මේක දිව්‍යලෝකෙට වීසා හම්බ උණා වගේ වැඩක්. තාරකා අපේ ගෙදර...එයා මගෙ කාමරේට ඇවිල්ලා මගෙ ඔලුව අත ගාලා... ප්ලේන්ටියක් කටට ලං කරනකොට කොහොමද ආතල් එක. හම්මේ........... කවදද ඒ දවස එන්නේ. කට පුරාම දැඟලුව විසිල් පාර නිකන්ම කටෙන් පිට වෙච්චි
"මයියා............" විසිල් එක එක පාරටම ගිලුණා...මේ කඩාගෙන එන්නේ අක්කා නේද? අනේ මන්ද එන විදිය නම් අන්තිම දරුණුයි. න්‍යෂ්ටික බලාගාරේ පුපුරලා ජපනෙක් මරලතෝනි දෙනවා වගේ මට ඇහුනේ
"මොකද ඕයි?" අර තිබ්බ ආතල් එක සම්පූර්ණයෙන්ම පුස් වෙලා ගියා
" ලහිරුට කවුද කට්ටියක් ගහලාලු මයියා"
"කවුද කට්ටියක්? තමුසෙ කොහොමද දන්නේ?"
" අනේ දැනගත්ත විදිය නෙවෙයි....... මට එයා බලන්න යන්න ඕනේ" හතිලව්වේ මෙයා නම් කියයි.... මොකො මම මෙයාව රොද පුටුවේ දාගෙන පාගන්නද? ප්‍රායෝගික නැති එකක්මයි කිව්වොත් කියන්නේ.
" මාව ෆෝන් එක ලඟට එක්කන් යනවා එහෙනම්" මම ඇඳෙන් බහින්න එහාට මෙහාට දැඟලුවා...... අක්කා මාව සපෝට් එක දාල රෝද පුටුවේ ඉන්ඳුවා...... ඊට පස්සේ මම හිතනකොට මෙන්න මම ෆෝන් එක ළඟ..... අක්කාට මාර හැකියාවක්නේ තියෙන්නේ..... මම කෝල් එක ගත්තේ තල්මසාට
"හලෝ මචං....." ඌ එකපාරටම කතා කලා
"හිරාන්..... කොහොමද?"
"මම ගෙදර මචං... මොකද්ද සීන් එක?"
"මචං මට පොඩි ගමනක් යන්න ඕනේ...."
"කියහං..... මම එන්නම්"
" මගේ ෆිට් එකක් බලන්න....... උඹ එනවාද?"
"ඕවා මොනාද තෙනුර ... මම එන්නම්..."
"උඹ එන ගමන් බුවා වත් දාගෙන වරෙන්"
"හරි ඕවත් වැඩද?..... අපි ඊයේ ලිහිණිව පන්නගත්තා...." මිනිහා අන්තිම ටික කිව්වේ රහසින් වගේ
"ආරංචියි...... දැං ලිහිණි කොහෙද බං...."
"ඒවා මේවයින් කියන්න බෑ..... මම ඇවිත්ම කියන්නම්"
"එළ...... මම ලෑස්ති වෙලා ඉන්නම්"
මම අක්කා දිහා බැලුවා..... අනේ අප්පේ මෙන්න මෙයාගේ ටැප් එක ලීක් වෙනවා...... ඇයි හත්දෙයියනේ ගෑනුන්ට මෙච්චර ටැප් වැඩකිරීමේ හැකියාවක් ලබා දුන්නේ..... මට නම් ඕවා ඉවසන්න හරි අමාරුයි.
"අඬන්න එපා ඕයි...... දැං බලන්න යමු, තමුසෙ දන්නවානේ මට තමුසෙව කිව්ව ගමන් දාගෙන අර දඬුමොණරේ යන්න දැං බෑ කියලා"
"මට ඒක මතක් උනේ නෑ මයියා......... මේක ආරංචි වෙච්ච ගමන් කියන්න මට වෙන කවුද ඉන්නේ?" ඒ පාර නම් ස්පීඩ් එකේ ටැප් එක වැඩ..... හප්පා......... අඬුවක් නැතුව ගලාගෙන යනවානේ... අපිවත් හෝදගෙන... දැං මේ අඬන ඇඬිල්ලට විහිළුවටවත් බෑ කියන්න හිතෙනවාද
"හා දැං ඔය මදෑ...... ලෑස්ති වෙනවා දැං හිරාන් එනවා......"
"යං මම උඹව ලෑස්ති කරන්නම්"
"එපා.... මට ඔය උඩට ටී ෂර්ට් එකක දා ගත්තාම මදෑ..... තමුසේ ලෑස්ති වෙනවාකෝ...... " මම රෝද පුටුව හරවගෙන කාමරේ පැත්තට ආවා... අක්කා ඇස් පිහා පිහා එයාගේ කාමරේට යනවා මම දැක්කා... පව් කියලත් හිතෙනවා......
"කොහෙද යන්න හදන්නේ...." නංගි ඉතිං ආච්චි වෙන්න එනවා කියන්නේ ඕවාට තමයි....
" තමුසෙට සෙල්ලම් කරන්න බෝනික්කෙක් අරං එන්න" නංගි හිනා වෙන්න ගත්තා
"පොඩි අයියේ... මට පණ තියන බෝනික්කෙක් හම්බ වෙනවානේ ළඟදී"
"ඇත්තද?"
"එනවකෝ මගේ කාමරේ පෙන්නන්න"නංගි ඒ අස්සේ මාව එයාගේ කාමරේ පැත්තට ඇඳගෙන යනවා. මේ රෝද පුටුවේ රෝද නැති උණානම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. හැබැයි මම වැඩිය නංගිගේ කාමරේට අඩිය තියලා නෑ.... මොකද නංගිගෙත් මගේ වගේම පොකට් එක සරු නෑනේ... අක්කගෙයි අයියාගෙයි කාමර වලට නම් ඉහේ කෙස් ගානට ගිහින් ඇති... දවසෙ වියදම පියව ගන්න
"ෂා...... මරුනේ..... නංගි මට වඩා පිලිවලයි" ඒ ටිකට මටම හිනා............. මම පිලිවලයි මේ දවස් වල මොකද මගේ කාමරේ අස් කරන්නේ අම්මානේ
"මේ ඇඳ තාරකා අක්කාට" කිරි අප්පේ..... මේ ඇඳ තාරකාගෙද? මට ලවට හිනාවක් වැදුණා
"මෙයාට ඇඳ පෙන්නුවත් චූන් වෙනවානේ" නංගි හිනා වෙන්න ගත්තා......
"එහෙම තමයි.... පිනට දහමට කැමති මිනිස්සු" චාටර් වෙන්න ඕනේ නෑනේ ඉල්ලන්
"පිනට දහමට?"
"ඔව් අහිංසක කෙල්ලෙක්ට උදව් කරන එක පිනක් නෙවෙයිද?"
"පිං පිං සෑහෙන්න පිං..... "
"ඒකනේ" මම රෝද පුටුව හරව ගත්තා
"පොඩි අයියේ....... මට තාම එක දෙයක් තේරුම් ගන්න බෑ"
" මොකද්ද?"
"ලිහිණිගෙයි තාරකාගෙයි මෙච්චර සමානකමක් වෙන්නේ කොහොමද?, අනික ඒ දෙන්නම ඔයාට හම්බ උණ හැටි"
"ඕකට තමයි නංගි කියන්නේ කරුමේ කියලා... දැං බලනවා මගේ කරුමෙට අම්මා තාත්තා වෙනස් වෙලත් තමුසෙගේ පොඩි අයියා උණානේ....." මගේ කතාවට නංගි හිනා වෙන්න ගත්තා
"ලිහිණි තාරකා දෙන්නා අයියාට හම්බ උනේ නම් කරුමෙට නෙවෙයි.... වාසනවට" බම්බුව තමයි. මුන් දෙන්නා හින්දා අද මගේ වැඩ කරන්නේ අච්චරු දාන්න පුලුවං කටයි බයිට් එකට ගන්න පුලුවං කිඩ්නියයි විතරයි. ඔය දෙකත් සොරි වෙච්ච දවසට මේ මයියා ඉතිං සීන් එකෙන් සමු ගන්න එක තමයි කරන්න වෙන්නේ. අපිට මොකටද බල්ලෝ ලුණු ඇඹුල් කට්ට තියනවානම් ආතල් එකේ සූප්පු කරනවා මිසක්.
මම කාමරේට ගොඩ වෙලා වස්තරක් දාගෙන කොන්ඩෙටත් ජෙල් පොඩ්ඩක් ගාල හදාගෙන මනුස්සයෙක් වගේ පැත්තක් අල්ලලා පාරට කන දාගෙන බලාගෙන හිටියා...... යන්න කොහෙද කියලාට වඩා තාරකා අපේ ගෙදර එන එක ගැන හිතනකොට දැනෙන ෆිට් එක නම් අයේ ඉතිං මේක ලියාගන්න මට බෑ
"මයියා.........." යකෝ කාර් එකක් ආවද..... බලපං තාරකා ගැන හිතනකොට කොච්චියක් කන ළඟ හූ කිව්වත් ඇහෙන්නෙ නැති හැටි
" උඹලා ආවාද?" බුවා මා දිහා බලං හිටියේ අමුතු ස්ටයිල් එකකින්
"කොහෙද මේ යන්න හදන්නේ?"
"ලහිරුවාගේ ගෙදර"
"ඒ මොකෝ... සිරියා බලන්නද?"
"නෑ නෑ... ඊයේ ඌට කවුද ගහලාලු.... අක්කා මෙතන කරාමේ කඩා ගත්තා"
"එහෙනම් යං..... උඹ දන්නවාද ඊයේ භානුකයාටත් උගේ ඇත්ත අම්මා ගැන විස්තර ලැබිලා"
" නෑ....... " මම බුවා එක්ක යන ගමන් තල්මසාට පොඩි සෙලියුට් පාරක් දැම්මා
"නෑ නෙවෙයි ඔව් බං......"
"උඹලෑ අම්මා තාත්තා නැද්ද " තල්මසා වටපිට බලන්න ගත්තා
"තාත්තා වැඩට ගිහින් අම්මා මර්කට් ගිහින්..... එයාලා එන්න කලිං මාරු උණොත් හොඳයි" අක්කා ඉස්සරහාට දුවගෙන ආවා
"මචං අක්කාගේ සීන් එකකට මේ එළියට යන්නේ...... අක්කාගේ බෝයියාට කවුද ඊයේ නෙලලා බං... ඒක බලලා එමුද?"
"ආයේ අහලා උඹ කියනවා නම් ආයේ ඔබාමාව උණත් බලලා එන්න යන්, නගින්න අක්කා...." තල්මසා අක්කාට වාහනේ දොරත් ඇරලා දුන්නා..... මාවත් තල්මසයි, බුවයි එකතු වෙලා පිටපස්සට පටවල්ල රෝද පුටුවත් දෙකට තුනට නවලා වාහනේ අස්සකට රිංගෙව්වා......
" ඉතිං හිරාන් කියපං බං..... භානුකයාගේ සීන් එක" හීරන් කාරයා ගමන පටන් ගන්නකොට මම ඇහුවා.....
" ලිහිණිව කිඩ්නැප් කරපු බුවාව අපි දෙතුන් වතාවක් බලන්න ගියා... ඌ ඇවිල්ලා හොඳ එකා..... අපේ ජයවීර අංකල් එක්ක තියන ඔරොප්පුවටනේ ඔහොම දෙයක් කලේ......"
"ඉතිං" මූ මොකක් හරි කියන්න ගත්තාම මහාවංසෙම ඇදබානවනේ
"ඌ මොකෙද්ද නර්ස් නෝනා කෙනෙක් ගැන අපිට ඔත්තුව දුන්නා.... එයා තමයි භානුකයාව ගෙනත් දීලා තියෙන්නේ ජයවීර අංකල්ට"
"හරි උඹලා නර්ස් ඇන්ටිව හම්බ උණා....."
"ආයේ අහලා ඊයේ අපි ගිහින් හම්බ උණා..... මුලින් එයා බය උණා.... පස්සේ භානුකයා සල්ලි ටිකක් පෙන්නුවාට පස්සේ එයාගෙ ගෙවල් වලට උඩහා ඉන්න ගෑනු කෙනෙක්ගේ ඇඩ්‍රස් එක අපිට දුන්නා.........
" එයාද අම්මා...."
"ඔව් බං ඒත් මෙලෝ මඟුලක් කතා කරගන්න බෑ ඒ ගෑනිට පිස්සු... වෙලාවකට මගේ පුතා කියල බදා ගන්නවා... වෙලාවකට හිනා වෙනවා..... මල සීන් එකයි"
"ඉතිං......"
"මොනා කරන්නද.... අපි ඒපාර ආවා... භානුකයා හිතන් ඉන්නේ ඒ ගෙදර අයටත් කියලා ඒ මනුස්සයාව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න"
"මදෑ කොලා" ඒත් එක්කම බුවා හරවන්න ඕනේ පාර තල්මසාට පෙන්නුවා
"මේ පාරේ තමයි ඊයේ අපි ආවේ....." කිය කිය තල්මසාත් වාහනේ හැරෙව්වා......
" අන්න අර ගෙදර තමයි නර්ස් නෝනා ඉන්නේ..." පොඩි ගෙයක් පෙන්නුවා..... පරණ තාලේ........ බුවා ලිහිරුවාගේ ගේ ළඟින් වාහනේ නවත්තන්න කිව්වා..... තල්මසා ටිකක් අප්සෙට් ගියා ඌ පිටි පස්සට හැරිලා මාදිහා බැලුවා
"මචං මේක තමයි භානුකයාගේ අම්මාගේ ගෙදර...." මොකක්..... මේ මොකද්ද මේ කියන හරුපේ..... බුවාත් මගේ දිහා බැලුවේ පිස්සු මාන්දම හැදෙන්න වගේ.... එ කියන්නේ භනුකයාගේ අම්මා සිරියාද? මේක මොන වගේ සීන් එකක්ද? ලිහිරුවා ඒ කියන්නේ භානුකයාගේ අයියා..... මේක නම් මහ පිස්සු හැදෙන කතාවක්..... මට මේක අගක් මුලක් මැදක් ආයේ පැටලිලා. ඒ ඔක්කොම පැත්තකින් තියමු.... දැං එහෙනම් කවුද ලහිරුවට ගැහුවේ..... තල්මසා වැදිලාවත් අත පය දිග ඇරලා ඈනුමක්වත් ඇරියාද දන්නේ නෑ, මූ අතපය දිග ඇරියා කියන්නේ අහල පහලා අපි වගේ අහිංසක හාල්මැස්සන්ට ඇඩ්‍රස් නැති වෙනවා තමයි.


15 comments:
ammo.....hitha gannath beri widihata okkomala interconnect wenawane. ohoma yan ohoma yan. man aniwa balana kathawak meka. jaya wewa. digatama liyanna
සෑහෙන කාලයකට පස්සේ කතාව දාලා. කොච්චර පරක්කු වුනත් කමක් නෑ. අපි ඉන්නව කියවන්න. දිගටම ලියමු. ජය!!!
මයියාට මල් හතයි වගෙ.
මොනවද මේ ලහිරුගෙ case එක. එ කියන්නෙ භානුක මයියාගෙ නෑදෑයො වෙන්නද යන්නෙ??
මරුස්.... කතාව ඉවර කරන්න හදිස්සියි වගේ..... හදිස්සි වෙන්න එපා දුල්... හෙමින් වෙලාවක් තියෙන වෙලාවට ලියන්න....
පිස්සු හැදෙනව මොනව වෙයිදකියල හිතාගන්න බැහැ.කොහොම උනත් කමක්නැ ඊලග කොටසත් ඉක්මනට දාන්න හොදේ
අලේ අම්මෝ....... කොටස් 4ක්ම මඟ ඇරිලා තිබිලා එක හුස්මට (කිව්වට හුස්ම ගොඩක් ) කියෙව්වා.........
මේක හරියටම විග්‍රහ කරනවනම්........
එක තැනම පැටලුන නූල් බෝලයක් දුල් අක්කි....... හික්ස්......
නියමයි...... පුලුපුලුවන් වෙලාවට ලියමු....... අක්කිගේ එක්සෑම් ඉවරද?????
ඇතියංතං දැම්ම නේ? අක්ක විශ්වාස කරනව නේද නරක හිතක් තියන් කියන හොඳකට වඩා හොඳ හිතින් කියන නරක වටිනව කියල...? තරහ වෙන්න එපා අක්කෙ ඒත් මටත් හිතෙනවා ''අභීත'' සහෝදරය කියපු කතාව ඇත්ත වගේ කියලා...... මටත් තියන ලෙඩක් තමයි මොකක් හරි ලියන්න ගත්තාම ටික දවසක් යද්දි ඒක මටම එපා වෙනව ඉතින් අත් ඇරල දානව....ඒත් මේ කතාවට නම් ඔයා එහෙම කරන එකක් නැහැ කියල මට විශ්වාසයි..
දිගටම ලියන්න... මයියා වයි තාරකාවයි මරල වෙනත් භවයක ආයෙ මුණගැස්සුවත් කමක් නැහැ..අපි ඉන්නව සංසාරෙ පුරාම
මැක්සා. ඒ පාර මයියට .පවුල් අවුල්....මේ මේ ලොකු සහෝදරී ස්ටෝරිය ඉවර කරන්නෙයි හදන්නේ.... ඔන්න ඔන්න ඒ වැඩේ නම් කරන්න එපා ....
111 නෙල්සන්, අවුට් වෙන්න හොදම වෙලාව!!! Pls
එල එල.... ඔහොම යමු දුල්....
හ්ම්ම්ම් මොකො එකපාරටම හදිස්සි වෙලා දුල් මම දැකපු හොඳම ගලාගෙන යෑමක් තිබ කතාවක් මේක. අද ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා වගේ. හදිස්සියක් නෑ හිමි හිමීට ලියමු පුලු පුලුවන් විදිහට
meya issaranam kiwwe araka thiyanawa, meka thiyanawa.. iwara unata passe dawasakata kotasa gane danawa kiyala.
araka iwarai. meka iwarai. eth kathawa, masekata ekayi.
pachaya...
ammo, athi yanthan kathawa nawaththala wage... mage uthsahaya sarthakayi
අනේ සුදු අක්කේ.. තව කොටසක් දාන්නකෝ පුලුවන්නම්.. :/
moka ehema kohomada kathawe nathere karane?? duk akki ehchara moda naha me ano kareyo dane mode comments nisa kathawe mage nathare karane,,, you keep uploading akki,, as you can,, we are all here to read it :) take care
Glimmer Girl
Post a Comment