මට මෙතන ඉඳං මොනා කරන්නද හිතා ගන්න බැරි උණා..... හැමදේම ගැන හම්බ කලකිරීමක් දැනෙන්න ගත්තා. ලිහිණි මොන තරම් අහිංසකද එයාගෙන් මොකට පලි ගන්නවාද?ඒත් එක්කම බුවයි, ටොලයි ආපහු කාමරේට ආවා..
"සිකා උඹ මයියා එක්ක හිටපං... මමයි ටොලයි භානුකයා එක්ක මෙවන්ලාගේ ගෙදර යනවා...."
"භානුකයා මෙවන්ලාගෙ ගෙදර දන්නවාද?" මගේ තිබ්බ කලබලේ වචන වලින් ඇහෙනකොට මටවත් තේරුම් ගන්න බෑ වගේ....
"ඔව් ඌ දන්නවාලු..... "
"මචං.... මාවත් අරං පලයං.... මෙනුකයා ලිහිණිට කරදරයක් කරයිද දන්නේ නෑ..."
"උඹට පිස්සුද මයියා..... අපි බලාගන්නම් උඹ බය වෙන්න එපා..."
" මෙන්න මේ මගුල් සේලයින් එක ගලවන්න මට උදව්වක් දීපං... මට ඇති ලොකු ලෙඩක් නෑ...."
"මයියා උඹට බෑ..... අද හවස් වෙන්න කලින් මම ලිහිණිව උඹ ලඟට ගෙනාවේ නැත්නම් මට උඹ බුවා කියලා කතා කරන්න එපා.....වරෙං ටොලා" බුවා ටොලාවත් අඬගහගෙන එතනින් යන්න ගියා මගේ ලෝකෙම නිකන් අමුතු වේගෙන එනවා මට දැනෙනවා.... ඒත් අමුතු කරගෙන් බෑ මමත් ජීවත් වෙන්න එපෑ. විශේෂයෙන්ම හොඳට හිතලා බලලා කරේ දාගත්ත අමාරු දෙක නැති වෙනකන්........... එක්කෙනෙක් ලිහිණි අනිත් එක්කෙනා තාරකා.
"උඹ මොනාද මේ හිතන්නේ... වැඩිය හිතන්න ඕනේ නෑ..... අපි බලමු.."
"මචං..... ලිහිණි කියන්නේ අහිංසක කෙල්ලෙක්..... එයාට මොන හරි උනොත් ඒ උනේ මාව බලන්න ඇවිල්ලා...."
"මයියා... පිස්සු කියවන්නේ නැතුව හිටහං....." නංගිත් මගෙ ලඟට ඇවිල්ලා මගේ ඔළුව අත ගාන්න පටන් ගත්තා... මට පෙන්නන්නම බැරි මෙ අනුකම්පාව තමයි....
හවස වෙනකන් මගේ පපුව තිබ්බේ බිත්තර තම්බන ගානට රත් වෙලා ඒ අස්සේ අම්මලා නැන්දලා ඇවිල්ල රොටි පුච්චගෙනත් යනවා. සිකා මගේ ලඟ තනියට ඉන්න පොරොන්දු උණ නිසා අනිත් ඔක්කොම හෙට එනවා කියලා යන්න ගියා..... මගේ කාමරේ තියන ටෙලිෆෝන් එක ටික වෙලාවක් වදින්න ගත්තා..... මට එක පාරටම නගිටින්න පුළුවං එකෙක් යෑ සිකා ෆෝන් එක ගත්තා
"හලෝ"
"මචං උඹලා මාර පොරවල්නේ..." මෙ සිකා කතා කරන්නේ බුවා එක්කද කොහෙද?
"ආ.... මයියා ඉන්නවා හිටපං...." සිකා මට ෆෝන් එක දුන්නා....
"බුවා මචං ලිහිණි...."
"ඒක තමයි බං.... ලිහිණි ඉන්නේ අපිත් එක්ක......."
"ෂුවර්...." මට මාර සතුටක් දැනුණා.....
"ඔව් ඔව්... ආ කතා කරපංකෝ...." බුවා කතා කරලා ටික වෙලාවකින් ලිහිණි කතා කරන්න ගත්තා....
" ලිහිණි"
"මම සනීපෙන් තෙනුර..............."
"මෙවන් කාරයා මොනාටද ඔයාව...?"
"දැං ඒවා වැඩක් නෑ..."
"කෝ ඔයාගේ අම්මා....?" මම ප්‍රශ්නේ අහලා ටික වෙලාවක් යනකන් සද්දයක් තිබ්බේ නෑ..."
" ලිහිණි......"
"මම හොඳින් තෙනුර... අම්මා.... ගියා..."
"කොහෙද?"
"මේ මේ....." ටික වෙලාවක් ආයේ සද්ද නෑ....ලිහිණි මොනා හරි මගෙන් හංගනවා වගේ
"ලිහිණි..........."
" එයා ගෙදර ගියා.........."
"ගෙදර කොහෙද? එයාට ගෙදරක් නෑ හොටේල් එකක ඉන්නේ...."
" ආ ඔව් හොටේල් එකක තමයි" ලිහිණි කතා කරන්නේ හරි අමුතු විදියට
" ලිහිණි කොහෙද දැං ඉන්නේ...."
" රුවන්ලාගේ ගෙදර....." බුවාට අමු කැවිලාද...? ලිහිණිව ගෙදර බැස්සුවේ නැත්නම් බුවාට ජය වීරගෙන් මැරුම් කන්න වෙන්නේ... මේ බූරු පැටියාට ඒක තේරෙන්නේ නැද්ද?
"ඔයාට පිස්සුද... දැං ගෙදර යන්න...."
"මට ගෙදර යන්න බෑ...."
" පිස්සු නොකර ගෙදර යන්න ලිහිණි........"
" මම ඉක්මනට යන්නම්....."
"ලිහිණි..... ප්‍රශ්න හදා ගන්න එපා....."
"නෑ මට ඔයාව බලන්න එන්න ඕනේ ...." මෙන්න ටැප් එකක් අරින සද්දයක් වගේ ඇහෙන්න ගත්තා....
"ලිහිණි අඬනවාද?"
"අඬන්න එපා ලිහිණි... දැං එකපාරක් ඇවිත් වෙච්ච දේ දැක්කානේ... ආයේ ආවොත් මොනා වෙයිද දන්නේ නෑ..... හරි නැනීගේ ෆෝන් නම්බරේ දෙන්නකෝ..... මම කෝල් කරන්නම්"
"නැනී ඒ කවුද?" මේක හතරබීරි කතාවක්නේ නැනී එයා නැත්නම් මමද දන්නේ....?"
" ලිහිණි ඔයා හොඳ සිහියෙන් නේද කතා කරන්නේ......?"
"මට මහන්සි තෙනුර......" ඒත් එක්කම බුවාගෙ කටහඬ ඇහෙන්න ගත්තා....
"මචං ඔන්න දැං අප්සෙට් නැතුව හිටපං...."
"ලිහිණිව උඹලෑ ගෙදර තියා ගන්න එපා බං...."
" උඹට මාව සැකද?"
" නෑ නෑ..... එත් ජයවීර දැං පිස්සු බල්ලා වගේ ලිහිණිව හොයනවා ඇති...."
"මට තේරෙනවා..... දැනට ලිහිණි ඉන්නේ අපේ නැන්දාලෑ ගෙදර... එයා තනියමනේ ඉන්නෙ මම ලිහිණිව එහෙ නැවත්තුවා... නැන්දාත් ලිහිණි ඉන්නවාට කැමති උණා.... උඹ අවුලක් කර ගන්න එපා..... ලිහිණි හොඳින්..."
"මචං..... මෙවන්..........."
" ඌ ගැන මම බලා ගන්නං දැං උඹ ගින්නක් නැතුව නිදා ගනිං" මම බුවා ෆෝන් එක තිබ්බට පස්සේ ෆෝන් එක තිබ්බා... ලිහිණි මාත් එක්ක කතා කලේ දවල් මාත් එක්ක කතා කලා වගේ නෙවෙයි... එයා මම අහන දේකට උත්තර දෙන්න කලිං ගොඩාක් හිතන්න පටන් ගත්තා......අනික.. එයා මට ගොඩාක් දේවල් කියන්න හදනවා වගේත් දැනෙන්න ගත්තා... එයාගේ කට හඬ මාව තවත් අවුල් කලා.... මොකද්ද මේකේ තේරුම..... සිකා මෙලෝ සිහියක් නැතුව ටීවී එක බලනවා....
"අද සවස් භාගයේ විපක්ෂ අපේක්ෂක ඇම් ජයවීරගේ දියණිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබ ඇත... මෙ පිලිබඳ අදහස් දක්වන අපේකෂක ජයවීර පවසන්නේ මේ සියල්ල දේශපාලන පලි ගැනීම් බවයි...ඇය සොයා බැලීමට රජය රහස් පොලිසියට භාර දී ඇති අතර මෙයින් රජයට කරන්නාවූ බරපතල චෝදනාව ඉල්ලා අස් කර ගන්නා මෙන් ඉල්ලා සිටී..........."
මෙන්න ටීවි එකෙත් ලිහිණි ගැන කියනවා... ලිහිණි බුවාගේ නැන්දාලාගේ ගෙදර ඉන්න බව දන්නවා නම් ඒ මිනිස්සුන්වත් මරලා ලොකු විනාසයක් කරනවා......... එත් එක්කම මගේ ඉස්පිරිතාලේ දොරට කවුදෝ සද්ද කරන සද්දයක් ඇහෙන්න ගත්තා... සිකා ගිහිං දොර ඇරියා...... ඉස්පිරිතාලේ දොරෙන් ඇතුලට ආවේ පොලිසියෙන්.........ඒ පාර මේ මොකද්ද මේ සිද්ධිය..........


8 comments:
අනේ අම්මේ. මොකද මේ... මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ නෙ.
akka dan dinapathama kathawa danawa wage...man nam hithanne buwala langa inne THARAKAA....
Ela ela niyameta liyanawa
meke kotas parakku wena eka thamayi kiyawanna kammali karanne
බුවා මයියාට ලණුවක් දීල වගේ. මට පේන්නේ ඒ ලිහිණි නෙවෙයි.
පිස්සු හැදෙයි!!! මයියට නම් බඩුම තමා....
දැන් ලිහිණි මයියගෙ නංගිද? එතකොට තාරකත් නංගි වෙන්න පුලුවන්. අයියෝ තමන්ගෙ සහෝදරීට නේද මයියා ලව් කරල තියෙන්නෙ
අනේ මන්ද මොනවා වෙන්න යනවාද කියලා........
අනේ ඊළඟ කොටස ඉක්මනට දාන්නකෝ....
Post a Comment