පිටුව

Sunday, May 22, 2011

116 කොටස





"මම නොකියාම ආව එක ගැන සමාවෙන්න මල්ලි" මූ කට අරියොත් ඉතිං රාගධාරි බයිලයක් ඇත්තටම මට මෙකාගේ මූණ අල්ලන්නෙම නෑනෙ......
"කමක් නෑ...... වාඩි වෙන්න" මම රෝද පුටුවෙ ඛ්‍රෙක් එක දාලා හසංකයා දිහා බැලුවා......
"මල්ලි මං ගැන මොනා හිතනවාද දන්නෙ නෑ..... මුලින්ම මම කතාව මගෙන් පටන් ගන්නම්......"
"ඔව් කොහෙන් හරි පටන් ගන්න එපෑ" මට දැං ටික වෙන්න මල පැනලා තියෙන්නෙ
" මගෙ තාත්තා ගමෙ අහිංසක විදියට ජීවත් උණ මනුස්සයෙක්..... එත් තාත්තා දිහා මිනිස්සු බැලුවෙ හිඟන්නෙක් දිහා බලන විදියට..... මට උගන්නන්න තාත්තා ගොඩාක් දික් වින්දා..... මම ඒ ලෙවල් ලියන්න කලින් තාත්තා නැති උණා..... මම රස්සාවක් හොයන් කොළඹ ආවා," තනිකර ලතෝනියක් කියනවා.. ඇයි හත්වලාමෙ මම මෙවා දැනගෙන පොතක් ලියන්නද? මූ දැං මෙ ස්ටොරිය මෙගා ටෙලියක් වගෙ කියාගෙන යයිද දන්නෙ නෑ මගෙ කකුල් දෙක සනීප වෙලා නගිටලා පල දොට්ට කියන කන්
"මේ කේස් එක කොහෙන්ද පටන් ගත්තේ...."
" ඒක පටන් ගත්තේ හැටන් වැඩිහිටි නිවාසෙක සෙලෙස්තිනා කියලා කියන කෙනා එකපාරටම මැරුණට පස්සෙ......."
"සෙලෙස්තිනා...." මට ඒ නම නම් හොඳට පුරුදුයි... හැටන් වැඩිහිටි නිවාසයක්..... හරිනෙ මේ කියන්නෙ තාරකාගෙ අත්තම්මා.......
"ඔව් එයා හඩ්සන් වික්‍රම නායකගෙ නැන්දම්මා" හරි මෙ තාරකාගෙ අත්තම්මා තමයි අඩ්සන් වික්‍රමනායක කියන්නෙ තාරකාගෙ තාත්තා......
"එයාව මරලාද?"
"වෛද්‍ය වාර්ථා කිව්වෙ කෑමක් විස වෙලා කියලා ඒත්.... මේ කෑම විස උණේ එයාට විතරයි..... මේ ප්‍රශ්නෙ හොයන්න අපිට මෙයාගෙ වගතුග හොයන්න උණා.... මෙතනදී අපිට අවුරුදු 18කට කලින් වැලලුණු කේස් එකක් ආපහු අරින්න සිද්ධ උණා... ඒ හඩ්සන් වික්‍රමසිංහගේ මිනීමැරුම....... මේ සිද්ධි දෙක අතරෙ සම්බන්දතාවයක් තියනවා...... "
"මොකද්ද ඒ...?"
"මට දැනගන්න පුලුවන්ද මල්ලිගෙයි ජයවීරගෙයි අතර තියන සම්බන්දේ......"
"මෙතනට ජයවීර අදාලද?"
"ඔව් එයා මෙතනට සෑහෙන්න අදාලයි"
"එයාව මම අඳුනනවා...."
"නෑ වැරදියි.... තෙනුර ජයවීර...... ඒ කියන්නේ තෙනුර කියන්නෙ ජයවීරගෙ එකම පුතා..... ඒ කියන්නේ මල්ලි ජයවීරගෙ පුතා... මම හරිනෙ" මාව පිපිරිලා ගියා...මේවා මෙයා කොහොමද දන්නෙ............... මම මොකුත් කිව්වෙ නෑ ඇත්තටම කියා ගන්න බෑ........
" මම ගැන වැරදියට හිතන්න එපා... ඔයාගෙ පෞද්ගලික දෙවල් මට වැඩක් නෑ ඒත් මේවා මගේ කේස් එකට සම්බන්දයි"
"ඒ කියන්නේ මමත්......"
" නෑ මල්ලි..... මේක ඔයා වැරදිකාරයෙක් කරන සිදුවීමක් නෙවෙයි. හරි දැං අහගෙන ඉන්න...... හඩ්සන් කෝටිපතියෙක්...... ලස්සන වයිෆ් කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙලා..... එහෙම වෙනකොට මෙහෙ ජයවීර, තරංග සමරනායක එක්ක පැටලිලා..... සමරනායල්කගෙ නංගිව අමාරුවෙ දාලා ඔයාගෙ අම්මව කසාද බැඳලා.... සමරනායක ජයවීරව මරන්න පිස්සු බල්ලෙක් වගේ පන්නන කාලේ එයා ඔයාගෙ අම්මවත් අරං හැටන් ගිහින් හැංගිලා හිටියාලු. එයාගෙ කාර් එකත් වික්කාලු හැබැයි විකිණුවෙ හඩ්සන්ට......"
" ඊට පස්සෙ...................?"
"සමරනායකගෙ මැරයෝ රැකලා ඉඳලා තියෙන්නෙ ජයවීරගෙ කාර් එක, ඒත් එදා බබාලා හම්බ වෙන්න අමාරු වෙලා හඩ්සන් එයාගෙ වයිෆ්ව දාගෙන ඉස්පිරිතාලෙ යද්දි මග රැකගෙන හිටපු සමරනායකගෙ කට්ටිය හඩ්සන්ව මරලා දාලා....... "
"මෙච්චර දේවල් දැනගෙන ඇයි ඔයාල සමරනායකව අත්තඩංගුවට ගන්නේ නැත්තේ.....?"
"සමරනායක රටේ නෑ.... අපි හැමතැනම ඒයාව අල්ලන්න විධි විධාන දාල තියෙන්නෙ......"
"දැං ඕකට මගේ සම්බන්දයක් තියනවාද?"
"ඔව්..... ඉස්පිරිතාලෙදි හඩ්සන්ගේ නෝනාට ගෑනු ළමයි දෙන්නෙක් හම්බ උණා....... ජයවීරගෙ නෝනාට පිරිමි ළමයෙක්...... ඒත් ජයවීරගෙ නෝන එයාගෙ දරුවාව ඒ පව්කාර ජීවිතෙන් ගලවගන්න අතපත්තු මහත්තයට දීල යන්න කිව්වා...... මැරුණු දරුවෙක්ව එයාගෙ උකුලෙ තියගෙන ළමයා ඉපදෙනකොට මැරුණා කිව්වා.... ඒකෙන් හැමදේටම අවාසි වෙනවා කියලා හිතුව ජයවීර අර හඩ්සන්ගේ ගෑනු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් හොරකන් කළා...... එයා තමයි ලිහිණි ජයවීර....... අනිත් ගෑනු ළමයා තාරකා වික්‍රමනායක...... හැබැයි ජයවීරගෙ ඇත්ත පුතා තෙනුර ජයවීර නොහොත් අතපත්තු............ ඕකයි සුලමුළ..... ජයවීර අපරාධකාරයෙක් ඒත් එයාව අල්ලගන්න තරම් අපිට ප්‍රමාණවත් සාක්ෂි නෑ. අපිට ඔයාගෙ උදව් ඕනේ එතනදි. ඔයා දන්න මොනා හරි තියනවාද?
"ඔව්...."
"මොකද්ද?......." හසංකයා සෑහෙන්න මාළඟට ආවා
"මේ ළඟදි ජයවීරගෙ දුවව පැහරගත්ත කසුන්..... එයා ඔයාට හොඳ සාක්ෂියක්...... එයාගේ අම්මාව ජයවීර පුච්චලා මැරුවාලු"
"තව......"
"ලිහිණි... භානුක කියන දෙන්නම අනික ළඟදි ලහිරුට වෙච්ච සිදුවීම පවා ජයවීර කළා කියලා අනුමාන කරන්න පුළුවං"
"ඔය කිසි දෙයක් ප්‍රබල නෑ.. මල්ලි... මට කියන්න පුලුවංද ලිහිණි තාරකා දෙන්නම දැං කොහෙද ඉන්නෙ කියලා" මට ටිකක් අප්සෙට් ගියා මේක නිකන් මටම ගහගන්නවා වගෙ වැඩක්. නොකිව්වොත් මම වැරදිකාරයා කිව්වොත් ඒත් මමමයි වැරදි කාරයා................
"ලිහිණි ගැන නම් මම දන්නේ නෑ.... තාරකා..................." මට එච්චරයි කියන්න පුලුවන් උනේ තාරකා එකපාරටම මතු උණා... එයාගෙ ඇස් වල කදුළු ගුලි වැටෙනවා...මේ කෙල්ල ඔක්කොම අහගෙන ඉඳලා..... අනේ දෙයියනේ දැං මම මොකද කරන්නේ................


Wednesday, May 11, 2011

115 කොටස





කොයි නරකාදියේ ඉදලා ආව කොකු පණුවෙක්ද මන්දා... මගේ තාරකාව තඩලගෙන ගියේ.....
"පර බල්ලා.... තාරකා මගේ එයා උඹට අරං යන්න බෑ.... මට දීල පල......" මම ආයෙත් හයියෙන් කෑ ගැහුවා..... මට වාවගන්න බෑ මේ කෙල්ල කෑ ගහද්දි අරන් යනවා... මට තව ඉස්සරහට අඩිය තියන්නත් බෑ
"පොඩි පුතා...." කොයි ලොකෙන් අම්මගෙ කටහඬ ඇහෙනවාද මන්දා.. එයාට පෙන්නෙ නැද්ද තාරකා අරං යනවා
"පොඩි පුතා....... " භූමි කම්පාවක් වගේ මාව හෙලවෙන්න ගත්තා... සුනාමි වගේ වතුර පාරකුත් මූණ පුරා ගියා.... මගේ කටට ආව සුද්ද සිංහලත් එක්ක මට ඇස් ඇරුණා. හෙන ගහපිට ගණන් බලාපිය කිව්වලු මේ මොකද ඔක්කොමලා මගෙ කාමරේ..... මම ඇඳ උඩ.... නංගි කටකින් අතත් වහගෙන හිනාව අම්මා තාත්තා අයියා අක්කා ඔක්කොම මගේ දිහා හොල්මන් වෙලා වගේ බලං ඉන්නවා. තාරකා..... මේ ඉන්නේ මගෙ ලඟ...... කිරි අප්පේ මම හීනයක්ද දැකලා තියෙන්නේ..... ඒකියන්නේ බූරු නම්බෙක් වගේ මම තාරකාගෙ නම කියලාද කෑ ගහලා තියෙන්නේ..... මම ඔක්කොමලා දිහා බැලුවා මෙච්චර වෙල හිර වෙලා තිබ්බ පොරොප්ප වගෙ කට්ටියගේ කටවල් වලින් හිනාව එළියට පැන්නා..... දැං ඉතිං නොණ්ඩි නැවයි. කට කපලා කට්ටියට හිනාව... තාරකාත් මගෙ ලඟට වෙලා හිනා වෙනවා.... අනේ දෙයියනේ...... මේ මොන නව නිංගිරියාවක්ද මට උණේ උපං තේකට මෙහෙම චාටරයක් නම් වෙලා නෑ.....
"හා හා.... හීනෙන් හරි ඕක කියා ගත්ත එක මදෑ... නේද තාත්තේ...?" අයියා.... තාරකා දිහා හොරැහින් බලනව මම දැක්කා..... 
"ඔව් ඒක ගැනවත් සන්තෝස වෙන්න ඕනේ.... අපි යමු... දැං ඉතිං ඒ දෙන්නම ගනුදෙනු බලාගන්නෙ නැතෑ" තාත්තා ආපහු හැරුණා......
" මම මේ තෙල් බෝතලෙ අරං ආවේ ගාන්න කියලා..... තාරකා ඔන්න ඕකගේ ඔලුවට වැඩිපුර තෙල් දාල ඔලුව හෙලවෙන්න මසාජ් එක දෙන්න... පිස්සා....." අක්කා එයා අතෙ තිබ්බ තෙල් බෝතලේ තාරකා අතට දුන්නා..... අම්මා මගේ නලලත් ඉඹලා පිට උණා... මගේ කටට වචනයක්වත් ආවේ නෑ... මොකො කතා කරන්න නෙවෙයි මරාගෙන මැරෙන්න හිතිලා තවත් හෙතෙන වැඩක්නෙ උනේ... නංගි තාම හිනා වෙනවා.... මම නම් ඕකිට ගහනවා සීලිමේ ගිහින් ඇලවෙන්න... ෂිඃ චාටර්...... 
"පොඩි අයියේ....... අපිට නම් එපා..."
"මොනාද?"
"තාරකාව" කන නිකං සුන්නද්දූවිලි වෙලා යන කිණ්ඩියක් දැම්මේ. මට කියාගන්න මොකුත් වචන එන්නේ නැති හැටි. තාරකා හිනා වෙනවා. මගේ ලඟ ඉඳලා. මේ කෙල්ලගේ හිනාව දැක්කාම මට ඔක්කොම අමතක වෙනවානේ......
"මේ මගෙන් කුණුහරුප අහගන්නෙ නැතුව යනවද?" නංගි දිව එළියට දැම්මා
"යනවා යනවා.. අපි උදැල්ල දන්නේ නෑ..." නංගිත් කාමරෙන් එළියට ගියා. මම තාරකා දිහා බැලුවා. බෙල්ලත් ඇද කරන් කෙල්ල හිනා වෙලා මගෙ දිහා බලං ඉන්නවා..... ඔහොම ඉන්නකොට රත්තරං මම කොහොමද ඔයාව නැති කරගන්නේ.. ඔයා දන්නවා නම් මම ඔයාගෙ ඔය හිනාවට ආදරෙ තරම්.
" මම මෙ තෙල් ටික ගාන්නද?" තාරකා මගේ ඔලුව අත ගෑවා..... ඒක පුදුමාකාර සැපක්. මට මහා ලෝභ කමක් දැනෙන්න ගත්තා
"ඔයා ගිහින් නිදා ගන්න තාරකා..... මට සමාවෙන්න" මම වචන හොයාගත්තා....
"ඒමොකටද සමාව......  කෝ මම මේ තෙල් ටික ගන්නම් ඔයා මගෙ උකුල උඩින් ඔලුව තියා ගන්නවාද?" තාරකාගෙ අහිංසක කම මාව තවත් එයාට ලං කරනවාද මන්දා..... මම අක්කා ආවාම නම් පැනලා එයගේ උකුල උඩ ඔලුව තියා ගන්නවා ඒත්.....
"කෝ තෙනුර මෙතනට ඔලුව තියා ගන්න කො" ඒ ඇස් දෙක දිහා බලාගෙන මට එයාව රිද්දන්න බෑ මම එයාගේ උකුල උඩ ඔලුව තියාගත්තා.... හිතට අමුතු සැනසීමක් දැනෙන්න ගත්තා.... මොකක්දෝ අමුතු පිස්සුවක් වගේ එකක් හිත පුරා දුවන්න ගත්තා. තාරකා තෙල් ඔලුවට දාලා ඔලුව අත ගන්න ගත්තා..... මෙච්චර කාලෙකට මට එහෙම සැපක් දැනිලා නෑ මම ඇස් දෙක පියා ගත්තා.....
"තාරකා....."
"ඇයි තෙනුර......"
"ඔයා මම ගැන වැරදියට හිතනවද?"
"නෑ....."
"තාරකා ඔයා මගේ තමයි...... ඒත් මට ඔයාගේ වෙන්න බෑ" මම මොනා කියනවද කියලා මට තෙරුමක් නෑ. තාරකා මගේ ඔලුව අත ගාන එක පැත්තකින් තියලා ඔලුව උඩින් මූණට එඹුණා
"ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ තෙනුර..... ඒත් ඔයා හීනෙකින් හරි මාව ඔයාගෙ කරගත්ත එක මට ඇති ජීවත් වෙන්න" මේ කෙල්ල මේ මොනවද කියන්නේ.. මගේ ඇඟ හිරි වැටිලා ගියා.....
"ඒත්...." මම කියන්න ගිය දේ එයා මගේ කට එයාගෙ අතින් වහලා නැවැත්තුවා
"ඔයා ඒත් කියලා කියන්න යන දේ දැං කියන්න එපා... අද දවසෙ මට සතුටින් නිදා ගන්න දෙන්න..... මට ඔයාව අයිති නොවුණත් ඔයාව බලාගන්න විතරක් මට අයිතිය දෙන්න.. මම වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නෑ" අනේ දෙයියනේ ..... මේ කෙල්ල මගේ හිත කියවලාවත්ද මම කොහොමද එකත් බෑ කියන්නේ...... මාව සම්පූර්ණෙන්ම ගොලු උණා හරියට උපන් තේකට කතා කරලා නෑ වගේ. 
"තා... තාරකා........." ඒක මම කිව්වා නෙවෙයි කෙඳිරි ගෑවා.........
"ඔයා මගෙන් කවද හරි ඈත් වෙන්න ඒත් මට ඔයා ලඟින් ඉන්න දෙන්න තෙනුර" තාරකාගේ ඇස් දෙක වහගෙන කදූලු ගුලි දිලිසෙන්න ගත්තා
"මම මැරෙනකන් ඔයාට මා ලඟ ඉන්න බෑ තාරකා"
"මට පුලුවං"
"මාව පව්කාරයෙක් කරන්න එපා"
"ඔයා පව්කාරයෙක් නෙවෙයි........" එයා මගේ ඔලුව මසාජ් කරන එක අත ඇරලා අත ගාන්න ගත්තා. අනේ මගේ කෙල්ලෙ ඔයාට ආදරේ බව හීනෙන් හරි කිව්ව මම පව්කාරයෙක් තමයි. ඒක හරියට මේ අබ්බගාතයා එක්ක ජීවත් වෙයන් කියලා කිව්ව වගේ. ඒ හීනෙ හැබෑ වෙන්නේ නෑ කියලා කියන්න තරම් මට ශක්තියක් නෑ රත්තරනේ..... ඔයාට වඩා මට ඒ ආදරේ ඕනේ... ඒත් ඔයාව මට ඒ කාලකණ්ණි ජීවිතේට ඇදලා දාන්න බෑ.
"මට එක පොරොන්දුවක් වෙන්න තෙනුර"
"මොකද්ද?"
"මට කවදාවත් ඔයාව අමතක කරන්න කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න" මට මොකුත් කියන්න බෑ. මට පොරොන්දු වෙන්න බෑ.. මේ ටිකකට කලින් මම හිතුව එයා මාව අමතක කරන්න ඕනේ කියල
"ඔයාට මම සතුටින් ඉන්නවා බලන්න ඕනෙ නම් ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ" ඔයාගෙ සතුට ඒකද බබා......
"ඔයා හැමදාම සතුටින් ඉන්න මම ඔයාව සතුටින් තියනවා කියලා පොරොන්දු වෙන්නම්"  එයාගෙ මූණට අර ලස්සන හිනාව ආවා මම එයාගෙ උකුල උඩ ඉඳලා ඒ මූණ දිහා බලාගෙන හිටියා
"අද බිව්වෙ එහෙම නෑනේ.....?" මට ඉබේටම හිනා ගියා යකෝ එදා මම බීලත් මෙන්න මෙහෙම පොරොන්දුවක් දුන්නද දන්නේ නෑ
"ඔයාට කවුරුත් කියලා නැද්ද ඔයා හිනා වෙනකොට ලස්සනයි කියලා" තාරකා හිනා වෙලා ඇහුවා
"මේ මම.......?" ඔය කවුරු හරි මට ලස්සනයි කිව්වමද කොහෙද
"ඔව් ඔයා තමයි...... ඒක හැම කෙනාටම පේන්නේ නෑ... මම වගේ ඇස් දුරුවල කෙනෙක් කණ්ණාඩි නැතුව බලන්න ඕනේ" මම ආයේ හිනා උණා
"තාරකා මට ඔයත් පොරොන්දුවක් වෙනවාද?" බලාගෙන ඉන්නැද්දි එයාගෙ මූණ සීරියස් වෙලා ගියා
"මොකද්ද?"
"පුළුවං ඉක්මනට ඔයා ඇස් බලවලා කණ්ණාඩි කුට්‍ටමක් ගන්නවා කියලා" තාරකාට හයියෙන් හිනා ගියා
"ෂ්.................." මම කටට අත තියලා පෙන්නුවා තාරකා එයාගේ කට අතින් වගගෙන අනිත් අතින් මගේ නහය අල්ලලා හෙලෙව්වා. මෙච්චර බැදීමක් අයිතියක් මම එයාට දුන්නද මම දන්නේ නෑ.... ඒත් එයා ඒ වගකීම අරන් ඉන්නව දැක්කාම මට හිතට ලොකු හයියක් දැනෙනවා. තාරකා මගෙ ලඟින් ගියාට පස්සෙ මට නින්ද ගියේ නෑ.... තාරකා මගේ හිතේ අමුතුම කතාවක් ලිව්ව චරිතයක් වෙලා. කවදාවත් ඒකට වෙන කෙනෙක් හරි යන්නේ නෑ. 


උදේ ඉඳං මගේ හැම ඕනෙ එපා කමක්ම අම්මා තාරකාට භාර දීලද කොහෙද දහපාරකට වඩා එයා මගේ දේවල් හොයලා බලන්න මගේ ලඟට ආවා. ටොයිලට් එකට ගෙනියනවා ඇරෙන්න අනිත හැමදෙයක් ගැන හොයලා බැලුවා. මට එයා දකින හැම සැරේම සතුටුයි ඒත් එක්කම දුකයි. මේ පොඩි කෙල්ල තව කී කාලයක් මෙහෙම විඳවන්නද?
"පොඩි අයියේ........ කවුද ඇවිල්ලා..." නංගි හදිස්සියේම දුවගෙන ආවා
"කවුද ඕයි"
"ඔයාගෙ යාලුවෙක්ලු..... මම රොද පුටුවට එන්න සපෝට් එකක් දෙන්නද?" නංගි මාව රෝද පුටුවෙ ඉන්දවන්න ට්‍රයි එකක දුන්නා
"මොන වගේ එකෙක්ද?"
"හොඳ උස මහත එක්කෙනෙක් හිරාන් අයියා තරං විතර ඇති" නංගි මාව සාලෙට තල්ලු කරන් ගියා
"මල්ලි... මේ වෙලාවෙ ආව එක කරදරයක්ද?" හතිලව්වයි මෙ හසංකයා..... දැං මොකද කරන්නේ... තාරකාව මූට පෙන්නන්න නරකයි
"නංගි ඔයත් යන්න ගේ ඇතුලට ගෙදර ඉන්න කිසි කෙනෙක්ට මෙහාට එන්න එපා කියන්න" මම නංගිට කිව්වා..... හසංක හිනා උණා..... ඒත් මට ඕකගෙ හිනාව අල්ලන්නෙත් නෑ. මට බය තාරකා ගැන තාරකාව දැක්කොත් මූ මෙතන මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ














Friday, May 6, 2011

114 කොටස





"තෙනුර අනේ මට සමා වෙන්න" තාරකා කැඩි කැඩි මට කියන්න ගත්තේ මාව කාමරේ ඇතුලට ගෙනියන ගමන්.
"ඒ මොකටද?" මම මගේ හිතට ඇඟට දැනුන වේදනව නොදැනෙන්න කියලා දැම්මා
"ඔයා මීට කලින් බලන්න නාවට"
"ඒකට මක් වෙනවද? අනික ඒකෙ කිසි අවුලක් නෑ"
"මම ඒක දන්නවා ඔයාට ගානක් නෑ කියලා ඒත් මට ඒක දුකක්" අනේ මේ කෙල්ල මම නිසා දුක් වෙද්දි තවත් එයගේ හිත කඩන්න මට පුළුවංද ඒත් තාරකා ඔයාගේ හිත නොකඩා ඔයාව ජීවිතේ සතුටින් තියන්න මට පුලුවන් කමක් නෑ. තාරකා මගේ ලඟ දණගහලා වාඩි උණා
" මම ඔයාව බලාගන්නම්... හරියට මගෙ අත කැඩුණ වෙලාවේ ඔයා මාව බලාගත්තා වගේ"
"මම ඔයාව බලා ගත්තා...?." ඇත්තටම මට මතක නෑනේ... මතක ඇති කාලෙක මම කාවවත් බලගෙන නෑ. මාව බලාගන්න බැරි එක වෙන අයව බලාගනිද?
"ඔව් මට කන්න බැරි උණාම ඔයා මට කැව්වා මතකද?" ඇත්තම නේ න්නම් මම මෙයට හබුං කටයි කියලා කැව්වානේ... ඒ කාලේ ඒකෙ මාර ආතල් එකක් තිබුණා ඒත් දැං ඒක වෙනස්.....  මේ අහිංසක කෙල්ල තව දුක් විදීන්න ඕනේ නෑ.....
"මම ඔය පොඩි පොඩි දේවල් හිතෙ තියගන්න කෙනෙක් නෙවෙයිනේ" ඒත් එක්කම බුවා මගේ කාමරේට කඩාගෙන ආවා. වෙන වෙලාවක නම් ඕකට මම කොච්චර පිං අනුමෝදම් කරයිද? ඒ අද මට ඌ එහෙම ආවම දැණුනෙ සැහැල්ලුවක්
"මම වැරදි වෙලාවක ආවනම් සමා වෙයල්ලා" බුවා දැක්ක ගමන් තාරකා හිටගත්තා
"එහෙම වැරදෙනවාද බං"
"එහෙම නැත්තනම් කමක් නෑ... මම යන්න කියලා"
"අනේ උඹ ලිහිණිව බලන්න පලයන් හරිද?"
"ඔව් ඔව් අනිවා මම දැං එහෙ යන්නේ...... භනුකයා ලිහිණි අරං එහෙ එනකොට මම එහෙ ඉන්න ඕනේ"
"හරි මම මතක් කලා කියපං" බුවා කට අද කරලා හිනා උණා
"එච්චරමද කියන්න ඕනේ" ඌ මගෙන් අහුවෙ කිණ්ඩියට... ඒත් ඒ ප්‍රශ්නෙන් මම ටක් ගාල මට වාසියක් කර ගන්න ගේම දුන්නා
"නෑ මම හයියෙන් අල්ලලා ඉම්බා කියල කියපං" මගෙ කතාවෙන් තාරකාගේ මූණ කලු උණානම් ඒකයි මට කරගන්න ඕනේ... බුවා පටස් ගාල තාරකා දිහා බැලුවා
"මම යන්නම් රුවන්" තාරකා මගේ කාමරෙන් එළියට ගියා 
"මොකද්ද බං ඒ හරුපේ...... ලිහිණිව ඉඹින්න..... තාරකා මොනා හිතුවද දන්නේ නෑ"
"එයා ඕනේ දෙයක් හිතුවදෙං "
"මූසලයෙක් වෙන්න එපා බං... අද උදේ ඉදං ඔය කෙල්ල මෙහෙ එන්න හිටියේ මහමෙරක් වගේ බලාගෙන.... ඇවිල්ල පලවෙනි තත්පෙරෙන් උඹට ඒකිගේ හිත රිද්දලා දාන පුලුවං උණා...."
"උඹට කියන්න මට තාරකාව රිද්දන්න ආසයි"
"උඹට මානසික ලෙඩක්ද කොහෙද..... මට බයිලා අහගෙන ඉන්න බෑ ඒකට වෙන වෙලාවක එන්නම් උඹ දැං ඉතිං ආතල් එකේ හිටපං ... මම එහෙනම් ගියා" බුවා කාමරෙන් එළියට ගියා


මම එක පැත්තකින් වැරදි වෙන්න පුලුවන් අනිත් පැත්තෙන් මම කරන්න හිතාගෙන ඉන්නේ තාරකාට හොඳක්. පුරුදු විදියට රෝද පුටුවෙන් රූටගෙන ඇඳට නැග ගත්තා. මගේ ලොකේ මට ඉන්නේ මේ සීලිමයි ඒකේ හිටු පිනිම් ගහන මකුළු සෙට් එකයි විතරයි. උන් දන්නේ නෑ මමත් හොඳ බල්ටි ගැහුව පොරක් කියලා, උන් හිතනව ඇති උන් වැඩ කාරයෝ කියලා.... මට මකුළු දැල උඩ චීන සර්කස් දාන මකුළුවෙක් දිහා බලලා හිනා උණා
"මොකො මොකො මේ තනියම හිනාව" අක්කා කාමරෙට එන්නෙම මකුළුවෙක් එක්ක හරි ආතල් එකක් ගන්න හිතකොටමයි
"අපි හිනා උණාම එක එක විදියේ ප්‍රශ්න..... තමුසෙ කොහෙද ගියේ?"
"මම සාරියකට අල්ලන්න කෝඩ් වගයක් අරන් එන්න ගියා... සාරි ඕඩර් දෙකක් ආවනේ.... මොකෝ කුමාරිහාමි ආවාද?"
"මොන?"
"අනේ උඹ බබා නොවී හිටපං.... දැ ඔය සීලිමට විරිත්ත විරිත්ත හිටියේ"
"මම සීලිම එක්ක ආතල් එකක් ගන්න එක වැරදිද? මොකො තමුසෙලා කියන්නේ තමුසෙලා වගේ ඕනෙ දේටයි එපා දේටයි කෝකටත් ටැප් එක ඇරගෙන ඉන්න කියලාද?"
"ටැප් එක දැං අරින්න ඕනෙ නෑනේ දැං ඔය ඇවිත් ඉන්නේ බලාගන්න එක්කෙනෙක්..... අන්න අම්ම නම් දැනටමත් හොඳ කියවනවා... මව් පාර්ශවය නම් කැමති.... සහෝදර පාර්ශවයත් ඉතිං බොක්කෙන්මනේ"
"මේ ඔලුව හොල්මන් නොකර මෙතනින් කැපනවාද?"
"හා හා මම කැපෙන්නම් දැං ඉතිං අපෙන් මොකට වැඩක්ද?" අක්කා එතනින් නැගිට්ටා..... 
"මේ අක්කේ තමුසෙ එනවා නේද තෙල් ටික ගාලා මගෙ ඔලුව අත ගාන්න අද" අක්කා හැරිලා බලල හිනා උණා. 
"ඔව් ඔව්.....  ඇයි එන්න එපාද?"
"නැහැ ඔයා එන්න " මම හුස්මක් හෙලන ගමන් කියලා දැම්මා. අක්කා මා දිහා බැලුවෙ අමුතු විදියට
"මයියා...... උඹ මොකද්ද මේ හිතේ තියන් විඳවන්නේ"
"මේ මම............... විඳවනවා තමුසේට මොලේ අස්ථානගත වෙලාද ඕයි" අක්ක වචනයක්වත් කතා නොකර කාමරෙන් එළියට ගියා


හැමදාම රෑට මම ලෙඩ උණාට පස්සේ අක්කා පුරුද්දක් විදියට ඇවිල්ලා මගේ ඔලුවේ තෙල් ගානවා. සමහර දවසට මට සනීපෙට නින්ද යනවා. අක්කා තෙල් බෝතලෙත් අරන් මගෙ ලඟට ආවා. වෙනදා වගෙම ඔලුව පොඩ්ඩක් අතගෑවා
"මයියෝ...... උඹ නොකිව්වට සෑහෙන්න හිතනවා බං..... උඹ ගැන නෙවෙයි ඒත් රටේ ලෝකෙ ඉන්න අය ගැන. "
"එහෙම එකක් නෑ අක්කේ.... ඕක ඉක්මනට ගානවා මට නිදිත් මතයි...." මේ වෙනකන් මම තාරකාව දැක්කේ නෑ. එයා මගෙ ලඟට එන එක නවත්තලාද කොහෙද? මගේ හිත කෑ ගහනවා එයාව දකින්න ඒත් ආයේ කියනව එපා කියලා... මොනා කරන්නද මන්දා..... අක්කා තෙල් ගාලා අතගන්න පටන් ගත්තා.... මම ඇස් දෙක පියා ගත්තා......
" අනේ තෙනුර...... අනේ මේ බලන්න තෙනුර........ මාව අත අරින්න" මට ඇහෙන්න මරලතෝනියක්. කෑ ගහන්නේ තාරකා...... මම ඇඳෙන් බහින්න හැදුවා බැහැගන්න බෑ... කකුල් පණ නෑනේ... චිකේ රොද පුටුවත් ගොඩක් ඈත. තාම කෑගහනව ඇහෙනවා
"තාරකා ඔයාට මොකද?" මම කෑ ගහගෙන ඇදෙන් බිමට වැටුණා..... අක්කත් මාව දාල කාමරෙන් ගිහින්ද කොහෙද? අනේ මේ කෙල්ලට මොකද උණේ....
" අනේ තෙනුර......" මම බඩ ගෑවා... දණ ගහන්න බැලුවා බෑ.... මම කොහොම හරි ඇඳ අල්ලගෙන නැගිට්ටා... දෙයියනේ මම නැගිට්ටා..... මගේ කකුල් දෙක බිම... මම හිටගෙන ඉන්නේ
"තාරකා....." මම ඇඳ ඇරලා අමාරුවෙන් කාමරෙන් එළියට ආවා.... 
"තාරකාව අරං යන්න එපා....... තාරකා... තාරකා...." මම කෑ ගැහුවා ඒත් අර මිනිහා තාරකාව මුව පැටියෙක් ඇඳගෙන යනවා වගේ ඇදගෙන යනවා.....