Tuesday, May 25, 2010
6 කොටස
ඇයි දෙයියනේ කතා කර ගන්නේ කොහොමද මෙයා මෙතන රහසින් වගේ මගේ නම කනට කරලා කියද්දි. මට පේන විදියට මට සිකුරයි සෙනසුරයි එකට ලබලාද කොහෙද? ඒත් ඉතිං මෙයා මගෙ ලඟටම ඇවිල්ලා මගේ නම කතා කරනකොට කොල්ලෙක් විදියට නෝකතා ඉන්න එක පෞරුෂයට කැළලක්.
" ඒ පාර මගෙ මොකද්ද වැටිලා තියෙන්නේ....." මම එයා දිහා බැලුවා. අප්පටසිරි කෙල්ලගෙ ඇස් වල කඳුළු. ඕකනෙ මට පෙන්නන්න බැරි. ඔය කෙල්ලො කියන ජාතිය කොයි වෙලාවෙත් බෙරි උන ගමන්.
" මට ඔයාගෙන් උදව්වක් ඕනෙ" කෙල්ල මගෙන් ඇස් දෙක හංගනවා. මට හංගයි ඕවා. මම හොදට දැක්කනේ කඳුළු. කමක් නෑ ඒපාර මෙයාට මගෙන් මොනාද ඕනෙ.
" මොකද්ද?"
" ඔයාලාගේ ඉස්කෝලෙ ඉන්නවා මෙවන් කියලා අයියා කෙනෙක්..... එයා ඉන්නේ 13 වසර... එයාට මේ ලියුම දෙන්න පුළුවන්ද?" ඕකටනෙ කියන්නේ... කොහෙන් නැග්ගත් ගහේ දෙබලක් කියලා. මෙයාට ඕනෙ වෙලා තියෙන්නෙ මාව පියුම් කර ගන්න. මේක මට කරපු වස නෝන්ඩියක්.
"මම මොකටද ඔයාගෙ ලියුම් එක එකාට ගිහින් දෙන්නේ....?"
"අනේ.... ප්ලීස් මට මේ උදව්ව කරලා දෙන්න...." මම ටිකක් ඔරොප්පු මූඩ් බැලුවා. කෙල්ලගේ ඇස් වලින් සට සට ගාල කඳුළු වටෙනවා. ලැජ්ජා නැද්ද මන්දා පාරෙ අඬන්න. අනික දකින උන් මගේ චරිතේ ගැනත් මොනා හිතයිද මන්දා.
" ඇයි ඕක මට දෙන්නේ.... අර ඔයා ලඟ කැරකුණ තඩි සයිස් බොඩිගාඩ්ට දෙන්න තිබුණනේ... ඌත් අපේ ඉස්කෝලෙනේ...." කෙල්ල කොච්චර ඇඬුවත් මට කරන්න දෙයක් නෑ. මෙහෙම වැඩක් භාර ගන්නවට වඩා හොඳයි වහ කන එක.
" එයා මගෙ නැන්දාගෙ පුතා..... මට එයාගේ ඇහැ වහලා තමයි මේක කරන්න ඕනේ... අනේ මට උදව් කරන්න තෙනුර" මම ලියුම දිහයි කෙල්ල දිහයි බැලුවා.. පව් කියලත් හිතෙනවා අප්පා.... ඒත් මෙහෙම දෙයක් කරන එකෙන් මටයි මගේ රෙස්පෙක්ට් එකටයි මොකද වෙන්නේ... නිකම්ම නිකං පියුම්....
" පුරුද්දක් කරගන්නේ නැත්නම් භාර ගන්නම්... හැබැයි එයාගෙ ලියුම් ඔයාට ගෙනත් දෙන වගකීම මම භාර ගන්නේ නෑ.... මෙතනින් මේක කලාස් තේරුණාද?"
"මම පොරොන්දු වෙනවා... ඊට පස්සේ ඔයාට මම කරදරයක් වෙන්නේ නෑ"
" හරි ඕක මෙහෙට දෙන්න" මම එයාගේ අතේ හංගන් තියාගෙන ඉන්න ලියුම ගත්තා.
" මගේ නම ලිහිණි" ඒකත් එයාම කිව්වා. ඒත් එක්කම එයාගෙ වාහනේ ඈත එනවා දැකලා ඒ පැත්තට දුවගෙන යනවා මම දැක්කා. මම ලියුම දිහා බැලුවා. ෂිඃ විතරක් මගෙ පිරිමි කම; අර ටොලාගේ ගෙදර බල්ලාටත් අති මට වඩා පිරිමිකම. අම්මපා සාය කෑල්ලක් දැක්කොත් මමත් ඉතිං ඕවර් යනවා. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.දැං මේක දෙන්න එපෑ අර හාල්පාරුවාට. නෑ මම මේක මෙතන විසි කරලා යනවා. ඇහුවොත් දුන්නා කියනවා. මම ලියුම ගුලි කරලා විසි කලා....
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment