙ නැතුව පුටුවෙම ඉඳං කල්පනා කළා
"පොඩි අයියා....." නංගි එහෙම කිව්වෙ මගෙ ඔළුව අත ගාන ගමන්
"නංගි මට ටිකක් තනියම ඉන්න දෙනවා අයිසේ"
"තාරකා අඬන එක නවත්තන්නෙ නෑ...... මම එකයි ආවේ..... ඔයාට බැරිද?" මගේ එක බැල්මෙන් නංගි කියන්න ගිය දේ නැවතුණා
"එයාට අඬන්න දෙන්න..... තමන්ගේ ඇත්ත කතාව මනුස්සයෙක්ට ඇහුණාම අඬන එක හොඳයි අබ්බගාත වෙනවාට වඩා"
"අයියේ...."
"මම ගැන මම දැන ගත්ත වෙලාවෙත් මම තාරකා වගේ ඇඬුවානම් අද මම අබ්බගාත නෑ නංගි" නංගිගේ ඇස් වල කඳුලු පිරෙනවා මම දැක්කා. මට පණ නැති උනේ මගෙ කකුල් දෙක නෙවෙයි. මගෙ පණ නැති උනේ මට නැතත් තාත්තා ගොඩ ගහපු බලාපොරොත්තු, මම දැක්ක හීන, ඒවා අමතක කරල්ලා දාලා මම නිකන්ම නිකන් අබ්බගාතයෙක් කියන එක විතරක් හිතා ගන්න මම කොච්චර ගේමක් දුන්නත්..... මොකක් හරි එකක් ඇවිල්ල මාව අබ්බගාතයෙක් උණා කියලා අසරණ කරනවා
"එයාට නැති උණේ එයාගේ අතීතේ ඒත් එයාගෙ වර්ථමානෙයි අනාගතෙයි දෙකම එයා ළඟ කියලා විතරක් ඇවිල්ලා කියන්න පොඩි අයියේ..." නංගි ඒ ටික කිව්වේ අඬ අඬා ඒ වචන ටිකනම් ඊතලේ වගේ පපුවේ කොනටම අනුනා
"එයාට අතීතෙයි වර්ථමානෙයි අනාගතෙයි තුනම මගේ ඒ වචන ටිකෙන් නැති වෙනවා නේද?" මටත් නොදැනීම මගෙ ඇස් දෙක තෙත් උණා වගේ දැනුනා
"නෑ එයාගේ වර්ථමානෙයි අනාගතෙයි දෙකම ඔයා....... ඔයා ඔය පිස්සු වැඩේ කරලා ඒ ළමයාව මානසික ලෙඩෙක් කරන්න එපා... අම්ම තාත්තා නැති අහිංසක කෙල්ලව තවත් අසරණ කරලා පව්කාරයෙක් වෙන්න එපා.............."
මම රෝද පුටුව හරවලා නංගි දිහා බැලුවා එයා මාදිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා කාමරෙන් පිට උණා
නංගි ගියාට පස්සෙ එයාගෙ වචන මගෙ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා...... ඇස් වල ගොඩ ගැහුණ කඳුලු පිහ දාගෙන මම නංගිගේ කාමරෙට ඇතුල් උණා. එතන නංගි හිටියේ නෑ. තාරකා ඇද උඩ මුණින් අතට ඉදගෙන කොට්ටෙ බදාගෙන ඉන්නවා මම දැක්කා. එයාගෙ කොණ්ඩෙ අස්සට ඇඟිලි තුඩු යවලා මම ඔලුව අත ගෑවා. තාරකා ඔලුව මගේ පැත්තට හරවලා බැලුවා. අනේ ඒ ඇස් දෙක රතු වෙලා.
"තාරකා ඇයි පිස්සියක් වගේ අඬන්නේ...?"
"තාත්තා මැරිලා තියෙන්නෙ කිසිම හේතුවක් නැතුව..... මම අනාථයෙක් උණේ ඒ නිසා..... අද මට කාත් කවුරුවත් නෑ... මේ හැමදේටම මුල අත් වැරදීමක්"
"ඔව් සමහර දේවල් අපේ ජීවිතේ වෙන්නෙ අත් වැරදීම් නිසා...... දවසක් තොප්පි වෙලෙන්දෙකුත් අත් වැරදීමකින් රිලව් ඉන්න ගහක් මුල නිදා ගත්තාලු... තොප්පි වෙලෙන්දා එදා ඔයා වගේ ඇඬුවානම් ඌ තාම අඬනවා..... තොප්පි ටිකත් නැති කරගෙන " කිසි ගැලපීමක් නැද්ද කොහෙද කතාව ඒත් කෙල්ලගෙ මූඩ් එක යන්තං හරි ගස්සගන්න මට ඕනෙ උනා
"තෙනුර මට ජීවිතේ ඔයාට වගේ සැහැල්ලුවෙන් ගෙවන්න බෑ"
"ඇයි ඒ...? ඔයා දන්නවාද මමයි ඔයයි අතර එච්චර ලොකු වෙනසක් නෑ කියලා"
"ඒ කිව්වේ..."
"මගේ අම්මා තාත්තා කවුද කියන එකත් ඔයාගෙ ඔය කතාව අස්සෙම වැළලිලා තිබ්බ ඇත්තක් තාරකා..... ඒත් මම සැලුනෙ නෑ.... ඒ මගේ අතීතය නම් ඇයි මම ඒ ගැන හිතන්නේ..... අපිට ඕනෙ විදියට අතීතය වෙනස් කරන්න බෑ. ඒත් වර්ථමානයයි අනාගතෙයි අපිට ඕනෙ විදියට වෙනස් කරන්න පුළුවං ඒකත් කජු කරගන්න ඕනෙද මේ අතීතය නිසා"
"මට කියලා කවුරු හරි ඉන්නවා නම් තෙනුර මට අතීතය අමතක කරන්න පුළුවං..... මම ලෙඩ උණාම මම ගැන බලන්න, මට ආදරේ කරන්න, මගෙ හිතේ තියන හැමදෙයක්ම බෙදා ගන්න, මාව අම්ම වගේ බලාගන්න, මම වැරැද්දක් කලාම පොඩ්ඩක් බනින්න, තාත්තෙක් වගෙ මගෙ ඔලුව අත ගාන්න කවුරු හරි ඉන්නවා නම්.... ඒත් මට එහෙම කවුරුත් නෑ... හැබැයි ඔයාව මෙයාලා ඔක්කොමලා එයාලාගෙ වගෙ බලාගන්නවා.. එ නිසා ඔයාට මාව තේරුම් ගන්න බෑ....." මම ටිකක් විතර ගොලු වෙලා ගියා...... වචන එක පාර ඔක්කොම එන්න හදනවා වගෙ දැනිලා උගුර වේලිලා ගියා.. තාරකා මගෙන් අහන්නේ මම එයාට ආදරෙයිද කියලාද? එයාට දෙන්න තියන උත්තරෙත් ඒකම තමයි ඔයා තනි වෙලා නෑ ඔයාට මම අම්මා කෙනෙක් වගේ ආදරේ කරන්නම් තාත්තා කෙනෙක් වගේ බලාගන්නම් කියලා කියන්නද ඕනේ. ඇයි මේ කෙල්ලොන්ට අපේ කටින්ම ආදරෙයි කියලා අහගන්න ඕනේ මේ වෙලාවෙදි අපි මොන තරම් හිර වෙනවාද? එත් නොකියාත් බෑ. මගේ ඒ වචන දෙක තුන මැලවිලා තියන මූණ වල ගැහෙන්න හින්ස්සාවී. ජීවිත කාලෙම සමහර විට මමත් හෙව්ව අර මොකද්ද මෙව්වා එක මට ලැබේවී
" තාරකා..... අම්මා තාත්තා කියන දෙන්නාගේ අඩුව පුරුවන්න පුලුවන් පොරක් මේ ලෝකෙ ඉපදෙන්නේ නෑ. එයාලා අපිට දීල තියෙන්නෙ එක්කෙනා ගානේ.. මොකද එයාලට සමාන කරන්න පුලුවන් කෙනෙක් අපිට හම්බ වෙන්නෙ නෑ.. ඒත් එයාලා නෑ කියලා අපිට ජීවිතේ අත අරින්න බෑ. එයාලා නැති වෙනකොට ඒ වෙනුවට අපිට කවුරු හරි ලබා දෙනවා... ඒක තමයි දෛවය. මගේ අම්ම තාත්තා මගෙන් ඈත් වෙනකොට මට මගෙ මාමායි නැන්දයි අම්මායි තාත්තයි උණා..... ඔයාට අම්මා තාත්තා නැති වෙනකොට මෙ කොහෙද ඉදලා ආපු දඩබ්බර අබ්බගාත කොල්ලෙක් ඔයාට හම්බ උණා.. ඒ මදිද?"
තාරකා එක එල්ලේ මා දිහා බැලුවේ ඇස් වලින් කඳුලු කඩා වැටෙන ගමන්. හරියට මොකුත්ම අදහාගන්න බෑ වගෙ. ඒත් ඒ වචන ටික මගේ කටින් පිට උණාම දැනුන සැහැල්ලුවට ඉගිලෙන්න උණත් යන්න හිතනවා. මෙච්චර කල් මාර ගිනි කන්දක්නෙ තියාගෙන ඉදලා තියෙන්නේ
"ආයේ එක පාරක් ඔයා කියපුවා මට කියන්න තෙනුර"
" කෙටියෙන් කිව්වොත්...මේ අබ්බගාතයාව විශ්වාස කරන්න.... දඩබ්බර උණාට මගේ බොක්ක එච්චර දඩබ්බර නෑ...... ඔයාව ටිකක් හොඳට බලා ගන්න පුලුවං ඒත් ඔයාට මාව කරදරක් නොවෙන තාක් කල්"
"මට........ මට................... අනේ මට..............." තාරකාගේ තැටිය එක තැන කැරකෙන්න ගත්තා
"ඔයාට කරදරක්ද?" මම ඒකට උත්තරේ හොදටම දන්නවා
" අනේ නෑ... මම මැරෙනකන් ඔයාව බලා ගන්නම්......." ඔන්න ආයෙත් කලු කරලා වහින්න ගත්තා...... දැං අඬන්නේ දුකටද එහෙමත් නැත්නම් සතුටටද මට තේරෙන්නෙ නෑ... මෙයාල තේරුම් ගන්න බෑ කියලා කියන්නේ ඕකනේ.. කොල්ලා තටමලා වැඩේ ගොඩ දාගත්තා ඒත් හත් දෙයියනේ ආයේ අඬනවා
"ඔයා අඬලා ඉවර උණාම ලෑස්ති වෙන්නකෝ...... "
"ඇයි?"
"ඔයාට ඔයාගේ සහෝදරීව මුණ ගස්සන්න"
"ලිහිණි?"
"ඔව්..... හැබැයි....... ලිහිණි ළඟ ඉන්නකොට ඔයා හිනා වෙලා ඉන්න ඕනේ...." තාරකා කඳුලු පිහදාගෙන මගෙ දිහා බැලුවා
"ඇයි ඒ?"
"ඔයගේ ඩිම්පල් එකෙන් තමයි මට ඔයාව අඳුණගන්න වෙන්නේ..... නැත්නම් කොල්ලා වැරදි මලට කිට්ටු වෙන්න පුලුවං...." තාරකාගෙ මූණට එකපාරටම හිනාවක් ආවා..... ලස්සන කම්බුල් දෙක සුලියක් වගෙ ඇතුලට යනවා මම බලාගෙන හිටියේ ආසාවෙන්.
"තෙනුර මට ජීවිතේ දැං ගොඩක් දේවල් ලැබුණා වගේ දැනෙනවා..."
කෙල්ලොන්ට ඕනෙ ආදරේ විතරද මන්දා මට නිකමට එහෙම හිතුණා...... එක පාරටම නාලගිරියාට පෙට්‍රල් ගහලා වගේ නංගි දුවගෙන ආවා......
"පොඩි අයියේ භානුක ඇවිල්ලා...." මේක නිකන් අර මොකද්ද වගේ.....
"ඉතිං ආවනම් තමුසෙ මෙතන මොකද කරන්නේ......?"
"ලිහිණි අක්කත් ඇවිල්ලා......"
"මොනවා...............????" මම ඒ පැත්තට යන්න හදනකොට නංගි මාව නවත්ත ගත්තා......
"නරකම වැඩේ තමයි තාත්තාත් මේ දැං ආවා....." බුදු හත් වලාමේ දැං ඉතිං කාපං පරිප්පු තබන්නෙ නැතුව එළුවා වගේ නිකන්...... මම දැං මොකද කරන්නේ... තාරකත් බය වෙලා මා දිහා බලන් ඉන්නවා.......
"මම නොකියාම ආව එක ගැන සමාවෙන්න මල්ලි" මූ කට අරියොත් ඉතිං රාගධාරි බයිලයක් ඇත්තටම මට මෙකාගේ මූණ අල්ලන්නෙම නෑනෙ......
"කමක් නෑ...... වාඩි වෙන්න" මම රෝද පුටුවෙ ඛ්‍රෙක් එක දාලා හසංකයා දිහා බැලුවා......
"මල්ලි මං ගැන මොනා හිතනවාද දන්නෙ නෑ..... මුලින්ම මම කතාව මගෙන් පටන් ගන්නම්......"
"ඔව් කොහෙන් හරි පටන් ගන්න එපෑ" මට දැං ටික වෙන්න මල පැනලා තියෙන්නෙ
" මගෙ තාත්තා ගමෙ අහිංසක විදියට ජීවත් උණ මනුස්සයෙක්..... එත් තාත්තා දිහා මිනිස්සු බැලුවෙ හිඟන්නෙක් දිහා බලන විදියට..... මට උගන්නන්න තාත්තා ගොඩාක් දික් වින්දා..... මම ඒ ලෙවල් ලියන්න කලින් තාත්තා නැති උණා..... මම රස්සාවක් හොයන් කොළඹ ආවා," තනිකර ලතෝනියක් කියනවා.. ඇයි හත්වලාමෙ මම මෙවා දැනගෙන පොතක් ලියන්නද? මූ දැං මෙ ස්ටොරිය මෙගා ටෙලියක් වගෙ කියාගෙන යයිද දන්නෙ නෑ මගෙ කකුල් දෙක සනීප වෙලා නගිටලා පල දොට්ට කියන කන්
"මේ කේස් එක කොහෙන්ද පටන් ගත්තේ...."
" ඒක පටන් ගත්තේ හැටන් වැඩිහිටි නිවාසෙක සෙලෙස්තිනා කියලා කියන කෙනා එකපාරටම මැරුණට පස්සෙ......."
"සෙලෙස්තිනා...." මට ඒ නම නම් හොඳට පුරුදුයි... හැටන් වැඩිහිටි නිවාසයක්..... හරිනෙ මේ කියන්නෙ තාරකාගෙ අත්තම්මා.......
"ඔව් එයා හඩ්සන් වික්‍රම නායකගෙ නැන්දම්මා" හරි මෙ තාරකාගෙ අත්තම්මා තමයි අඩ්සන් වික්‍රමනායක කියන්නෙ තාරකාගෙ තාත්තා......
"එයාව මරලාද?"
"වෛද්‍ය වාර්ථා කිව්වෙ කෑමක් විස වෙලා කියලා ඒත්.... මේ කෑම විස උණේ එයාට විතරයි..... මේ ප්‍රශ්නෙ හොයන්න අපිට මෙයාගෙ වගතුග හොයන්න උණා.... මෙතනදී අපිට අවුරුදු 18කට කලින් වැලලුණු කේස් එකක් ආපහු අරින්න සිද්ධ උණා... ඒ හඩ්සන් වික්‍රමසිංහගේ මිනීමැරුම....... මේ සිද්ධි දෙක අතරෙ සම්බන්දතාවයක් තියනවා...... "
"මොකද්ද ඒ...?"
"මට දැනගන්න පුලුවන්ද මල්ලිගෙයි ජයවීරගෙයි අතර තියන සම්බන්දේ......"
"මෙතනට ජයවීර අදාලද?"
"ඔව් එයා මෙතනට සෑහෙන්න අදාලයි"
"එයාව මම අඳුනනවා...."
"නෑ වැරදියි.... තෙනුර ජයවීර...... ඒ කියන්නේ තෙනුර කියන්නෙ ජයවීරගෙ එකම පුතා..... ඒ කියන්නේ මල්ලි ජයවීරගෙ පුතා... මම හරිනෙ" මාව පිපිරිලා ගියා...මේවා මෙයා කොහොමද දන්නෙ............... මම මොකුත් කිව්වෙ නෑ ඇත්තටම කියා ගන්න බෑ........
" මම ගැන වැරදියට හිතන්න එපා... ඔයාගෙ පෞද්ගලික දෙවල් මට වැඩක් නෑ ඒත් මේවා මගේ කේස් එකට සම්බන්දයි"
"ඒ කියන්නේ මමත්......"
" නෑ මල්ලි..... මේක ඔයා වැරදිකාරයෙක් කරන සිදුවීමක් නෙවෙයි. හරි දැං අහගෙන ඉන්න...... හඩ්සන් කෝටිපතියෙක්...... ලස්සන වයිෆ් කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙලා..... එහෙම වෙනකොට මෙහෙ ජයවීර, තරංග සමරනායක එක්ක පැටලිලා..... සමරනායල්කගෙ නංගිව අමාරුවෙ දාලා ඔයාගෙ අම්මව කසාද බැඳලා.... සමරනායක ජයවීරව මරන්න පිස්සු බල්ලෙක් වගේ පන්නන කාලේ එයා ඔයාගෙ අම්මවත් අරං හැටන් ගිහින් හැංගිලා හිටියාලු. එයාගෙ කාර් එකත් වික්කාලු හැබැයි විකිණුවෙ හඩ්සන්ට......"
" ඊට පස්සෙ...................?"
"සමරනායකගෙ මැරයෝ රැකලා ඉඳලා තියෙන්නෙ ජයවීරගෙ කාර් එක, ඒත් එදා බබාලා හම්බ වෙන්න අමාරු වෙලා හඩ්සන් එයාගෙ වයිෆ්ව දාගෙන ඉස්පිරිතාලෙ යද්දි මග රැකගෙන හිටපු සමරනායකගෙ කට්ටිය හඩ්සන්ව මරලා දාලා....... "
"මෙච්චර දේවල් දැනගෙන ඇයි ඔයාල සමරනායකව අත්තඩංගුවට ගන්නේ නැත්තේ.....?"
"සමරනායක රටේ නෑ.... අපි හැමතැනම ඒයාව අල්ලන්න විධි විධාන දාල තියෙන්නෙ......"
"දැං ඕකට මගේ සම්බන්දයක් තියනවාද?"
"ඔව්..... ඉස්පිරිතාලෙදි හඩ්සන්ගේ නෝනාට ගෑනු ළමයි දෙන්නෙක් හම්බ උණා....... ජයවීරගෙ නෝනාට පිරිමි ළමයෙක්...... ඒත් ජයවීරගෙ නෝන එයාගෙ දරුවාව ඒ පව්කාර ජීවිතෙන් ගලවගන්න අතපත්තු මහත්තයට දීල යන්න කිව්වා...... මැරුණු දරුවෙක්ව එයාගෙ උකුලෙ තියගෙන ළමයා ඉපදෙනකොට මැරුණා කිව්වා.... ඒකෙන් හැමදේටම අවාසි වෙනවා කියලා හිතුව ජයවීර අර හඩ්සන්ගේ ගෑනු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් හොරකන් කළා...... එයා තමයි ලිහිණි ජයවීර....... අනිත් ගෑනු ළමයා තාරකා වික්‍රමනායක...... හැබැයි ජයවීරගෙ ඇත්ත පුතා තෙනුර ජයවීර නොහොත් අතපත්තු............ ඕකයි සුලමුළ..... ජයවීර අපරාධකාරයෙක් ඒත් එයාව අල්ලගන්න තරම් අපිට ප්‍රමාණවත් සාක්ෂි නෑ. අපිට ඔයාගෙ උදව් ඕනේ එතනදි. ඔයා දන්න මොනා හරි තියනවාද?
"ඔව්...."
"මොකද්ද?......." හසංකයා සෑහෙන්න මාළඟට ආවා
"මේ ළඟදි ජයවීරගෙ දුවව පැහරගත්ත කසුන්..... එයා ඔයාට හොඳ සාක්ෂියක්...... එයාගේ අම්මාව ජයවීර පුච්චලා මැරුවාලු"
"තව......"
"ලිහිණි... භානුක කියන දෙන්නම අනික ළඟදි ලහිරුට වෙච්ච සිදුවීම පවා ජයවීර කළා කියලා අනුමාන කරන්න පුළුවං"
"ඔය කිසි දෙයක් ප්‍රබල නෑ.. මල්ලි... මට කියන්න පුලුවංද ලිහිණි තාරකා දෙන්නම දැං කොහෙද ඉන්නෙ කියලා" මට ටිකක් අප්සෙට් ගියා මේක නිකන් මටම ගහගන්නවා වගෙ වැඩක්. නොකිව්වොත් මම වැරදිකාරයා කිව්වොත් ඒත් මමමයි වැරදි කාරයා................
"ලිහිණි ගැන නම් මම දන්නේ නෑ.... තාරකා..................." මට එච්චරයි කියන්න පුලුවන් උනේ තාරකා එකපාරටම මතු උණා... එයාගෙ ඇස් වල කදුළු ගුලි වැටෙනවා...මේ කෙල්ල ඔක්කොම අහගෙන ඉඳලා..... අනේ දෙයියනේ දැං මම මොකද කරන්නේ................
කොයි නරකාදියේ ඉදලා ආව කොකු පණුවෙක්ද මන්දා... මගේ තාරකාව තඩලගෙන ගියේ.....
"පර බල්ලා.... තාරකා මගේ එයා උඹට අරං යන්න බෑ.... මට දීල පල......" මම ආයෙත් හයියෙන් කෑ ගැහුවා..... මට වාවගන්න බෑ මේ කෙල්ල කෑ ගහද්දි අරන් යනවා... මට තව ඉස්සරහට අඩිය තියන්නත් බෑ
"පොඩි පුතා...." කොයි ලොකෙන් අම්මගෙ කටහඬ ඇහෙනවාද මන්දා.. එයාට පෙන්නෙ නැද්ද තාරකා අරං යනවා
"පොඩි පුතා....... " භූමි කම්පාවක් වගේ මාව හෙලවෙන්න ගත්තා... සුනාමි වගේ වතුර පාරකුත් මූණ පුරා ගියා.... මගේ කටට ආව සුද්ද සිංහලත් එක්ක මට ඇස් ඇරුණා. හෙන ගහපිට ගණන් බලාපිය කිව්වලු මේ මොකද ඔක්කොමලා මගෙ කාමරේ..... මම ඇඳ උඩ.... නංගි කටකින් අතත් වහගෙන හිනාව අම්මා තාත්තා අයියා අක්කා ඔක්කොම මගේ දිහා හොල්මන් වෙලා වගේ බලං ඉන්නවා. තාරකා..... මේ ඉන්නේ මගෙ ලඟ...... කිරි අප්පේ මම හීනයක්ද දැකලා තියෙන්නේ..... ඒකියන්නේ බූරු නම්බෙක් වගේ මම තාරකාගෙ නම කියලාද කෑ ගහලා තියෙන්නේ..... මම ඔක්කොමලා දිහා බැලුවා මෙච්චර වෙල හිර වෙලා තිබ්බ පොරොප්ප වගෙ කට්ටියගේ කටවල් වලින් හිනාව එළියට පැන්නා..... දැං ඉතිං නොණ්ඩි නැවයි. කට කපලා කට්ටියට හිනාව... තාරකාත් මගෙ ලඟට වෙලා හිනා වෙනවා.... අනේ දෙයියනේ...... මේ මොන නව නිංගිරියාවක්ද මට උණේ උපං තේකට මෙහෙම චාටරයක් නම් වෙලා නෑ.....
"හා හා.... හීනෙන් හරි ඕක කියා ගත්ත එක මදෑ... නේද තාත්තේ...?" අයියා.... තාරකා දිහා හොරැහින් බලනව මම දැක්කා.....
"ඔව් ඒක ගැනවත් සන්තෝස වෙන්න ඕනේ.... අපි යමු... දැං ඉතිං ඒ දෙන්නම ගනුදෙනු බලාගන්නෙ නැතෑ" තාත්තා ආපහු හැරුණා......
" මම මේ තෙල් බෝතලෙ අරං ආවේ ගාන්න කියලා..... තාරකා ඔන්න ඕකගේ ඔලුවට වැඩිපුර තෙල් දාල ඔලුව හෙලවෙන්න මසාජ් එක දෙන්න... පිස්සා....." අක්කා එයා අතෙ තිබ්බ තෙල් බෝතලේ තාරකා අතට දුන්නා..... අම්මා මගේ නලලත් ඉඹලා පිට උණා... මගේ කටට වචනයක්වත් ආවේ නෑ... මොකො කතා කරන්න නෙවෙයි මරාගෙන මැරෙන්න හිතිලා තවත් හෙතෙන වැඩක්නෙ උනේ... නංගි තාම හිනා වෙනවා.... මම නම් ඕකිට ගහනවා සීලිමේ ගිහින් ඇලවෙන්න... ෂිඃ චාටර්......
"පොඩි අයියේ....... අපිට නම් එපා..."
"මොනාද?"
"තාරකාව" කන නිකං සුන්නද්දූවිලි වෙලා යන කිණ්ඩියක් දැම්මේ. මට කියාගන්න මොකුත් වචන එන්නේ නැති හැටි. තාරකා හිනා වෙනවා. මගේ ලඟ ඉඳලා. මේ කෙල්ලගේ හිනාව දැක්කාම මට ඔක්කොම අමතක වෙනවානේ......
"මේ මගෙන් කුණුහරුප අහගන්නෙ නැතුව යනවද?" නංගි දිව එළියට දැම්මා
"යනවා යනවා.. අපි උදැල්ල දන්නේ නෑ..." නංගිත් කාමරෙන් එළියට ගියා. මම තාරකා දිහා බැලුවා. බෙල්ලත් ඇද කරන් කෙල්ල හිනා වෙලා මගෙ දිහා බලං ඉන්නවා..... ඔහොම ඉන්නකොට රත්තරං මම කොහොමද ඔයාව නැති කරගන්නේ.. ඔයා දන්නවා නම් මම ඔයාගෙ ඔය හිනාවට ආදරෙ තරම්.
" මම මෙ තෙල් ටික ගාන්නද?" තාරකා මගේ ඔලුව අත ගෑවා..... ඒක පුදුමාකාර සැපක්. මට මහා ලෝභ කමක් දැනෙන්න ගත්තා
"ඔයා ගිහින් නිදා ගන්න තාරකා..... මට සමාවෙන්න" මම වචන හොයාගත්තා....
"ඒමොකටද සමාව...... කෝ මම මේ තෙල් ටික ගන්නම් ඔයා මගෙ උකුල උඩින් ඔලුව තියා ගන්නවාද?" තාරකාගෙ අහිංසක කම මාව තවත් එයාට ලං කරනවාද මන්දා..... මම අක්කා ආවාම නම් පැනලා එයගේ උකුල උඩ ඔලුව තියා ගන්නවා ඒත්.....
"කෝ තෙනුර මෙතනට ඔලුව තියා ගන්න කො" ඒ ඇස් දෙක දිහා බලාගෙන මට එයාව රිද්දන්න බෑ මම එයාගේ උකුල උඩ ඔලුව තියාගත්තා.... හිතට අමුතු සැනසීමක් දැනෙන්න ගත්තා.... මොකක්දෝ අමුතු පිස්සුවක් වගේ එකක් හිත පුරා දුවන්න ගත්තා. තාරකා තෙල් ඔලුවට දාලා ඔලුව අත ගන්න ගත්තා..... මෙච්චර කාලෙකට මට එහෙම සැපක් දැනිලා නෑ මම ඇස් දෙක පියා ගත්තා.....
"තාරකා....."
"ඇයි තෙනුර......"
"ඔයා මම ගැන වැරදියට හිතනවද?"
"නෑ....."
"තාරකා ඔයා මගේ තමයි...... ඒත් මට ඔයාගේ වෙන්න බෑ" මම මොනා කියනවද කියලා මට තෙරුමක් නෑ. තාරකා මගේ ඔලුව අත ගාන එක පැත්තකින් තියලා ඔලුව උඩින් මූණට එඹුණා
"ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ තෙනුර..... ඒත් ඔයා හීනෙකින් හරි මාව ඔයාගෙ කරගත්ත එක මට ඇති ජීවත් වෙන්න" මේ කෙල්ල මේ මොනවද කියන්නේ.. මගේ ඇඟ හිරි වැටිලා ගියා.....
"ඒත්...." මම කියන්න ගිය දේ එයා මගේ කට එයාගෙ අතින් වහලා නැවැත්තුවා
"ඔයා ඒත් කියලා කියන්න යන දේ දැං කියන්න එපා... අද දවසෙ මට සතුටින් නිදා ගන්න දෙන්න..... මට ඔයාව අයිති නොවුණත් ඔයාව බලාගන්න විතරක් මට අයිතිය දෙන්න.. මම වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නෑ" අනේ දෙයියනේ ..... මේ කෙල්ල මගේ හිත කියවලාවත්ද මම කොහොමද එකත් බෑ කියන්නේ...... මාව සම්පූර්ණෙන්ම ගොලු උණා හරියට උපන් තේකට කතා කරලා නෑ වගේ.
"තා... තාරකා........." ඒක මම කිව්වා නෙවෙයි කෙඳිරි ගෑවා.........
"ඔයා මගෙන් කවද හරි ඈත් වෙන්න ඒත් මට ඔයා ලඟින් ඉන්න දෙන්න තෙනුර" තාරකාගේ ඇස් දෙක වහගෙන කදූලු ගුලි දිලිසෙන්න ගත්තා
"මම මැරෙනකන් ඔයාට මා ලඟ ඉන්න බෑ තාරකා"
"මට පුලුවං"
"මාව පව්කාරයෙක් කරන්න එපා"
"ඔයා පව්කාරයෙක් නෙවෙයි........" එයා මගේ ඔලුව මසාජ් කරන එක අත ඇරලා අත ගාන්න ගත්තා. අනේ මගේ කෙල්ලෙ ඔයාට ආදරේ බව හීනෙන් හරි කිව්ව මම පව්කාරයෙක් තමයි. ඒක හරියට මේ අබ්බගාතයා එක්ක ජීවත් වෙයන් කියලා කිව්ව වගේ. ඒ හීනෙ හැබෑ වෙන්නේ නෑ කියලා කියන්න තරම් මට ශක්තියක් නෑ රත්තරනේ..... ඔයාට වඩා මට ඒ ආදරේ ඕනේ... ඒත් ඔයාව මට ඒ කාලකණ්ණි ජීවිතේට ඇදලා දාන්න බෑ.
"මට එක පොරොන්දුවක් වෙන්න තෙනුර"
"මොකද්ද?"
"මට කවදාවත් ඔයාව අමතක කරන්න කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න" මට මොකුත් කියන්න බෑ. මට පොරොන්දු වෙන්න බෑ.. මේ ටිකකට කලින් මම හිතුව එයා මාව අමතක කරන්න ඕනේ කියල
"ඔයාට මම සතුටින් ඉන්නවා බලන්න ඕනෙ නම් ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ" ඔයාගෙ සතුට ඒකද බබා......
"ඔයා හැමදාම සතුටින් ඉන්න මම ඔයාව සතුටින් තියනවා කියලා පොරොන්දු වෙන්නම්" එයාගෙ මූණට අර ලස්සන හිනාව ආවා මම එයාගෙ උකුල උඩ ඉඳලා ඒ මූණ දිහා බලාගෙන හිටියා
"අද බිව්වෙ එහෙම නෑනේ.....?" මට ඉබේටම හිනා ගියා යකෝ එදා මම බීලත් මෙන්න මෙහෙම පොරොන්දුවක් දුන්නද දන්නේ නෑ
"ඔයාට කවුරුත් කියලා නැද්ද ඔයා හිනා වෙනකොට ලස්සනයි කියලා" තාරකා හිනා වෙලා ඇහුවා
"මේ මම.......?" ඔය කවුරු හරි මට ලස්සනයි කිව්වමද කොහෙද
"ඔව් ඔයා තමයි...... ඒක හැම කෙනාටම පේන්නේ නෑ... මම වගේ ඇස් දුරුවල කෙනෙක් කණ්ණාඩි නැතුව බලන්න ඕනේ" මම ආයේ හිනා උණා
"තාරකා මට ඔයත් පොරොන්දුවක් වෙනවාද?" බලාගෙන ඉන්නැද්දි එයාගෙ මූණ සීරියස් වෙලා ගියා
"මොකද්ද?"
"පුළුවං ඉක්මනට ඔයා ඇස් බලවලා කණ්ණාඩි කුට්‍ටමක් ගන්නවා කියලා" තාරකාට හයියෙන් හිනා ගියා
"ෂ්.................." මම කටට අත තියලා පෙන්නුවා තාරකා එයාගේ කට අතින් වගගෙන අනිත් අතින් මගේ නහය අල්ලලා හෙලෙව්වා. මෙච්චර බැදීමක් අයිතියක් මම එයාට දුන්නද මම දන්නේ නෑ.... ඒත් එයා ඒ වගකීම අරන් ඉන්නව දැක්කාම මට හිතට ලොකු හයියක් දැනෙනවා. තාරකා මගෙ ලඟින් ගියාට පස්සෙ මට නින්ද ගියේ නෑ.... තාරකා මගේ හිතේ අමුතුම කතාවක් ලිව්ව චරිතයක් වෙලා. කවදාවත් ඒකට වෙන කෙනෙක් හරි යන්නේ නෑ.
උදේ ඉඳං මගේ හැම ඕනෙ එපා කමක්ම අම්මා තාරකාට භාර දීලද කොහෙද දහපාරකට වඩා එයා මගේ දේවල් හොයලා බලන්න මගේ ලඟට ආවා. ටොයිලට් එකට ගෙනියනවා ඇරෙන්න අනිත හැමදෙයක් ගැන හොයලා බැලුවා. මට එයා දකින හැම සැරේම සතුටුයි ඒත් එක්කම දුකයි. මේ පොඩි කෙල්ල තව කී කාලයක් මෙහෙම විඳවන්නද?
"පොඩි අයියේ........ කවුද ඇවිල්ලා..." නංගි හදිස්සියේම දුවගෙන ආවා
"කවුද ඕයි"
"ඔයාගෙ යාලුවෙක්ලු..... මම රොද පුටුවට එන්න සපෝට් එකක් දෙන්නද?" නංගි මාව රෝද පුටුවෙ ඉන්දවන්න ට්‍රයි එකක දුන්නා
"මොන වගේ එකෙක්ද?"
"හොඳ උස මහත එක්කෙනෙක් හිරාන් අයියා තරං විතර ඇති" නංගි මාව සාලෙට තල්ලු කරන් ගියා
"මල්ලි... මේ වෙලාවෙ ආව එක කරදරයක්ද?" හතිලව්වයි මෙ හසංකයා..... දැං මොකද කරන්නේ... තාරකාව මූට පෙන්නන්න නරකයි
"නංගි ඔයත් යන්න ගේ ඇතුලට ගෙදර ඉන්න කිසි කෙනෙක්ට මෙහාට එන්න එපා කියන්න" මම නංගිට කිව්වා..... හසංක හිනා උණා..... ඒත් මට ඕකගෙ හිනාව අල්ලන්නෙත් නෑ. මට බය තාරකා ගැන තාරකාව දැක්කොත් මූ මෙතන මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ
"තෙනුර අනේ මට සමා වෙන්න" තාරකා කැඩි කැඩි මට කියන්න ගත්තේ මාව කාමරේ ඇතුලට ගෙනියන ගමන්.
"ඒ මොකටද?" මම මගේ හිතට ඇඟට දැනුන වේදනව නොදැනෙන්න කියලා දැම්මා
"ඔයා මීට කලින් බලන්න නාවට"
"ඒකට මක් වෙනවද? අනික ඒකෙ කිසි අවුලක් නෑ"
"මම ඒක දන්නවා ඔයාට ගානක් නෑ කියලා ඒත් මට ඒක දුකක්" අනේ මේ කෙල්ල මම නිසා දුක් වෙද්දි තවත් එයගේ හිත කඩන්න මට පුළුවංද ඒත් තාරකා ඔයාගේ හිත නොකඩා ඔයාව ජීවිතේ සතුටින් තියන්න මට පුලුවන් කමක් නෑ. තාරකා මගේ ලඟ දණගහලා වාඩි උණා
" මම ඔයාව බලාගන්නම්... හරියට මගෙ අත කැඩුණ වෙලාවේ ඔයා මාව බලාගත්තා වගේ"
"මම ඔයාව බලා ගත්තා...?." ඇත්තටම මට මතක නෑනේ... මතක ඇති කාලෙක මම කාවවත් බලගෙන නෑ. මාව බලාගන්න බැරි එක වෙන අයව බලාගනිද?
"ඔව් මට කන්න බැරි උණාම ඔයා මට කැව්වා මතකද?" ඇත්තම නේ න්නම් මම මෙයට හබුං කටයි කියලා කැව්වානේ... ඒ කාලේ ඒකෙ මාර ආතල් එකක් තිබුණා ඒත් දැං ඒක වෙනස්..... මේ අහිංසක කෙල්ල තව දුක් විදීන්න ඕනේ නෑ.....
"මම ඔය පොඩි පොඩි දේවල් හිතෙ තියගන්න කෙනෙක් නෙවෙයිනේ" ඒත් එක්කම බුවා මගේ කාමරේට කඩාගෙන ආවා. වෙන වෙලාවක නම් ඕකට මම කොච්චර පිං අනුමෝදම් කරයිද? ඒ අද මට ඌ එහෙම ආවම දැණුනෙ සැහැල්ලුවක්
"මම වැරදි වෙලාවක ආවනම් සමා වෙයල්ලා" බුවා දැක්ක ගමන් තාරකා හිටගත්තා
"එහෙම වැරදෙනවාද බං"
"එහෙම නැත්තනම් කමක් නෑ... මම යන්න කියලා"
"අනේ උඹ ලිහිණිව බලන්න පලයන් හරිද?"
"ඔව් ඔව් අනිවා මම දැං එහෙ යන්නේ...... භනුකයා ලිහිණි අරං එහෙ එනකොට මම එහෙ ඉන්න ඕනේ"
"හරි මම මතක් කලා කියපං" බුවා කට අද කරලා හිනා උණා
"එච්චරමද කියන්න ඕනේ" ඌ මගෙන් අහුවෙ කිණ්ඩියට... ඒත් ඒ ප්‍රශ්නෙන් මම ටක් ගාල මට වාසියක් කර ගන්න ගේම දුන්නා
"නෑ මම හයියෙන් අල්ලලා ඉම්බා කියල කියපං" මගෙ කතාවෙන් තාරකාගේ මූණ කලු උණානම් ඒකයි මට කරගන්න ඕනේ... බුවා පටස් ගාල තාරකා දිහා බැලුවා
"මම යන්නම් රුවන්" තාරකා මගේ කාමරෙන් එළියට ගියා
"මොකද්ද බං ඒ හරුපේ...... ලිහිණිව ඉඹින්න..... තාරකා මොනා හිතුවද දන්නේ නෑ"
"එයා ඕනේ දෙයක් හිතුවදෙං "
"මූසලයෙක් වෙන්න එපා බං... අද උදේ ඉදං ඔය කෙල්ල මෙහෙ එන්න හිටියේ මහමෙරක් වගේ බලාගෙන.... ඇවිල්ල පලවෙනි තත්පෙරෙන් උඹට ඒකිගේ හිත රිද්දලා දාන පුලුවං උණා...."
"උඹට කියන්න මට තාරකාව රිද්දන්න ආසයි"
"උඹට මානසික ලෙඩක්ද කොහෙද..... මට බයිලා අහගෙන ඉන්න බෑ ඒකට වෙන වෙලාවක එන්නම් උඹ දැං ඉතිං ආතල් එකේ හිටපං ... මම එහෙනම් ගියා" බුවා කාමරෙන් එළියට ගියා
මම එක පැත්තකින් වැරදි වෙන්න පුලුවන් අනිත් පැත්තෙන් මම කරන්න හිතාගෙන ඉන්නේ තාරකාට හොඳක්. පුරුදු විදියට රෝද පුටුවෙන් රූටගෙන ඇඳට නැග ගත්තා. මගේ ලොකේ මට ඉන්නේ මේ සීලිමයි ඒකේ හිටු පිනිම් ගහන මකුළු සෙට් එකයි විතරයි. උන් දන්නේ නෑ මමත් හොඳ බල්ටි ගැහුව පොරක් කියලා, උන් හිතනව ඇති උන් වැඩ කාරයෝ කියලා.... මට මකුළු දැල උඩ චීන සර්කස් දාන මකුළුවෙක් දිහා බලලා හිනා උණා
"මොකො මොකො මේ තනියම හිනාව" අක්කා කාමරෙට එන්නෙම මකුළුවෙක් එක්ක හරි ආතල් එකක් ගන්න හිතකොටමයි
"අපි හිනා උණාම එක එක විදියේ ප්‍රශ්න..... තමුසෙ කොහෙද ගියේ?"
"මම සාරියකට අල්ලන්න කෝඩ් වගයක් අරන් එන්න ගියා... සාරි ඕඩර් දෙකක් ආවනේ.... මොකෝ කුමාරිහාමි ආවාද?"
"මොන?"
"අනේ උඹ බබා නොවී හිටපං.... දැ ඔය සීලිමට විරිත්ත විරිත්ත හිටියේ"
"මම සීලිම එක්ක ආතල් එකක් ගන්න එක වැරදිද? මොකො තමුසෙලා කියන්නේ තමුසෙලා වගේ ඕනෙ දේටයි එපා දේටයි කෝකටත් ටැප් එක ඇරගෙන ඉන්න කියලාද?"
"ටැප් එක දැං අරින්න ඕනෙ නෑනේ දැං ඔය ඇවිත් ඉන්නේ බලාගන්න එක්කෙනෙක්..... අන්න අම්ම නම් දැනටමත් හොඳ කියවනවා... මව් පාර්ශවය නම් කැමති.... සහෝදර පාර්ශවයත් ඉතිං බොක්කෙන්මනේ"
"මේ ඔලුව හොල්මන් නොකර මෙතනින් කැපනවාද?"
"හා හා මම කැපෙන්නම් දැං ඉතිං අපෙන් මොකට වැඩක්ද?" අක්කා එතනින් නැගිට්ටා.....
"මේ අක්කේ තමුසෙ එනවා නේද තෙල් ටික ගාලා මගෙ ඔලුව අත ගාන්න අද" අක්කා හැරිලා බලල හිනා උණා.
"ඔව් ඔව්..... ඇයි එන්න එපාද?"
"නැහැ ඔයා එන්න " මම හුස්මක් හෙලන ගමන් කියලා දැම්මා. අක්කා මා දිහා බැලුවෙ අමුතු විදියට
"මයියා...... උඹ මොකද්ද මේ හිතේ තියන් විඳවන්නේ"
"මේ මම............... විඳවනවා තමුසේට මොලේ අස්ථානගත වෙලාද ඕයි" අක්ක වචනයක්වත් කතා නොකර කාමරෙන් එළියට ගියා
හැමදාම රෑට මම ලෙඩ උණාට පස්සේ අක්කා පුරුද්දක් විදියට ඇවිල්ලා මගේ ඔලුවේ තෙල් ගානවා. සමහර දවසට මට සනීපෙට නින්ද යනවා. අක්කා තෙල් බෝතලෙත් අරන් මගෙ ලඟට ආවා. වෙනදා වගෙම ඔලුව පොඩ්ඩක් අතගෑවා
"මයියෝ...... උඹ නොකිව්වට සෑහෙන්න හිතනවා බං..... උඹ ගැන නෙවෙයි ඒත් රටේ ලෝකෙ ඉන්න අය ගැන. "
"එහෙම එකක් නෑ අක්කේ.... ඕක ඉක්මනට ගානවා මට නිදිත් මතයි...." මේ වෙනකන් මම තාරකාව දැක්කේ නෑ. එයා මගෙ ලඟට එන එක නවත්තලාද කොහෙද? මගේ හිත කෑ ගහනවා එයාව දකින්න ඒත් ආයේ කියනව එපා කියලා... මොනා කරන්නද මන්දා..... අක්කා තෙල් ගාලා අතගන්න පටන් ගත්තා.... මම ඇස් දෙක පියා ගත්තා......
" අනේ තෙනුර...... අනේ මේ බලන්න තෙනුර........ මාව අත අරින්න" මට ඇහෙන්න මරලතෝනියක්. කෑ ගහන්නේ තාරකා...... මම ඇඳෙන් බහින්න හැදුවා බැහැගන්න බෑ... කකුල් පණ නෑනේ... චිකේ රොද පුටුවත් ගොඩක් ඈත. තාම කෑගහනව ඇහෙනවා
"තාරකා ඔයාට මොකද?" මම කෑ ගහගෙන ඇදෙන් බිමට වැටුණා..... අක්කත් මාව දාල කාමරෙන් ගිහින්ද කොහෙද? අනේ මේ කෙල්ලට මොකද උණේ....
" අනේ තෙනුර......" මම බඩ ගෑවා... දණ ගහන්න බැලුවා බෑ.... මම කොහොම හරි ඇඳ අල්ලගෙන නැගිට්ටා... දෙයියනේ මම නැගිට්ටා..... මගේ කකුල් දෙක බිම... මම හිටගෙන ඉන්නේ
"තාරකා....." මම ඇඳ ඇරලා අමාරුවෙන් කාමරෙන් එළියට ආවා....
"තාරකාව අරං යන්න එපා....... තාරකා... තාරකා...." මම කෑ ගැහුවා ඒත් අර මිනිහා තාරකාව මුව පැටියෙක් ඇඳගෙන යනවා වගේ ඇදගෙන යනවා.....
" මල්ලිට අසනීප උණා කියලා ආරංචි උණා" පොර එහෙම කිව්වේ මගේ රෝද පුටුව දිහා බලලා..... ඒක ඉතිං ආරංචි වෙන්න දෙයක් නෑ අපේ ඩයිනමයිට් එක රහසක් කිව්වත් එහා ගෙදරට ඇහෙනවානේ. ඒවායින් මට වැඩක් නෑ... මට මෙයාගෙ මේ ගැරඬි හැව ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනේ... මට පේන හැටියට මූ ඉන්නේ ගමත් රවට්ටගෙන.... ගමේ ඉන්නේ නොම්බර එකේ රස්ති පොරක් වගේ ඒත් දැං බලාපල්ලකො හැටි. පොලිස් කිට ගහලා සන්ග්ලාස් දෙකකුත් ඔලුවට දාලා.
"හසංක ඇත්තටම දැං මේ මම දකින දේ හීනයක්ද කියලා විතරක් කියපං....?" මගේ කතාවට තල්මසායි අපේ බුවයි දෙන්නාම හොල්මන් වැඩිය තියා මමත් හොල්මන්නේ. ඒත් හසංකට හිනා...
"මොනා කරන්නද.... මම මල්ලිව මෙතනදි දකින්න බලාපොරොත්තුවක් තිබ්බේ නෑ ඒත් දැං ඒවයින් වැඩක් නෑ.... කොහොම හරි.. මේ දකින හැම දෙයක්ම ඇත්ත...... මම කෑගල්ලේ කලේ මගේ රාජකාරිය. මට එහෙ වැඩ කරන්න ලේසි උනේ ඒක මගේම ගම නිසා.... මම මල්ලිගෙනුත් ගොඩාක් දේවල් දැන ගත්තා......"
"මගෙන්" මම තවත් හොල්මන් ... මූ මම නිදාගෙන ඉන්න වෙලාවට ඇවිල්ලා හීනෙන් කියන ඒවා අහගෙන ඉන්නවද දන්නේ නෑ.
"ඔව්...... අපි හිතන තරම් ලෝකේ විසාල නෑ මල්ලි ...... ඕනෙ නැති හරිය අතාඇරියාම ඉතිරි වෙන්නේ පුස්සක් විතරයි" මූ බයිලා ගහනවා..... මූ එක්ක කතා කරන්න ගියොත් මගේ අර පොඩ්ඩවෙන්න පැල වෙලා තියන මුං ඇටයක් තරං මොලෙත් අකාලේ අභාවප්‍රාප්ත් වෙනවා.
"හරි මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ..... මට නිදහසේ ඔයාව හම්බ වෙන්න පුලුවංද?" පොර කට පැත්තකට කරලා හිනා උණා.....
"ඔව් මටත් ඔයාව හම්බ වෙන්න උවමනාවක් තිබුණා... ඔක්කොටම කලින් තාරකා නංගි කොහෙද දැං?" මට සත පහකට මූව විශ්වාස නැති නිසා ඉන්න තැනක් කියන්න ගියේ නෑ.
"එයා හොඳින්....."
"මම මේ සතියේ දවසක ඔයාව හම්බ වෙන්න ගෙදරට එන්නම්..... රාජකාරි මට්ටමෙන් නෙවෙයි. "
"හරි අපේ ගෙදර....... ?" මූ ගෙදර ඇවිල්ලා මොකක් හරි කේස් එකක් යයිද?
" නාවලනේ නොම්බර 163, පන්සල පාර?" මූ මාර හෝතම්බුවෙක්නේ.... මුගේ රාජකාරිය ඇවිල්ලා මාව ෆොලෝ කරන එකද දන්නේ නෑ. මම ඉතින් ඉබ්බා වගේ ඔලුව වැනුවා වෙන මොනා කරන්නද?
"මයියා.. අපි දැං යන්ද?" එන පොට එච්චර හොද නෑ කියලා තේරුණ නිසාද මන්දා බුවා එහෙම කියලා මගේ රෝද පුටුව පිටිපස්සට ආවා. ඔව් මෙතන ඉන්න එක එච්චර ඇඟට ගුණ නෑ.... මූ සමරනායකයාගේ හරි ජයවීරගේ හරි කටු සූප්පු කරන එකෙක් වෙන්න බැරි නෑ. මම ඔලුව වනලා හසංකයා දිහා බැලුවා
" අපි යනවා....."
"අයේ හම්බ වෙමු" හසංකයා මගේ උරෙස්සට හීනි තට්ටුවක් දාන ගමන් ලහිරුවා පැත්තට හැරුණා
මාව අරගෙන බුවා මිදුල දිගේ වාහනේට එන ගමන් අපහු පිටිපස්ස හැරිලා බලනව මම දැක්කා.
"මචං..... ඔය අර කෑගල්ලේ හසංකයා..."
"ඔව් මට තේරුනා....."
"ඌ පොලිසියේ නම් එහෙ මොකද කලේ"
"ඒක දැන ගන්න ඕනේ උගෙන්ම තමයි, කෝකටත් ඌව ලං කරගනින්.... ඌ අපිට ගොඩක් වැදගත් එකෙක්...." ඒත් එක්කම තල්මසා වාහනේ පැත්තට ආව නිසා අපේ කතාව නැවතුණා.. අක්කත් වාහනේට ආවට පස්සේ අපි තව ලහිරුවාගේ ගෙවල් ලඟ රැදෙන්නේ නැතුව ගෙදර පැත්තට ආවා.
මොනා උණත් අද උදේ සීන් එක මට තාම හිතා ගන්න බෑ...... ඇත්තට හසංකයාගෙ රාජකාරිය මොකද්ද? මම ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට නංගි ගාල කඩාගෙන මගේ කාමරේට ආවා....
"පොඩි අයියේ........" එයාගේ කට වක්කඩ වගේ හිනාව බේරෙන්න අරගෙන තිබ්බේ
"මොනාද තමුසෙට වෙලා තියෙන්නේ... ඔය පැණි කට හැමතැනින්ම බේරෙනවා"
"භානුක ආවා...."
"මම කිව්වේ..... ඉතිං ඌ ආවා නම් තමුසේ මෙතන මාව බලන්න ආවේ මොන ඉලව්වකටද?"
"එයත් එක්ක තව කෙනෙක් ඇවිත්"
"තල්මසාද?" නංගි බක බක ගාලා හිනාවෙන්න ගත්තා....
"ඔයා ආදරේට එයාට කියන්නේ තල්මසා කියලාද?" හිරාන් කාරයාට අපි තල්මසා කියනවා කියලා මේ හරකි දන්නවෑ... මමත් අනේ මන්ද මොලේ මැලේරියාවනේ.....
"මයියා..... වරෙන් වරෙන් එළියට යන්න" බුවා කඩාගෙන කාමරේට ආවේ නංගිවත් තල්ලු කරගෙන
"මොකද බං මේ....?"
"කෝ උඹ ලඟදි හොඳට හෝදපු ටී ෂර්ට් එකක් නැද්ද?" බුවා හෝ ගාලා මගේ ඇඳුම් කබඩ් එක ඇරගෙන ඒක මලවන්න පටන් ගත්තා
" භානුකයාට මොකද වෙලා තියෙන්නේ.. ඔන්න ඔය වැටේ තියන ෂර්ට් එක ගනින් බං" බුවා කබඩ් එක මැල්ලුම් කරලා මගේ ටිකක් අලුත් රතු පාට ගැප් ටී ෂර්ට් එක අරගෙන ආවා
"මේක මොකටද බං" ඌ මට ඒක දෙනකොට මම ඌ දිහා බැලුවේ මෙලෝ දෙයක් හිතා ගන්න බැරුව.
"ඕක ලස්සනයි තමයි රුවන් අයියේ....." මම ඒක ඇඟට දාගත්තට පස්සේ නංගි ඇවිල්ලා මේස උඩ තිබ්බ ආෆ්ටර් ශේව් එකත් ඇඟට හැලුවා......
"මොකද්ද බං මේ හරුපේ... දිව්‍යලෝකෙට යන්නවත් වීසා හම්බ වෙලාද?" බුවා මාව ඉස්තෝප්පුවට තල්ලු කරගෙන ගියේ වෙනදාට වඩා කලබලෙන්. එතන තාත්තයි. අම්මයි ඉන්නවා මම ලාවට දැක්කා..... භානුකයා සැටියට වෙලා ඉඳගෙන එයාලා එක්ක බර කතාවක්
"තෙනුර....... මචං..... උඹට දැං කොහොමද?" මාව දැක්ක ගමන් භානුකයා නැගිටගෙන එනවා මම දැක්කා. ඒත් එක්කම මට පිටිපස්ස හරිලා ඉඳගෙන හිටපු කෙනත් එක පාරටම නැගිට්ටා මම දැක්කා.
"තාරකා......" ආයෙ මම ටිකක් හොල්මන් උණා... මම තාරකා කිව්වට මේ ලිහිණිද දන්නේත් නෑ...... එයාගේ ඇස් වල කඳුලු කැට පිරුණා..... ඊලඟ මොහොතෙදි අඬයි කියලා හිතෙන නිසා මම අම්ම තාත්තා දිහා බැලුවා... ඒත් පපුව සෑහෙන්න වේගෙන් ගැහෙන්න ගත්තා. මම රෝද පුටුවේ ඛ්‍රේක් එක තද කරල අල්ල ගත්තා. මට කරන්න දෙයක් නෑ. එත් මගේ කෙල්ලේ අඬන්න නම් එපා
"තෙනුර........." එක පාරටම එයා අඬ අඬා ගියේ නංගි ලඟට. මම ඒ පැත්ත බලලා බුවා දිහා බලද්දි දැනුනේ මහා අසරණ කමක්. හරියට මොකුත් කියාගන්න කරගන්න බැරි නොදරුවෙක් වගේ හැගීමක්. ඒ තාරකා තමයි. එයා ලඟින් ඉන්නකොට මට දැනෙනවා. ඒත් මම ලිහිණිගෙන් එහෙම දෙයක් විඳින්නේ නෑ.
"තාරකා අද ඉදං උඹට භාරයි" බුවා ඒ ටික කියද්දි මගේ පපුව ගැලවිලා ගියා. අනේ මම කොහොමද ඔයාව භාරගන්නේ ... මට දැං මාව වත් භාර ගන්න විදියක් නෑ. මම දැං අබ්බගාත්යෙක් කෙල්ලේ.....
"තෑන්ක්ස් මචං...." මගේ කටහඬ එළියට ආවේ කැඩි කැඩි වගේ... උඟුරේ මොකද්දෝ තඩි ගුලියක් හිර වෙලාවගේ.... මම ආයෙත් තාරකා දිහා බැලුවා... එයා නංගිගේ උරෙස්සට ඔලුව තියාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ සර්වාංගෙම පණ නැති වෙලා ගියා.... ඔයා නැතුව මම මෙච්චර කල් ජීවත් උණාද? ඒත් ඒක එච්චර ලේසි නෑ......
"තෙනුර මචං...... මම දැං යන්න ඕනේ.. ලිහිණිව රුවන්ලෑ නැන්දා ලඟට ගිහින් දාන්න ඕනේ..... පොලිසිය ආයෙත් පිස්සු බල්ලෝ වගේ ලිහිණිව හොයනවා. තාරකාට උණත් ගෙදරින් පිටට වැඩිය යන්න නොදෙනවානම් තමයි හොඳ මොකද... ලිහිණිවයි තාරකාවයි මටත් හොයා ගන්න බෑ" මූ මාර කතා කියන්නේ මූට තියා මටවත් හොයා ගන්න පුලුවන්ංද?
"මට තේරෙනවා මචං..... තාරකා මෙහෙ හොඳින් ඉදියි......" භානුක මගේ ලඟට ඇවිල්ලා උරෙස්සට පොඩි තට්ටුවක් දාලා යන්න ගියා. මම අම්මයි තාත්තායි දිහා බැලුවා. තාත්තා වෙනදා වගේම මගේ බැල්ම ඒතරම් ගණන් ගත්තේ නෑ. ඒත් අම්මා ඇවිත් මගේ ඔලුව අත ගෑවා.....
"මයේ පුතා ඕවා ගැන හිතන්න ඕනේ නෑ....... මේ ළමයා මොකට ගෙදරින් එළියට යන්නද?" මම මගේ අම්මාගේ හැටි දන්නවා... එයාගේ හිත ඇතුලේ ඕනෙම කෙනෙක්ට දෙන්න ආදරේ උණනවා.... අම්ම තාරකාටත් ආදරේ වෙයි. එයාවත් අපිව වගේම බලාගනී. තාරකා මගේ වෙනකන් විතරක් එයාලා තාරකාව අපේ කරගනී.....
මම තව ටික වෙලාවක් තාරකා දිහා බලාගෙන ඉඳලා රෝද පුටුවේ ඛ්‍රේක් එක බුරුල් කරලා මගේ කාමරේ පැත්තට හැරෙව්වා. බුවා රෝද පුටුව අල්ලන්න යනකොට තාරකා බුවා දිහා බැලුවා
"රුවන්..... මම තෙනුරව කාමරේට ගෙනියන්නද?" බුව එතනින් ඈත් වෙලා රෝද පුටුවේ හැන්ඩල් එක තාරකාට භාර දුන්නා. හිතට මොකද්දෝ දැනූන නිසා මම ආයෙත් අම්මා දිහා බැලුවා. අම්ම ඇස් දෙකේ කඳුලු පුරෝගෙන බලාගෙන හිටියේ තාරකා දිහා.... මම තාත්තා දිහා බැලුවා... එයත් ටිකක් ඈතට වෙන්න බලාගෙන හිටියේ තාරකා දිහා... එයාලා හිතනවා ඇති මේ කෙල්ල කොහෙ ඉඳං ඇවිත් මේ අබ්බගාතයෙකුට කරගහනවාද කියලා. මම තාරකාට සුදුසු නෑ.. එයාට මීට වඩා ලස්සන අනාගතයක් තියෙන්න ඕනේ...... මම එයාගේ ලස්සන අනාගතේ කොහොම හරි හදලා දෙනවා..... මම එයාට ආදරෙයි.. ඒත් එයා එක දන්නේ නෑ. එයා මට ආදරෙයි මම ඒක දන්නවා, ඒ නිසා මගේ ආදරේ නාමයෙන් මම එයාගේ ජීවිතේ ඉතුරු හරිය මම නිසා දුක් විඳින්න දෙන්නේ නෑ. ඔයා මට කවද හරි ආදරේ කරන එක නවත්තන්න ඕනේ තාරකා....... එදාට මම ගොඩාක් සතුටු වෙයි. මොකද මම ඔයාට සුදුසු කෙනා නෙවෙයි, මම කාටවත් සුදුසු නෑ. මොකද මම ලෙඩෙක්. මම හීන් සීරුවේ රෝද පුටුව කාමරේ පැත්තට යන ගමන් ඇස් දෙක පිහ දා ගත්තා.
"
මේක හතර බීරි කතාවේ පසුවදන වගේ මොනා උණත් බුවා රෝද පුටුව කෙලින් කරලා බිමින් තිබ්බට පස්සෙ මම බුවාටයි තල්මසාටයි බර දීලා රෝද පුටුවට පස්ස තිබ්බා.
"හිරාන් මට ඇත්ත කියපං මචං..... උඹට නිකං වැරදිලාවත් ලහිරුවාට සැලකුණාද?" මම හිරාන්ට ළං වෙලා ඇහුවා. ඌ මූණ දෙල් කරගෙන මගෙ දිහා බැලුවා
"උඹට පිස්සුද බං.... උඹ හිතුවද මම ඒ තරං චාටර් කියලා" චාටර්ද නැද්ද මම දන්නේ නෑ ඒත් මූ කියන්න ඇත්ත බවනම් තේරෙනවා එච්චරට මුගේ මූණ හා පාටක් ගහලා. අපි ගල් බොරළු මැදින් ගෙට ගොඩ වෙන්න යද්දි එදා ලහිරුවා හම්බ වෙන්න ආවාම කතා කරපු අඟර දඟර පුංචි හාමි එළියට ආවා.
"ඔයාලා ආයෙත් ආවාද?" එයා මගෙ දිහා නෙවෙයි කෙලින්ම තල්මසා දිහා බලාගෙන ඇහුවා. තල්මසා බිම බලාගත්තේ මොකුත් නොකියා.
"කරුණාකරලා ආපු අතක් බලාගෙන යන්න.... අපිට මේ කරපු හරිය හොදටම ඇති" කෙල්ල කඳුලු පොදියක් ඇස් දෙකේ හංගගෙන කතා කලා
"නංගිට වැරදිලා..... අපි මේවට සම්බන්ද නෑ...." තල්මසා කියාගෙන ගියා..... ඒත් එක්කම ලහිරුවා පොඩි කොරයකුත් එක්ක ඉස්සරහාට ආවා.. අප්පටසිරි ඇහැක් පිරෙන්නම කලු වෙලා නළලටත් ප්ලාස්ටර් දාලා.
"කේෂා......" ලහිරු අක්කා දිහා බලලා කතා කලා. අර පොඩි කෙල්ල ලහිරුවා ළඟට දිව්වා. ඔලුව උස්සලා අක්කා දිහා බලනකොට මෙන්න එයත් සට සට ගාලා කඳුලු හලනවා. අනේ මන්දා... මෙලෝ රහක් නැති බනිස් ගෙඩියක් කනවා වගේ මම බුවා දිහා බැලුවා. මේ දුක සීන් ඉතින් කාට කියලා කියන්නද? අක්කා හිමීට මගෙ රෝද පුටුව ළඟට ආවා.
"මේ ඔයාගේ මල්ලි නේද? අනේ නංගි ඉක්මනට මෙයාලව ඇතුලට ගන්න" ලහිරුවා මගේ දිහා බලාගෙන කොර ගගහා එතනට ආවා.
"ලහිරු අයියාට කරදරයක් කියලා දැනගෙන ආවේ......"
"ඔව් ඊයේ කරදරයක් උණා තමයි..... ඒත් ඔයාලා මොකටද කරදර වෙන්නේ...." බුවයි තල්මසයි මාව රෝද පුටුවත් එක්ක ගෙදරට ගොඩ කළා.
"මොකද්ද ඇත්තටම සිද්ධ උණේ අයියේ......?"ලහිරු තල්මසා දිහා බලනවා මම දැක්කා. ඊට පස්සේ ලොකු හුස්මක් පුරෝලා ඇරලා මගේ දිහා බැලුවා.
"මම හිතනවා මල්ලිලා කතාවේ භාගයක් දන්නවා කියලා."
"ඔව් ඒත් ගලපගන්න මට බෑ..... මුල ඉදලා කිව්වානම්" අර පොඩි කෙල්ල ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ගෙට ගියා. තල්මසාත් නෝ කතා ඔහේ ඉදගෙන ඉන්නවා.
" අපේ අම්මාට පිස්සු......" ලහිරුවා පටන් ගත්තා
"ඉතිං...."
"එයා හොඳට හිටියා.... ඒත් එයාගෙන් උණ වරදක් නිසා එයා ඒ ගැන හිතලාම පිස්සු හදා ගත්තා..."
"වරදක්?"
"අපි හැදුණේ තාත්තා නැතුව මල්ලි..... ගොඩාක් අමාරුවෙන්...... අම්මාට මල්ලි හම්බ වෙන්න ඉන්නකොට තාත්තා නැති උණා.... නංගිවවත් මාවවත් හදාගන්න සල්ලි නැතුව හිටිය අම්මාට මල්ලි ගැන මාර බරක් හිතට තිබ්බා. එයා ගෙවල් වල කුලී වැඩ කරලා ගානක් හොයා ගත්තාට ජීවත් වෙන්න ඒක මදි උණා... ඒ නිසා මල්ලිව එයා හම්බ උණාට පස්සෙ වික්කා........... " මට හිටගන්න පුළුවං නම් මෙලහකටත් හිටගෙන. බුවා කලකිරීමෙන් මගෙ දිහා බැලුවා....
"ඒ ගනුදෙනුවට පහල නර්ස් ඇන්ටි සම්බන්දයි... ඒ මහත්තයා අපිට මාසේ ගානේ සල්ලි දුන්නා ජීවත් වෙන්න..... මට රස්සාවක් දුන්නා... ඒ හැම දෙයක් එක්කම එයා අපෙන් බලාපොරොත්තු උණේ මේ හැමදේම ලෝකෙන් වසන් කරගෙන ඉන්න එක."
"ඉතිං ඒ මහත්තයා ජයවීර නේද?" ලහිරු ඔලුව වැනුවා.....
"කේෂාගෙයි මගෙයි සම්බන්දේ දැනගෙන එයා ඒක නවත්තන්න කියලා මට තර්ජනේ කලා..... මම ඒක නවත්තන්නම ගියා... රටේ නැති බොරු කියලා... ඒත් මට ඒක කරන්න බැරි උණා..... අන්තිමට මම ඒ රස්සවෙන් අස් උණා...... ඒත් එක්කම මට තර්ජන වැඩි වෙන්න ගත්තා..... අපේ ගෙවල් ලඟ එක එක මිනිස්සු හැසිරෙනවා මට දැනුණා... රෑට ගේ වටේ ඇවිදිනවා මට ඇහෙනවා... අපි සද්ද නැතුව හිටියා...... කරන්න දෙයක් නෑ..... මම නංගිවයි අම්මවායි ලඟට කරගෙන ගොඩාක් බයෙන් ජීවත් උණා...... ඒත් ඊයේ මේ මල්ලිලා අපිව හොයාගෙන ආවා..... මෙච්චර කාලයක් රහසක් වෙච්ච ගොඩාක් දේවල් දැනගෙන... අපේ මල්ලිත් එතන හිටියා..... හැමදේමට වඩා ලේ නෑකම කැක්කුමයි මල්ලි... තිබ්බ පොරොන්දු ඔක්කොම අමතක කරලා අපි අපේ මල්ලිව පිලිගත්තා..... ඔයාලා ගිහින් එච්චර වෙලාවක් ගියේ නෑ... ජීප් දෙකක් පුරෝලා සෙනඟ ඇවිත් දොර කඩලා අපිට ගහලා අම්මාව ඇදගෙන යන්න ගියා. මම අම්මව බේරගන්න ගිහින් තමයි ගොඩාක්ම ගුටි කෑවේ... අහල පහල අය පොලිසියට කතා කරලා වෙන්න ඇති පොලිසියෙන් ආව නිසා උන් අපිව අත ඇරලා ගියා......... ඒත් ආයේ එන්න පුළුවං" ජයවීරයා කියන්නේ අමු තිරිසනෙක් අප්පා......... මගේ ඇඟේ දුවන්නෙත් උගේ ලේ කියලා හිතනකොට තමයි බෙල්ල කපා ගන්න හිතෙන්නේ.... මේ මිනිහා ජීවිත කීයක් විනාස කරලාද.... අන්තිමට එයාට ඕනේ එයාට ඕනෙ කරන දේ විතරයි.
"ලහිරු අයියා බය වෙන්න එපා.. අයියලා තනි වෙලා නෑ... අපිත් ඉන්නවා ඔයාලා එක්ක"
"ඒ වචන ටිකත් මට ඇති මල්ලි.........." අක්කා තොරතෝංචියක් නැතුව අඬනවා
" ඔය ටැප් එක වහගන්නවා අක්කේ..." මට බැරිම තැන කිව්වා
"ඔයාට මේ හැමදෙයක්ම උණේ මම නිසා ලහිරු" ඔන්න කලා වැඩක්, අනේ අම්මපා මේ ගෑනු දාගන්නේම අහක යන තොප්පිනේ.... මුන්ට මොලේ දෙනකොට මහා බඹා උණත් පොඩි ෂොට් එකක් දාලා ඉන්න ඇත්තේ.....
"පිස්සුද කේෂා, මේ හැමදේම අපිට උණේ අපේ දුප්පත්කම නිසා......"
ඒත් එක්කම පොලිස් ජීප් එකක් ගේ ඉස්සරහා නතර කලා..... ලහිරු නැගිටලා කොර ගහා ගහා ඉස්සරහාට ගියා....
"මේ ඉන්ස්පෙක්ටර් හරිම අවංකයි...... " ලහිරුවා හිමින් සැරේ කිව්වා.... මම පොඩි කාලේ ඉඳලා පොලිස් ජීප් එකට බයයි. ෂුවර් එකට ගිය ආත්මේ ගේමක් දේලා පොලිසියෙන් වෙඩි කාලා මැරුණ එකෙක් වෙන්න ඇති මම..... ඒ නිසාද කොහෙද මම බිම බලා ගත්තා...... තල්මසාත් පුටුවෙන් නැගිටලා එළියට ගියා මම දැක්කා.
"ලහිරු කොහොමද තත්ත්වෙ....?" පොලිස් බුවාගේ කටහඬනම් මට මාර හුරුයි වගේ... ගිය ආත්මේ මුගෙන්ද දන්නේ නෑ වෙඩි කෑවේ...... මම පොලිස් කාරයා දිහා නිකමට බැලුවා.......
මේ මොකද්ද මේ වෙන්නේ...... කිරි බුදු අප්පේ............ යකෝ මට නැගිටගන්න බැරි හැටි විතරක්. මාව එතනම ගල් උණා
"කොහොමද තෙනුර..............?" මට කෙල ටිකවත් ගිල ගන්න බෑ.. කතා කරන්න වචන දන්නේ නෑ වගේ. ඔහේ බලාගෙනම හිටියා මිසක් මොකුත් කිව්වේ නෑ.. මේ වෙලාවේ මම ලාවට හිනා වෙන්න ඕනේද. අම්බානකට අඬන්න ඕනෙද කියන එක මට තේරෙන්නේ නෑ
"මාව අඳුනන්න බැරිද?....." මම දැං මොකද්ද කියන්නේ මට අඳුනගන්න පුලුවං ඒත් වචන පිට වෙන්නේ නෑ කියන්නද?
"හසංක..................." ඇති යන්තම් මම දිව නවා ගත්තා....... බුවා මගේ දිහා බැලුවේ කජු වෙලා..... මටත් මේක හිතාගන්න බෑ. අර ගමේ හඩ්ඩා පොලිස්කාරයෙක්ද? එතකොට මූ ගමේ මොකද කළේ... මම ආයෙත් හසංක දිහා බැලුවා මෙන්න මූට මාර හිනා.... දෙන්න පුළුවන් නම් දෙනවා මම සිග්නල් ටූත් පේස්ට් එකක්.
මේක දිව්‍යලෝකෙට වීසා හම්බ උණා වගේ වැඩක්. තාරකා අපේ ගෙදර...එයා මගෙ කාමරේට ඇවිල්ලා මගෙ ඔලුව අත ගාලා... ප්ලේන්ටියක් කටට ලං කරනකොට කොහොමද ආතල් එක. හම්මේ........... කවදද ඒ දවස එන්නේ. කට පුරාම දැඟලුව විසිල් පාර නිකන්ම කටෙන් පිට වෙච්චි
"මයියා............" විසිල් එක එක පාරටම ගිලුණා...මේ කඩාගෙන එන්නේ අක්කා නේද? අනේ මන්ද එන විදිය නම් අන්තිම දරුණුයි. න්‍යෂ්ටික බලාගාරේ පුපුරලා ජපනෙක් මරලතෝනි දෙනවා වගේ මට ඇහුනේ
"මොකද ඕයි?" අර තිබ්බ ආතල් එක සම්පූර්ණයෙන්ම පුස් වෙලා ගියා
" ලහිරුට කවුද කට්ටියක් ගහලාලු මයියා"
"කවුද කට්ටියක්? තමුසෙ කොහොමද දන්නේ?"
" අනේ දැනගත්ත විදිය නෙවෙයි....... මට එයා බලන්න යන්න ඕනේ" හතිලව්වේ මෙයා නම් කියයි.... මොකො මම මෙයාව රොද පුටුවේ දාගෙන පාගන්නද? ප්‍රායෝගික නැති එකක්මයි කිව්වොත් කියන්නේ.
" මාව ෆෝන් එක ලඟට එක්කන් යනවා එහෙනම්" මම ඇඳෙන් බහින්න එහාට මෙහාට දැඟලුවා...... අක්කා මාව සපෝට් එක දාල රෝද පුටුවේ ඉන්ඳුවා...... ඊට පස්සේ මම හිතනකොට මෙන්න මම ෆෝන් එක ළඟ..... අක්කාට මාර හැකියාවක්නේ තියෙන්නේ..... මම කෝල් එක ගත්තේ තල්මසාට
"හලෝ මචං....." ඌ එකපාරටම කතා කලා
"හිරාන්..... කොහොමද?"
"මම ගෙදර මචං... මොකද්ද සීන් එක?"
"මචං මට පොඩි ගමනක් යන්න ඕනේ...."
"කියහං..... මම එන්නම්"
" මගේ ෆිට් එකක් බලන්න....... උඹ එනවාද?"
"ඕවා මොනාද තෙනුර ... මම එන්නම්..."
"උඹ එන ගමන් බුවා වත් දාගෙන වරෙන්"
"හරි ඕවත් වැඩද?..... අපි ඊයේ ලිහිණිව පන්නගත්තා...." මිනිහා අන්තිම ටික කිව්වේ රහසින් වගේ
"ආරංචියි...... දැං ලිහිණි කොහෙද බං...."
"ඒවා මේවයින් කියන්න බෑ..... මම ඇවිත්ම කියන්නම්"
"එළ...... මම ලෑස්ති වෙලා ඉන්නම්"
මම අක්කා දිහා බැලුවා..... අනේ අප්පේ මෙන්න මෙයාගේ ටැප් එක ලීක් වෙනවා...... ඇයි හත්දෙයියනේ ගෑනුන්ට මෙච්චර ටැප් වැඩකිරීමේ හැකියාවක් ලබා දුන්නේ..... මට නම් ඕවා ඉවසන්න හරි අමාරුයි.
"අඬන්න එපා ඕයි...... දැං බලන්න යමු, තමුසෙ දන්නවානේ මට තමුසෙව කිව්ව ගමන් දාගෙන අර දඬුමොණරේ යන්න දැං බෑ කියලා"
"මට ඒක මතක් උනේ නෑ මයියා......... මේක ආරංචි වෙච්ච ගමන් කියන්න මට වෙන කවුද ඉන්නේ?" ඒ පාර නම් ස්පීඩ් එකේ ටැප් එක වැඩ..... හප්පා......... අඬුවක් නැතුව ගලාගෙන යනවානේ... අපිවත් හෝදගෙන... දැං මේ අඬන ඇඬිල්ලට විහිළුවටවත් බෑ කියන්න හිතෙනවාද
"හා දැං ඔය මදෑ...... ලෑස්ති වෙනවා දැං හිරාන් එනවා......"
"යං මම උඹව ලෑස්ති කරන්නම්"
"එපා.... මට ඔය උඩට ටී ෂර්ට් එකක දා ගත්තාම මදෑ..... තමුසේ ලෑස්ති වෙනවාකෝ...... " මම රෝද පුටුව හරවගෙන කාමරේ පැත්තට ආවා... අක්කා ඇස් පිහා පිහා එයාගේ කාමරේට යනවා මම දැක්කා... පව් කියලත් හිතෙනවා......
"කොහෙද යන්න හදන්නේ...." නංගි ඉතිං ආච්චි වෙන්න එනවා කියන්නේ ඕවාට තමයි....
" තමුසෙට සෙල්ලම් කරන්න බෝනික්කෙක් අරං එන්න" නංගි හිනා වෙන්න ගත්තා
"පොඩි අයියේ... මට පණ තියන බෝනික්කෙක් හම්බ වෙනවානේ ළඟදී"
"ඇත්තද?"
"එනවකෝ මගේ කාමරේ පෙන්නන්න"නංගි ඒ අස්සේ මාව එයාගේ කාමරේ පැත්තට ඇඳගෙන යනවා. මේ රෝද පුටුවේ රෝද නැති උණානම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. හැබැයි මම වැඩිය නංගිගේ කාමරේට අඩිය තියලා නෑ.... මොකද නංගිගෙත් මගේ වගේම පොකට් එක සරු නෑනේ... අක්කගෙයි අයියාගෙයි කාමර වලට නම් ඉහේ කෙස් ගානට ගිහින් ඇති... දවසෙ වියදම පියව ගන්න
"ෂා...... මරුනේ..... නංගි මට වඩා පිලිවලයි" ඒ ටිකට මටම හිනා............. මම පිලිවලයි මේ දවස් වල මොකද මගේ කාමරේ අස් කරන්නේ අම්මානේ
"මේ ඇඳ තාරකා අක්කාට" කිරි අප්පේ..... මේ ඇඳ තාරකාගෙද? මට ලවට හිනාවක් වැදුණා
"මෙයාට ඇඳ පෙන්නුවත් චූන් වෙනවානේ" නංගි හිනා වෙන්න ගත්තා......
"එහෙම තමයි.... පිනට දහමට කැමති මිනිස්සු" චාටර් වෙන්න ඕනේ නෑනේ ඉල්ලන්
"පිනට දහමට?"
"ඔව් අහිංසක කෙල්ලෙක්ට උදව් කරන එක පිනක් නෙවෙයිද?"
"පිං පිං සෑහෙන්න පිං..... "
"ඒකනේ" මම රෝද පුටුව හරව ගත්තා
"පොඩි අයියේ....... මට තාම එක දෙයක් තේරුම් ගන්න බෑ"
" මොකද්ද?"
"ලිහිණිගෙයි තාරකාගෙයි මෙච්චර සමානකමක් වෙන්නේ කොහොමද?, අනික ඒ දෙන්නම ඔයාට හම්බ උණ හැටි"
"ඕකට තමයි නංගි කියන්නේ කරුමේ කියලා... දැං බලනවා මගේ කරුමෙට අම්මා තාත්තා වෙනස් වෙලත් තමුසෙගේ පොඩි අයියා උණානේ....." මගේ කතාවට නංගි හිනා වෙන්න ගත්තා
"ලිහිණි තාරකා දෙන්නා අයියාට හම්බ උනේ නම් කරුමෙට නෙවෙයි.... වාසනවට" බම්බුව තමයි. මුන් දෙන්නා හින්දා අද මගේ වැඩ කරන්නේ අච්චරු දාන්න පුලුවං කටයි බයිට් එකට ගන්න පුලුවං කිඩ්නියයි විතරයි. ඔය දෙකත් සොරි වෙච්ච දවසට මේ මයියා ඉතිං සීන් එකෙන් සමු ගන්න එක තමයි කරන්න වෙන්නේ. අපිට මොකටද බල්ලෝ ලුණු ඇඹුල් කට්ට තියනවානම් ආතල් එකේ සූප්පු කරනවා මිසක්.
මම කාමරේට ගොඩ වෙලා වස්තරක් දාගෙන කොන්ඩෙටත් ජෙල් පොඩ්ඩක් ගාල හදාගෙන මනුස්සයෙක් වගේ පැත්තක් අල්ලලා පාරට කන දාගෙන බලාගෙන හිටියා...... යන්න කොහෙද කියලාට වඩා තාරකා අපේ ගෙදර එන එක ගැන හිතනකොට දැනෙන ෆිට් එක නම් අයේ ඉතිං මේක ලියාගන්න මට බෑ
"මයියා.........." යකෝ කාර් එකක් ආවද..... බලපං තාරකා ගැන හිතනකොට කොච්චියක් කන ළඟ හූ කිව්වත් ඇහෙන්නෙ නැති හැටි
" උඹලා ආවාද?" බුවා මා දිහා බලං හිටියේ අමුතු ස්ටයිල් එකකින්
"කොහෙද මේ යන්න හදන්නේ?"
"ලහිරුවාගේ ගෙදර"
"ඒ මොකෝ... සිරියා බලන්නද?"
"නෑ නෑ... ඊයේ ඌට කවුද ගහලාලු.... අක්කා මෙතන කරාමේ කඩා ගත්තා"
"එහෙනම් යං..... උඹ දන්නවාද ඊයේ භානුකයාටත් උගේ ඇත්ත අම්මා ගැන විස්තර ලැබිලා"
" නෑ....... " මම බුවා එක්ක යන ගමන් තල්මසාට පොඩි සෙලියුට් පාරක් දැම්මා
"නෑ නෙවෙයි ඔව් බං......"
"උඹලෑ අම්මා තාත්තා නැද්ද " තල්මසා වටපිට බලන්න ගත්තා
"තාත්තා වැඩට ගිහින් අම්මා මර්කට් ගිහින්..... එයාලා එන්න කලිං මාරු උණොත් හොඳයි" අක්කා ඉස්සරහාට දුවගෙන ආවා
"මචං අක්කාගේ සීන් එකකට මේ එළියට යන්නේ...... අක්කාගේ බෝයියාට කවුද ඊයේ නෙලලා බං... ඒක බලලා එමුද?"
"ආයේ අහලා උඹ කියනවා නම් ආයේ ඔබාමාව උණත් බලලා එන්න යන්, නගින්න අක්කා...." තල්මසා අක්කාට වාහනේ දොරත් ඇරලා දුන්නා..... මාවත් තල්මසයි, බුවයි එකතු වෙලා පිටපස්සට පටවල්ල රෝද පුටුවත් දෙකට තුනට නවලා වාහනේ අස්සකට රිංගෙව්වා......
" ඉතිං හිරාන් කියපං බං..... භානුකයාගේ සීන් එක" හීරන් කාරයා ගමන පටන් ගන්නකොට මම ඇහුවා.....
" ලිහිණිව කිඩ්නැප් කරපු බුවාව අපි දෙතුන් වතාවක් බලන්න ගියා... ඌ ඇවිල්ලා හොඳ එකා..... අපේ ජයවීර අංකල් එක්ක තියන ඔරොප්පුවටනේ ඔහොම දෙයක් කලේ......"
"ඉතිං" මූ මොකක් හරි කියන්න ගත්තාම මහාවංසෙම ඇදබානවනේ
"ඌ මොකෙද්ද නර්ස් නෝනා කෙනෙක් ගැන අපිට ඔත්තුව දුන්නා.... එයා තමයි භානුකයාව ගෙනත් දීලා තියෙන්නේ ජයවීර අංකල්ට"
"හරි උඹලා නර්ස් ඇන්ටිව හම්බ උණා....."
"ආයේ අහලා ඊයේ අපි ගිහින් හම්බ උණා..... මුලින් එයා බය උණා.... පස්සේ භානුකයා සල්ලි ටිකක් පෙන්නුවාට පස්සේ එයාගෙ ගෙවල් වලට උඩහා ඉන්න ගෑනු කෙනෙක්ගේ ඇඩ්‍රස් එක අපිට දුන්නා.........
" එයාද අම්මා...."
"ඔව් බං ඒත් මෙලෝ මඟුලක් කතා කරගන්න බෑ ඒ ගෑනිට පිස්සු... වෙලාවකට මගේ පුතා කියල බදා ගන්නවා... වෙලාවකට හිනා වෙනවා..... මල සීන් එකයි"
"ඉතිං......"
"මොනා කරන්නද.... අපි ඒපාර ආවා... භානුකයා හිතන් ඉන්නේ ඒ ගෙදර අයටත් කියලා ඒ මනුස්සයාව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න"
"මදෑ කොලා" ඒත් එක්කම බුවා හරවන්න ඕනේ පාර තල්මසාට පෙන්නුවා
"මේ පාරේ තමයි ඊයේ අපි ආවේ....." කිය කිය තල්මසාත් වාහනේ හැරෙව්වා......
" අන්න අර ගෙදර තමයි නර්ස් නෝනා ඉන්නේ..." පොඩි ගෙයක් පෙන්නුවා..... පරණ තාලේ........ බුවා ලිහිරුවාගේ ගේ ළඟින් වාහනේ නවත්තන්න කිව්වා..... තල්මසා ටිකක් අප්සෙට් ගියා ඌ පිටි පස්සට හැරිලා මාදිහා බැලුවා
"මචං මේක තමයි භානුකයාගේ අම්මාගේ ගෙදර...." මොකක්..... මේ මොකද්ද මේ කියන හරුපේ..... බුවාත් මගේ දිහා බැලුවේ පිස්සු මාන්දම හැදෙන්න වගේ.... එ කියන්නේ භනුකයාගේ අම්මා සිරියාද? මේක මොන වගේ සීන් එකක්ද? ලිහිරුවා ඒ කියන්නේ භානුකයාගේ අයියා..... මේක නම් මහ පිස්සු හැදෙන කතාවක්..... මට මේක අගක් මුලක් මැදක් ආයේ පැටලිලා. ඒ ඔක්කොම පැත්තකින් තියමු.... දැං එහෙනම් කවුද ලහිරුවට ගැහුවේ..... තල්මසා වැදිලාවත් අත පය දිග ඇරලා ඈනුමක්වත් ඇරියාද දන්නේ නෑ, මූ අතපය දිග ඇරියා කියන්නේ අහල පහලා අපි වගේ අහිංසක හාල්මැස්සන්ට ඇඩ්‍රස් නැති වෙනවා තමයි.