Sunday, November 7, 2010
88 කොටස
" අපි දොර අරිනවා.. උඹ නිදි වගේ හිටපං ඇහුණද?" බුවා මාව හොලවලා කියලා ගියා.
"මම නිදිය ගන්නේ නෑ බං.... නිදා ගන්න කලින් මට තියනවා සමාවක් ගන්න..." මම නැගිට්ටා... ලෝකෙම කැරකෙනවා.. මම එක තැන....
" කියන දේ අහපං මයියා...." සිකා මාව ඇදේ පෙරල ගත්තා.... යකෝ මුන් මට එකතු වෙලා බලහත්කාරකමක්වත් කරන්න යනවාද? කාමරෙ දොර ඇරෙන සද්දේ ඇහුණා.....
"පොඩි අයියා කෝ....."ඩයිනමයිට් එකේ කටහඬ
"මම මේ ඉන්නේ...." මම සිකාව පෙරලගෙන නැගිට්ටා.... බුවා ඔලුවේ අත ගහගන්නවා දැක්කා...
"පොඩි අයියේ... මේ මොකද?" ඇයි මට මොනා වෙලාද? මේ මම ඉන්නේ ෆිට් බුවා වගේ....
"ඇයි තමුසෙට මාව මොනා වෙලා වගේ ද පේන්නේ?"
"අයියෝ ඔයා බීලා....." ඩයිනමයිට් එක අත් දෙකෙන්ම කට වහගත්තා....
" ඔව් අපිත් කන බොන මිනිස්සු.. නැද්ද මචං" මම අත බදලා සිකාට විසි වෙන්න පාරක් දුන්නා....
"මේ නංගො .... ඔයාලගේ අම්මට නම් කියන්න එපා... මූ පිස්සු කෙලින්නේ...." බුවා බයිලාවක් ගහනවා
" මම මේක කොහොම කියන්නද අයියේ...... මම ආවේ ඔයාලට කන්න වහලා තියලා තියනවා කියන්න... පොඩි අයියාට කියන්න ඕනෙකම තිබ්බේ තාරකා කෑවෙත් නෑ කියලා.. ඒත් මෙයාට දැං සිහියක් පතක් නෑනේ" මම අසිහියෙන් ඉන්නකොට මුන් හිතන්නේ මම සිහියෙන් කියලා... මට නියම සිහිය ආවාම හිතන්නේ අසිහියෙන් කියලා... මේකත් පයිතගරස් කිව්වා වගේ පොඩ්ඩක්වත් තේරෙන්නෙ නෑ.
"කෑවේ නෑ..... ඇයි කන්නේ නැත්තේ... කමක් නෑ මම කවන්නම්.. කෝ බත් පිඟාන ගේන්න...." මම ආයෙ යන්න හදනකොට බුවා අල්ල ගත්තා....
"උඹ මෙතන කැබරේ නටලා පුළුවංනම් මෙහෙත් වීසා නැති කරගනින්"
"පොඩි අයියා ඉන්න ඔහොම.... කමක් නෑ එයා නොකෑවට....." ඩයිනමයිට් එක හැරුණා
" එක උදව්වක් මට කරපං නංගියේ...." මගේ කටහඬට ඩයිනමයිට් එක ආපහු හැරුණා
"මොකද්ද අයියේ..."
" මට තාරකාගෙන් සමාව ගන්න ඉඩ දීපං..... මට අද සමාව ගන්න ඕනේ" මම බොක්කෙන්ම ඔන්න ඔහෙ කියලා දැම්මා.... මේ ඉන්න උන් දැන ගන්න ඕනේ මම ඇවිල්ල එක වචනේ පොරක් කියලා....
" පොඩි අයියේ... අපි එයාට හෙට කතා කරමු..."
" මම තාරකාව ගොඩාක් රිද්දුවා... මට ඒකට සමාව ගන්න ඕනේ..." ඩයිනමයිට් එක මොකුත් නොකියා එතනින් යන්න ගියා... මේ ගෙම්බිට වැන්දට වඩා හොඳයි ගිනි කූරක් පස්ස පැත්තේ ගහ ගත්තනම්.ටොලා කටවහගෙන හිනා වෙන්න ගත්තා. ඒ පාර මේ මීමින්නා මොකටද හිනා වෙන්නේ
"මොකද බං දැං හිනා යන්න උනේ.....?"
"මචං බුවා.... මුගෙ ටෝක කොහොමද..... දැං කතාව කොහොමද? ඉස්සර සිකාට මොන තරම් වදේ ගැහුවද? දැං බලපංකෝ මුගේ ඇඬිල්ල.... සිකා අඬන්න ගත්තේ හෝල්ට් එකෙන් ගිය බස් එකකට... මම මේ අඬන්නේ හෝල්ට් එකට එන්න තියන එකකට. කතා වස්තුව වෙනස්නේ මුන්ට අමාශය නෑ.... බොක්ක දිය වෙලා. ඒකයි. ආයේ දොරට තට්ටුවක්
"මේ පාර නම් පුතෝ උඹේ නැන්දා තමයි. දැං කටවහගෙන හිටපං නාගන්නේ නැතුව.. උඹ කට ඇරියොත් අපි ඔක්කොටම අද නිදා ගන්න වෙන්නේ පාරේ...." බුවා හිමින් මට කියාගෙන කියාගෙන ගියා... මුන් මට කටපාඩම් කරන්නේ මොකක් හරි සිරා පාඩමක් වෙන්න ඇතිනේ මම අනිත් උන් කිව්ව විදියට ඇදේ දිගා වෙලා ඇස් දෙක තදින් පියා ගත්තා... ඇත්තටම මම තාරකාගෙන් සමාව ගන්න එක පිරිමි කමට මොකක් හරි කැළලක්ද? ඇයි යකෝ කෙල්ලෙක්ගෙන් සමාව ගන්න පළවෙනි පිරිමියා මමද? ටික වෙලාවක් යනකන් ඇස් පියාගෙන හිටියා..... ගැන්සියේ සද්දක් නෑ... මුන්ට බඩු බනිස් වෙලාද දන්නේ නෑ. මම එක ඇහැක් ඇරලා බැලුවා... මගෙ ලඟ මගේ දිහා බලාගෙන ඉන්නේ මේ තාරකා නේද... ඒත් ඇයි තාරකාල දෙන්නෙක් පෙන්නේ දෙපැත්තේ.....
"තාරකා......" මම කොයි පැත්ත බලං කියන්නද මන්දා... මලා තාරකයි ලිහිණියි දෙන්නම මෙතන ඇවිල්ලද?
"ඔව් තෙනුර...... ඔයා මොනාද කියන්න ඕනෙ කිව්වේ....?" මම ඇස් දෙක පිහගෙන නැගිට්ටා... හරි හරි එක්කෙනයි ඉන්නෙ මෙතන.... ඇස් දෙකෙන්ම එකපාර බලනකොට දෙන්නෙක් පේන්න ඇති.....
" ඔයාට මම කවන්නද?" ඇත්තටම යකෝ මම මොනාද මෙයාට කියන්න කියලා හිටියේ....
" මට බඩගිනි නෑ..."
" එහෙම කියලා කොහොමද? මම චුට්ටක් කවන්නද?"
"එපා තෙනුර මට බඩගිනි නෑ.. කියන්න ඕනෙ දේ කියන්න මට වැඩි වෙලා ඉන්න බෑ" ඇත්තටම යකෝ මම මොකද්ද මෙයාට කියන්න හිටියේ.... කොහෙද අරුන් මාව මැරිලා වගේ ඉන්න කියලා ඇදේ පොලේ ගැහුව හැටියට අර කචල් වයර් දෙක තුනත් ක්‍රියාවිරහිත වෙන්න ඇති.
"ඔයාගේ අත ගොඩාක් රිදෙනවාද?" මම කැඩිච්ච අත ගැන ඇහුවා.. කාට කියන්නද අප්පා අහන්න ගිය එක අමතක උණාම. මේ ගැන්සියත් මාරු වෙලානේ මාව තනියම දාලා
" අතට වඩා හිත ගොඩාක් රිදෙනවා"
" අත නම් අත ගාන්න හරි තිබ්බනේ ඒත් හිත අත ගාන්නවත් බෑනේ නේද?"
" මම එහෙනම් යන්නද?"
" ඉතිං ඔයා කිව්වොත් හිත අත ගාන්න ක්‍රමයක් මම ඒක කරන්නම්" තාරකා මගේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා
" ඔයා ටිකක් වැඩි වෙන්න බීලා නේද?"
"මම.... කවුද කිව්වේ...?" චාටර්නෙ මෙයා එහෙම කියද්දි
" කවුරුත් කියන්න ඕනේ නෑ ඔයා අද කතා කරනවා හරි වෙනස්..."
"මම වෙනස්....."
"ඔව්.. වෙනස්....."
"මට සමාවෙන්න තාරකා...." අන්න ඕනෙ කරපු වචනේ...
" මොකටද?" මලා දැං මොකටද සමා වෙන්න කිව්වේ.. ඔන්න ඒ ටිකට ඒක අමතකයිනේ
" වෙනස් උණාට.... ආයේ මම වෙනස් වෙන්නේ නෑ"
"හරි සමාව දුන්නා.... දැං මම යන්නද"
"එපා...... ඉස්සර අපේ අම්මා මම මහන්සි වෙලා ගෙදර ආවාම මගේ ඔළුව අත ගානව නින්ද යනකන්" අට්ටපල් බොරු අප්පා ඒක. මම කවද්ද මහන්සි වෙලා ගෙදර ආවේ
" මම මෙහෙ ඉන්නවා දැක්කොත් කුමාරි ඇන්ටි මාව ගෙදරින් එළියට ඇදලා දායි...." තාරකා එකපාරක් එයාගෙ හොඳ අතින් මගේ ඔළුව අත ගාල නැගිට්ටා... පව් අහිංසක කෙල්ල
"තාරකා....."
"ඇයි තෙනුර....."
"මට සමා වෙන්න" මගේ තැටියේ පුස් බැඳිලා එක තැන කැරකෙනවාද මන්දා... මට මතක හැටියට මම ඔය වගේ එකක් ඉස්සල්ලත් කිව්වා...
" හරි තෙනුර සමාව දුන්නා..... දැං ඔයා නිදා ගන්න"
" අද මට නිදා ගන්න බැරි උණොත් ඔයා වග කියන්න ඕනේ...."
"අනෙ ඇයි ඒ..?"
"මට නින්ද යනකන් ඔලුව අත ගෑවේ නෑනේ..."
" මට ඔයාට නින්ද යනකන් ඉන්න බෑ තෙනුර.... දවසක ඉන්නම් ඒත් අද බෑ..." තාරකා එතනින් දොර පැත්තට ගියා.
" ඔයා මම ජරා කොල්ලෙක් කියලා හිතනවා නේද?"
" කවදාවත් නෑ...."
"එහෙනම් එච්චරයි" තාරකා යන්තම් හිනා වෙලා එතනින් යන්න ගියා. අප්පට සිරි කිඩ්නිය විරේක උණා වගේ... හදුන් පොතට හඳුන් කූරක් ගැහුවා වගේ සුවඳ ගහන්න ගත්තා... මම එහෙමම ඇස් පියා ගත්තා
බුදු අප්පොච්චියේ සිරාවටම ඔලුව දෙක වෙන්න කැක්කුමයි මම අමාරුවෙන් ඇස් ඇර ගත්තා එළි වෙලා නේද? හප්පටසිරි මේ ඉන්නෙ ගැන්සිය යකා පොලවෙ ගහලා වගේ වැටුණ වැටුණ තැන් වල නිදා ගෙන.
මම උන්ව බයි පාස් කරගෙන හෙමින් සැරේ තේක හොයාගෙන ගියේ ඔලුවා යන්තම් අත ගාන ගමන්.. හා හා පුරා කියලා මට ඉස්සරහාටම හම්බ උනේ ඩයිනමයිට් එකව
"ආ... ඊයේ කියන්න බැරි වෙලා හිටපු දේවල බෝතලේ පිහිටෙන් එළියට දාගත්තා නේද?" අප්පච්චියෙ ඒ මොනාද ඒ... ඊයේ මොනාද උණේ.. මට මතක නෑනේ
"මොනාද ඕයි..."
"මේ මේ බබා වෙන්න එපා.... අපිටත් සෑහෙන්න සතුටුයි..."
"කියපං බං කන පලාගන්නෙ නැතුව... මොකද්ද සීන් එක...."
"ඔයා තාරකාට...."
" මම තාරකාට..... ඉතිං..." ඩයිනමයිට් එක හිනා උණා.. මේ ගෑනි හිමින් කතා කරන්නෙ ලෝක විනාසයක් ලඟ විතරයි.
" මතක් කරලා බලනවා... තමුසෙ කියපුවා දන්නේ තමුසෙනේ..." ඔය කැවිලා තියෙන්නේ.. ඊයේ මොකක් හරි හුටපටයක් වෙලා තියනවා... ඇයි හත් දෙයියනේ මේවා මට මතක නැත්තේ.....
Subscribe to:
Post Comments (Atom)


22 comments:
ela ela.........
aththada 100n iwara karanawa kiyanne.? ??
88 අද දැම්මට බොහොම ස්තුතිය්...!!!
මයියා බිව්වම ඔච්චර පිස්සු කෙලිනවද ?
අනේ මයියො...... කොහමහරි වෑඩෙ කරගත්තා නෙද? දෑන් කෙල්ල ෆිට් නේ. වෑඩෙ නාගන්නෙ නෑතුව ගොඩ දාපු එකම ලොකු දෙයක්. නෑන්දා එහෙම අවිත් තිබුනොත් තමයි කොල්ලගෙ සෙල්ලම් බලන්න තිබ්බෙ.
kauda bannata passe kathawa dala
ela ela
niyameta yanawa
me mase dawas 22k thiyanawa. puluwannam damu balanna kotas 22k. ottuyi baruwata..
අක්කා කතාව දාලනෙ...හරිම ලස්සනයි..සතියට දවසක් වත් කතාව නොදෙම්මොත් නම් අක්කට හෙම්බිරිස්සව හෑදෙයි...api akkawa mathak karana tharamata...
මන් ඊශා...
අප්පේ මයියා වෙන මොනවද කියලා තියෙන්නේ?
නියමයි අක්කි..ඔයා මේ ලියන විදිහට grl කෙනෙක් මේක ලියනවා කියලා හිතා ගන්නවත් බැ.ඇත්තමයි ඔයා ගොඩක් ලස්සනට ලියනවා..ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.
අයියො අර වෑහි ලිහිනිට මොකද වෙන්නෙ. මයියාටත් ඉස්සෙල්ල ආව කනට වඩා අඟ ලොකු උනා නෙ.
වෙලාවට අද කොටු කොටු ඒවා නෑ...ගිනි කූරක් පස්ස පැත්තේ ගහ ගත්තතම මොකො වෙන්නේ නැන්දේ ?
අද තමයි මේ බ්ලොග් එකට ආවේ. කතාව නම් නියමයි. ඒත් මම පරන කොටස් බලලා නෑනේ. දැන් ඒවත් හොයලා බලන්න වෙනවා .
ජයවේවා !!
කව්ද හැබෑටම අපේ නෝනෙට බැන්නෙ? අපි නං ඕවට නෑ. දවසක් "ගල් ඉබ්බි" කියලා කිවනං තමා, ඒ මේ හුරතලේට කියන නම නෙ. විභාග වැඩ අස්සෙ මෙහෙමවත් අප්ඩේට් කරනවාට පිං.
ඒත් මං මේ කල්පනා කලේ කව්ද මේ "මයියා" කියන පොර? හොඳට අහලා පුරුදුයි වගේ...
යන්තන් ඈති.
මට නම් සතුතුයි මයිය ඕක බීල හරි කිව්වට. ඒත් ඔය යකා විශ්වාස නැහනේ... සිහිය ඇවිල්ල ලිහිනියක් ගැන කිව්වොත්....
ආයි නම් මයියට පොවන්න එපෝ අමරුවෙන් ගොඩ දාගත්තු 1ක බිල ආයි පිස්සුවක් කෙලියොත්....
නංගි දැන් ගනන් උස්සනවා වගේ. හැමදාම දාන්නෙ නැතුව. ඔයා ගනන් උස්ස ගන්න මම මීට පස්සේ මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ. මට නම් දැන් එපා වෙලා ඉන්නෙ හැමදාම ආවම පරන එකමයි.
සහතික ඇත්ත පිස්සා මචෝ. මයියා නං අර වැට උඩ ඉන්න බලල් තඩියා වගේ තමා. අම්මපා දෙන්න හිතෙනවා හොඳ පයින් පාරක් "ඤාව්" ගාගෙන තාරකාගෙ පැත්තට වැට්ලා පස්ස බිම ඇනෙන්න....
අනේ මට ගනන් උස්සන්න ඔනේ නෑ.... මම මේක ටයිප් කරනව කියන්නෙ අඩුම ගානෙ පැය දෙකක්වත් යනවා. කියවනවා වගේ ඉක්මනට ලියන්න අමාරුයි. ඒකත් කොල්ලෙක්ගේ හැසිරීම් රටාව. ඉතිං මට මේ දවස් වල තියන කාර්යබහුලත්වය නිසා මම කල් ඉල්ලුව මතක නැද්ද? මට ඉඩ ලැබෙන හැම වෙලාවකම අප්ඩේට් කලා. මගේ වෙලාවෙන් පැය දෙකක් වෙන් කර ගන්නයි ඒ පැය දෙක කතාවෙ ජීවත් වෙන්නයි ටිකක් පරක්කු වෙනවා... මම ආයෙමත් කියන්නෙ මට සමාවෙන්න. මගේ විභාගෙ තමයි මගේ ජීවිතේම. ඒක ඇන ගත්තොත් මයියාට වගේ කවුරුත් මට උදව් කරන්නේ නෑ. ඉතිං ඒ නිසා මේ ටික දවස මට වෙලාව අරං මේක අප්ඩේට් කරන්න සපෝට් එක දෙන්න.ඔයාලා හැමෝගෙම දිරි ගැන්වීම අගය කරනවා. ඔයාලගෙන් වැටෙන කොමෙන්ට්ස් නිසා මම කතාව ලියන්න හොඳ පන්නරයක් ගන්නවා. ඔයාල හැමදාම බලන නිසා තමයි මම මේක අමාරුවෙන් හරි දිගටම ලියන්නේ නැත්නම් මේ ඔක්කොම ඉවර වෙනකන් මම මේ පැත්තටවත් එන්නෙ නෑ. තරහෙන් හරි හැමදාම ඇවිල්ල බලලා යන හැමෝටම හොඩාක් ස්තූතියි.
ayyoo.... "Dul" ta Ganwathura...
89 Thama nehe... mehema dukak jeewitheta windala nehe.. ane dul dannakooo 89
අළුත් කොටස නෑනේ අපි වෙනවා ලත...
පරණ කෑලී බලලා ඇති වෙලා ඇත...
පාඩම් කරයි පොතටම යොදවලා හිත...
සුබ පතන්න නැන්දට දික් කලා අත...
LASSANAI AKKI
LASSANAI AKKI
Post a Comment