තාත්තා එව්ව වාහනේට කොල්ලො ටික මාව උස්සලා දා ගත්තා... හිතට මොකද්ද වගේ දවස් ගානකින් මම මේ එළියට යන්නේ ඒකත් මදෑ..... මම මනෝ එක්ක එහෙම සෙට් වෙලා ඉන්නකොට සිකා මගේ කර වටේට අත දැම්මා......
"මොකද බං... වැඩිය කල්පනා කරන්න ඕනේ නෑ... බලමු මොකද්ද කේස් එක කියලා"
"මම කල්පනා කරන්නේ නෑ බං... උඹලාට දැං මං කතා පෙට්ටිය වහගෙන හිටියාමත් අවුල් නේ"
" නෑ නෑ... උඹ හිතනවා කියන්නේ අපිට ප්‍රශ්න පත්තරයක්....." මේක නම් මාර හරුපයක්... නාඩි වැටෙන මිනිහෙක් උණාම මනෝ එක්ක ආතල් එකක් ගන්න බැරිද මං අහන්නේ....
ඉස්පිරිතාලට මාව අරගෙන යනකොට මම දැක්කේ භානුකයා මගේ ඉස්සරහාට දුවගෙන එනවා.......
"තෙනුර.........."
"මචං කොහොමද උඹලෑ අම්මාට"
"අම්මා............ අම්මා බේරගන්න බැරි වෙයිලු"
" ඒ කියන්නේ...?" මම ටිකක් විතර කලබල වෙලා මම හිතන්නේ.
" උඹලා අම්මාගේ නෑයෝ කියලා මම දන්නේ නෑ...."
" ඔව් ඒක එහෙම තමයි"
"අපි යන් බලන්න........"
"ෂවිනි ආවේ නැද්ද?" භානුකයා බුවාගෙන් මගේ රෝද පුටුව ඉල්ලගෙන ඒක තල්ලු කරන් ගියා
"එයා ගෙදර ඇත්තේ මචං...... " මාව දැක්ක ගමන් අම්මායි තාත්තායි දෙන්නාම මගේ ළඟට දුවගෙන ආවා
"පුතා පුංචිට ඔයාට කතා කරන්න ඕනේ කියනවා....."
"මට?" මම භානුක දිහා බැලුවේ බෙල්ල අංශක 360 කරකවලා. මූ මොනා හරි මේ හුට පට දන්නවාද දන්නේ නෑ.
"ඔව් ඔහොම ඇතුලට යන්න... දෙන්න පුතා මම මෙයාව ඇතුලට ගෙනියන්නම්" තාත්තා භානුකගෙන් මගේ රෝද පුටුව ඉල්ලගෙන ඇතුලට තල්ලු කරන් ගියා
"තාත්තේ.. එයාව බේර ගන්න බැරිලුද?"
" තව ටික වෙලාවක් එයා ජීවත් වෙයි පුතා......" තාත්තාගේ වචන මට ඇහෙන්නේ කැඩි කැඩි වගේ..... මම මොකුත් කිව්වේ නෑ. තාත්තා අලුත් අම්ම ඉන්න තැනට මාව අරං ගිහින් මගේ උරෙස්සට අත තිබ්බා.....
"තාත්තා බය වෙන්න එපා..." මම තාත්තාගෙ අතට මගෙ අත තියලා එයාව කූල් කලා එයා ආපහු හැරිලා එතනින් යනවා බලාගෙන හිටපු මම හිමින් රෝද පුටුව අලුත් අම්මා ළඟට ළං කලා.
"අම්මේ..... " මම එයාගේ කටු හැම තැනටම අනලා තියන අත අත ගෑවා..... මූණ වැහෙන්නම ඔක්සිජන් එක දාලා..... හැම තැනම යෝධ පෙට්ටි වල එක එක කොල පාට ඉරි යනවා කදු යනවා..... අම්මා ළඟට ආව නර්ස් අක්කා කෙනෙක් එයාගේ ඔක්සිජන් කෝප්පේ අයින් කලා.... එයාගේ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා..... මගේ ඇස් දෙකත් කසාගෙන වගේ එන්න ගත්තා.... මුලින් කිව්ව කිසි දෙයක් ඇහුනේ නෑ....
මම තවත් එයා ළඟට ළං උණා.....
" අම්මේ ......"
"ම...ට ස..මා... වෙන්න.... පුතේ....." ලාවට කටහඬ දැං ඇහෙනවා
"සමාව දෙන්න ඕනේ අම්මයි මට"
" ලිහිණි...... කා....ගේ දරුවෙක්ද කි....යන එක....... ම..ම දැ..නගෙන හිටියේ...නෑ....."
" හරි අම්මේ ඒ ගැන හිතන්න ඕනේ නෑ......, "
"මම මැරුණට ... පස්සේ... එයාට ... එයා...ගේ ඇත්ත ... අම්...මාව මුණ ග..ස්සන්න පුතේ...."
"හා එහෙම කරන්නම්..................."
"එයාගේ ඇ...ත්ත.......අම්මා ගැන ... විස්තර...... සමර...නායකගේ.... ගෙදර වැඩ..කාරී දන්න්වා......"
"කවුද?" අලුත් අම්මා කහින්න පටන් ගත්තා...... එතකොට නර්ස් අක්කා කෙනෙක් අවිල්ලා ටක් ගාලා අර ඔක්සිජන් කෝප්පේ දැම්මා...... එයා අමාරුවෙන් හුස්ම ගන්න ගත්තා... මට බලාගෙන ඉන්න බැරි උණා.....
අර නර්ස් අක්කා මගේ රෝද පුටුව හරවලා දොර පැත්තට අරං ගියා.... මම සැරෙන් සැරේ පිටිපස්ස හැරිලා බැලුවා. අම්මාට මොකද වෙන්න යන්නේ.........
"මිස්......"
"එයාට අමාරුයි..... ඔයා එළියට ගිහින් ඉන්න" එයා මාව දොරෙන් එළියට දාලා දොර වහගත්තා...... මගේ ඇහැ කසන්න ගත්තා.... ඔලුව හිරි වැටිගෙන කදූලු පොදියක් ඇස් දෙකේ හිර උණා..... තාත්තා මාව ඇවිල්ලා අල්ල ගත්තා
"පුතේ......"
" මට සමා වෙන්න තාත්තේ..... තාත්තාගේ නංගිට මෙහෙම දෙයක් උනේ මම නිසා... මට සමා වෙන්න" මට අඬෙන්න ගත්තා....... ඒත් එක්කම පොලිසියෙන් එතනට එනවා මම දැක්කා......
"කවුද දිමත් අතපත්තු කියන්නේ.......?" අයියා පුටු පේලියේ ඉඳගෙන ඉදලා නැගිට්ටා........
"අපිත් එක්ක යමු පොලිසියට" තාත්තා ඒ පැත්තට දුවන්න ගත්තා....
"ඇයි ඉන්ස්පෙක්ටර් මේ......"
" අපිට කට උත්තර ගන්න ඕනේ... මේක ජයවීර මහත්තයාගේ ගේ ඇතුලෙදි වෙච්ච සිද්ධියක්...... ආරක්ෂක අංශය කියන විදියට මෙයා... මිසිස් ජයවීරව පැහැරගෙන යන්න හදලා තියෙන්නේ....."
"අමූලික බොරුවක්...... අමූලික බොරුවක්" තාත්තා කෑ ගහන්න ගත්තා
" ඉන්ස්පෙක්ටර් මම ජයවීරගේ පුතා....." භානුක ඉස්සරහාට යනවා මම දැක්කා......
" ඔව්....."
"මම කියනවා.. දිමත් අයියා පැහැරගත්තේ නෑ...... එයා ජයවීර හිර කරගෙන හිටපු එයාගේ පුංචි අම්මවා අරං යන්න ආවෙ......" තාත්තා භානුක දිහා බැලුවේ පුදුමෙන්.
"මිසිස් ජයවීරව හිර කරගෙන හිටියා...."
"මිසිස් ජයවීර මැරුණේ මේට අවුරුදු 10කට කලින් ගේ ඇතුලේ ගින්නකින්..... මරණ සහතිකේ අපි ළඟ තියනවා......." තාත්තා විතරක් නෙවෙයි මාවත් එතනම ගල් ගැහිලා..........
"ඒත්...." පොලිසියත් කොර වෙලා...............
" දිමත් අයියාව අතාරින්න... මම එන්නම් පොලිසියට කට උත්තරේ දෙන්න.......... " භානුක පොලිසියත් එක්ක යන්න පිටත් උණා....
"පුතා.........." තාත්තා භානුකව නැවත්තුවා....
"අංකල් බය වෙන්න එපා ජයවීර කියන්නේ කවුද කියලා මේ රට දැන ගන්න ඕනේ..... මම යනවා....." භානුක පොලිසියත් එක්ක යන්න ගියා.. ඒත් එක්කම අර අයි සී යූ එකෙන් මිස් කෙනෙක් එළියට ආවා.....
"මිස්ටර් අතපත්තු......" ඒක ඇහෙනකොට තාත්තා අසරණයෙක් වගේ මේ පැත්තට දුවගෙන ආවා
"සොරි මිස්ටර් අතපත්තු... එයා නැති උණා...." තාත්තාගේ ඇස් පිය උණා..... ඇස් වලින් කදුලු බේරුණා... එතනම තිබ්බ පුටුවේ ඉඳගත්තා.... මගේ ඇස් දෙකට කඳුලු කැට මතු සම්බන්ද වෙලා ආයෙත් එන්න ගත්තා..... අම්මා .............. හුළඟක් වගේ මගේ ජීවිතේට ඇවිත්...... සුළි හුළඟක් වෙලා යන්න ගියා...... එයා යන්න ගියාට අපි හැමෝම සුන්බුන් වෙලා එයා ගිය දිහා බලන් ඉන්නවා කියලා එයා හිතන්න නැතුව ඇති..... ලිහිණි තාම අතුරුදහන්..... තාරකා ............. ඒ විතරක්ද මම තවමත් අබ්බගාතයෙක්......


15 comments:
අනේ............................!
අනේ අම්මියො මේ මොකද උනේ??
කතාව ඉවර කරන්න ද හදන්නෙ?
කොහොම උනත්, දුක හිතෙන විදිහට ඉවර කරන්න එපා..........
ane paw mayiya;elaga kotasath ikmanata danna hode
අයියෝ.. :'(
අපොයි........ :(
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ... හරියට නිකං අතරමං වුනා වගේ හැඟීමක් දැනෙන්නේ!
හුඟ දවසකින් කතාව බැලුවෙ... හ්ම්ම්ම්... ගොඩක් දුර ගිහිල්ලනෙ... ලස්සනයි අක්කා කතාව මුලින් වගේම රසවත්... කුතුහලය ගැන ඉතින් කියන්න ඕන නෑනෙ... ඉක්මණට ඉතුරුටික දාන්න :D
ජය වේවා...!!!
කතාව ඉවරවෙන්න ලඟයි වගේ... ;)
හුග ඩොහකින් මේ පෑත්තේ ආවේ.කතාව ලස්සනට යන්වනේ.එල එල.දෑන් නම් පෑටලිලි ගොඩක් වගේ නෙද????
තව කොටස් දෙකකින් ඉවර කරන්න... ප්ලීස්....
ඕනෙවට වැඩ වැඩි උනාම අතිරසත් තිත්ත රස වෙනවා කියනවනේ... ඕව අපේ මිනිස්සු කිව්වේ කට කහනවට නෙවෙයි...
මෙව්වා හොදයි ඕස්ට්‍රේලියාවේ කිරි හරක් ට
Mate Nam Therennema Nathey Me Ano Kareyate Thiyene Prashne Mokakde kiyala :@
මමත් තවම මගේ අම්මව හොයනවා..
මේ කෙලී මෙච්චර මහන්සිවෙලා මේ කතාව ලියනවා. ඒ ගැනවත් හිතලා කටපියාගෙන කතාව රසවිඳින්නෙ නැතුව, මුං මෙතන ඇණයක් වෙන්න එනවා. හරක් නෙවෙයි මුං නං අම්බරුවෝ.
Post a Comment