පිටුව

Sunday, September 18, 2011

121 කොටස




ඇත්තම කියනවා නම් බොක්ක රත් වෙලා ගියා..... ලිහිණිට ඕනෙ කෙනෙක් ලව් කරපු දෙන් ඒත් මට රත්තවාතේ හැදෙන්නේ ඇයි? මේක මාර ලෙඩක් නේ. කමක් නෑ අනිත් උන්ට නොපෙනෙන්න මම මගෙ මූ ණ බිමට හරව ගත්තා, නැත්තනම් මගේ හාෆ් බොයිල් වෙච්ච මූණ දැක්කාම මුන් ටික හොඳට තේරුම් ගනී.
"ඔව් බන් අද තමයි තල්මසා ඕක කිව්වේ..... මිනිහා කියනවා උඹට බය නොවී ඉන්නලු"
"මට බයක් නෑ බන් දුකක් තියෙන්නේ?" මම බුවාගෙ කතාවට ඩෙෆෙන්ඩ් එකක් දැම්මා..."
"හරි දැන් කියපන් මොකද මේ මූණ දෙල් කරගෙන ඉන්නේ කියලා"
"අම්මලා මාව ඉන්දියාවේ ගෙනියන්න හදනවා"
"එළකිරිනේ මචන්.... කොහොමත් විභාගේ ඇන ගෙන ලබන අවුරුද්දෙත් ඉස්කෝල බඩගාන්න ඉන්න අපිට තාප්ප තරණය කරන්න මේක හොඳ අවස්ථාවක්" 
" මට තාරකාගේ ප්‍රශ්නේ ඉවර කරන්න ඕනේ.... ආයේමත් එක එකාගේ පාට් වලට බයේ හැංගිලා ඉන්න මම කැමති නෑ. මම නිසා අක්කයි නංගියි පාරට බහින්නේ දෙපාරක් හිතලා. මට ඒ තත්ත්වෙ වෙනස් කරන්න ඕනේ... ඔක්කොටම වඩා තාරකාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ"
"හරි ඔය ඔක්කොම කරන්න අපිට පුලුවන් එකම දේ තමයි සමරනායකවයි ජයවීරවයි දෙන්නවම කොටු කරන එක" බුවාට හරකාට වගේ තේරෙන්වා... අනිත් දෙන්නම ඉතිං බුවාගේ පැත්තටයි මගේ පැත්තටයි ඔලුව වන වන ඉන්නවා
"ඔව් ඒක නොකර මට ලංකාවෙන් යන්න බෑ"
"ඉතිං උඹට යන්න තියෙන්නෙ කවදද?"
" ඉක්මනටම දවසක් නෑ"
"අපි අද ඉදින් වැඩේට ඉන්ටර් වෙමු.... මොකද කියන්නේ බුවා ඔත්තු සේවය පටන් ගන්නද?"
" තාත්තා කියන විදියට හෙට සමරනායක ලංකාවට එනවා. මේ වැඩේට මට කසුන්ගේ උදව්ව ඕනේ... කසුන් ඉන්න තැන භානුකයා දන්නවා. හෙට කසුන්ව හම්බ වෙන්න ඕනේ... මට ඌව ගෙදරට ගෙන්නගෙන බෑ. ඌව හම්බ වෙන්න ඕනේ"
"උඹ දැං මොකද්ද කරන්න හදන්නේ?" ටොලා කතා කලේ ගොත ගහ ගහා. 
"හපොයි වැඩේ කියන්නත් කලින් මූ ගලනාලේ කුලියට දීලාවගේ ගොත ගහනවානෙ" බුවාගෙ කතාවට සිකාත් හිනා වෙන්න ගත්තා.
"මම මිනී මරන්න යනවා නෙවෙයි බන්.. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලාම කපන්න යන්නේ..... මේ හැම අපරාදයක්ම වෙලා තියෙන්නේ ජයවීරයි සමරනායකයි අතරේ.... උන් දෙන්නව කොටු කරගන්න පුලුවන් උන් දෙන්නටම තමයි"
"උඹ ඒ කියන්නේ කතන්දරේ අනිත් පැත්ත ගහන්නද යන්නේ?"
"කසුන් දම්මලා බ්ලැක් මේල් පාරක් දෙනවා... හැබැයි හසන්තයා දැනුවත්ව"
"හසන්තයා කිව්වේ අර පොලිස් කාරයාද?"
"අන්න හරි ඌට දැන් ඕනෙ සාක්කි..... සමරනායක ජයවීරට විරුද්ධව සාක්කි දෙයි. ජයවීර සමරනායකට විරුද්දව සාක්කි දෙයි. ඊට පස්සේ දෙන්නාම බඩු බනිස් කරගනී"
"නියම අයිඩියා එක" 
"මම හෙට භානුකයා එක්ක ගිහින් කසුන්ව හම්බ වෙන්නම්" බුවා කියන්නත් කලින් වැඩේ භාර ගත්තා. 
"මම හසන්තයා දැනුවත් කරන්නම්... මචං ටොලා උඹ සිකා එක්ක එයාර් පෝට් යන්න ඕනේ සමරනායකයා එනවද කියල ඔත්තුව බලන්න ඊට පස්සේ ඌව ෆොලෝ කරන්න ඕනේ ගෙදරට යනකන්..." ටොලා ඔලුව වැනුවා....
"තල්මසාට කතා කරලා ජයවීරගේ අප්ඩෙට් එක ගන්න ඕනේ... ඒකත් මම කරන්නම්"
"හරි එකතු වෙලා වැඩේ දෙමු..... උඹ දන්නවානේ ඕනෙ දේකට අපි ඉන්නවා... අනික උඹ පුළුවන් ඉකමනට ඉන්දියාවෙත් යනවා"
" මට තව ප්‍රශනයක් තියනවා....."
"ඒ මොකද්ද මචන් ඒ?"
" මාව ඉන්දියාවේ ගෙනියන්න සල්ලි තාත්තා හොයාගන්න ඇත්තේ මේ ගෙවල් උගස් කරලා" බුවා... ටොලා... සිකා තුන්දෙනාම උන්ගේ මූණට මූණ බලා ගත්තා.... 
"අනික මේ දවස් ව්අල අයියාත් මැරීගෙන වැඩ ගෙදර එන්නෙත් නෑ"
" මචන්..... උඹලෑ තාත්තා එහෙම දෙයක් කරන්නේ නෑ...... සල්ලි හොයා ගත්තේ වෙන ක්‍රමේකින්. ක්‍රමේ මොකද්ද කියලා අහන්න එපා.... අයියා අද එහෙනම් ගෙදර එයි"
"බුවා මොකද්ද බන් ඒ හතර බීරි කතාව"
" උඹ ඔය සල්ලි ප්‍රශ්න ගැන ගින්නක් ඔලුවට ගන්න ඕනේ නෑ..... අපි අර වැඩේ ශේප් එකේ ගොඩදාගමුකෝ"
" ලොක්කයියා............." නංගි කෑගහගෙන ඒ පැත්තට දුවනවා වගේ ඇහුණා.... ඒ කියන්නේ බුවා කිව්ව එක හරි අයියා අද ආවා. මොනවද මූ මට සල්ලි හොයන්න කරන්න ඇත්තේ... ඔන්න ඉතින් මාව තවත් ප්‍රශ්නෙක පැටලුණා.... ඇත්තටම මේක නම් ඕලෙවල් ලිව්වට වඩා අමාරුයි. බලන හැම තැනම ප්‍රශ්න පිට ප්‍රශ්න.







Friday, September 9, 2011

120 කොටස





හැමදේම එක පැත්තකට හරි යනකොට අනිත් පැත්තට අබ්ලික් වෙනවා. ලිහිණිව එහෙම අරන් යද්දී මගේ හිත එක පාරටම කඩා වැටුණා මම හිතන්නේ. භානුක අපේ ගෙදරින් ගියේ පටාචාරා වගේ හොටු පෙරාගෙන. තාත්තා උණත් මට මොකුත් කිව්වෙ නෑ සමහර විට මම ලෙඩා දුකා හින්දා වෙන්න ඇති. මට තේරෙන්නේ නැත්තේ හැම දෙයක්ම පේන තෙක්මානේ හරි පැහැදිලි වෙනකොට කොහෙන් හරි බැරල් එකක් ගිනි ගන්නවා. තාරකා මාව එක මොහොතක්වත් තනි කළේ නෑ. ඒකටත් හේතුව මගේ තියන අසරණකම වෙන්න ඇති. 
" තෙනුර දැන් ඔයා කල්පනා කළා ඇති. කොහොමත් ඔයා ලිහිණිට ගෙදර යන්න කිය කියානේ හිටියේ. "
" ඔව් ඒත් මේක එයා හොඳින් ගිය ගමනක් නෙවෙයි නේද? මට බය මේ කෙල්ලගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙයිද කියලා"
" එහෙම වෙන්නේ නෑ. එයා ගියේ එයා පොඩිකාලේ ඉදන් හැදුණු ගෙදරනේ තෙනුර"
" ඒක එහෙම නම් ඇයි භානුක අප්සෙට් යන්නේ ..... එතන අපි කාටවත් නොදැනෙන ප්‍රශ්නයක් තියනවා තාරකා" තාරකා මගේ ඔලුව අත ගෑවා. ඒ ආදරේ මට නොදැනුණා නෙවෙයි.ඒත් මම ඉන්නේ ගින්දරක කෙල්ලේ..... උඹලා දෙන්නා නිසා මම දැන් පිච්චෙනවා. මම නම් මලත් කමක් නෑ ඒත් උඹලා දෙන්නට මොනා හරි උණොත්.
" අනේ ඔයා ඔහොම කල්පනා කරන්න එපා තෙනුර මට බයයි" ඒත් එක්කම තාත්තා කාමරේට ආවා.
"මම බලාපොරොත්තුවෙන් හිටිය කෝල් එක ආවා පුතා" තාත්තා කවදාවත් නැතුව මට පුතා කිව්වා ඒ විතරක්ද මෙච්චර ආදරෙන්. එයත් මම අවුල් කියලා අවුලෙන්ද මන්දා? එහෙම වෙද්දිත් ආතල් එකක් තියනවා. ඒත් වෙච්ච් දේ මතක් වෙද්දි ඒක අනාතල් වෙලා යනවා.
"මොකද්ද තාත්තේ?"
"ඉන්දියා වලින්.... ඔයාගේ මෙඩිකල් රිපෝට් බලලා කිව්ව සනීප කරන්න පුළුවන් කියලා"
"අනේ අන්කල් ඔය ඇත්තමද?" මට වඩා සතුට ඉහවහා ගියේ තාරකාගේ මූණේ ආවා හිනාවට කම්බුල දෙපැත්තෙන් සුළියක් වගේ ඇතුළට ගියා.
" ඔව් එන මාසේ ඇපලෝ එකෙ ඔපරේෂන් එකට දින දුන්නා."
"ඕවාට සල්ලි කොහෙන්ද?" මම ඒක කිව්වේ කිසිම ගානක් නැතුව... එදා කිව්වා වගේ අදත් මම කියන්නේ මේ ගෙවල් උගස් තියාගෙන මාව සනීප කරන්න තරම් වටින මිනිහෙක් නෙවෙයි මම.
" ඒවා ඔක්කොම ලෑස්තියි. දුවත් ලෑස්ති වෙන්න අපිත් එක්ක යන්න" තාරකා මගේ ඔලුව බදාගෙන තාත්තා දිහා බැලුවා. මේ මොනාද වෙන්න යන්නේ තාරකා මාත් එක්ක ඉන්දියාවේ එනවා. ඒ කොහොමද අපේ තාත්තාට එකපාරටම මොළේ පෑදුනේ. 
" තාත්තේ ලිහිණිගේ ප්‍රශ්නෙ ඉවර වෙනකන් මට කොහෙවත් යන්න බෑ"
"මම දන්නවා.... ඒ වැඩේ ඉවරයක් කරන්න මාත් උදව් වෙන්නම්....." අනේ දෙයියනේ මේ මොකද්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ.... අබුදස්ස කාලේ බව ඇත්ත ඒත් වැරදීලාවත් අපේ තාත්තා මෙහෙම වෙන්ස් වෙන්න පුලුවන්ද අම්මපා......තාත්තා ටික වෙලාවක් තාරකා දිහා බලාගෙන ඉදලා එතනින් පිටත් උණා. 
"තාරකා මට තේරෙන්නේ නෑ ලෝකෙට ණය වෙලා මාව සනීප කරලා මොකද්ද තියන වාසිය "
"සල්ලි වලට වඩා ඔයා අපිට වටිනවා තෙනුර"
"තාරකා මට අම්මලා තාත්තාලාට ජීවිතකාලෙම ණය වෙලා ඉන්න බෑ. මාව මෙච්චර කල් හැදුවා මදිද? තව මොනද මට එයාලෙන් ඕනෙ."
"ඔයා අම්මලා තාත්තාලාට සත පහක්වත් ණය නෑ තෙනුර දැන් ඒක ගැන හිතන්න ඕනේ නෑ...... ඔයා සනීප වෙනවා"
"නංගිවයි අක්කාවයි පාරට ඇදලා දාලා මම සනීප වෙලා මොකටද?" මට ආවේ බොක්කෙන්ම වේදනවාක්.
"ඒ කිව්වේ?"
"තාත්තා මාව රට ගෙනයන්න යන්නේ මේ ගෙවල් උගස් තියලා" තාරකා මගේ ඔලුව ආයෙත් අත ගාන්න ගත්තා.
"එහෙම දෙයක් තාත්තා කරන්නේ නෑ. ඔයා ඒ ගැන බය වෙන්න එපා... අපි මුලින් ලිහිණිව හොයා ගමු.... ඊට පස්සෙ සනීප වෙමු." තාරකා ඉන්නේ කියාගන්න බැරි සතුටකින් වගේ. ඒකට හේතුව මම වෙන්න පුලුවන්. එයා මගේ ළඟ ඉන්නකොට දැනෙන සතුට නම් කියලා වැඩක් නෑ.ඒත් මට සතුටු වෙන්න බැරි වෙන්න බබා කොටලා තියෙන්නේ. පොඩි ආතල් එකක් ගියොත් ඊළඟ තත්ත්පරේ ඉඳලා හූල්ලනවා
හවස් වෙනකන්ම මට දැනුනේ මහා පව්කාරයෙක් වගේ හැගීමක්. හවස 5 වගේ වෙනකොට ගැන්සිය අපේ ගෙදරට වල බැස්සා. ඇත්තම කියනවා නම් දෙයියෝ සෙට් එකම වැඩ්ඩා වගේ.
"උඹේ අවුල මට තේරෙනවා. මම ඒක දැන ගත්ත ගමන්ම කලේ තල්මසාව ලිහිණිලාගේ ගෙවල් පැත්තේ යැව්ව එක" බුවාගෙ කතාවට මගේ ඇඟට ලේ පයින්ට් දහයක් විතර එන්න ඇති.
"ඉතිං"
"බය වෙන්න දෙයක් නෑ..... ජයවීරයා ලිහිණිට පාරවල් දෙක තුනක් ගහලා බැනලා තියනවා"
"එහෙම කොහොමද ඌ ලිහිණිට ගහන්නේ?"
"මගේ මල උපරිමෙන්ම පැන්නා. පුලුවන්කමක් තියනවා නම් මම මේ දැන් ගිහින් ජයවීරයාට අනිනවා"
"මචං ළමයෙක් වැරැද්දක් කළාම අම්මලා තාත්තාලාට අයිතියක් තියනවා අත පුරොලා දෙන්න"
"මොකද්ද ලිහිණි කරපු වැරැද්ද?"
" ගෙදරින් පැනගත්ත එක වැරැද්දක් නෙවෙයිද? එක දවසක් උඹත් උඹේ නංගි භානුකයත් එක්ක ඉන්නවා දැකලා මහා පාරේම කන් අඩිය අත ගෑවේ?" හත්වලාමේ ඇත්තම නේන්නම්.
"උඹ කියන්නේ ලිහිණිට කරදරයක් වෙන එකක් නෑ කියලාද"
"ඔව් මචන් තල්මසා ඉන්නකොට බය වෙන්න දෙයක් තියනවාද? හොඳම නිවුස් එක කියන්නද?"
"මොකද්ද?"
"තල්මසා ජීවිතේ පරදුවට තියලා හරි ලිහිණිව බේරනවා"
"ඇයි ඒ?" 
" තල්මසා ලිහිණිට ලව්"
"මොකක්?"