"මම නොකියාම ආව එක ගැන සමාවෙන්න මල්ලි" මූ කට අරියොත් ඉතිං රාගධාරි බයිලයක් ඇත්තටම මට මෙකාගේ මූණ අල්ලන්නෙම නෑනෙ......
"කමක් නෑ...... වාඩි වෙන්න" මම රෝද පුටුවෙ ඛ්‍රෙක් එක දාලා හසංකයා දිහා බැලුවා......
"මල්ලි මං ගැන මොනා හිතනවාද දන්නෙ නෑ..... මුලින්ම මම කතාව මගෙන් පටන් ගන්නම්......"
"ඔව් කොහෙන් හරි පටන් ගන්න එපෑ" මට දැං ටික වෙන්න මල පැනලා තියෙන්නෙ
" මගෙ තාත්තා ගමෙ අහිංසක විදියට ජීවත් උණ මනුස්සයෙක්..... එත් තාත්තා දිහා මිනිස්සු බැලුවෙ හිඟන්නෙක් දිහා බලන විදියට..... මට උගන්නන්න තාත්තා ගොඩාක් දික් වින්දා..... මම ඒ ලෙවල් ලියන්න කලින් තාත්තා නැති උණා..... මම රස්සාවක් හොයන් කොළඹ ආවා," තනිකර ලතෝනියක් කියනවා.. ඇයි හත්වලාමෙ මම මෙවා දැනගෙන පොතක් ලියන්නද? මූ දැං මෙ ස්ටොරිය මෙගා ටෙලියක් වගෙ කියාගෙන යයිද දන්නෙ නෑ මගෙ කකුල් දෙක සනීප වෙලා නගිටලා පල දොට්ට කියන කන්
"මේ කේස් එක කොහෙන්ද පටන් ගත්තේ...."
" ඒක පටන් ගත්තේ හැටන් වැඩිහිටි නිවාසෙක සෙලෙස්තිනා කියලා කියන කෙනා එකපාරටම මැරුණට පස්සෙ......."
"සෙලෙස්තිනා...." මට ඒ නම නම් හොඳට පුරුදුයි... හැටන් වැඩිහිටි නිවාසයක්..... හරිනෙ මේ කියන්නෙ තාරකාගෙ අත්තම්මා.......
"ඔව් එයා හඩ්සන් වික්‍රම නායකගෙ නැන්දම්මා" හරි මෙ තාරකාගෙ අත්තම්මා තමයි අඩ්සන් වික්‍රමනායක කියන්නෙ තාරකාගෙ තාත්තා......
"එයාව මරලාද?"
"වෛද්‍ය වාර්ථා කිව්වෙ කෑමක් විස වෙලා කියලා ඒත්.... මේ කෑම විස උණේ එයාට විතරයි..... මේ ප්‍රශ්නෙ හොයන්න අපිට මෙයාගෙ වගතුග හොයන්න උණා.... මෙතනදී අපිට අවුරුදු 18කට කලින් වැලලුණු කේස් එකක් ආපහු අරින්න සිද්ධ උණා... ඒ හඩ්සන් වික්‍රමසිංහගේ මිනීමැරුම....... මේ සිද්ධි දෙක අතරෙ සම්බන්දතාවයක් තියනවා...... "
"මොකද්ද ඒ...?"
"මට දැනගන්න පුලුවන්ද මල්ලිගෙයි ජයවීරගෙයි අතර තියන සම්බන්දේ......"
"මෙතනට ජයවීර අදාලද?"
"ඔව් එයා මෙතනට සෑහෙන්න අදාලයි"
"එයාව මම අඳුනනවා...."
"නෑ වැරදියි.... තෙනුර ජයවීර...... ඒ කියන්නේ තෙනුර කියන්නෙ ජයවීරගෙ එකම පුතා..... ඒ කියන්නේ මල්ලි ජයවීරගෙ පුතා... මම හරිනෙ" මාව පිපිරිලා ගියා...මේවා මෙයා කොහොමද දන්නෙ............... මම මොකුත් කිව්වෙ නෑ ඇත්තටම කියා ගන්න බෑ........
" මම ගැන වැරදියට හිතන්න එපා... ඔයාගෙ පෞද්ගලික දෙවල් මට වැඩක් නෑ ඒත් මේවා මගේ කේස් එකට සම්බන්දයි"
"ඒ කියන්නේ මමත්......"
" නෑ මල්ලි..... මේක ඔයා වැරදිකාරයෙක් කරන සිදුවීමක් නෙවෙයි. හරි දැං අහගෙන ඉන්න...... හඩ්සන් කෝටිපතියෙක්...... ලස්සන වයිෆ් කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙලා..... එහෙම වෙනකොට මෙහෙ ජයවීර, තරංග සමරනායක එක්ක පැටලිලා..... සමරනායල්කගෙ නංගිව අමාරුවෙ දාලා ඔයාගෙ අම්මව කසාද බැඳලා.... සමරනායක ජයවීරව මරන්න පිස්සු බල්ලෙක් වගේ පන්නන කාලේ එයා ඔයාගෙ අම්මවත් අරං හැටන් ගිහින් හැංගිලා හිටියාලු. එයාගෙ කාර් එකත් වික්කාලු හැබැයි විකිණුවෙ හඩ්සන්ට......"
" ඊට පස්සෙ...................?"
"සමරනායකගෙ මැරයෝ රැකලා ඉඳලා තියෙන්නෙ ජයවීරගෙ කාර් එක, ඒත් එදා බබාලා හම්බ වෙන්න අමාරු වෙලා හඩ්සන් එයාගෙ වයිෆ්ව දාගෙන ඉස්පිරිතාලෙ යද්දි මග රැකගෙන හිටපු සමරනායකගෙ කට්ටිය හඩ්සන්ව මරලා දාලා....... "
"මෙච්චර දේවල් දැනගෙන ඇයි ඔයාල සමරනායකව අත්තඩංගුවට ගන්නේ නැත්තේ.....?"
"සමරනායක රටේ නෑ.... අපි හැමතැනම ඒයාව අල්ලන්න විධි විධාන දාල තියෙන්නෙ......"
"දැං ඕකට මගේ සම්බන්දයක් තියනවාද?"
"ඔව්..... ඉස්පිරිතාලෙදි හඩ්සන්ගේ නෝනාට ගෑනු ළමයි දෙන්නෙක් හම්බ උණා....... ජයවීරගෙ නෝනාට පිරිමි ළමයෙක්...... ඒත් ජයවීරගෙ නෝන එයාගෙ දරුවාව ඒ පව්කාර ජීවිතෙන් ගලවගන්න අතපත්තු මහත්තයට දීල යන්න කිව්වා...... මැරුණු දරුවෙක්ව එයාගෙ උකුලෙ තියගෙන ළමයා ඉපදෙනකොට මැරුණා කිව්වා.... ඒකෙන් හැමදේටම අවාසි වෙනවා කියලා හිතුව ජයවීර අර හඩ්සන්ගේ ගෑනු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් හොරකන් කළා...... එයා තමයි ලිහිණි ජයවීර....... අනිත් ගෑනු ළමයා තාරකා වික්‍රමනායක...... හැබැයි ජයවීරගෙ ඇත්ත පුතා තෙනුර ජයවීර නොහොත් අතපත්තු............ ඕකයි සුලමුළ..... ජයවීර අපරාධකාරයෙක් ඒත් එයාව අල්ලගන්න තරම් අපිට ප්‍රමාණවත් සාක්ෂි නෑ. අපිට ඔයාගෙ උදව් ඕනේ එතනදි. ඔයා දන්න මොනා හරි තියනවාද?
"ඔව්...."
"මොකද්ද?......." හසංකයා සෑහෙන්න මාළඟට ආවා
"මේ ළඟදි ජයවීරගෙ දුවව පැහරගත්ත කසුන්..... එයා ඔයාට හොඳ සාක්ෂියක්...... එයාගේ අම්මාව ජයවීර පුච්චලා මැරුවාලු"
"තව......"
"ලිහිණි... භානුක කියන දෙන්නම අනික ළඟදි ලහිරුට වෙච්ච සිදුවීම පවා ජයවීර කළා කියලා අනුමාන කරන්න පුළුවං"
"ඔය කිසි දෙයක් ප්‍රබල නෑ.. මල්ලි... මට කියන්න පුලුවංද ලිහිණි තාරකා දෙන්නම දැං කොහෙද ඉන්නෙ කියලා" මට ටිකක් අප්සෙට් ගියා මේක නිකන් මටම ගහගන්නවා වගෙ වැඩක්. නොකිව්වොත් මම වැරදිකාරයා කිව්වොත් ඒත් මමමයි වැරදි කාරයා................
"ලිහිණි ගැන නම් මම දන්නේ නෑ.... තාරකා..................." මට එච්චරයි කියන්න පුලුවන් උනේ තාරකා එකපාරටම මතු උණා... එයාගෙ ඇස් වල කදුළු ගුලි වැටෙනවා...මේ කෙල්ල ඔක්කොම අහගෙන ඉඳලා..... අනේ දෙයියනේ දැං මම මොකද කරන්නේ................


11 comments:
තාරකා මොන පිස්සුවක් නටයිද දන්නෙ නෑහෑ.
Aney deyyane, ikmanata kathaawe ithuru tika daanna.
Mata iwasanna be kathaawa kiyawanakam.
Suba Upan Dinayak "Menna Mehemai"...!!!
Jaya wewa... :)
හෆොයි.......
Apoo.. ko katawe eturu teka...mehama kal gatahama nikanama katwa balana eka epa wenawane.....PLzz.... adu gane week ekatata sarayakwat blog eka update karanna...
Good LUCK
R..H..
අදත් පැමින ආපසු හැරී ගියෙමි...
HAPPY BIRTHDAY!!
පරක්කුයි හොඳටම පරක්කුයි.... මට තවත් බලන් ඉන්න නම් බැහැ....
කෝ මේ කෙල්ල කොහේ ගිහිල්ලද?
oya asaneepen wath da???
hondin innawa nam, awulak nethnam,
kathawa liyannako puluwan welawaka
බස්සෙක්මි
අදත් ආමි
අම්රිතා රාවෝ බැලුවෙමි
බැලූ බැලූ සෑම කෙනා මැසිවිලි කීයෙන්
මුකුත් නොකියමි..
Post a Comment