මම ඇඳේ රෙද්ද අයින් කරලා මගේ කකුල් දෙක දිහා බැලුවා...... මේ තියන්නේ කකුල් දෙක වෙඩි වගේ. මම කතන්දරේ අහලා තියෙන්නේ හීනේන්ද දන්නෙත් නෑ. හඳ කාලෙට මට ඔහොම හීනත් පේනවනේ.... මම මගෙ එහා පැත්තේ අළුත් අම්ම්මා ඉන්නවාද බැලුවා... එයා මේ ඉන්නේ..... ඒ කියන්නෙ මේ හීනයක් නෙවෙයිද? හීනයක් නෙවෙයිනම් ඇයි මගෙ කකුල් දෙක මට හොලවන්න බැරි. මම නගිටින්න ට්‍රයි එක දෙනකොට අරයා ඇවිල්ලා මගේ අතින් අල්ලලා මාව ටික වෙන්න ඉස්සුවා.... මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ... පොඩි කාලේ තාත්තා නම් කියලා තියනවා මාව දඬු කදේ ගහනවා කියලා ඒත් පේන්න දඬු කඳකුත් නෑ....
"මගේ කකුල්....." මට ඉබේටම කියවුණා......
"බය වෙන්න දෙයක් නෑ පුතේ මම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ අපි පුළුවන් ඉක්මනට ඇමරිකාවෙ යනවා." ඒක හරියට යන්නේ කොහෙද ලියලා ඇහුවාම ලගේජ් එකේ මීට්බෝල්ස් කිව්වා වගේ නේ...
"මම අහන්නේ මගේ කකුල් දෙකට මොනාද වෙලා තියෙන්නේ කියලා" මට ටික වෙන්න තද උණා..... මෙන්න ප්‍රශ්නේ ඕවර්ටේක් කරලා අරයා යන්න හඳනවා... ඇයි හත්දෙයිය්නේ මට උපතින් ලැබුණු කකුල් දෙක ගැන දැන ගන්න මට අයිතියක් නැති හැටි. මම දඟලලා ඇදෙන් බහින්න ගියා අර ගැරඬියා වගේ ලිස්සලා යන ගෑනු ආත්මේ අල්ලා ගන්න. මාව බදෝයි ගාල ඇඳෙන් බිමට වැටුණා. කකුල් දෙක හොලවන්න වත් මට බෑ....
"පුතේ........................." අලුත් අම්මා කෑගහගෙන ඇවිල්ලා මගේ ලඟ දණ ගහගෙන මාව උස්සන්න ට්‍රයි එක දුන්නා.... අපේ අම්මලා මාව කවලා පොවලා උස්මහත් කරලා හයේ හතරේ පොරක් කරලා තියෙන්නේ... මෙයා මාව තියා මගේ අතක් වත් උස්සන්න හෙන ගේමක් දෙන්න වෙයි. මම මාව අල්ලගෙන ඉන්න අත ගසලා දාලා නැගිටින්න මම ට්‍රයි එක දුන්නා කොහෙද පස්ස ඉස්සෙනවා විතරයි මට මොකද වෙලා තියෙන්නේ
" අරයා නැගිටලා මගෙ ඇඳ ලඟ තිබ්බ බෙල් එක ට්‍රීං ගාලා ගැහුවා... ටික වෙලාවකින් කඩාගෙන නර්ස් අක්කා කෙනෙක් ආවා.....
" මොකද මේ උනේ....?" එයයි අපේ අලුත් අම්මයි එකතු වෙලා මාව උස්සලා ඇඳ උඩට දැම්මා...... නර්ස් අක්කා යන ගමන් අම්මාට මොනාද කියාගෙන යනවා මම දැක්කා..... ෂිඃ.... මගේ කකුල් පණ නැති වෙලාද? ඒත් ඇයි? මට කවදාවත් ඇවිදින්න බැරි වෙයිද? එතකොට කවදාවත් තාප්පෙකින් පනින්න, හොරෙන් කුරුම්බා බොන්න, රඹුටන් වතු වලට රෑට හොරෙන් පැනකා සික්කා ආවම දුවන්න බැරි වෙයිද? ඔය ඔක්කොම ප්‍රශ්න එක්ක මම අරයා දිහා බැලුවා....
" මට මොකද්ද වෙලා තියෙන්නේ...... ?"
" තාවකාලිකව පුතාගේ කකුල් දෙක පණ නැති වෙලා තියෙන්නේ.... අපි ඇමරිකා ගිහින් ඕක නිට්ටවටම සනීප කරගෙන එනවා.....". මගේ ඇස් පියවුණා
" ඇයි මට මෙහෙම උනේ.........."
" කාලෙකට කලින් ඔලුවට වැදුණු පාරක් නිසා මොලේ ඩැමෙජ් වෙලා තිබිලා තියෙන්නේ... ඒකෙන් දාරා ගැනීමේ ශක්තිය නැති වෙලා කියලා ඩොක්ටර් කිව්වේ......"
" පාරක්....." මට ඔක්කොම දැං කැරකැවෙනවා වගේ... එදා මෙනුකයාගෙන් අම්බානකට කෑව කෑමේ රහ තවම හමාර වෙලා නෑ වගේ......
" පුතා ඉක්මනට සනීප කර ගන්නවා මම"
"එතකොට තාත්තා......"
"අයියා.........." ඔන්න ආයෙමත් අරයා වචන හිර වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා... මට පිටට තට්ටුවක් දාන්න හිතෙනවා එතකොට වචන ඉස්මොල්ලේ යන්න
"මොනවාද හිතන්නේ... තාත්තා කෝ.... එයාල මේවා දන්නවද? එහෙනම් ඇයි බලන්න ආවේ නැත්තේ... කියන්න........."
"එයාල දන්නවා පුතේ................. එයාලා බලන්න එයි....... තාත්තාට ටිකක් සනීප නෑ"
"මේ ඔක්කොම උනේ ඔයා නිසා ඔයා මෙහෙට නොඑන්න මමත් හොඳින් තාත්තාත් හොදීන් අපේ ගෙදර අයත් හොදින්....... " මම කියාගෙන කියාගෙන ගියා... මගේ හිතට ඇවිල්ලා තියෙන්නේ පුදුම වේදනවක්, එක පැත්තකින් මගේ කකුල් දෙක නෑ අනිත් පැත්තෙන් මගේ අම්මා තාත්තා මගෙන් ඈත් කරලා... දැං කියනවා තාත්තාටත් සනීප නෑ කියලා..... මෙන්න අරයා අඬන්න ගත්තා..... එයාට නෙවෙයි අඬන්න වෙලා තියෙන්නේ මට...... මටයි හැමදේම නැති උනේ....... ඒත් එක්කම මගේ දොර කඩාගෙන දොස්තර කෙනෙකුයි නර්ස් කෙනෙකුයි ආවා....
"පේෂන්ට් වැටුණාද?" අරයා අඬනගමන් ඔව් කියනවා මම දැක්කා........
" ඩොක්ටර්..... ඩොක්ටර්..... මට ගෙදර යන්න ඕනේ..." මම එහෙම කිව්වේ මගේ ලඟට ඇවිල්ලා පිස්සුවෙන් වගේ මගේ නාඩි බලන ඩොක්ටර් දිහා බලාගෙන
"ඉක්මනට ගෙදර යන්න පුලුවන්......" මෙන්න එයා පත කට්ටක් අරන් මට ඇන්නා....
"ඩොක්ටර් මගේ කකුල් .....," ඒත් එක්කම මගේ ඇස් දෙක බර වෙලා පියවෙන්න ම එනවා.....
" දැං පොඩ්ඩක් නිදා ගමු අපි හෙට කතා කරමු" කටහඬ විතරයි මට ඇහුනේ මුළු ලෝකෙම කලු උණා මම වෙනම ලෝකෙකට වගේ පාවෙලා යනවා දැණුනා.......
ලෝකෙ විනසේ සිද්ද වෙච්ච දවසේ පස්සේ දවසෙ ඉපදිණා වගේ මගේ ඇස් දෙක ඇරුණා...මම ඉන්නේ එදා හිටපු කාමරේම, ඒ ඇදේම....ඒත් කාමරේ සෑහෙන එළියයි..... මම වටපිට බැලුවා
"මයියා නැගිට්ටා... ලොක්කයියේ...." සුපුරුදු කටහඬ...... අක්කාගේ නේද..... මම වට පිට බැලුවා...කාමරේ පුරෝලා කට්ටිය.....
"ඔයාලා දැංද ආවේ?" මට මේලෝකෙම නැති විදියේ ජොලියක් ගියා
" උදේ ඉදං ඉන්නේ.......?"
"දැං වෙලාව කීයද?" නංගි ඇවිල්ලා මගේ ඇඳට පැනලා මගේ ලඟින් ඉඳගත්තා.. ලොක්කයියා වෙලාව බලලා මගේ පැත්තට හැරුණා..
" දැං හරියටම 1.30යි"
" දවල්?" මමත් හද්ද ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවා.... මේ කන පැලෙන්න එළිය වෙලාවේ මම අහනව දවල්ද කියලා...
"ඔව් බං.. රෑට ඉර පායනවාද?" අක්කා මගේ අත අතගෑවා.....
"කෝ අම්මයි තාත්තායි..."
" දැං එයි උදේ ඇවිත් ගියේ...? අද අමුත්තෙක් එනවා ඔයාව බලන්න............"
"කවුද...... සුනාමියක් වගේ එකක්ද?"
" ආවම බලා ගන්නකෝ..." නංගී කට හැඩගහලා කියන තාලේ නම් ඇල්ලුවේ නෑ....
"මාව මේ තත්වෙන් කවුරුත් දකිනවාට මම ආස නෑ.... කෝ අර අලුතෙන් අපිට පාත් උණ සුලිය....." මම එහෙම අහුවේ අර අලුත් අම්මා ගැන කියලා ඔක්කොමලා දැන ගත්තා...
" එයා ආයෙමත් උඹව අපිට බාර දීලා ගියා..... උඹව සනීප කරගන්න වියදම එයා කරන්නම් කිව්වා.. අපිටම උඹව තියා ගන්න කිව්වා....."
"ඕක මුලින් කලා නම් පොඩි අයියාට මෙහෙම වෙන්නෙත් නෑ, අම්මාට ප්‍රෂර් නඟින්නෙත් නෑ, තාත්තාර හාට්...." නංගි කියන්න ගිය එක ඛ්‍රේක් ගැහුවා.... අක්කාගේ ඇස් දෙක ලොකු උණා..... අයියා ඔළුවේ අතගහ ගන්නවා දැක්කා... එයාලා දිහා බලාගෙන හිටපු නංගි එයාගේ කට අත් දෙකෙන්ම වහා ගත්තා.....
" තාත්තාට මොකද උනේ..."
" මොකුත් කරදරයන් නෑ මයියෝ...."
"උඹලා ඔය නළවන එක නවත්තලා ඇත්ත කියාපල්ලා.. තාත්තා සනීපෙන් නේද?"
" ඔව් ඔව් දැං හොඳයි..... තාත්තාට පොඩි හාට් කේස් එකක් ආවා.. දැං විවේක ගත්තාම හරි... උඹව ආයේ අපිටම ලැබුණාම තාත්තාගේ ලෙඩ කොහෙන් ගියාද නැති උණා... දැං එනවාත් ඇති." ලොක්කයියාගේ කතාවෙන් මම ටිකක් විතර ෆිට් උණා. ඒත් එක්කම දොර ඇරෙනවා මම දැක්කා......
" පොඩි පුතේ...." මෙන්න කාමරෙන් ඇතුලට නැන්දා දුවගෙන එනවා.... මාමායි ඩයිනමයිට් දෙකයි ඇවිත් ඒත් මදි වගේ... කෝ තාරකා.... මම දොර දිහා තවත් එබිලා බැලුවා.... තාරකා.............. කෝ ඔයා..... එයා ඇවිල්ලා නැද්ද...... අනේ කෙල්ලෙ මම මෙච්චර අසරණ වෙලා ඉන්නැද්දි ඇයි මාව බලන්න ආවේ නැත්තේ?


11 comments:
අනේ අම්මේ... දෙයියෝ දැක්ක වගේ.. බලාගෙන ඉඳලා ඇස්දෙකත් රිදෙනවා. කොහෙද ගිහින් හිටියේ..? ආයෙ මෙහෙම අපිව අමාරැවේ දාන්න එපා... හොඳේ... ආයෙත් පටන් ගත්තට අපේ උණුසුම් සුභ පැතුම්
ඇති යන්තං ආව. ප්‍රස්න මුකුත් අහන්නෙ නෑ, කැමති නං විතරක් කියන්න. අපි කී සැරයක් නං ඇවිත් ගියාද?
කාලෙකින් කතාව දාල තියෙන්නෙ.......
ඉක්මනට ඉවර කරන්න ද හදන්නෙ?
ඉවර කරන්න එපා... තව ටික කාලයක් ලියමු........
විභාගේ නම් ඉවරෙටම ඉවරයි. ඒත් මේව නිස රස්සවට ටටා බායි කියන්න උණා... දැං රස්සවක් හොයා ගන්න ඔනේ අතේ සතේ නැති වෙලා ඉන්නේ.... දිගටම මේක ලියන්න බලාපොරොත්තුවක් නම් තියෙනවා..... ඉක්මනට ඉවර කරන්නේ නෑ.... හොඳ හොඳ සෙල්ලම් ඉතිං එලිවෙනකොටලු... තව ඉස්සරහාට යනවා... මයියා එක්ක රැදී සිටින්න... එයාව දාල යන්න එපා දැං මම වගේම ඌත් අසරණයෙක් වෙලා.....
අම්මේ සෑහෙන කාලෙකින්!
ඉතිරි ටිකත් දාන්න ඉක්මනට.
බ්ලොග් වගේම ජිවිතේ ගැනත් ටිකක් වගකීමෙන් වැඩ කරන්න,
උඹට සහ මායියට ජය වේවා
haneeeeeeeeee dull akki,, oya nam pronduwa itu karane hode akkiyek,, kiwwa wageme dala kathawe,, ane api kochara balan hitiyade,,dan hari,, pawu ane mayya,, ikmante eyawe saneepa karawanne hode :) keep writing good luck with everything hapns in ur life :) :D
Glimmer Girl
Aney amme... Athi yaanthan kathaawa daala.
Pleeeeeeeeeease don't keep us waiting like this aneeeey....!!!!
අනේ අම්මියො මෙන්න කථාවක් දාලා..............
මෙක වෙනකන් කොච්චරනම් බාලගෙන හිටියද. දෑන් හරි විභහාගෙත් ඉවර එකෙ දිගටම කථාව දන්න.
දෑන් මෙ මයියාට මොකො වෙලා තියෙන්නෙ. මු තාරකා දිහා එබිලා බලන්න ගිහින් අයෙත් අදෙන් වෑටෙයි ද දන්නෙ නෑනෙ
hay hay thanks a lot... ammo ate yantm...ela ela katawa liyagena yanna degatama.... apo baya wenna epa job ekak hoya ganna puluwan..
Good luck for your feature...
R.....
ඇයි හත්ඉලව්වේ.....මෙච්චර දවස් මහියට මොකෝ උනේ....සිහි නැතිවෙලා හිටියැයි.........දැන්වත් මේ පැත්තේ ආපු එක ලොකු දෙයක්.....
97 ආයේ කියවලා එන්නම්...මතක නෑ මොකොඋනේ කියලා...
දිගටම යං ඔහොම...සුබ පැතුම් නැන්දේ....
Post a Comment