"ඔව් බන් අද තමයි තල්මසා ඕක කිව්වේ..... මිනිහා කියනවා උඹට බය නොවී ඉන්නලු"
"මට බයක් නෑ බන් දුකක් තියෙන්නේ?" මම බුවාගෙ කතාවට ඩෙෆෙන්ඩ් එකක් දැම්මා..."
"හරි දැන් කියපන් මොකද මේ මූණ දෙල් කරගෙන ඉන්නේ කියලා"
"අම්මලා මාව ඉන්දියාවේ ගෙනියන්න හදනවා"
"එළකිරිනේ මචන්.... කොහොමත් විභාගේ ඇන ගෙන ලබන අවුරුද්දෙත් ඉස්කෝල බඩගාන්න ඉන්න අපිට තාප්ප තරණය කරන්න මේක හොඳ අවස්ථාවක්"
" මට තාරකාගේ ප්‍රශ්නේ ඉවර කරන්න ඕනේ.... ආයේමත් එක එකාගේ පාට් වලට බයේ හැංගිලා ඉන්න මම කැමති නෑ. මම නිසා අක්කයි නංගියි පාරට බහින්නේ දෙපාරක් හිතලා. මට ඒ තත්ත්වෙ වෙනස් කරන්න ඕනේ... ඔක්කොටම වඩා තාරකාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ"
"හරි ඔය ඔක්කොම කරන්න අපිට පුලුවන් එකම දේ තමයි සමරනායකවයි ජයවීරවයි දෙන්නවම කොටු කරන එක" බුවාට හරකාට වගේ තේරෙන්වා... අනිත් දෙන්නම ඉතිං බුවාගේ පැත්තටයි මගේ පැත්තටයි ඔලුව වන වන ඉන්නවා
"ඔව් ඒක නොකර මට ලංකාවෙන් යන්න බෑ"
"ඉතිං උඹට යන්න තියෙන්නෙ කවදද?"
" ඉක්මනටම දවසක් නෑ"
"අපි අද ඉදින් වැඩේට ඉන්ටර් වෙමු.... මොකද කියන්නේ බුවා ඔත්තු සේවය පටන් ගන්නද?"
" තාත්තා කියන විදියට හෙට සමරනායක ලංකාවට එනවා. මේ වැඩේට මට කසුන්ගේ උදව්ව ඕනේ... කසුන් ඉන්න තැන භානුකයා දන්නවා. හෙට කසුන්ව හම්බ වෙන්න ඕනේ... මට ඌව ගෙදරට ගෙන්නගෙන බෑ. ඌව හම්බ වෙන්න ඕනේ"
"උඹ දැං මොකද්ද කරන්න හදන්නේ?" ටොලා කතා කලේ ගොත ගහ ගහා.
"හපොයි වැඩේ කියන්නත් කලින් මූ ගලනාලේ කුලියට දීලාවගේ ගොත ගහනවානෙ" බුවාගෙ කතාවට සිකාත් හිනා වෙන්න ගත්තා.
"මම මිනී මරන්න යනවා නෙවෙයි බන්.. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලාම කපන්න යන්නේ..... මේ හැම අපරාදයක්ම වෙලා තියෙන්නේ ජයවීරයි සමරනායකයි අතරේ.... උන් දෙන්නව කොටු කරගන්න පුලුවන් උන් දෙන්නටම තමයි"
"උඹ ඒ කියන්නේ කතන්දරේ අනිත් පැත්ත ගහන්නද යන්නේ?"
"කසුන් දම්මලා බ්ලැක් මේල් පාරක් දෙනවා... හැබැයි හසන්තයා දැනුවත්ව"
"හසන්තයා කිව්වේ අර පොලිස් කාරයාද?"
"අන්න හරි ඌට දැන් ඕනෙ සාක්කි..... සමරනායක ජයවීරට විරුද්ධව සාක්කි දෙයි. ජයවීර සමරනායකට විරුද්දව සාක්කි දෙයි. ඊට පස්සේ දෙන්නාම බඩු බනිස් කරගනී"
"නියම අයිඩියා එක"
"මම හෙට භානුකයා එක්ක ගිහින් කසුන්ව හම්බ වෙන්නම්" බුවා කියන්නත් කලින් වැඩේ භාර ගත්තා.
"මම හසන්තයා දැනුවත් කරන්නම්... මචං ටොලා උඹ සිකා එක්ක එයාර් පෝට් යන්න ඕනේ සමරනායකයා එනවද කියල ඔත්තුව බලන්න ඊට පස්සේ ඌව ෆොලෝ කරන්න ඕනේ ගෙදරට යනකන්..." ටොලා ඔලුව වැනුවා....
"තල්මසාට කතා කරලා ජයවීරගේ අප්ඩෙට් එක ගන්න ඕනේ... ඒකත් මම කරන්නම්"
"හරි එකතු වෙලා වැඩේ දෙමු..... උඹ දන්නවානේ ඕනෙ දේකට අපි ඉන්නවා... අනික උඹ පුළුවන් ඉකමනට ඉන්දියාවෙත් යනවා"
" මට තව ප්‍රශනයක් තියනවා....."
"ඒ මොකද්ද මචන් ඒ?"
" මාව ඉන්දියාවේ ගෙනියන්න සල්ලි තාත්තා හොයාගන්න ඇත්තේ මේ ගෙවල් උගස් කරලා" බුවා... ටොලා... සිකා තුන්දෙනාම උන්ගේ මූණට මූණ බලා ගත්තා....
"අනික මේ දවස් ව්අල අයියාත් මැරීගෙන වැඩ ගෙදර එන්නෙත් නෑ"
"අනික මේ දවස් ව්අල අයියාත් මැරීගෙන වැඩ ගෙදර එන්නෙත් නෑ"
" මචන්..... උඹලෑ තාත්තා එහෙම දෙයක් කරන්නේ නෑ...... සල්ලි හොයා ගත්තේ වෙන ක්‍රමේකින්. ක්‍රමේ මොකද්ද කියලා අහන්න එපා.... අයියා අද එහෙනම් ගෙදර එයි"
"බුවා මොකද්ද බන් ඒ හතර බීරි කතාව"
" උඹ ඔය සල්ලි ප්‍රශ්න ගැන ගින්නක් ඔලුවට ගන්න ඕනේ නෑ..... අපි අර වැඩේ ශේප් එකේ ගොඩදාගමුකෝ"
" ලොක්කයියා............." නංගි කෑගහගෙන ඒ පැත්තට දුවනවා වගේ ඇහුණා.... ඒ කියන්නේ බුවා කිව්ව එක හරි අයියා අද ආවා. මොනවද මූ මට සල්ලි හොයන්න කරන්න ඇත්තේ... ඔන්න ඉතින් මාව තවත් ප්‍රශ්නෙක පැටලුණා.... ඇත්තටම මේක නම් ඕලෙවල් ලිව්වට වඩා අමාරුයි. බලන හැම තැනම ප්‍රශ්න පිට ප්‍රශ්න.


7 comments:
අක්කේ......මෙච්චර පරක්කු ඇයි???
ඊලඟ කොටසවත් ඉක්මනට දාන්නකෝ...
අම්මේ....... යාන්තම් එක කොටසක් දාලා. දුල් අක්කා නම් අපිව කතාවටම ඇදලා අරන්. දැන් මඟ බලාන තමා.
කතාව හොඳයි..ඒත් හැමදාම පරක්කුයි නේ..ඉක්මනට පෝස්ට් කරන්නකෝ.....
ane akke ithuru tika ko?? :(
කතාව මුල ඉඳන්ම බලල ඉවර කලා.....ඉතුරු ටිකත් ලියාගෙන යන්නකෝ..........ලස්සනයි ගොඩාක්...!!
essara dawasa gane baluwa update dan week ekakata sarayak awat no update..
දැන් ඔක්තෝබර් මාසෙත් ඉවරයි..තාම අලුත් කොටසක් නෑ... අනේ අක්කේ...ඊලග කොටස ඉක්මනට දාන්නකෝ..
Post a Comment