මම වගේම ගැන්සියේ අනිත් උණුත් බුවාගේ කතාවට සයිලන්සරේ වතුරේ දාගෙන. මූ ඒ පාර හරවා පහරක් එල්ල කරන්න යන්නේ මොකෙක්ගෙ හරි අතටම මම හිතන්නේ......
" උඹට පිස්සු ඔක්කාරෙට වගේ එනවාද" මගේ කටේ ප්‍රශ්නේ බුවාගෙන් ඇහුවේ ටොලා
"මොකද්ද ඒ කතාව බං"
"ඇයි මීහරකෝ...... වපුරලා තිබ්බ හේනට බැස්සම වගාව සරු සාර වෙනවාද?"
"කියන දෙයක් වචන දෙක තුනෙන් තේරෙන්න කියපං බං... උඹලා කියන ඒවා තේරුම් ගන්න පුරා විද්‍යාවට තමයි යන්න වෙන්නේ" බුවාට ටොලා එක්ක ටික වෙන්න මල පැනලා.
" දැං ලිහිණිව ගෙදරින් පන්නගෙන ඇවිල්ලා උඹද කන්න අඳින්න දෙන්නේ...?" බුවා කට කොනකට හිනාව අරන් මගේ දිහා බැලුවා
" පොතේ හැටියට සෙන්ටිමෙන්ටල් වෙන්න ඕනේ මයියා... ඒත් පැන පැන දුක ප්‍රකාශ කරන්නේ ටොලානේ...... මේ ගැන විනය පරීක්ෂණයක් කරන්න ඕනේ...."
"බයිලා නෙවෙයි බුවා..... මොකද්ද මේ තුන් තෙරවිල්ල කියලා පැහැදිලි කරපං..... ලිහිණිව පන්නගෙන ඇවිල්ලා අපි මොකද කරන්නේ?" මම ටිකක් හෙමින් සීරුවේ ඇදලා පැදලා අහන ගමන් බුවා දිහා බැලුවා... කොහොමත් බුවා ගෑනු අක්ෂන් වලට පෙරේතයානේ.... ඕකා ඇඳලා පැදලා ඇහුවොත් බොක්ක ගලවලා අතට දෙයි උඹ ඕක තියාගනින් මාව මතක් වෙන්න කියලා.
"මේකනේ මයියා..... ලිහිණි ගෙදර ආව වෙලාවේ ඉදං අඬනවාලු ගෙදර ඉන්න බෑ කියලා... කෙල්ල අම්මා නැති වෙච්ච එක දැනගෙන තවත් කොන්ට්‍රොල් නෑලු. භානිකයා ලිහිණිව පන්නන්න හදන්නේ.............. ඉතිං උන් දවස් දෙක තුනකට කොහෙ හරි තියන්නම්ලු... ඊට පස්සෙ ලිහිණිට ඉන්න ආරක්ෂා සහිත තැනක් හොයා ගන්න ඕනෙලු."
"ඉතිං" මම නෙවෙයි අනිත් උන් මට වඩා වයින් වෙලා
"ඉතිං කියන්නේ බං...... මට මෙතන හරිම සරළ වැඩක් මතක් වෙන්නේ...... මයියා... කොහොම හරි කියලා තාරකාව මෙහෙ ගෙන්න ගන්නවා.... තාරකා වෙනුවට අපි ලිහිණිව නැන්දාලෑ ගෙදර නවත්තනවා........ " බුවාගේ කතාව ඌ ඔය කියන තරම් සරළ නෑ. අපෙ ගෙදර ඉන්න සියලු සත්ත්වයන්ට මේක තේරුම් කරලා දෙන එක ලිහිණිව ජයවීරයාගෙ ඇහැ වහලා පන්නගෙන එනවට වඩා අමාරුයි. ගැන්සියම මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ මගේ කට ඇරෙයිද කියලා බලාගෙන
"ගහෙන් ගෙඩි එනවා වගේ මේවා මෙහෙම කරන්න බෑ බුවා... ඔන්න මට දුවන්න පනින්න පුලුවං කමක් තිබ්බා නම් වැඩේ ශේප් කරගන්න තිබ්බා... ලිහිණිගේ සීන් වලට තාරකාට අවුලක් උණොත්"
"එහෙම වෙන්නේ නෑ බං... උඹ කවදා ඉදලාද බවලත් වගේ හිතන්න ගත්තේ...?"
"හරි මම තාත්තාගෙන් අහලා බලන්නම්..... හැබැයි වැඩේ ඇනුනොත් ලිහිණිව තියන්න වෙන තැනකුත් සෙට් කර ගනිං"
"උඹ ට්‍රයි කරපංකෝ"
" මොනාද ට්‍රයි කරන්නේ....?" වෙනදා වගේම ඒ කටහඬ මගේ හීන් දාඩිය පිටකලා..... මොනා උනත් මම ඒ කටහඬට තියන හබ්බ බය නම් නැති වෙන එකක් නෑ......
"නෑ ... තා... තාත්... තේ..." ඔය නොදකින්............ තාත්තේ කියාගන්න බෑ ඉතිං තත් තත් ගගා අවුරුද්දක් උණත් ඉන්න පුලුවං....
"අපි අංකල් මේ කිව්වේ... මයියා... නිකං හූල්ල හූල්ල ඉන්නවා...." බුවා කිව්වෙ නැද්ද අර ටකරමකට ගල් ඇදබානවා වගේ...... ඌට තියන ගට මට නෑ තමයි ඒත් මෙහෙම ගියොත් වැඩේ අනාථ නාථ වෙලා ෆුල් වල් බිහි වෙලා යනවා
" හූල්ල හූල්ල... ඒ මොකද?"
" මයියාගේ ගෑනු ළමයා කෑගල්ලේ දාලා ඇවිත්නේ" හුටා............ මුන් ඇවිත් ඉන්නේ මාව නැති කරලා දාන්න .... දැං බලනවා මට ආත්ම හතකට තාත්තාට මූණ දෙන්න පුලුවන්ද?
"පොඩි පුතා.............." ඔය ඉතිං...... මට දුවන්න පුලුවන්නම් මෙලහාට මම යාපනේටම දුවලා
"ඇයි තාත්තේ....?" බිම බලාගෙනම මම උත්තර දුන්නා
" ඇත්තද මේවා...." දැං ඉතිං ගෙදර ගියත් මා නසි මග හිටියත් මා නසී කොහෙන් ගියත් මම තමයි නසින්නේ වගේ සීන් එකක් වෙලා තියෙන්නේ.... නෑ කියන්නත් බෑ... එතකොට ඕනෙ කරන වැඩේ කරගන්න පසුවටවත් සධාරණ ටෝකක් දාන්න වෙන්නේ නෑ... ඔව් කිව්වොත් කොල්ලාගේ චරිතේ නිකන් අර සිංහල ෆිල්ම් වල ඉන්න කාඩ්බෝඩ් ප්‍රේමවන්ත ගනයට වැටෙනවා..... අනේ මන්දා
" අංකල් ඇත්තද අහනවා... මෙච්චර වෙලා මෙතන අඬුවේ නැති ටික විතරයි.... දැං අංකල්ට බයේ ගල් ඉබ්බා ආසනය රකිනවා"
"කවුද ඒ ගෑනු ළමයා... නැන්දා අර හදාගන්නවා කියලා ගත්ත ගෑනු ළමයාද?" මම බිම බලාගෙනම ඔලුව වැනුවා.....වැනුවා නෙවෙයි ඉබේටම වැනුනා.....
" දැං ඒ ලමයා එහෙ නෑ කියලා නැන්දා කිව්වා...." තාත්තා ඔක්කොම දන්නවා..... මම නම් කතා කරන්නේ නෑ... දිගටම කතා කලේ අපේ බුවානේ ඌම කතා කරපුදෙං....
"ඔව්නේ අංකල්.... එයාට අම්මා තාත්තා නෑනේ... නේද මයියා..............."
"ඔව්" බුවා මාවත් මරාගෙන ඌත් චාටර් වෙන්න යන්නේ
"ඉතිං....."
"ඉතිං අංකල් එයා එයාගේ මාමා බලන්න මෙහෙ ඇවිත්" බුවා වැඩේ නාගන්නයි යන්නේ....... සමරනායකයාගේ නම ඕකා කිව්වොත් මට ඉන්න වෙන්නේ රෝද පුටුවේ නෙවෙයි හොඳ නැදුන් මිනී පෙට්ටියක
"ඉතිං"
"ඉතිං අංකල්..... එයාගේ මාමා මෙහෙන් රට ගිහින්.... යන්නම එයා දැනගෙන හිටියේ නෑලු. කෑගල්ලෙ ඇන්ටිත් ආයේ එන්න එපා කියලානේ කොලඹ එවලා තියෙන්නේ.... ඉතිං එයා අපිව හොයාගෙන ආවාම මම අපේ නැන්දලාගේ ගෙදර සෙට් කලා"
"ආ... එහෙමද?"
"දැං මොනාද අපෙන් ඕකට කරන්න ඕනේ පොඩි පුතා" තාත්තා නෝමල් එකේ මගෙන් එහෙම ඇහුවා
"තාත්තේ..... එයාව මෙහෙ නතර කරගන්න බැරි වෙයිද?" කොහෙදෝ මුල්ලක තිබ්බ ගටක් අඟට සෙට් උණා.
තාත්තා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා... ඊට පස්සෙ යාලුවෝ දිහා බැලුවා.... ඊට පස්සේ එතනින් දොර පැත්තට යන්න ගියා. මම බුවා දිහා බලලා ඔලුව වනලා වැඩේ හරි යන්නේ නැති බව කියලා රෝද පුටුව ආපහු හරෝ ගත්තා.......
"වෙන විදියක් හිතපං මචං.........." මම කාමරේට ගොඩ වෙන ගමන් කිව්වා......
"එහෙනම් අපි තව මොකක් හරි ප්ලෑනක් ගහන්න වෙනවා..." මගේ කටින් සුළි හුලඟක් වගේ හුස්මක් පිට උණා.... ඒත් එක්කම තාත්තා නංගිට කතා කරනවා මට ඇහුණා.....
"අපිට මොනා නැතත් නංගිගේ මාර්ගෙන් තාත්තාට ඕක දාන්න තිබ්බේ..." සිකා ආයේ බයිලා කියනවා.... මොලේ කල්පනාවක් නැතුව බැරි බර කරට ගන්න ගියාම ඔහොම වෙනවා......
"අපි කාමරේට ආවට කමක් නැද්ද?" නංගි කාමරේට ආවට පස්සේ තමයි එහෙම අහුවේ
"තමුසේ ඇවිල්ලා ඉවර වෙලා අහලා වැඩක් තියනවාද?"
" අපෝ බලන්නකෝ මෙ කට්ටියේ මූණවල් වල හැටි..... කෝච්චියට අහුවෙලා වගේ"
"අන්න හරි නංගි.... අපිට නැතත් පොඩි අයියානම් කොච්චියට බෙල්ල තියන්න තමයි යන්නේ" සිකා මාව උරෙස් දෙකෙන් අල්ලහෙන හොලවන ගමන් කියාගෙන ගියා
"හේතුව"
" හේතුව ඉතිං අහේතුව තමයි"
"හ්ම්ම්ම්ම්................... රුවන් අයියේ........... ඔන්න පරක්කු නැතුව තාරකාව අපේ ගෙදර එක්කන් එන්න හරිද?" මට පටස් ගාල නංගි දිහා බැලුණා
" නැත්නම් පොඩි අයියා කෝච්චියට බෙල්ල තියයි..........."
"වැඩක් නෑ ඕයි තාත්තා කැමති වෙන එකක් නෑ" මම එහෙම කිව්වා
"තාත්තා තමයි කිව්වේ..... මට මගේ කාමරේ එයත් එක්ක බෙදා ගන්න කියලා" කිරි අප්පේ මම මේ හීනයක්ද දකින්නේ............... තාරකා අපේ ගෙදර......... තාත්තා හා කියලා......... මම ............ අනේ මට නංගිව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුණා........... කකුල් දෙක මට නැති උණාට තාරකත් එක්ක මගේ ජීවිතේට සතුට නම් එයි ඒ මදෑ.........


20 comments:
"දැං ඉතිං ගෙදර ගියත් මා නසි මග හිටියත් මා නසී කොහෙන් ගියත් මම තමයි නසින්නේ වගේ සීන් එකක් වෙලා තියෙන්නේ...." හිනා ගිහින් මරෙනවා මෙක කියෙව්වාම.
අම්මේ...... නියමයිනේ. දෑන් කොල්ලට ෆුල් අතල් තමයි. කෙල්ලත් ගෙදරනෙ?? මයියා බොරුවටනෙ බය වෙලා තියෙන්නේ.
awuuuuuuuu mayyate dan tike tike hariyagene enne :D
දැන් කතාව නැවත්තුවොත් මොකද? කොමෙන්ට්ස් ගානත් හරිම අඩුයි වගේ :(
මට කිසිම දෙයක් අතරමඟ දාලා ගිහින් පුරුද්දක් නෑ.... ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා... මම මේක ලියන්නේ කියවන ගාන ගණන් කරන්න හිතාගෙන නෙවෙයි මට උවමනාවට.... නමක් නැතුව ඇවිත් ඔයා ඔය වගේ දේවල් කිව්ව් පළවෙනි වතාව මේක නෙවෙයි කියලා මම දන්නවා.... මම නවත්තන්නේ මට ඕනේ දවසක ඔයා ඔහොම නෙවෙයි කොහොමකිව්වත් මම ලියනවා. අනික නිකං ඔහොම කමෙන්ට් දාලා තමන්ගේ කාලේ නාස්ති කරගන්න එපා. මොනා උණත් මේ බ්ලොග් එක විතරක් නෙවෙයිනේ නෙට් එකේ තියෙන්නේ..... කෙනෙක්ව අධෛර්යයට පත් කරලා සතුටු වෙන්න ආස නම් ඒක මානසික දුර්වල කමක් හැබැයි මෙතනදි ඔයාට සතුටු වෙන්න ලැබෙන එකක් නෑ. මම දන්න විදියට මේ කතාව වටේ කෙනෙක්ව අගය කරලා වරදක් පෙන්නලා දීලා වැරදි තැන් හදන්න උදව් කරලා සතුටු වෙන සත්පුරුෂයෝ සෑහෙන්න ඉන්නවා
ඒ අයට හැමදාමත් මගේ ස්තූතිය.
ela ela kathawanam hemadama wagema elatama thiyanawa
eth awula thiyenne kata danna kalyana eka thmai
awulak nee oyata puluwan vidiyata danna
Akke, eka ekkena kiyana katahndara ahanna yanna epa. Comment damma ho natha meka api kiyawanawa. Oya pulu puluwan welawata meka liyala danna. Jaya wewa!
ඔන්න එළ කිරි වැඩේ නේ....ළහිණි තාරකා, තාරකා මයියා....නියමයි නියමයි...මේ අනේ ඉක්මනට ඉතිරි කොටසත් දාන්ඩකෝ...
@ දුල්
බල්ලො බිරුවට කදු කඩා පාත්වෙන්නෙ නෑනේ..........
දිගටම ලියන්න.....
Dul,
kohewath inna pol buuruwek kiyana dewal walata oya duk wenna epa..
hemadama me blog 1ta awilla, kathawe aluth kotasak dala thiyenawada kiyala balana kenek mama.
mama wagema thawa godak denek meka balana bawa mama dannawa.. oyata puluwan welawata me kathawa danna. api kiyawanna asawen balan innawa....
මේ ඇණේ-මවුසා නං ඇණයක් නෙමෙයි, පරාල ඇණයක්. නියම උත්තරේ දුල්. දාපං මචෝ පහක්. අපෙත්, වැරද්ද, දිගටම කොමෙන්ට් නොකරපු එක. ආව් අප්පා, මයියයි- තාරකයි ගෙදර. හිටු කියල මල් කඩයි නේද?
හරියට හරි බල්ලෝ බිරුවාට කඳු පාත් වෙන්නේ නැත.
පුර හඳ දැක්කාම බල්ලන්ට උඩු බිරීම නතර කර ගත නොහැක.
නියම උත්තරේ,
දිගටම ලියන්න
කොමෙන්ට් නැහැ කියල අර මොකෙද්ද නපුංසකයෙක් ලියන එක නවත්තන්න කියල කිව්ව කතාව ගනං ගන්න එපා. ඇත්තටම මම මෙතෙක් ඔයා ලියපු කතාව කියවල ඉවර කලේ පැය 5-6ත් කාලයකින් ඊයෙ ටිකක් කියවලා නිදාගත්තා පාන්දර වැඩට ගිහින් ඇවිත් කන්නෙත් නැතිව ඉතුරු ටිකත් කියවලාම තමයි නැවත්තුවෙ.ඉතින් කෝ කොම්මෙන්ට් දාන්න වෙලාවක්. ඇත්තටම මෙතනදි කොම්මෙන්ට් අඩු වෙන්නෙ කතාව රසවත් නිසා...
හබැයි මොන හේතුවක් හරි දාල ලියන එක අතර මැද නැවැත්තුවොත්... බලාගත්තැහැකි අපිත් වසයි හොඳේ.
දිගටම ලියන්න :)අපි ඉන්නවා කියවන්න..
මයියගෙ අම්මෙ අඩු ගානෙ කියන්නකො කවදාද අනිත් කොටස දාන්නෙ?
29යි නේද?? සුබ උපන් දිනයක් වේවා නැන්දේ......කතාව දිගටම ලියමූ.....දිගටම කියවන්න අපි ඉන්නවා....
well said dull akki,, we are always with you,, you keep writing as you can we are always here to read your blog :) .. man hamedama me blog ekate 4-5s wathawak awith nikan hari balela yanne,, kotesak dalada nadde kiyala,, comment nokeruwate wadiya,, hamedama kathawe ekke innewa api ,, Oye pissu ano kareyo kiyane ewa wadiya ganan ganne epa :) take care akkiyo :D
GLimmer Girl
නියමයි... :)
Ane Dul puthe.... Kohewath Inna pendek Umbe hitha ridena comments dewata uba kalabala wenna epa daruwo. Mona ehekata ehema dana ewwanta reply kanawada. Oka me loke rasayak danne nethi amu apathayek.... Mokada eka hedila thiyenne ammage kiri rase hadunagena neme daruwo. Ehema ewwanta me loke kisima deyaka melo rasayak denenne ne. Beela thiyena kiri anuwa eka danne thappulanna witharamai. Ekane Eka oya uda pene pena karanne. Owata selenne nethiwa digatama kathawa danawa honda... Puthata Yodabala Yoda Weerya lebenna One... Babanona Achchi
අක්කේ දැන් කතාව තවත් ලස්සනයි.අන්තිමට මොනා වෙයිද කියලා හිතන්නත් අමාරුයි.මම ආස ඒ වගේ කතා වලට.සුබ පැතුම් අක්කේ......
අක්කෙ කෝ අනේ ඉතුරු ටික..... කවදාද දාන්නෙ?.......මමත් ලාවට වැඩක් පටන් ගත්තා ගිහින් බලන්න හොඳද කියලා... http://maaenakam.blogspot.com/2011/03/01.html
ඉක්මනින් ඉතුරු ටිකත් දාන්න....
Post a Comment