අපේ තාත්තා පොඩි කාලේ හැංගි මුත්තං කරලා තියෙන්නේ හොරා පොලිස් වගේ... අනේ මන්දා දැං මොනවා වෙයිද දන්නේ නෑ.
"ලෑස්තිද යන්න...?" මම බලාපොරොත්තු උනේ නම් මීට වඩා වෙනස් දෙයක්.කන හරහා දුම පිට වෙන ආතල් එකක්. හැමදේම චාටර් වෙන්නේ නෑ මම හිතන්නේ. ඔය දොර අස්සේ හැංගිලා හිටියාට මම කියපුවා ඇහෙන්න නැතුව ඇති. අපි එහෙම හිතමුකෝ.. මම කඟවේනා වගේ කාමරෙන් එළියට ආවා.
නැන්දාටත් දොහොත් මුදුන් දීලා නමස්කාර කරලා අපි යන්න පටන් ගත්තා. දැං බලහල්ලාකෝ අමාරුව. තාත්තා ඇටිකෙහෙල් හොරෙන් කාපු උගුඩුවෙක් වගේ ඔහේ යනවා හොරෙන් මගේ දිහා බල බලා.. අර ඩයිවරයා ඌත් හොරෙන් බලනවා .... මම ඉතිං එහෙම කියලා උගේ හොම්බට අනින්නයෑ. මොකද අර කලිසමේ චූ කරගන්න කාලේ ඔය ඩයිවරයා මාව ඉස්කෝලෙත් ගිහින් බස්සලා තියනවා. ලාමකයි. හැබැයි ඌත් ඇවිල්ලා අපේ තාත්තාගේම නැකතේ ඒ ග්‍රහයෝම ඉන්න පොරක්. මම ඔය ඕනෙ තරම් මගේ දිහාම බලාගනිත්වා කියලා හිතාගෙන තාරකා ගැන මනෝ පාරකට සෙට් උණා. මෙන්න ඒ පාර ලිහිණිවද කොහෙද පේනවා... නොදකිං මගේ මෙලෝ රහක් නැති හිත. කරන්න යන්නේ එක දෙයක් කරන්නේ වෙන දෙයක්. වාහනේ නැවතුණා.... රොදයකටවත් කේස් එකක්ද දන්නේ නෑ. බස් එකක එහෙම උණානම් මුලින්ම බැහැලා සප් එකට සෙට් වෙන්නේ කොල්ලා.. ඒත් මේක ඇවිල්ලා තාත්තාගේ අමාත්‍යංශෙ හුරතලානේ. මම මොකටද මගේ එංජින් ඔයිල් පුච්ච ගන්නේ..............
"මෙතන පොඩ්ඩක් ඉඳලා යමු පුතේ...." කිරි අප්පේ එහෙම කිව්වේ මේ මගේ එක් කුස උපන් තාත්තා.... මට හිතා ගන්න බෑ. මම අදයි දැන ගත්තේ තාත්තාටත් මම පුතෙක් කියලා... මමත් වෙන හිත හිත හිටියේ නෑ බැස්සා.....
" ඇයි තාත්තේ වාහනේ කන්ඩෙම්ද?" මටත් ඉතිං හරුපයක් අහගන්නේ නැතුව ඉන්න බැරි හැටි. කොටියා නිදි කියලා දැන ගත්තාම කනෙන් රිංගන්නමයි යන්නේ....
"නෑ මට උඹත් එක්ක කතාවක් තියනවා... මේවා ගෙදර කතා කරන්න ගත්තාම මල ගෙයක් වගේ ගෙදර කට්ටිය අඬන්න ගන්නවා....මේ මොකද්ද මේ හුටපටේ.. අපේ ගෙදර හිටපු තඩි බළල් තඩියාවත් පරලොව ගිහින්ද?
"මොකද්ද...?" අර ඩයිවරයා අපිට ඕන මඟුලක් කරගන්න කියලා පාරෙන් එහා පැත්තේ තියන තේ කඩේට ගියා....
"කවදාවත් නොකියන්න හිතපු දෙයක් කියන්න උනා...." මේ මට......? දැං තාත්තා මාත් එක්ක ෆිට් වේගෙනවත් එනවාද මන්දා... ඒත අර ඇස් කරකවලා ඔරවනකොට දැනෙන බය එහෙම නැති වෙයිද ෂුවර් නෑ....
" ඉතිං මොකද්ද ඒ...." මටත් දැං කුතුහලේ උපරිමේටම ඇවිත් තියනවා.....
" මට සමාවෙන්න පොඩි පුතේ..." තාත්තා ඇස් දෙක තද කරගත්තා... මේ මොනාද හත්වලාමේ වෙන්න යන්නේ...? අපේ තාත්තා මගේ ඉස්සරහා ටැප් එක අරිනවා... මම මේ තඩි දවල් හීනයක්වත් දකිනවාද මන්දා
" මේ මොකද තාත්තේ මේ....?"
" උඹ නොඅදන්නවා උණාට මම පවුලේ වැඩියෙන්ම ආදරේ කලේ උඹට පුතේ..... " තාත්තාගේ චිප් එක මාරු වෙලා මෙමරි ලොස් එකක්වත් වේගෙන එනවාද මන්දා. මම මොකුත් නොකියා ඉබ්බා වගේ හිටියා... මම කියලා මොනා කියන්නද?
" ඒත් උඹ මගෙවත් නලිනීගෙවත් දරුවෙක් නෙවෙයි...." මට මොනා හිතුනාද මන්දා දෙකේ දෙකේ පොල්ලාක් අරං ඇවිල්ලා මට ඇහැරෙනකන් තඩිබාගන්න හිතුණා.... තාත්තා මේ මොනාද කියන්නේ.....
" මට තේරුනේ නෑ තාත්තේ.... "හීනියට මම අත කොනිත්ත ගත්තේ හීනයක්ද කියලා බලන්න.... ඒත් මේක ඇත්ත කතාවක්නේ.... මම මෙයාලගේ දරුවෙක් නෙවෙයිනම් කවුද? මගේ පපුව රිදෙන්න ගත්තා....
" මම කවදාවත් මේ කතාව උඹට කියන්න හිතාගෙන හිටියේ නෑ.. ඒත් මේ ලඟදි උඹව හොයාගෙන අම්මා ආවා.... "
" අම්මා................." මේක මට නම් තාම දොම්පෙට යන පාර ඇහෙව්වා වගේ.... පපුව කඩාගෙන යන තරම් දුකයි ඒත් කර කියාගන්න දෙයක් නෑ.
"ඔව්.. මගේ පොඩි නංගි බැන්දේ ජයවීරව.... එයා අපිට හිතුවක්කාර වෙලා කසාද බැන්දා ඒ නිසා අපි එයාව පවුලෙන් අයින් කලා... ජයවීර කියන්නේ මහ නරුමයෙක්... මම ඒක දැනගෙන හිටියා... ඒකයි මම විරුද්ධ උණේ..."මම මේ තාත්තාගේ නංගි කෙනෙක්ගේ කතාවක් අහනවාමයි. මම මොකුත් කිව්වේ නෑ.
"ජයවීර ගොඩාක් මිනිස්සුන්ගේ ඉඩම් කොල්ල කාලා උගේ කරගත්ත එකෙක්, නංගිට ඌත් එක්ක ජීවත් වෙන්න තිත්ත උණා..... ඒත් අපෙන් ඈත් වෙලා හිටපු නිසා එයාට අපි ලඟට එන්න බැරි උණා. එයාට අපි කවුරුත්ම නොදැනුවත්ව පුතෙක් හම්බ උණා... ඒ හම්බ උණේත් හැටන් වලදි....." මට මොකද්දෝ කතාවක් යාන්තම් මතක් වේගෙන වේගෙන එන්න ගත්ත. ඒත් තාත්තාගේ කතාව තාම ඉවර නෑ. මට මතක් වේගෙන එන කතාව ගැන හිතන්න තරම් හිතට ෆිට් එකකුත් නෑ.
"නංගි මට ටෙලිග්‍රේම් එකක් ගැහුවා පුළුවං ඉක්මනට එහාට එන්න කියලා.... මොනාව උණත් මට මගේ පොඩි නංගිව අහක දාන්න බෑ මම එහාට ගියා.... නංගි රෙදි කෑල්ලක ඔතලා මට උඹව මගේ අතට දීලා ජයවීර එන්න කලින් මෙහෙන් යන්න කියලා අඬන්න ගත්තා......" මගේ තුන්ලෝකෙම ෆුල් අන්දුන් කුන්දුන් උණා... මම ජයවීරගේ ළමයෙක්ද? මේ කතාව ඇහුවාට වඩා හොඳයි.. මේ පාරේ හැට හැටේ එන ලොරියකට පැන්නා නම්.... ඒ කියන්නේ ලිහිණිගේ සහෝදරයා මමද?. මම එහෙමම වාහනේ සීට් එකේ වාඩි උණා.....
"මම ගැන අහිතක් හිතන්න එපා පුතේ..... මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ....නලිනී කවදාවත් උඹට අම්මාගේ අඩුව දැනෙන්න තිබ්බේ නෑ..... එයා එයාගේ දැරුවන්ට වඩා උඹට ආදරේ කලා... මමත් එහෙමයි.... එක දවසක් මහ රෑක... මොරසූරණ වැස්සක නංගි අපේ ගෙදර ආවා.. එතකොට උඹ හොඳටෝම නිදි.... ඇවිත් කිව්වා... ජයේ දැනගෙන අපේ පුතා ජීවත් වෙනවා කියලා එයා මාව මරන්න හදනවා.. අනේ අයියේ මාව බේරගන්න කියලා...." මේ කියන්නේ ලිහිණිගේ අම්මා ගැන තමයි... මම ලිහිණිගේ කතාව දන්නවා. අනේ දෙවියනේ මට මොකද්ද මේ සිද්ද වෙලා තියෙන්නේ.. මගේ පපුව කඩාගෙන යන්න එනවා....
" මම නංගිව හැංගුවා පස්සේ පිට රට අරියා..... ඒත් මට නොදන්නාම මේ ලඟදි එයා ලංකාවට ආවා... ඔයාව ඉල්ලගෙන... නලිනී නංගි ඉස්සරහා වැඳ වැඳ එහෙම කරන්න එපා කියලා අඬන්න ගත්තා.... ඒත් නංගි එදා වගේම හිතුවක්කාරයි.... එයා අපිට තර්ජනය කරලා ගියා.. ජයවීරට මේ ඔක්කොම කියනවා කියලා උඹව එයාට දුන්නේ නැත්නම්.... මට හිතා ගන්න බෑ පුතේ මම මොකද කරන්නේ කියලා... අපේ ගෙදර කාටවත් උඹ නැතුව ඉන්න බෑ.. මට උඹ මගේම දරුවෙක්... මට කියන්න පුතේ මම මොනාද කරන්නේ දැං...." තාත්තාගේ ඇස් වල ආයෙමත් කඳුළු පිරෙන්න ගත්තා..... මට පව් කියලා හිතුණා.. එයාට වඩා මම පව් නැද්ද? එක පාරටම තිබ්බ සබ්බ සකල මනාවම නැති උණා වගේ දැනෙන්න ගත්තේ.... හුස්ම ගන්නවත් බැරි තරම් මගේ හිත තද වෙලා.... තාත්තාට වගේ ඇස් වලට කඳුළු එන්නෙත් නෑ.
"මාව තාත්තලාට එපා වෙලා නම් ඔයාලා හොඳයි කියලා හිතන දෙයක් කරන්න............ මම නිසා අක්කගෙයි නංගිගෙයි ජීවිත වලට කරදරයක් වෙන්න දෙන්න එපා...." ඔන්න මටත් ටැප් එක හරි යාගෙන එන්නේ.... මට දැනෙන්න ගත්තේ මාව මුලින්ම ඉස්කෝලෙට දාල අම්මා යනකොට දැනිච්ච පාලූවයි දුකයි. මම එදත් සෑහෙන වෙලාවක් ඇඬුවා....
"අපිට උඹ වැඩි නෑ පුතේ..... මට උඹ මගෙ උන්ටත් වඩා වටිනවා.. ඒත් උඹේ අම්මාට කෙලෙහි ගුණ කලඳක්වත් නෑ" මට ඉකි ගැහෙන්න ගත්තා..... මට කරකියා ගන්න දෙයක් නැති වෙලා
" එයාට එයාගෙ අනිත් ළමයි එක්ක ඉන්න බැරි ඇයි තාත්තේ..... මම කොහොමද ඔයාලව දාල යන්නේ..." මම අඬන එක අස්සෙන් ඒක කොහොම හරි කියා ගත්තා....
" ඒ ගෑනිට වෙන ළමයි නෑ පොඩි පුතේ......" මට වෙන ප්‍රශ්න අහන්න විදියක් නෑ.... ඒත් ප්‍රශ්න වැලක් මගේ හිතේ තියෙනවා... මම ඒවා තාත්තාගෙන් කොහොම අහන්නද මගේ කට හඬ උඟුරෙන් උඩට එන්නෙ නැතුව..... අඬන එක හරිම අමාරු දෙයක්.. පපුව දැවිල්ල අරගෙන පිච්චිලා යනවා... මේ මොකද්ද මට සිද්ද වෙලා තියෙන්නේ... මට උදව්වක් කරන්න මේ ලෝකේ මොකෙක්වත් නැද්ද?... මට තවත් ඇඬෙනව නවත්ත ගන්න බෑ......


17 comments:
මේ මොකද දෙයියනේ වෙන්න යන්නේ??? :O
Hath deyyane, mee moko wenne? Ahaka inna mageth mole koloppan wenawa ne.
Honda welaawata putuwaka indagena meeka read karanne, nathnam kalanthe daanawa.....
මගේ අම්මියො................. මේ මොකද මේ වෙන්න යන්නේ. කොහෙත්ම හිතපු නෑති දෙයක් නේ අප්පා මේ. දෑන් බලගෙන යනකොට මයියානේ මේ කාත් කවුරුත් නෑති එකා. දෑන් නම් වෙන දෙයක් ගෑන හිතාගන්න බෑ නෙ අක්කෙ.
:O අනේ මයියා පව්
Pissu hedei... den makkei wenna yanne me...? :O
මේක නං හිතුවෙම නැති දෙයක්
මොකද මේ ? කතාව ඉක්මනට ඉවර කරන්නද හදන්නෙ ?
හප්පද බොල.. පට්ටම ඛේද වාචකයක් වගේ...
හෆොයි... මේ මොනවාද මේ වෙන්නේ.. එතකොට ලිහිණි කාගේ කවුද? :O
අෙපායි ෙදය්යෙන් මට ෙප්න්ෙන් exam ඒෙක් සැරකමට අෙප් දුලාෙග් මණ්ඩෙල් කචල් ෙවලා වෙග්......
hmm..aho dukaki..Iraki thithaki..
මොකද මේ මේ වෙන්නේ .... හපොයි පිස්සු බම්ප් වෙනවා
me mokadda me wenne??????
apoy deviyane,,, me moko me une??? ane tikak hari patelum lehey kiyala hithele kathawe kiyawwe,, dan thawath pada galeka pateluna wage ne appa :S :o
aiyo... :(
;( ;( ;( ;( ;( ;( ;( ;( ;( ;( ;( ;(
:( ... me mokadda mea unea ... magea theorya eahema pitinma kanapita gahuna ... aththatama mea kathawen film eakak gahanna watinawa .. sirawatama ... Dula oya nam maraie .. :)
Post a Comment