Thursday, January 6, 2011
97 කොටස
දිව්‍යලෝකෙදිද කොහෙද මගේ ඇස් දෙක ඇරුණා..... වට පිටාව බලන්න බෑ ලස්සනයි. මේක මම මීට කලින් දැකලා තියනවා..... මම වටපිට බැලුවා... අප්පටසිරි මේ තියෙන්නේ සේලයින් බෝතලයකුත් එල්ලලා.... ඒක ගහලා තියෙන්නේ මගේ අතේ... ඒ කියන්නේ මම ඉන්නේ ඉස්පිරිතාලේද? ඒත් මේක හරියට එදා ලිහිණි හිටපු තරු පහේ ඉස්පිරිතාලේ වගේ..... මම වටපිට බැලුවා..... කවුරුත් පෙන්න නම් නෑ.....අම්බානකට වතුරත් තිබහයි. ස්විච් එකකුත් තියනවා ඇඳ ලඟ. මේක ඔබලා නර්ස් නංගි කෙනෙක්වත් ගෙන්න ගන්න තිබ්බනම්. ඒත් මම ඇයි මෙහෙ ඉන්නේ... අපේ තාත්තාට ස්වීප් එකක්වත් ඇදුනද දන්නේ නෑ. මම අර නිදි කුමාරි වගේ හත අවුරුදු හත් මාසයක් නිදාගෙන හිටියාද කව්ද දන්නේ
ඒත් එක්කම කාමරේ දොර ඇරුණා.... මේ අළුත් අම්මා නේද ඇතුලට එන්නේ... තේ කෝප්පෙකුත් අතේ.... මම ඇස් දෙක පියා ගත්තා..... ලඟ ලඟම ඇඩි සද්දේ ඇවිල්ලා තේ කෝප්පෙ මේසෙ උඩින් තියන සද්දේත් ඇහුණා.. මම නම් අරී ඇස්.... මුං ඔක්කොම මගේ මොළේ කන්න ආව කට්ටිය. හීනියට මගේ ඔලුවට අතක් වැටුනා... කොන්ඩේ උඩින් ඔලුව අත ගෑවෙනවා. සනීපයි ඉතිං කියලා වැඩක් නෑ. මට ඉබේටම ඇස් ඇරුණා.
"අනේ මගේ පුතාට සිහිය ඇවිල්ලා......" අරයා කට පොකට් එක වගේ හදාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.
" ඔයා මාව ඔයාගෙ කරන්න හදන එක නවත්තන්න... ඇයි මාව මෙහෙ තියාගෙන ඉන්නේ" එයාගෙ මූණ බලාගෙන ඉන්නැද්දි කජු උණා.....
" මාව තේරුම් ගන්න පුතේ..... "
" මට හොඳටම තේරෙනවා.... ලිහිණිව තනියම අර රාස්සයත් එක්ක දාලා ඔයා මෙහෙ අනුන්ගේ ළමයිනව අයිති කර ගන්න හදනවා..."
"ලිහිණිව පුතා කොහොමද දන්නෙ...?"
" මට ඔයාට උත්තර දෙන්න ඕනෙ නෑ..... මොකද්ද මේ කරන විකාරේ.... ඇයි ඔයා ආවේ... ආපු අතක් බලාගෙන යන්න බැරි ඇයි...?"
" මම ඔයා නිසා ආවේ...."
" මම නිසා ආවා කියලා ඔයා කියන එක මට කියන්නේ විශ්වාස කරන්න කියලාද?"
"ඔයා විශ්වාස කළත් නොකළත් ඒක තමයි ඇත්ත"
"ඉතිං මෙච්චර කල් කොහෙද ඔයාගේ ඔය ආදරේ තිබ්බේ"
" මම ඉස්පිරිතාලෙදි ඔයාව අයියාට දෙනකොට තිබුණු ආදරෙ තාමත් මගෙ හිතේ තියනවා.... මට ඕනේ උණේ ඔයාව ජයේ ගෙන් ඈත් කරන්න.... එයා ඔයාවත් උගසට තියලා ගැලවෙන්න හැදුවේ....."
"ඒ කොහොමද?"
"ඒක දිග කතාවක් පුතේ ඒක අහගෙන ඉන්න තරම් සනීපයක් මගේ පුතාට තාම නෑ"
"නෑ මම හොඳ සනිපෙන්.... මම ඔයාගෙ පුතානම් ලිහිණි කවුද? මට මේ ව දැන ගන්න ඕනේ"
" ඒත් ඒ හැම දෙයක්ම දැං අතීතේ...."
"ඔයාගේ අතීතේ අද මට මහ වදයක් වෙලා..... මට කරුණාකරලා මොකද්ද මේ සිද්ධිය කියලා පැහැදිලි කරන්න... ඔයා මගේ ජීවිතේ විතරක් නෙවෙයි තව ජීවිත කීයක් එක්කද මේ සෙල්ලම් කරන්නේ..."
මම කිව්වෙ ඇත්ත. මගේ තත්ත්වේ නිසා අපේ ගෙදර උන් අනාථ වෙලා ඇති, ලිහිණි, තාරකා, භානුකයා.. මේ ඔක්කොම මට නම් මහා පද ප්‍රෙහෙලිකාවක්. හරියට ගෑනු පිරිමි මල් පලතුරු කරනකොට බිංදුවෙන් ගමක් හොයනවා වගෙ.... කොච්චර හිතුවත් ගැලපෙන්නේ නෑ.....
"ජයේ එක්ක මම යාළු උණේ මම ඉස්කෝලෙ යද්දි..... එයා හොඳ මිනිහෙක් කියලා මම හිතාගෙන හිටියේ.. මම එයාගේ හැම කතාවකටම රැවටුණා.. මුලින්ම අපේ සම්බන්දේ ගෙදරට අහු උණ වෙලාවේ අයියා මට හොඳටම ගැහුවා..... නවතන්න කියලා කිව්වාම මම හොරෙන්ම එ සම්බන්දෙ කරගෙන ගියා.... මගේ ඉස්කෝල ගමනත් නැවතුණා...." තාම මෙයා කියන්නේ බයිලානෙ මට මේවා අදාල නෑනේ... මේ මොකද්ද මේ ටිකිරි සිනා.....
"ඉතිං" අළුත් අම්මා මගේ ලඟට පුටුව ගෙනල්ලා තියලා වාඩි උනා....
"ඒ අතරතුර ජයේගෙ තාත්තා නැති උණා.... තාත්තාගේ තේ වත්ත බලා ගන්න ජයේට යන්න උණා.... මම කැමති උණෙ නෑ එයා මාව දාල යනවට. මම හොරෙන්ම ජයේ එක්ක පැනලා හැටන් ගියා...." හඳපානෙද දන්නෙ නෑ ගියේ... මේක හරියට වතුරත් එක්ක බත් කනවා වගේ කිසි ආතල් එකක් නෑ. පරණ සිංහල බයිස්කෝප් එකක් වගේ.... වාස්ට්වෝවර්ඩ් එක ඇල්ලුවට ඇල්ලෙන්නේ නෑ භණ්ඩේ 19 වැන සියවසේනේ රිමෝට් එකට වැඩ කරන්න ඩීසල් ගහන්න ඕනේ
" ඉතිං"
" අපි නොබැඳ අවුරුදු දෙකක් එහෙ එකට ජීවත් උණා" අම්මපා ඒ කාලෙත් ලිවින් ටු ගෙදර තිබිලා තියානවානේ බලාගෙන යනකොට... දැං ඉතිං කියපං මම ඇවිල්ල අවජාතකයෙක් කියලා.....
" ජයේ හැමදාම කලේ ඉඩම් මංකොල්ලා කාපු එක... එක එක පෝසත් අයගේන්. ඒකට එයා කොළඹ ගිහිං අළුත් සෙල්ලමක් පටන් ගත්තා... එයා සමරනායක කියන කෝටිපතියාගේ එකම නංගිව බඳිනවා කියලා ඒ ගෙදර යන්න එන්න ගත්තා....
"ඔන්න පුතේ සමරනායක අංකල් සීන් එකට ඇවිත්..... දැං ටිකක් කතාවට එන්ටර් වෙන්නද මන්දා යන්නේ... මෙයා ඇත්ත කිව්වත් නැතත් දන්න අයගෙ නම් ඇහෙනකොට ඇඟට මාර ආතල් එකක් දැනෙනවා..මෙයාගෙන් කතාව අහගෙන මම මෙයාට ටටා බායි කියලා ගෙදර යනවා. ඒකයි මගේ ප්ලෑන් එක. මෙයා තාම දන්නේ නෑ මටත් හෝතම්බුවට වගේ ජයවීරයාගේ ජාන තියනවා කියලා.
"ඉතිං"
"සමරනායකගෙ නංගිට මොලේ අමාරුවක් තිබුණා.... එයාව කාට හරි බන්දලා දෙන්නයි සමරනායකට ඕනේ උනේ..... එකෙන් ප්‍රයෝජන ගත්තෙ ජයේ.... සමරනායකගේ නංගිගේ නමට තියන ඔක්කොම දේවල් ජයේ එයාගෙ නමට ලියාගත්තා..... "
"බලු වැඩක් නේ"
"ඔව් ඕවා මම දැනගෙන හිටියේ නෑ... එයා හදිස්සියේ මට හැටන් ඉදං කොළඹ එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බා...එතකොට ඔයා මගෙ බඩේ.... මම කොළඹ ගියා....."
" ඉතිං"
" මාව පෙන්නලා ජයවීර සමරනායකගේ නංගිගෙන් නිදහස් වෙන්න හිතාගෙනයි ඒ වැඩේ කලේ... ඒත් සමරනායක නයා වගේ මගේ පස්සේ එළවන්න ගත්තා... ළමයත් එක්කම මාව මරලා දාන්න" මම ටිකක් විතර දැං අප්සෙට් වෙලා ඉන්නේ... කතාව හිතුවට වඩා භායානකයි.
"ඔයා බේරෙන්න ආයේ හැටන් ගියාද?"
"නෑ.... මට ජයේ හැටන් යන්න දුන්නේ නෑ.. එයාගේ එකම ගැලවුම් කාරයා මම... එයා මාව එයාගේ ගැලවීමට ඒ අවදානමට දාලා බේරිලා හිටියා...,එයා මාව කසාද බැන්දේ එයාගේ ජීවිතේ බේරගන්න විතරයි. මේ හැමදෙයක්ම ආරංචි උණාම සමරනායකගේ නංගි එයාගේ ජිවිතේ නැති කර ගත්තා..... ඒ නිසා සමරනායක ජයේ එක්ක වෛර බැන්දා"
"ඊට පස්සේ මොකද උණේ...."
" මාව මරන එක පැත්තකින් තියලා එයා ජයේව මරන්න පස්සේ පැන්නුවා... අන්න එතකොට ආයෙමත් එයා මාව අරං හැටන් ආවා" මේක මාර අබ්ලික් ස්ටොරි එකක්නේ...අන්න එහෙම තමයි ජයවීරයි සමනායකයි හතුරෝ උණේ...... දැං කතාව මට අදාල වේගෙන එන්නේ
"ඊට පස්සෙ..."
"මේවා අහගෙන ඉදලා මගේ පුතාගේ හිතට අමාරුවක් නෑනේද?"
"කිසිම අමාරුවක් නෑ...."
" ජයේ හොදටම බය වෙලා හිටියේ..... එයා අපිට තිබ්බ අලුත්ම කාර් එකත් වික්කා...ඒ කාර් එකේ මාර්ගෙන් අපිව හොයා ගනී කියලා.... සමරනායක අපිව හොයාගෙන හැටන් එහෙම ආව කියලා නම් මම දැනගෙන හිටියා....., මම ගොඩාක් බය වෙලා හිටියේ මට එකම බය තිබ්බේ ඔයා ගැන"
" ඉතිං..."
"හොඳටම වැස්ස දවසක් එදා..... අපිට ආරංචි උණා සමරනායක අපිව මරන්න මිනිස්සු එවලා කියලා. ඒ අතරතුර මට හොදටම අමාරු උනා. ජයේ මාව කැලෑ පාරකින් ඉස්පිරිතාලේ ගෙනිච්චා... ඊට පස්සේ එයා මාව දාලා ආයෙමත් යන්න ගියා.. එයාට ඉස්පිරිතාලේ ඉන්නත් බය තිබුනා... සමරනායක එතනටත් එයි කියලා....."
"ඔයා තනියම ඉස්පිරිතාලේ දාලා ගියා?"
"ඔව් එයා තිරිසනෙක්.. එයා කිව්වා ඔයාව බලාගන්න මෙහෙ ඕනෙ තරම් කට්ටිය ඉන්නවා ඒත් මාව බලා ගන්න කවුද ඉන්නේ.... මම ආපහු එන්නම් එනකන් මෙහෙම් යන්න එපා කියලා එයා මාරු උණා....."
"එතනදි ඔයාට මාව හම්බ උණා... ජයවීර එන්න කළිං ඔයා තාත්තාව ගෙන්නලා මාව එයාට දුන්නා... එතකොට ලිහිණි..."
" මම ඔයාව දුන්නට පස්සෙ එදාම ඉපදුණු ඒත් ඉපදෙනකොටම මැරුණු ළමයෙක්ව ඇටෙන්ඩන් කෙනෙක්ට සල්ලි දීලා මගෙ ලඟට ගෙන්න ගත්තා..... ඒ හැම දෙයක්ම වෙලා වැඩි වෙලාවක් ගියේ නෑ ජයේ ඉස්පිරිතාලෙට ආවා...."
"එයා දුක් වෙන්න ඇති ළමයාව මැරිල කියලා....." ඒකනේ පොතේ හැටියට වෙන්න ඕනේ.
"නෑ එයා ලොකු වැඩක් කරලා ඇවිත් තිබ්බේ..... පොලිසියේ ලොක්කෙක්ව සල්ලි වලට අරගෙන සමරනායකට විරුද්ධව පැමිණිල්ලක් දාලා.... අපිව මරන්න හදනවා කියලා. පැමිණිල්ලෙ ලියලා තිබ්බේ අපි තුන්දෙනා ගැන මමයි එයයි, පුතයි....."
"ඉතිං මාව තාත්තාට දුන්නට පස්සේ ඔයාට ඕනෙ උනේ ඉපදුණ ළමයා මලා කියලා පෙන්නන්නනේ"
"ඔව්... ඒත් උසාවියට නගින්න එයාට දරුවෙක් පෙන්නන්න ඕනෙ.... ළමයා මරුණයි කිව්වාට මොනා වෙලාද කියලා පෙන්නන්න ඕනේ... අනික පැමිණිල්ලෙ තිබිලා තියෙන්න මාස තුනක දරුවෙක් කියලා.... එතකොට ඒ පැමිණිල්ල තවත් ක්‍රිටිකල් කරන්න පුළුවං නිසා"
"ඉතිං "
" ජයේ ගිහින් අර මැරුණු ළමයාව වෙන කාගෙද ළමයෙක්ට මාරු කරගෙන ආවා...., ඒ තමයි ලිහිණි" මගෙ ඇස් දෙක පියවූණා... ජයවීර කී දෙනෙක්ගෙ ජීවිත විනාස කරලාද? අම්මපා ඕකා නම් මහ තක්කඩියෙක්. සමරනායක වැරදි නෑ.
"එතකොට භානුක" අළුත් අම්මා මගේ දිහා බැලුවේ මහා පුදුමෙන්.... හරියට මු නම් මාර පොරක් කියලා වගේ
" පොලිසියේ ලියවුණේ පුතෙක් ගැන....., ඒ නිසා උසාවියට පෙන්නුම් කරන්න එයා වෙන කාටද සල්ලි දීලා භානුකව ගෙන්න ගත්තා.... මෙ ඔක්කොම සමරනායකට ආරංචි උණේ නඩුවලින් පස්සේ..... සමරනායක මටවත් ළමයිනටවත් කිසිම දෙයක් කරන්න ආවේ නෑ. ඒත් මෙ හැමදේකම සුලමුල හොයනවා..... කවදාහරි දවසක ජයවීරගෙන් පලි ගන්න මිනිහා බලාගෙන ඉන්නේ....." මගෙ හිතට වද දුන්න ගොඩාක් ප්‍රශ්න වලට උත්තර මෙන්න මේ කතාව ඇතුලෙ තියනවා.... මෙයා මොනා උණත් මේ හැමදෙයක්ම කරලා තියෙන්නේ මම වෙනුවෙන් වෙන්න පුළුවන්. එත් එහෙම කියලා මගෙ අම්මාවයි තාත්තාවයි දාලා මෙයා ලඟට එන්න තරම් ගුණමකුවෙක් වෙන්න මම කැමති නෑ. මම කල්පනා කලා.
"ඔයා නැතුව ලිහිණි හැමවෙලේම ලෙඩ වෙනවා...., කොයි වෙලාවෙත් ඔයා ගැන කිය කියා ජීවත් වෙන්නේ... එයාගෙ ජීවිතේට වග කියන්නේ කවුද එතකොට" මගේ ප්‍රශ්නෙන් අළුත් අම්මා මගෙ දිහා බැලුවා
" මට තේරෙනවා.... ලිහිණි හැදුණේ මගේ දරුවෙක් වගේ, එයා විතරක් නෙවෙයි භානුකත් එහෙමයි"
"ඔයාට එයාලාට අම්ම කෙනෙක් වෙන්න බැරි ඇයි. මට දැනටමත් අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවානේ" මම වැඩි ඔරොප්පුවක් නැතුව හිමින් සැරේ කියලා දැම්මා
"ඔයා මගේ පුතා...."
"වෙන්න පුළුවං.... ලිහිණි ඔයාට අම්මා කියනවා ඒත් ඔයා එයාගේ අම්මා නෙවෙයි, මටත් මම අම්මා කියන කෙනෙක් ඉන්නවා...ඔයා හදන්නේ මාව එයාලගෙන් ඈත් කරලා අනාථයෙක් කරන්නද?" අළුත් අම්මා අඬන්න ගත්තා..... පව් තමයි ඒත් කරන්න දෙයක් නෑ එයාට වඩා මම පව්නේ..... අනික ලිහිණිගේ අම්මා මට උදුර ගන්න පුළුවංද.... එයා අදටත් බලාගෙන ඉන්නේ මෙයාගෙ තුරුලට එන්න
"මට එහෙම කරන්න ඕනේ නෑ"
"ඔයාට ඕනෙ නම් මම ඔයා ලඟට ලිහිණිව ගෙනත් දෙන්නම්.... ඒත් එයා මේ කිසි දෙයක් දැන ගන්නවාට මම කැමති නෑ"
"මොකද්ද ලිහිණිගෙයි ඔයාගෙයි තියන මේ සම්බන්දේ"
" ලිහිණි එයාගේ අම්මා ඉන්න තැන හොයන්න කියලා මගෙන් ඉල්ලීමක් කලා.... මට එයාගේ අම්මව හම්බ උණා ඒත් ඒ අම්ම එයාව භාර ගන්න කැමති නෑ"
"ලිහිණි මගේ දරුවෙක් නෙවෙයි"
"එහෙනම් මම කොහොමද ඔයාගෙ දරුවෙක් වෙන්නේ?" මමත් පොර වගේ කතාව.... යන විදිය හරිද මන්දා... මට ඕනේ මේ මාරාලෙන් ගැලවෙන්න.. දෙය්යනේ කියලා ලිහිණිව මෙයාට සෙට් කරලා තාරකා බලා යන්න.
" මාව තේරුම් ගන්න පුතේ....." මට මෙයාව තේරුම් ගන්න ඕනේ නෑ.....මට මෙයාට කොහොම හරි තේරුම් කරලා දෙන්න ඕනේ.. මම ඇඳ උඩ ඉඳගන්න ට්‍රයි එක දුන්නා... මේ මොකද.... ඇයි මගේ කකුල් හොලවන්න බැරි..... මම කකුල් හොලෙව්වට හෙලවෙන්නෙ නෑ.... කකුල් තියනවාද කියලා දෙනෙන්නෙත් නෑ. මේ මොකද හත දෙයියනේ මේ. මට මේ මොකද වෙලා තියෙන්නේ......
Subscribe to:
Post Comments (Atom)


18 comments:
" අම්මපා ඒ කාලෙත් ලිවින් ටු ගෙදර තිබිලා තියානවානේ බලාගෙන යනකොට... දැං ඉතිං කියපං මම ඇවිල්ල අවජාතකයෙක් කියලා....." අනේ මන්දා. මු ලෙඩ ඈදෙ හිටියත් පිස්සු නටන්නේ නෑතුව බෑ නෙ.
දෑන් නම් කතාව එන්න එන්නම interesting වෙනවනේ
මයියගේ කකුල් කපලද?
යේහ්....!අක්කියා ඉතුරු කොටසක් දාලා....
හිතුවෙවත් නැති පැත්තකට කතාව ගලන්න වගේ යන්නෙ.... :(
ane deviyane mayyage kakula nam kapala kiyane epaaaaaaaaaaaa.. plssssssssssssssss :(
හෆොයි නැන්දේ "සම්තිං ඊස් ගොයිං රෝං" කිව්වලු
ඊලඟ කොටසත් පුළුවන් හැටියට දාන්න නැන්දේ...
අයි අයියෝ ......
තව කොටස් 3 කින් කතාව ඉවරයි ද?
මේ යන විදියට තවත් කොටස් 100 විතර ලියන්න පුළුවන්නෙ දිගටම.
kooo ekmanata anet kotasat dannaaaaaa
aneeeee anet kotasa hodatama parakkuii.... moko karanne ... ekamanata danna.....98 ekanakn api balan enneeeeeeeeeee......
Karunaka kotas 99 n (thawa kotas dekakin) kathawa iwara karanna
bohoma sthuthi
hmm ... kathawa dan magea theory eaken pita .. mee langata mona weida hitha ganna bariyoo ...
:O :O ane epaaaaaaaaa kathawe iwere karane,, ay ehema karane :( :( ane api balan innewa me kathawe kiyawanne,,, pls 98 ikmnate danneko akki,, hamedame awith aye harila yanewa :( :( we miss this story soooooooooo much
oya hariyata kathawa liyanne nane... man kalin anonymous nemei wena kenek
oya hariyata kathawa liyanne nane... man kalin anonymous nemei wena kenek
මට කතාව ලියන්න මේ දවස් වල විවේකයක් නෑ.... මගෙ රිසර්ච් එක බාර දෙන්න තියන අන්තිම දවස ජනවාරි 30. මේ දවස් වල ඒ වෙනුවෙන් මැරීගෙන වැඩ. මේ වැඩ වලින් පස්සෙ අනිවා වෙනදා වගේම දිගටම කතාව ලියන්න බලාපොරොත්තු වෙනවා.. (නොමලොත්). මට මේ වැඩේ ඉවරයක් කරන්න සහොයෝගෙ දෙන්න. ඊට පස්සේ දිගටම මම ලියන්නම්. මම නොලියා ඉන්නෙ උවමනාවක් නැති නිසා නෙවෙයි අවිවේකි නිසා. මට සමා වෙන්න.
මම 100න් කතාව ඉවර කරන්නේ නෑ.... තව ඉස්සරහාට යයි.පොඩි ඛ්‍රේක් එකක් අරන් මම මයියාව ආපහු සීන් එකට ගේන්නම්. හරිද? එතකං අපි පොඩ්ඩක් ඉවසමු.
Ahhhhhhhhh ehenam api marenekan hari balan innewa meke kathawe balane,,, good luck with ya project akki.. c ya soon :)
Glimmer Girl
hay sorry hama welawema anet kotasa na ne .... anet kotasa parakkui kiyala wada dunnata... research eka hodata karanna.. oyata good luck..ehenum January 30 passe ai katawa liyamu ne.. api balanna ennwaaa..
R
heta indala pera wagemna kathawa update karanna balaporoththu wenawa
okkotama godaak isthuthi iwasagena hitiyata
එල නැන්දේ එල....
"Dulhari Illangakoon
just finished exam and so relaxing..................."
Post a Comment