කොයි නරකාදියේ ඉදලා ආව කොකු පණුවෙක්ද මන්දා... මගේ තාරකාව තඩලගෙන ගියේ.....
"පර බල්ලා.... තාරකා මගේ එයා උඹට අරං යන්න බෑ.... මට දීල පල......" මම ආයෙත් හයියෙන් කෑ ගැහුවා..... මට වාවගන්න බෑ මේ කෙල්ල කෑ ගහද්දි අරන් යනවා... මට තව ඉස්සරහට අඩිය තියන්නත් බෑ
"පොඩි පුතා...." කොයි ලොකෙන් අම්මගෙ කටහඬ ඇහෙනවාද මන්දා.. එයාට පෙන්නෙ නැද්ද තාරකා අරං යනවා
"පොඩි පුතා....... " භූමි කම්පාවක් වගේ මාව හෙලවෙන්න ගත්තා... සුනාමි වගේ වතුර පාරකුත් මූණ පුරා ගියා.... මගේ කටට ආව සුද්ද සිංහලත් එක්ක මට ඇස් ඇරුණා. හෙන ගහපිට ගණන් බලාපිය කිව්වලු මේ මොකද ඔක්කොමලා මගෙ කාමරේ..... මම ඇඳ උඩ.... නංගි කටකින් අතත් වහගෙන හිනාව අම්මා තාත්තා අයියා අක්කා ඔක්කොම මගේ දිහා හොල්මන් වෙලා වගේ බලං ඉන්නවා. තාරකා..... මේ ඉන්නේ මගෙ ලඟ...... කිරි අප්පේ මම හීනයක්ද දැකලා තියෙන්නේ..... ඒකියන්නේ බූරු නම්බෙක් වගේ මම තාරකාගෙ නම කියලාද කෑ ගහලා තියෙන්නේ..... මම ඔක්කොමලා දිහා බැලුවා මෙච්චර වෙල හිර වෙලා තිබ්බ පොරොප්ප වගෙ කට්ටියගේ කටවල් වලින් හිනාව එළියට පැන්නා..... දැං ඉතිං නොණ්ඩි නැවයි. කට කපලා කට්ටියට හිනාව... තාරකාත් මගෙ ලඟට වෙලා හිනා වෙනවා.... අනේ දෙයියනේ...... මේ මොන නව නිංගිරියාවක්ද මට උණේ උපං තේකට මෙහෙම චාටරයක් නම් වෙලා නෑ.....
"හා හා.... හීනෙන් හරි ඕක කියා ගත්ත එක මදෑ... නේද තාත්තේ...?" අයියා.... තාරකා දිහා හොරැහින් බලනව මම දැක්කා.....
"ඔව් ඒක ගැනවත් සන්තෝස වෙන්න ඕනේ.... අපි යමු... දැං ඉතිං ඒ දෙන්නම ගනුදෙනු බලාගන්නෙ නැතෑ" තාත්තා ආපහු හැරුණා......
" මම මේ තෙල් බෝතලෙ අරං ආවේ ගාන්න කියලා..... තාරකා ඔන්න ඕකගේ ඔලුවට වැඩිපුර තෙල් දාල ඔලුව හෙලවෙන්න මසාජ් එක දෙන්න... පිස්සා....." අක්කා එයා අතෙ තිබ්බ තෙල් බෝතලේ තාරකා අතට දුන්නා..... අම්මා මගේ නලලත් ඉඹලා පිට උණා... මගේ කටට වචනයක්වත් ආවේ නෑ... මොකො කතා කරන්න නෙවෙයි මරාගෙන මැරෙන්න හිතිලා තවත් හෙතෙන වැඩක්නෙ උනේ... නංගි තාම හිනා වෙනවා.... මම නම් ඕකිට ගහනවා සීලිමේ ගිහින් ඇලවෙන්න... ෂිඃ චාටර්......
"පොඩි අයියේ....... අපිට නම් එපා..."
"මොනාද?"
"තාරකාව" කන නිකං සුන්නද්දූවිලි වෙලා යන කිණ්ඩියක් දැම්මේ. මට කියාගන්න මොකුත් වචන එන්නේ නැති හැටි. තාරකා හිනා වෙනවා. මගේ ලඟ ඉඳලා. මේ කෙල්ලගේ හිනාව දැක්කාම මට ඔක්කොම අමතක වෙනවානේ......
"මේ මගෙන් කුණුහරුප අහගන්නෙ නැතුව යනවද?" නංගි දිව එළියට දැම්මා
"යනවා යනවා.. අපි උදැල්ල දන්නේ නෑ..." නංගිත් කාමරෙන් එළියට ගියා. මම තාරකා දිහා බැලුවා. බෙල්ලත් ඇද කරන් කෙල්ල හිනා වෙලා මගෙ දිහා බලං ඉන්නවා..... ඔහොම ඉන්නකොට රත්තරං මම කොහොමද ඔයාව නැති කරගන්නේ.. ඔයා දන්නවා නම් මම ඔයාගෙ ඔය හිනාවට ආදරෙ තරම්.
" මම මෙ තෙල් ටික ගාන්නද?" තාරකා මගේ ඔලුව අත ගෑවා..... ඒක පුදුමාකාර සැපක්. මට මහා ලෝභ කමක් දැනෙන්න ගත්තා
"ඔයා ගිහින් නිදා ගන්න තාරකා..... මට සමාවෙන්න" මම වචන හොයාගත්තා....
"ඒමොකටද සමාව...... කෝ මම මේ තෙල් ටික ගන්නම් ඔයා මගෙ උකුල උඩින් ඔලුව තියා ගන්නවාද?" තාරකාගෙ අහිංසක කම මාව තවත් එයාට ලං කරනවාද මන්දා..... මම අක්කා ආවාම නම් පැනලා එයගේ උකුල උඩ ඔලුව තියා ගන්නවා ඒත්.....
"කෝ තෙනුර මෙතනට ඔලුව තියා ගන්න කො" ඒ ඇස් දෙක දිහා බලාගෙන මට එයාව රිද්දන්න බෑ මම එයාගේ උකුල උඩ ඔලුව තියාගත්තා.... හිතට අමුතු සැනසීමක් දැනෙන්න ගත්තා.... මොකක්දෝ අමුතු පිස්සුවක් වගේ එකක් හිත පුරා දුවන්න ගත්තා. තාරකා තෙල් ඔලුවට දාලා ඔලුව අත ගන්න ගත්තා..... මෙච්චර කාලෙකට මට එහෙම සැපක් දැනිලා නෑ මම ඇස් දෙක පියා ගත්තා.....
"තාරකා....."
"ඇයි තෙනුර......"
"ඔයා මම ගැන වැරදියට හිතනවද?"
"නෑ....."
"තාරකා ඔයා මගේ තමයි...... ඒත් මට ඔයාගේ වෙන්න බෑ" මම මොනා කියනවද කියලා මට තෙරුමක් නෑ. තාරකා මගේ ඔලුව අත ගාන එක පැත්තකින් තියලා ඔලුව උඩින් මූණට එඹුණා
"ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ තෙනුර..... ඒත් ඔයා හීනෙකින් හරි මාව ඔයාගෙ කරගත්ත එක මට ඇති ජීවත් වෙන්න" මේ කෙල්ල මේ මොනවද කියන්නේ.. මගේ ඇඟ හිරි වැටිලා ගියා.....
"ඒත්...." මම කියන්න ගිය දේ එයා මගේ කට එයාගෙ අතින් වහලා නැවැත්තුවා
"ඔයා ඒත් කියලා කියන්න යන දේ දැං කියන්න එපා... අද දවසෙ මට සතුටින් නිදා ගන්න දෙන්න..... මට ඔයාව අයිති නොවුණත් ඔයාව බලාගන්න විතරක් මට අයිතිය දෙන්න.. මම වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නෑ" අනේ දෙයියනේ ..... මේ කෙල්ල මගේ හිත කියවලාවත්ද මම කොහොමද එකත් බෑ කියන්නේ...... මාව සම්පූර්ණෙන්ම ගොලු උණා හරියට උපන් තේකට කතා කරලා නෑ වගේ.
"තා... තාරකා........." ඒක මම කිව්වා නෙවෙයි කෙඳිරි ගෑවා.........
"ඔයා මගෙන් කවද හරි ඈත් වෙන්න ඒත් මට ඔයා ලඟින් ඉන්න දෙන්න තෙනුර" තාරකාගේ ඇස් දෙක වහගෙන කදූලු ගුලි දිලිසෙන්න ගත්තා
"මම මැරෙනකන් ඔයාට මා ලඟ ඉන්න බෑ තාරකා"
"මට පුලුවං"
"මාව පව්කාරයෙක් කරන්න එපා"
"ඔයා පව්කාරයෙක් නෙවෙයි........" එයා මගේ ඔලුව මසාජ් කරන එක අත ඇරලා අත ගාන්න ගත්තා. අනේ මගේ කෙල්ලෙ ඔයාට ආදරේ බව හීනෙන් හරි කිව්ව මම පව්කාරයෙක් තමයි. ඒක හරියට මේ අබ්බගාතයා එක්ක ජීවත් වෙයන් කියලා කිව්ව වගේ. ඒ හීනෙ හැබෑ වෙන්නේ නෑ කියලා කියන්න තරම් මට ශක්තියක් නෑ රත්තරනේ..... ඔයාට වඩා මට ඒ ආදරේ ඕනේ... ඒත් ඔයාව මට ඒ කාලකණ්ණි ජීවිතේට ඇදලා දාන්න බෑ.
"මට එක පොරොන්දුවක් වෙන්න තෙනුර"
"මොකද්ද?"
"මට කවදාවත් ඔයාව අමතක කරන්න කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න" මට මොකුත් කියන්න බෑ. මට පොරොන්දු වෙන්න බෑ.. මේ ටිකකට කලින් මම හිතුව එයා මාව අමතක කරන්න ඕනේ කියල
"ඔයාට මම සතුටින් ඉන්නවා බලන්න ඕනෙ නම් ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ" ඔයාගෙ සතුට ඒකද බබා......
"ඔයා හැමදාම සතුටින් ඉන්න මම ඔයාව සතුටින් තියනවා කියලා පොරොන්දු වෙන්නම්" එයාගෙ මූණට අර ලස්සන හිනාව ආවා මම එයාගෙ උකුල උඩ ඉඳලා ඒ මූණ දිහා බලාගෙන හිටියා
"අද බිව්වෙ එහෙම නෑනේ.....?" මට ඉබේටම හිනා ගියා යකෝ එදා මම බීලත් මෙන්න මෙහෙම පොරොන්දුවක් දුන්නද දන්නේ නෑ
"ඔයාට කවුරුත් කියලා නැද්ද ඔයා හිනා වෙනකොට ලස්සනයි කියලා" තාරකා හිනා වෙලා ඇහුවා
"මේ මම.......?" ඔය කවුරු හරි මට ලස්සනයි කිව්වමද කොහෙද
"ඔව් ඔයා තමයි...... ඒක හැම කෙනාටම පේන්නේ නෑ... මම වගේ ඇස් දුරුවල කෙනෙක් කණ්ණාඩි නැතුව බලන්න ඕනේ" මම ආයේ හිනා උණා
"තාරකා මට ඔයත් පොරොන්දුවක් වෙනවාද?" බලාගෙන ඉන්නැද්දි එයාගෙ මූණ සීරියස් වෙලා ගියා
"මොකද්ද?"
"පුළුවං ඉක්මනට ඔයා ඇස් බලවලා කණ්ණාඩි කුට්‍ටමක් ගන්නවා කියලා" තාරකාට හයියෙන් හිනා ගියා
"ෂ්.................." මම කටට අත තියලා පෙන්නුවා තාරකා එයාගේ කට අතින් වගගෙන අනිත් අතින් මගේ නහය අල්ලලා හෙලෙව්වා. මෙච්චර බැදීමක් අයිතියක් මම එයාට දුන්නද මම දන්නේ නෑ.... ඒත් එයා ඒ වගකීම අරන් ඉන්නව දැක්කාම මට හිතට ලොකු හයියක් දැනෙනවා. තාරකා මගෙ ලඟින් ගියාට පස්සෙ මට නින්ද ගියේ නෑ.... තාරකා මගේ හිතේ අමුතුම කතාවක් ලිව්ව චරිතයක් වෙලා. කවදාවත් ඒකට වෙන කෙනෙක් හරි යන්නේ නෑ.
උදේ ඉඳං මගේ හැම ඕනෙ එපා කමක්ම අම්මා තාරකාට භාර දීලද කොහෙද දහපාරකට වඩා එයා මගේ දේවල් හොයලා බලන්න මගේ ලඟට ආවා. ටොයිලට් එකට ගෙනියනවා ඇරෙන්න අනිත හැමදෙයක් ගැන හොයලා බැලුවා. මට එයා දකින හැම සැරේම සතුටුයි ඒත් එක්කම දුකයි. මේ පොඩි කෙල්ල තව කී කාලයක් මෙහෙම විඳවන්නද?
"පොඩි අයියේ........ කවුද ඇවිල්ලා..." නංගි හදිස්සියේම දුවගෙන ආවා
"කවුද ඕයි"
"ඔයාගෙ යාලුවෙක්ලු..... මම රොද පුටුවට එන්න සපෝට් එකක් දෙන්නද?" නංගි මාව රෝද පුටුවෙ ඉන්දවන්න ට්‍රයි එකක දුන්නා
"මොන වගේ එකෙක්ද?"
"හොඳ උස මහත එක්කෙනෙක් හිරාන් අයියා තරං විතර ඇති" නංගි මාව සාලෙට තල්ලු කරන් ගියා
"මල්ලි... මේ වෙලාවෙ ආව එක කරදරයක්ද?" හතිලව්වයි මෙ හසංකයා..... දැං මොකද කරන්නේ... තාරකාව මූට පෙන්නන්න නරකයි
"නංගි ඔයත් යන්න ගේ ඇතුලට ගෙදර ඉන්න කිසි කෙනෙක්ට මෙහාට එන්න එපා කියන්න" මම නංගිට කිව්වා..... හසංක හිනා උණා..... ඒත් මට ඕකගෙ හිනාව අල්ලන්නෙත් නෑ. මට බය තාරකා ගැන තාරකාව දැක්කොත් මූ මෙතන මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ


12 comments:
මයියාගෙ ලව් එකනම් දෑන් නෑගලා යනවනෙ. හන්සකයා මොකටද අවෙ??
Thanks
haneeeeeeeeee dul akki post ekak dala,, this story is getting serious day by day,, ane pls mayyawe ikmanate saneepa karawaneko ane,, :(
Glimmer Girl
අවසානේට ලඟයි වගේ.. අපි තාමත් ඔයත් එක්ක දුල්....
adanam kathawa marama romantic .... kiyala wedak neeee
දැන්නේ හොඳට ට්‍රැක් එකට ආවේ.... ඔහොම යං දුල්....
ane ikmanata liyannako ithuru tikath
සීන් එකට ගැලපෙන පොටෝ එක...එල නැන්දේ ඔහොම යං....
"අවදිවන්න අවදිවන්න දීප්තිමත් ලොවකි උදා වෙලා තියෙන්නේ"...තව දවස් 4කින් පොඩි පාටි එකක් දුන්නට කමක් නෑ නැන්දේ....18th May....
sahodari aaye interesting kaallak daala mage ninda nathi karanawane..dannako meke ithuru hariyaa !!!!!!!!!!
i have the movie ( image on top) song, if u want i can mail it to you..if u like you can add it on ur story..it's really beautiful just check it out http://www.youtube.com/watch?v=JFlHKsJWggA
kathave ithuru tika puluvan ikmanata danna kooooooooooooo
Post a Comment