Wednesday, July 28, 2010
37 කොටස
" භානුකයා කිව්ව දේ හරි මයියා.... මෙවන් ලඟ ඔය ලියුම තියනවා කියන්නෙ අමු ලෙඩක්" මගෙ කතාවෙන් පස්සෙ සිකා කල්පනා කරන්න ගත්තා.
"දැං අපි මොකද කරන්නේ ... කොහොම හරි අපි ඒ ලියුම ගන්න ඕනේ..."මටත් මෙලෝ දෙයක් හිතා ගන්න බෑ.. අපේ ගැන්සියම කලේ කල්පනා කරපු එක
"මයියා... එක සිරා පොරක් ඉන්නවා..." බුවාගේ කතාවෙන් අපි ඔක්කොම ඌ දිහා බැලුවා. මූ පාතාලයකුටවත් වැඩේ භාර දෙන්න යනවාද මන්දා.
"මොකද්ද කියපං "
"අද රගර් ප්‍රැක්ටිස්... අනිවා මෙවන් අද ග්‍රවුන්ඩ් එකේ..." මූ දන්න දේවල් බලහල්ලාකෝ මෙවන් රගර් ගහනවාද? කවුද ඕවා දන්නේ
"ඉතිං" මම ටිකක් හිටියේ ඉවසීමේ කට්ට කැඩිච්ච ගානට
"අපි කෝම්පිටුවා දාල ඌවයි උගේ සබ්බ සකල මනාවයි චෙක් කරමු" කෝම් පිට්ටුවා කිව්වේ අපේ ඉස්කෝලෙ අපිට ගුස්පි ඇද්ද ප්‍රිෆෙක්ට් කෙනෙක්"
"උඹට පිස්සුද යකෝ ඌ දැන ගත්තාම මේ ලියුම ගැන"
"ඌ ඊයේ උගේ නාට්‍යයට නළුවෙක් හොය හොයා හිටියා" අපි තුන් දෙනාම එක පාර බුවා දිහා බැලුවා
"උගෙ නාට්‍යයට කිව්වේ...?"
"ඇයි දන්නෙ නැද්ද? කොමර්ස් ඩේ එකක් තියනවාලු, ඒකට කෝම්පිට්ටුවා නාට්‍යයක් කරනවාලු බං."
"ඕනේ ඉලව්වක් .... ලියුම හොය ගැනීමෙයි නාට්‍යයෙයි අතර සම්බන්දේ?"
"උඹ කියපං උඹ නාට්‍යයේ රඟපානවා කියලා.... ඊට පස්සේ ශේප් කරගෙන අපේ වැඩේ බාව ගනිං" ඇයි හත් වලාමේ මේක මරණ තර්ජනයකට හපංනේ... මම ලැජ්ජා බයට හැදුණ එකා... මම කොහොමද රඟ පාන්නේ... ඒක හරි යන වැඩක් නෙවෙයි
"උඹට පාණ්ඩුවද?.... මට පුළුවංද හරකෝ රඟපාන්න..."
"රඟ පානෙක වගේද මයියා මේ වැඩේ.... ඔය රඟ පානක එක කළත් නොකළත් මොකද... ලියුම කාගෙවත් අතට යන්න කළින් හොයා ගත්තොත් ගොඩනේ"
බුවාගේ කතාව ඇත්ත. ලියුම හොයා ගන්න රඟපාන්න නෙවෙයි ඕනෙ එකක් කරන්න බැරියේ... ඊට පස්සේ රඟපෑමට ටටා කිව්වත් මොකෝ... ගොනාට වගේ මොළයක් මූටවත් ලැබීම ගැන මට සතුටුයි. මොකද අපිට එහෙම එකක්වත් නෑනේ.
අපි ආයේ ඉස්කෝලෙට බඩ ගෑවා. බුවා කිව්ව වගේම මෙවන් කාරයා පිට්ටනියේ... අපි හිමින් සැරේ කෝම්පිට්ටුවා හොයන්න පටන් ගත්තා, අම්මෝ අන්තිමට අපේ හෝල් එකේ කොනක ඉඳලා ඌවා හොයා ගත්තා.
" මේ දසුන් උඹ ඊයේ නාට්‍යයට නළුවෙක් හෙව්වා නේද?" බුවා කතාව පටන් ගත්තා.
"ඔව් බං... "
"හම්බ උණාද?"
"මොන.... එකෙක් නෑනෙ කැමැත්තෙන් එන උන්..." කෝම්පිට්ටුවගේ මූන ලැවරියා පරාදයි.
"අපේ තෙනුර එන්නම් කිව්වා..." ඔය මොනා කිව්වත් රඟපාන පුළුවන්ද අයියෝ මට.
"ෂුවර්ද මචං...." කෝම්පිට්ටුවාගේ මූණ රට දෙල් ගෙඩියක් වගේ පිපිලා ආවා.
"මොකාටද බං රඟපාන්න තියෙන්නේ...."
" පිස්සෙකුට" ටොලයි සිකයි මගේ දිහා බැලුවේ හයියෙන් හිනා වෙන ගමන්... බුවානම් හිනාව තද කර ගත්තා. මොනා උණත් වටින චරිතයක් කිසි ගේමක් නැතුව තාත්විකව කරන්න පුළුවං
"ඕක මොකද්ද දසුන්... මම හෙට ඉදන් එන්නම් ඕකේ රියසක් වලට... උඹට නොකරන උදව් වෙන කාට කරන්නද බං...."
"අනේ ඒක නම් ලොකු උදව්වක් මචං...., වැඩේ තියෙන්නෙ මේක ගෑනු චරිතයක්" ඔය කොලේ... මට වෙන්නෙම ඔය වගේ චාටර්... දැං අඳින්න වෙන්නේ පිස්සු ගෑනියෙකුටද? ඒක අහලා බුවාගේ හිර කරගෙන හිටපු හිනාව එළියට පැන්නා.... දැං ඉතිං මොනා කරන්නද අර ලියුම කාට හරි මාට්ටු වෙලා අත පය කුඩු කරගන්නවාට වඩා හොඳ නැද්ද පිස්සු ගෑනියෙකුට රඟපානවා.
"ඒක මොකද්ද?" මම ආයෙත් කිව්වේ හිනාව නවත්තගන්න බැරුව බඩ අල්ලන් හිනා වෙන සිකාගෙ කරට අත දාන ගමන්.
" උඹේ ඔය කැඩුච්ච අත." කෝම්පිට්ටුවා කාලෝචිත ප්‍රශ්නයක් ඇහුවා.
"ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා ඒකේ ප්ලාස්ටරේ එන සුමනේ ගලවනවා" ඒක ඇත්ත මම දන්න විදියට.
"උඹලා මට කලේ ලොකු උදව්වක්" කෝම්පිට්ටුවා සෑහෙන්න පිං දෙන්න පටන් ගත්තා.. පව් අහිංසකයා...
"දසුන් මටත් උඹෙන් උදව්වක් ඕනේ..." මම හෙමින් කිව්වේ වටේ පිටේ කවුරුවත් ඉන්නවාද කියලා ඇන්ටනාව දාන ගමන්
"මොකද්ද?" කෝම්පිට්ටුවත් කන මගේ පැත්තට ලං කලා
"උඹ දන්නවානේ මෙවන් මාත් එක්ක ඔරොප්පුයි කියලා...." කෝම්පිට්ටුවා ඔටුවා වගේ ඔලුව වැනුවා
"දැං ඌ කෙල්ලෙක් විදියට ලියුමක් ලියලා ඒක තියාගෙන ඉන්නවාලු මට මඩ ගහන්න.... මචං ඒ ලියුම අල්ලලා දීපංකෝ උඹේ විදායක බලේ පාවිච්චි කරලා" කෝම්පිට්ටුවා කල්පනා කලා. වරෙල්ලාකෝ යන්න, මම සමරසේකර සර්ට කියලා එයා එක්කම යන්නම් දසුන් අපි කට්ටියත් එක්ක ගියේ සර් කෙනෙක් ලඟට...ඇත්තමයි කියන්නේ මම මේ සර්ව දැකලා තියනවා ඒත් කට හඬ ඇහුවේ අද. පස්සේ අපි සර් එක්කම මෙවන් සෙල්ලම් කරන තැනට ගියා. මිනිහා පොඩ්ඩ වෙන්න අවුල් උණා සර් ලියුම ඉල්ලුවාම.... ඌට කර ගන්න කියා ගන්න දෙයක් නෑ.. මී හරකා වගේ සර්ට ලියුම දුන්නා....අනේ පව් අසරණයා.... දුකෙත් බෑ.
" මඩ ගැහිලි මෙතනින් ඉවරයි.. සර් මගේ ඇස් ඉස්සරහාම අර ලියුම බලලා කෑලි කෑලි වලට ඉරුවා.... කිරි අප්පේ හඳුන්පොත... ඒක කී ගාගත්ත ගමන්මයි. මෙවන්ගෙන් ලියුම බේරුණා ඒක ලොකු දෙයක් ඒත් ලිහිණිගේ සුවඳ ඒ කොල කෑල්ල පුරාම තිබුණා මට මතකයි. මම නට ඹුන් වෙච්ච ලියුම දිහා බලාගෙන හිටියා. අනේ දෙයියනේ....කියනවා වගේ මගේ හිතට දැණුන දුක ගැන්සියට තේරුන නිසා උන් මොකුත්ම කියන්න ආවේ නෑ...
"තෙනුර හෙට මම සාරියක් ගේන්නම් උඹ ඒක ඇඳගෙනම ප්‍රැක්ටිස් කරපං එතකොට අවුලක් වෙන්නේ නෑ..." කෝම්පිට්ටුවා මට කියලා තට්ටුවක් දාගෙම එතනින් යන්න ගියා... මම ගැන්සියත් එක්කම පාරට බැහැලා ගෙදර යන්න පිටත් උනේ හිතා ගන්න බැරි දුකකින්... ඒත් එක්කම කළු කැබ් එකක් මගේ ඉස්සරහා නැවත්තුවා... මොකද්දෝ එක පාරටම ඔළුවට වැදෙනවා වගේ දැණුනා එච්චරයි මට මතක....
Subscribe to:
Post Comments (Atom)


16 comments:
කෙලියා තාප්පෙට. දැන් මොකද වෙන්නේ ?
ඔහ්..... :S
මූට තියෙන්නේ මාරම අපලයක්නේ. බෝධි පූජාවක්වත් තිබ්බොත් නරකද???
හුටා පටස්... :)? :)?
කන කෑමෙ ඉවරෙකුත් නෑ... බඩුවක් ගොඩ යන්නෙත් නෑ
යකෝ රජ කෑමක්නෙ... වැටිල නං කමක් නෑ...... හපෙ අප්පේ..
අනේ මන්දා ඇත්තටම හඳහනවත් බලාගත්තොත් නරකද... ගුටි කන එකමයි වැඩේ.
කෑවා නේද ආයෙත්????
අර කිව්වත් වගේ... මූව ගෙදරින් එලියට දාන්න බැහනේ.. පාතල බුවෙක්ට වගේ වදිනව හතර අතින්.... මයියගෙ නම් කල අපලයි උපරිමෙන්ම....
මු මාර පරිප්පු තොගයක් නෙ බන් කන්නේ ...
පව් තෙනුර.....
චාටර් ග්‍රහයෙක් සෙට් වෙලා වගේ...
කොන්ද පන නැති එවුන් මෙතන කුනුහරුප කොමෙන්ට් දැම්මට සැලෙන්න එපා අක්කේ, ඔයා දිගටම ලියන්න, අපි ඉන්නවා කියවන්න, නම නැතිව එක එක ඒවා කියන මිනිස්සුන්ගෙ කොන්ද පන නෑ, පොඩ්ඩක් වත් ගනන් ගන්න එපා,
මගේ කතාව හරි නැත්නම් මේක මෙලෝ රහක් නෑ කියලා කමෙන්ට් කරන්න එහෙම කරනවාට මම ආසයි. ඒත් කුණු හරුප ලියන්න කාලය නාස්ති කරන්න එප කියලා මම ආදරෙන් කියනවා.මොකද මම ඒවා ගණන් ගන්නේ නෑ මකලා දානවා විතරයි.
දැන් ඉතින් අප්පටසිරි වෙනවනේ ...... hakzzzzz
hi hi
අපිත් ඉස්කොලෙ කලෙ දි කෑවා හෑබෑයි මෙහෙම නම් කෑවෙ නෑ ...
Post a Comment