Sunday, May 30, 2010
9 කොටස
යන්තං එළිය වැටීගෙන එනකොට මට හීනියට වගේ යටිගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහුණා. හීනෙන්ද ෂුවර් නැති නිසා මම ඇස් දෙක අරින්න කලිං අහගෙන හිටියා. හත්වලාමේ මේ කෑ ගහන්නේ අපේ අම්මානේ. නංගිගේ කට හඬත් ඇහෙනවා, මොකද්ද මේ සීන් එක. මමත් ඉතිං මේ ගෙදර තවම පිරිමිකම ප්‍රදර්ශනය කරලා නෑනෙ. ඔන්න ඔහෙ ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා මමත් ඒ පැත්තට පා උනා. මේකත් මාව ඇහැරවගන්න කරන වැඩක්ද කියලත් මට සැකයක් එමින් තිබ්බේ. කුස්සිය එඹිකම් කරද්දි අපේ අම්මා මේසෙ උඩ ඉඳගෙන, නංගි ඒ මේසෙම උඩ හිටගෙන, අක්කා පුටුවක් උඩ හිටගෙන. තාත්තා කොස්සක් අරගෙන මුලූ අස්සෙ ඉව කරනවා. මේ මොකද්ද මේ සීන් එක. නිදිත් මතයි.
"ඔයාල කාවද හොයන්නේ....?" මම ඔහේ ඇහුවා.
" අනේ මයියා.. කුස්සියට මීයෙක් ඇවිත්..." අක්කා අඬන්න වගේ කියනවා. යකෝ මීයට මෙච්චර බය නම් අපිට මෙයාල කොච්චර බය වෙන්න ඕනෙද?.
" මීයෙක්....?" මට ඉබේටම හිනා ගියා.
" ඔතන මෝල් ගහක් වගේ ඉන්නේ නැතුව ඇවිල්ලා මට උදව් වෙනවා මේ යකාව හොයා ගන්න... මෙතන මල ගෙයක් වෙන්න කලිං" තාත්තා සුපුරුදු පරිදි මගේ ඇඟට කඩාගෙන පැන්නා. අනේ මේ අහිංසක මම.... කොහේ ගියත් අහු වෙන්නෙම චාටරේකට.
" ඉතිං මම කොහොමද මීයෙක් හොයන්නේ.... ඌ මොන පාටද? ඇඳගෙන හිටියේ මොනාද මොකුත් දන්නේ නැතුව" මම හෙමින් කිව්වේ තාත්තාට ඇහෙන්න නෙවෙයි, ඒත් ඒක ඇහුන අක්කාට බකස් ගාලා හිනා ගියා.
" මොනවද හරකෝ කරන්නේ... මෙහෙට එනවා ඇවිල්ලා අර කබඩ් එක අස්සේ බලනවා..." තාත්තාට මල පැනලා.. මාත් එක්කද මීයත් එක්කද කියලා දෙයියෝ තමයි දන්නේ...කමක් නෑ ඉතිං මමත් මී ඉන්වෙස්ටිගේෂන් එකට සහභාගි උනා. ඒත් මීයෙක් තියා මී නැට්ටක් වත් හොයා ගන්න නෑ. තාත්තාටම ඇති වෙලා මේස පුටු අරක්ගෙන ඉන්න බවලත් පාර්ශවේ දිහා බැලුවා.
"ඌ කොහෙට හරි වෙලා ඇති මම අද එනකොට මී කතුරක් ගේන්නම්කෝ" තාත්තා වැඩේ ලස්සනට ඉවර කලා. ඔයින් ගියා මදෑ... මගෙත් උදේ පටන් ගත්තේ මී චාටර් එකෙකින්. අද දවස මොනා වෙයිද දන්නේ දෙයියෝ තමයි. අර කාලකණ්ණියාව හොයලා මට අම්බානකට මහන්සියි. මම කාමරේට ආවා.
ඉස්කෝලේ යන්නත් තියන නිසා දත කට මැද ගන්න යන්න කලිං කලිසමයි ෂර්ට් එකයි ලෑස්ති කරන්න බැලුවා. කිරිඅප්පගේ හත්මුතු පරම්පරාවටම බල්ලෝ බුරපි කිව්වාලු කෝ මගේ කලිසම. මට අර ඇම්ඩන්ට වගේ තුන්ලෝකෙම සිහි උනා. හුස්මත් නැවතෙන සීන් එකක් වෙන්නේ..
" අම්මේ............. අම්මේ............" මම කෑ ගහන්න ගත්තා. මගේ ලතෝනියට අම්මා ආවෙ කොස්සකුත් අරං.
" අර මීයා ඔය කාමරේද?" මෙයා මේ කෙහෙල්මල් මීයෙක් ගැන කතා කරනවා.
" මීයෙක් නෙවෙයි අම්මේ.. මගේ කලිසම කෝ" මට ටික වෙන්න තද උනා.
" ඔය ඇඳං ඉන්නේ..." අම්මා මම ඇඳං හිටපු ෂෝට පෙන්නවා. අනේ මන්දා අම්මටත් මී උණද කියලා.
"ඇඳං ඉන්න එක නෙවෙයි ඊයෙ ඇඳගෙන ගිය සුදු කලිසම" දැංනම් මට මල හොඳටම පැනලා
" මම ඒක වතුරේ දැම්මා හෝදන්න.... අර මඩ පාට කලිසමම ඇඳගෙන අදත් ඉස්කෝලේ යන්න පුළුවංද?
මලා... දැං මම මොකද කරන්නේ....? ලිහිණි..... ඔන්න ඉතිං මට ආයෙත් ඇඬෙන්න වගේ ආවා.
" ඇයි මට කිව්වේ නැත්තේ..." මට එහෙම කියවුනේ කිඳිරි ගෑවෙන ගමන්. මගේ ඇඳුම් හෝඳන එක මහා පුණ්‍යකර්මයක් උනාට දැං මට වෙලා තියන පාපකර්මය ගැන හිතල හිතලා තවත් හිතුවත් පිස්සු හැඳෙන සීන් එකක් තමයි.
Subscribe to:
Post Comments (Atom)


6 comments:
මරු කතාව හිනාවෙලා පණ ගියා... දිගටම ලියන්න. පරක්කු නොකර..
ගොඩාක් ස්තූතියි මගේ බ්ලොග් එක බලනවාට. අනිවා දිඅටම අප්ඩේට් කරනවා.
mama me ada oyage blog eka kiyavanne.1 kotase idan methnata enakal kiyevva..ayyoo mechchara hinavenna nam be.. :D lassanta liyala thiyanava..den ithin avasana kotasath kiyavala thamai ivara venne.. :D :D
ela macan..niyameta liyanawa... Rish
hariama lassanai meya...
හොදට ලියල තියෙනවා....
සඳූ
Post a Comment