Saturday, July 3, 2010
28 කොටස
එක පාරටම මූ පොල්ලෙන් ගැහුවා වගේ කඩාගෙන පැන්නාම මොකුත් හිතා ගන්න පුළුවන්ද? ඒ අස්සේ අරයත් ටැප් එක ඇරගෙන. මට නම් තේරෙන්නේ නෑ මගේ කේන්දරේ ග්‍රහයොන්ට මෙච්චරම නීච වෙන්න පුලුවන්ද කියලා.අඩිය තිබ්බොත් තියන්නේම වලකට
"මචං උඹ වොෂ් රූම් එකට රිංගපං" භානුකයා දියෙන් ගොඩ ගත්ත සාලයා වගේ නොන්ස්ටොප් දඟලනවා. වොෂ් රූම් ගිහින්ම නාන එක ඇඟට ගුණයි තමයි. මම ඒක ඇතුලට රිංග ගත්තා. මේකත් නිකං අපේ ගෙදර සාලේ වගේනේ යකෝ. ටයිල් කරලා. මේ තියෙන්නේ කොමොඩ් එකත් සැටියක් වගේ. මම ඉතිං ඒක උඩ ඉඳගෙන නියපොත්තක් එහෙම රහ බලන ගමන් එළියට ඇන්ටනාව දැම්මා. මොනා කළත් මගේ පපුව නම් ග්‍රයින්ඩරේ වගේ. ටික වෙලාවකින් අර අන්ඩර් ග්‍රවුන්ඩ් වොයිස් එක ආවා.
" මැගිලින්ව ගෙදර යැව්වේ ඇයි?" ආව ගමන්ම අර වොයිස් එක කාගේ හරි ඇඟට ගොඩ උනා.
" මමයි යැව්වේ තාත්තේ මම ලිහිණි ලඟ නැවතුණානේ." භානුකයා උත්තර දුන්නා, අඩි සද්දයක් එහාට යනවා මෙහාට යනවා. මෙහාට එනකොට මාව හෝගාලා වෙව්ලනවා. වටපිටාව උඩ බිම බලනකොට මම දැක්කා ලස්සනට තියන ජනෙල්ලෙයක්. මේකෙන් මගේ ඇඟනම් එළියට දාගන්න පුළුවං. මොකද මට තියෙන්නේ හාල්මැස්සෙක්ගේ වගේ සරීර කූඩුවක්නේ. ටිකක් උසට තියන නිසා එතනට යන එක තමයි ප්‍රශ්නේ. මම ඉන්නෙ 5 වැනි තට්ටුවේ. තාප්ප වලින් පැන්නට තට්ටු 5කින් පනින එක සෙල්ලංද. අනික අතත් අවුල්.
"මට දවස් 2කට විතර හැටන් යන්න වෙනවා.... මෙයාව මෙහෙ තියලා බෑ. මම ඩිස්චාර්ජ් කරන්න කිව්වා.... පේමන්ට් එක කරලා ගෙදරින් බස්සගෙන යන්නම්." අර වොයිස් එක කියනවා ඇහුණා. මලා දැං නම් මොනා හරි කරලා එළියට පැන ගන්න ඕනේ.... නැත්නම් අනාථ සාගරේ. මම කොමොඩ් එකට කකුල තියලා කොහොම හරි සින්ක් එකේ ගැට්ටට කකුල තිබ්බා. චිකේ මේ අත එක්ක මොකුත් කරන්න බෑ. අත වගේද පුතෝ මගේ අහිංසක ජීවිතේ.තාම කෙල්ලෙක් වත් හරියට සෙට් වෙලා නෑ. ඕනේ දෙයක් වෙන්න කියලා හිතාගෙන කරේ එල්ලන් හිටපු අත ගලවලා අරන් අත් දෙකෙන්ම අර ජනෙල්ලේ එල්ලුනා. අම්මා..................... බුදු සැපයි. සැප වැඩි කමට කඳුළුත් පනිනවා බෑ නොකියා. කොහොම හරි ජනේල්ලෙ උඩ ඉඳගෙන අවට ලෝකෙ දිහා බැලුවා. යට එහෙ මෙහෙ ඇවිදින උන් පේන්න නෑ. ඒත් මෙච්චර උසකින් පනින්න නම් බෑ. එහෙම උනොත් සදාකාලික නොවූ ලොකේ සදාකාලික ෆුල් අනාථ වෙනවා. වටපිට බලනකොට මම දැක්කා තඩි බටයක්. ඒක කෙලින්ම බිමට තමයි යන්නේ. බටේ ලඟට යන්න පොඩි ටාසන් පාරක් දාන්න ඕනේ. රෑට අපේ ගැන්සිය එක්ක කුරුම්බා නොබොන්න මට මෙහෙම ට්‍රේනිං එකක් හම්බ වෙනවද? හිතට දහිරියාව අරූඩ කරගෙන අත් දෙකෙන්ම බදලා අර පත බටේ අල්ල ගත්තා. පුතේ අත නම් හතරටම කැඩෙනවා ඒකනම් බුදු ෂුවර්. කමක් නෑ. අත ටික වෙලාවක් යනකොට මගේ ලඟ නෑ වගේ දැනෙද්දි. සෑහෙන්න ගේමක් දීලා පල්ලෙහාට බැහැ ගත්තා. ඔයින් ගියා මදෑ. බිම ඉඳලා පස් වෙනි තට්ටුව දිහා බලනකොට ඇඟ හීතල වෙලා යනවා. අම්මපා මර බයටමයි මම බැස්සේ..... අත අයේ අමාරුවෙන් කරේ එල්ල ගෙන කෙඳිරි ගෑවෙන ගමන් මම පාරට ආවා. ට්‍රයිෂෝ එකකට අත අල්ලන්න කලින් සාක්කුවට අත දැම්මා. කීයක් තියනවාද බලන්න. මලා කෝ මගේ පර්ස් එක. ටික වෙලාවකින් ඔක්කොම ඔලුවට එන්න ගත්තා. මම ලෙඩා දුකා නිසා මේ දවස් වල බෑග් එකක් අරංනේ ඉස්කෝලෙ යන්නේ. ඒකට මම ප්‍ර්ස් එක දාගත්තා. දැං ඒ බෑග් එක ලිහිණිගේ කාමරේ. මම මෙහෙ. ඔක්කොම ඒකේ. සත පහක්වත් දැං මගේ අතේ නෑ. හත් දෙයියනේ....... කොල්ලා දැං කොහොමද ගෙදර යන්නේ...?
Subscribe to:
Post Comments (Atom)


9 comments:
කතාව හැමදාම කියවනවා, කොමෙන්ට් නම් දාලම නෑ. අද කතාව මම ඉස්සල්ලාම කියවපු නිසා මොනවා හරි කියලා යන්න හිතුනා. ගොඩාක් ලස්සනයි කතාව. දිගටම ලියන්න. අපි කියවනවා.
හ්ම්ම්.... අනේ පවු මෙයාටමනේ වෙන්නේ
කොල්ලා අද පාරේ නෙවෙයි මහ පාරේ..
හා හා බලමු මොකද වෙන්නේ කියලා.. :P
අද කතාව පොඩ්ඩයි නෙ.... වැඩ නිසා කියල හිත්නවා. :)
අනේ යකෝ ඔහොමත් කනවද කටු.....
අක්කි ලස්සනට ලියනවා...
දිගටම ලියන්න අක්කියෝ.....
සුභ පැතුම් අක්කිට....!
මම කොටස් 28 ම එක දිගට කියෙව්වා... නියමෙට යනවා.. දිගටම ලියන්න... නවත්තන්න එපා...
අම්මා..................... බුදු සැප.. කියලා වැඩක් නෑ.... :D :D
hina kala pana yanawa :)
Post a Comment